IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


හම්බන්තොට උද්ඝෝෂකයන්ට ජල ප්‍රහාර හා කඳුළු ගෑස්

(සනත් ගමගේ)

මාගම්පුර වරාය හා මත්තල ගුවන්තොටුපොළ ඇතුළු රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව අද(6) හම්බන්තොට දී ආරම්භ කළ විරෝධයට පොලිසිය මේ වනවිට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටී.

හම්බන්තොට පිහිටි ඉන්දියා කොන්සල් කාර්යාලය අසලදී උද්ඝෝෂකයෝ පොලිසිය යොදා තිබූ බාධක බිඳ දමමින් ඉදිරියට යෑමට සැරසෙද්දී පොලිසිය අධි පීඩන ජල ප්‍රහාර එල්ල කළේය. පසුව විරෝධතාකරුවන් මැඩ පැවැත්වීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කෙරිණි.



අදහස් (27)

හම්බන්තොට උද්ඝෝෂකයන්ට ජල ප්‍රහාර හා කඳුළු ගෑස්

C.K.Lankaputhra. Friday, 06 October 2017 06:49 AM

මේ අයට ද‍ෙන්න ඕනජෙල ප්‍රහාර නෙවෙයි කඩු පොලු ප්‍රහාර........ඉස්සර දුන්නේ වෙඩි ප්‍රහාර

:       4222       5023

ponilFriday, 06 October 2017 07:35 AM

2005ට ඉස්සර කිරිනෙ පෙව්වේ

:       29       213

dahamFriday, 06 October 2017 07:40 AM

ඔයා නම් ලංකා පුත්‍රයෙක් වෙන්න බැහැ.

:       331       406

ලක්ෂිFriday, 06 October 2017 07:43 AM

අපේ රටේ දේවල් ඕන කෙනෙක් විකුනගත්තට අපිට මොකද...නේද.ලංකාපුර මහත්තයෝ

:       82       432

RuwanFriday, 06 October 2017 09:08 AM

විකිණීමයි බදු දීමයි අතර වෙනස 13 වසරේ වාණිජය කරන ළමයෙකුගෙන් අහල දැනගත්තනම් හොඳයි.

:       712       569

සෙනෙවි Friday, 06 October 2017 11:10 AM

මොහු නම් ලංකා පුත්‍ර නෙවෙයි.. කල්ලතෝනි පුත්‍ර වෙන්න ඕනෑ..

:       0       140

Sunil Friday, 06 October 2017 06:49 AM

ඡන්දය ප්‍රකාශ කිරිමේ අයිතිය හා විරෝධය ප්‍රකාශ කිරීමේ අයිතිය අහෝසි කර ඇත. මෙය ඒකාධිපති පාලනයක්......පොරොන්දු වූ යහපාලනයෙන් ඈත් වූ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමක්...

:       4525       5867

KamalFriday, 06 October 2017 08:26 AM

දැන් ඔයා කියන්නේ ඉන්දියන් කොන්සල් කාර්යාලයට පැනලා එ්කේ ඉන්න මිනිසුන්ට ගහන්න නිදහස දෙන්න කියලද? ඒ ප්‍රජාතන්ත්‍රවාදේ තිබුනේ ඒ කාලේ හොඳේ...

:       512       355

jayampathiFriday, 06 October 2017 08:27 AM

එතකොට පරණ හමුදා මූලස්ථානය සින්නක්කරයට විකුණනකොට, ඩොලේ සමාගමට අක්කර දහස් ගණන් කෙසෙල් වගාවලට සින්නක්කරයට දෙනකොට පොර්ට් සිටි හදනකොට ඔයාල හිටියේ කොහිද? අපි ඔය උද්ඝෝෂණ දැක්කේ නැනේ... රතුපස්වල, මීගමුව, කටුනායක, තිබුණු උද්ඝෝෂණවල වතුර වෙනුවට වෙඩි තියලා මරලා දානකොට ප්‍රජාතන්ත්‍රවාදය හොඳයිද?

:       788       665

Ruwan Friday, 06 October 2017 07:15 AM

මෙම පිරිස තවම දේශපාලන අතකොලු බවට පත්ව තිබීම ගැන අපට ඇත්තේ අනුකම්පාවකි. පෙර රජය කරපු පව් වලට වන්දි ගෙවන්න සිදුවී ඇත්තේ මෙම අහිංසකයන්ට බව ඔවුන් පිළිනොගැනීමත් මොවුන්ගේ නුගත් බව මොනවට ඔප්පු කරන්නේද. ඔබලාගේ දේශපාලන පත්වීම් නිවැරදිව මෙම රජය පුරවන විට ඔබට පසු තැවීමට ඉඩ ඇති බවත් කියන්නට කැමැත්තෙමි.

:       1087       1308

ගයාන් Friday, 06 October 2017 07:23 AM

රට විකුනන් කන එකට විරුද්ධ වෙන එවුන්ට නෙවෙයි.......රට විකුණන එවුන්ට කදුලු ගෑස් ගහපල්ලා.

:       312       610

Thilina Friday, 06 October 2017 07:40 AM

දේශපාලනය පැත්තකින් තියල බැලුවොත් ඇත්තටම මේවට මුළු රටම විරුද්ද විය යුතුයි.

:       26       281

ROHAN Friday, 06 October 2017 07:53 AM

මේ පිරිස් හොදින් හදුනාගෙන අධිකරණය ඉදිරියට පමුණුවන්න. ජන ජිවිත අවුල්කරමින් ජනතාව නොමග යවමින් පටු දේශපාලන වුවමනාවන් ඉටු කරගන්න මිනිස්සු මුලාකරනවට..

:       577       468

kumara Friday, 06 October 2017 08:28 AM

මොකටද නිකම් අයට ලකුණු දාලා දෙන්නේ, ඔන්න ඔහේ කෑගහලා යැව්වා නම් නේද හොඳ?

:       0       21

wasantha Friday, 06 October 2017 08:47 AM

මේවා පට්ට පල් බොරු මත විමසුම් !!!

:       17       1

[email protected] Friday, 06 October 2017 08:48 AM

විකුණන්න නියමයි. අපිට ඕන වුණේ ඕක තමයි. අර සමහරු රට විකුණන්නේ නැතුව ගසා කෑවනේ. අපිට යහපාලනය ඕන වුණේ රට විකුණගෙන ගසා කන පිරිසක් ඇතිකරන්න. මෛත්‍රී සහ රනිල් ගේ ආණ්ඩුවට ජයවේවා!

:       91       132

RuwanFriday, 06 October 2017 09:04 AM

ශැන්ග්‍රිල්ලා හෝටලේට ඉඩම් විකුණන කොට ක්‍රිෂ් ගොඩනැගිල්ලෙන් ගසා කනකොට ඔබ සිටියේ කොහෙද කියලයි.

:       731       707

siri Friday, 06 October 2017 09:29 AM

යහපාලකයෝ හීනෙනුත් දකින්නේ විකුණගෙන කන්නේ මොනවද කියලයි. උදේට නැගිටපු ගමන් වටපිට බලන්නේ තව මොනවද විකුණගෙන කන්න තියෙන්නේ කියලයි. දැන් අර 62 ලක්ෂයේ ගොළුවෝ කසාය බීපු ගානයි. විලිලැජ්ජයි යහපාලකයිනි.

:       364       474

RuwanFriday, 06 October 2017 09:49 AM

62 ලක්ෂය මෙවර 90 ලක්ෂයක් වෙන විට ඔබට තේරුම් ගත හැකි වේවි. පසු ගිය දෙපාරෙත් ඔහොම හිතාගෙනනේ හිටියේ. අන්තිමට මොකද වුනේ කියලාවත් හොයාගන්න හිතාගන්න බැරි වෙච්ච එක පමණයි සිදු වුනේ.

:       505       462

siri Friday, 06 October 2017 09:29 AM

යහපලකයෝ හීනෙනුත් දකින්නේ විකුණගෙන කන්නේ මොනවද කියලයි.

:       517       724

anilFriday, 06 October 2017 10:56 AM

හරියට හරි එක නම් සම්පුර්ණ ඇත්ත

:       97       139

dhamneth Friday, 06 October 2017 10:45 AM

ප්‍රීමා පිටි කම්හල වික්කේ මෙගොල්ලොත් හවුල් වෙලා නේද? එතකොට මෙගොල්ලොත් ආණ්ඩුවේ. අපි විරුද්දයි කියා ආණ්ඩුවෙන් යන්න තිබුන නේද ?මොන පැත්තේ සිටියත් අවංක වෙන්න.

:       206       173

aravinda Friday, 06 October 2017 10:56 AM

නිකම් දේපොළ විකුනනවා කියා පාරවල් ගානේ කෑ ගහල වැඩක් නෑ. ඔය කියන දේපොළ හදල තියෙන්නේ පිට රටින් ණයට ගත්ත සල්ලි වලින්. රටේ අදායමට දැරිය නොහැකි, නැවත ගෙවා ගත නොහැකි තරම් ණය ගත්තම, ඔය කියන දේපොළ අවසානයේ විකුණන්ට තමයි වෙන්නේ. අපි කැමති උනත් අකමැති උනත්, ඕක තමා යතාර්ථය.

:       150       131

senebi Galle Friday, 06 October 2017 01:19 PM

ගුවන්යානා බාන්න කියලත් ලෝකේට විරුද්ධව පෙලපාලි යන්න.

:       21       1

nimmi Friday, 06 October 2017 01:21 PM

මේවා විකුණන්නේ ණය ගෙවන්න නෙමෙයි. බැඳුම්කර මගඩියෙන් රටට වෙච්ච පාඩුව නිසා රට කර ගන්න බැරිවුණා. අනේ මහින්ද නම් යුද්දෙත් කර ණයත් ගෙව්වා. යහ පාලනේ ගැන කතා තරන අයට ලැජ්ජා නැද්ද මන්දා.

:       4       114

PA-RA Friday, 06 October 2017 02:38 PM

ඔක්කොටම ඕනෑ දෙයක් කර ගන්න කියල යන්න තැනක් හොයා ගන්නවා නම් හොඳා, ඔක්කොම යමුද? කව්ද කැමති, බල ලොභීන්ට දීලා ජීවත් වෙන දවස් 31.025 හෝ පැය 7.44.600 ගෙවා දැමීමට කොහේ හරි ඉලව්වකට යන්න යමු.

:       0       0

siri Friday, 06 October 2017 06:36 PM

රුවන්, ඔබ" දිය කොරහේ කිබුල්ලු දකිනවා"

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කුව විකුණන් කෑම ලැජ්ජයි
2025 අප්‍රේල් මස 21 125 0

පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල


අනතුරින් අඹු සැමි යුවළ මරුට:දරුවා රෝහලට
2025 අප්‍රේල් මස 21 153 0

ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව


විශ්ව විද්‍යාල කොමිසමටත් ඇමැති බංගලාවක්
2025 අප්‍රේල් මස 21 326 0

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන


කාදිනල්තුමාගෙන් ජනපතිට ඉල්ලීම් ගොන්නක්
2025 අප්‍රේල් මස 21 780 1

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන


සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 897 1

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 40 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 429 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 270 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 426 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site