IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


හම්බන්තොට උද්ඝෝෂකයින් 26ක් අත්අඩංගුවට

(සනත් ගමගේ)

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දියාවට බදු දීමට එරෙහිව හම්බන්තොට විරෝධයට එක්ව සිටි 26 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 



අදහස් (42)

හම්බන්තොට උද්ඝෝෂකයින් 26ක් අත්අඩංගුවට

Ruwan Friday, 06 October 2017 09:14 AM

රට නිවැරදි මාවතට ගැනීමට නම් වැරදි කළ පිරිසට නිසි දඬුවම් දිය යුතුමයි. එවිට මේ චක් ගෝලබාලයෝ දෙපාරක් හිතන්න පුරුදු වේවි මෙවන් මෝඩ වැඩ කිරීමට ප්‍රථම.

:       7020       7218

Raveendra Friday, 06 October 2017 09:33 AM

රතු, කොළ, නිල් යන පාට තුනේම අය දැනගනිවු මේ නස්තිකරන්නේ අපගේවත් තොපගේවත් දේපොළ නොව ලක් මවගේ දේපළ බව කාලකන්නි.

:       238       11226

sujith Friday, 06 October 2017 09:33 AM

මේකද දෙනවා කියපු නිදහස. උද්ඝෝෂණයක් කරන්න කලින් එක වළක්වාලන නියෝග ගන්න එක වෙන්න ඇති දෙනවා කියපු නිදහස.

:       5524       5454

Upali Friday, 06 October 2017 09:40 AM

උද්ඝෝෂණයට ආපු වහල්ලු කීප දෙනෙක් අත් අඩංගුවට ගන්න ඇති. නීතිය හරියටම කි‍්‍රයාත්මක කළා නම් අත් අඩංගුවට ගත යුත්තේ උසාවි නියෝගයක් කඩ කරමින් මෙම උද්ඝෝෂණය මෙහෙය වූ අයවයි.

:       6299       6383

susanthaFriday, 06 October 2017 09:59 AM

යහපාලන ආණ්ඩුවේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය, ආණ්ඩුවට විරුද්ධව කරන ඕනෑම උද්ඝෝෂණයකට විරුද්ධව කුජිත පොලිසිය ලවා තහනම් නියෝග ලබා ගැනීම! රටටත් වැඩක් නැති, රටේ මිනිස්සුන්ටත් වැඩක් නැති හැබැයි ෆෙඩරල්වාදීන්ට සහ මහා ජාතියට විරුද්ධ උදවියට හිස මුදුනින් සලකන, යහපාලනේ පෙන්නලා මිනිස්සු රවට්ටලා ඉස්සරටත් වඩා වැඩි වැඩියෙන් හොරාකන මේ ආණ්ඩුව තමයි නිදහසින් පස්සේ රට වැඩියෙන්ම ආපස්සට ගෙනගිය ආණ්ඩුව, චන්ද්‍රිකාගේ අවුරුදු 10 රට මෙච්චර ආපස්සට ගියේ නෑ!

:       3464       5568

lakshmanFriday, 06 October 2017 11:15 AM

දේපල විකුණාගෙන කෑම නුසුදුසුය කියන අය වහලුන්ය. තම දේශපාලන අරමුණ වෙනුවෙන් එය හරියි කියන අපි නිවහල්ලුය.

:       282       708

indunil Friday, 06 October 2017 10:49 AM

ලංකාවේ දැන් වෙන්නේ තියන දේවල් විකුනන එක වැටෙන්න යන දේවල් ගොඩ දාන්න බලන්නේ නැ විකුනන දේවල් වලින් ලැබෙන දේවල් වලට වෙන දෙයකුත් නැහැ මොන පක්ෂය ආවත් කරන්නේ ඔච්චරයි .

:       218       354

මම1 Friday, 06 October 2017 11:01 AM

මේ ගුවන් තොටුපොල ඉන්දියාවට බදු දුන්නොත් ඒක ව්‍යාප්ත කරන්න, අළුත් වැඩියා කරන්න කියල කොන්ත්‍රාත් වලින් ගසා කන්න තියෙන අවස්ථා ඔක්කොම ඉන්දියාවට යනවා. අපේ කට්ටිය එක්ක නිදාගන්න කැමති වෙන අයට එහෙම නැත්තන් පාප්ප ගාන අයට රස්සා දෙන්න බැරිවෙනවා. මේකට ගුවන් යානා ආවේ නැති වුණාට ඒ ණය මිනිස්සුන්ට බදු ගහල අවුරුදු 50 කින් හරි ගෙවන්න පුළුවන් එකේ ඇයි මේක බදු දෙන්නේ? මේවා අපේ 'ජාතික' සම්පත්.

:       1723       1513

etarahelayaSaturday, 07 October 2017 10:44 AM

අපේ රටට තියන ලොකුම හෙනේ තමයි විදේශ විශේෂඥයින් යැයි කියාගන්නා අපේ රටට හා පුරවැසියාට ආදරය නොකරන එහෙත් දේශපාලකයන්ට ආදරය කරන මිනිසුන්ගෙන් උපදෙස් ලබාගැනීම. උදා- 80ව දශකය හා ඊට පසුව කල ව්‍යාපෘති. ජල බලාගාර හදනකොට, රටට කීවා ඉන්දියාවටත් විදුලිය දීලා ලංකාවට විදේශ විනිමය උපයාගන්න පුළුවන් කියලා. අන්තිමේ වුනේ ගොවිතැන් කරන්න ජලය ලබාගත් ජල පෝෂක සිඳීයාමයි. රටේ ජනතාව ඉල්ලුවේ නෙලුම් පොකුණු... ගුවන් තොටුපළවල්, ලොකුම නත්තල් ගස්, ආණුඩුක්‍රම ව්‍යවස්ථා නොවෙයි ජනතාවට බොරු කියලා බලය අරගෙන විදේශිකයින්ට ඕනෑ විදියට නටපුවම මෙහෙම දේවල් වෙන එක නවත්වන්න බැහැ. මේවා අවශ්‍යයි. එ්ත් මුළු ලෝකෙටම ණය වෙලා. රටේ ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් විශ වනපරිදි වැඩ කළාම රටම අවුල්.

:       27       1

සෙනෙවි Friday, 06 October 2017 11:04 AM

මේ දුර්දාන්ත ආණ්ඩුව රට නොරටුන්ට පාවා දීමට සහය පල කරන අයට අඬන්න වෙන දවස ඈතක නොවෙයි. අදහස් පල කිරීමේ අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබියදී උසාවිට එයට පිටින් යාමට නොහැකියි. සමහර විනිසුරුවන් උද්ඝෝෂණ තහනම් කිරීමට පොලීසියෙන් කරන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන අතර සමහරුන් එයට ඉඩ දෙන්නේ කෙසේද?

:       2322       2652

jantha anura Friday, 06 October 2017 11:08 AM

රට නිවැරැදි මාවතකට ගැනීමට නම් ජාතික දේපළ විකුණා ගැනීම කළ යුතුයි.

:       526       543

aravinda Friday, 06 October 2017 11:16 AM

නිකම් දේපොළ විකුණනවා කියමින් පාරවල් ගානේ කෑ ගහල වැඩක් නෑ. ඔය කියන දේපොළ හදලා තියෙන්නේ පිටරටින් ණයට ගත්ත සල්ලි වලින්. රටේ අදායමට දැරිය නොහැකි, නැවත ගෙවා ගත නොහැකි තරම් ණය ගත්තම, ඔය කියන දේපොළ අවසානයේ විකුණන්ට තමයි වෙන්නේ. අපි කැමති වුණත් අකමැති වුණත්, ඕක තමයි යථාර්ථය.

:       2335       2322

NalinFriday, 06 October 2017 11:59 AM

අරවින්ද හරි. ඒක හරියට ජීවත් වෙන්නවත් පඩියක් මදිවට ගෙවන්න වාහනයක් ගත්ත වගේ. අන්තිමට වෙන්නේ වාහනේ විකුණලා ණය ගෙවන්න. මේක තේරෙන්නේ නැතුව නෙවෙයි. තේරුම් ගන්න කැමති නෑ.

:       677       856

anuraFriday, 06 October 2017 08:35 PM

ගෙවාගන්න බැරිය කියන උන් තව තවත් ණය ගන්නවා හදන බම්බුවකුත් නැහැ බැරි අය අයින් වෙලා පුළුවන් අය ඉදිරියට එන්න

:       264       220

naradhaSaturday, 07 October 2017 08:44 AM

ඒ ගන්නේ පරණ ණය ගෙවන්න. දැන් කෙරෙන්නේ සල්ලි රෝල් කරන එක විතරයි.

:       226       266

prakaash Friday, 06 October 2017 11:41 AM

ගොබ්බයින්ට නොතේරුණාට රටේ සම්පත් මහජනතාවට වටිනවා. එය රැක ගැනීම රජයේ වගකීමකි. නමුත් සිදුවන්නේ ජඩ පාලකයින් රටක් පාලනයට තියා බූරුවෝ රැලක්වත් බලා ගැනීමටවත් බැරි නිවටයින් පිරිසක් බවයි.

:       2114       1720

මම1 Friday, 06 October 2017 11:45 AM

ජාතික සම්පත් කියල කියන්නේ ලාභ ලබන ව්‍යාපාර හෝ වියදමකින් තොරව ස්වාභාවිකව පිහිටපු දේවල් වලට. එකට දෙකක් ණය අරගෙන, ගත්තු ණයේ පොලියවත් ගෙවාගන්න බැරි නැව් නැති වරායවල් හෝ ප්ලේන් නැති ගුවන් තොටුපොලවල් ජාතික සම්පත් නෙවෙයි. අපි තියාගෙන හිටියොත් ඒවයේ උපකරණ දිරල යනකම් ණය ගෙවමින් නිකන් බලාගෙන ඉන්න කියන කට්ටියට නමස්කාර කරන අයට රට ගැනද බඩ ගැනද කැක්කුම?

:       1331       1528

api Friday, 06 October 2017 08:26 PM

හරි අපි විකුණමු කට්ටිය එක්ක බෙදා ගමු

:       36       64

gayanSunday, 08 October 2017 02:48 AM

"ජාතික සම්පත් කියල කියන්නේ ලාභ ලබන ව්‍යාපාර හෝ වියදමකින් තොරව ස්වාභාවිකව පිහිටපු දේවල් වලට" අනේ මෙහෙමත් හරක් ,යකෝ එතකොට education ,health වගේ ඒවත් පාඩු හින්ද විකුණලා දැම්මනම් හරිද?

:       76       0

parakkrama Friday, 06 October 2017 12:27 PM

කෙනෙකු හෝටලයක් දාන්න ගොඩනැගිල්ලක් හැදුවට, තැන නොගැලපීම නිසා පාරිභෝගිකයින් එන්නේ නැති නම් ඔහුට තියෙන්නේ බාර් එකකුත් දාගෙන රෙස්ටෝරන්ට් එකක් කරන්න වෙන කෙනෙකුට ගොඩනැගිල්ල බදු දෙන එකයි. එවිට ගොඩනැගිල්ලත් ඔහුටම තියෙයි , මාස් පතා හෝ අවුරුදුපතා හෝ මුදලුත් ලැබෙයි. නෑ , මං මේ කිව්වේ පොඩි අදහසක් ඔස්සේ ටිකක් වෙනස් විදිහකින් සිතා බලන්නයි.

:       426       525

ධනුෂ්ක Friday, 06 October 2017 12:56 PM

මේ ප්‍රධාන පක්ෂ දෙක මාරුවෙන් මාරුවට රංගනයේ යෙදෙනවා. අපි බූරුවො වගේ බර අදිනවා. අවසානේ උන් ගොඩ. කාටද වල කැපුනේ? කට්ටියක් ණය වෙලා මේවා හදනගමන් ගසා කනවා. අනික් අය අැවිත් එ්ක විකුණලා ගසා කනවා. ඒ අයගේ අරමුණ ධනය, බලය, සමාජ තත්වය හදා ගැනිම මිස රට ගොඩ දැමීම නොවේ. මේ අය ඉන්නකන් මේ රට හැමදාම වලේ තමයි. මේ රට හදන්න නම්. රටට අාදරේ කරන හොරා නොකන පවුල සංවර්ධනය නොකරන එ්කාධිපතයකු අවශ්‍යයයි. රටේ ජනතාවගෙන් 5%ක් කවත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකද්ද කියලාවත් දන්නැතුව පුළුවන්ද මේ පාලනය ගෙනයන්න. අද දියුණු ප්‍රජාතන්ත්‍රවාදී හැම රටක්ම එ් තත්වෙට අාවේ.

:       1       107

ROHAN Friday, 06 October 2017 02:07 PM

හොර පෙරකදෝරුවාවයි, වටේ ඉන්න හොරු ටිකයි අැයි නිදැල්ලේ ...?

:       1661       1537

OGASTIN Friday, 06 October 2017 02:14 PM

කොළඹ යුධ හමුදා මූලස්ථානය ... කොළඹ ආර්ථික මරමස්ථාන සින්නක්කරේට මහා රජාගේ කාලේ විකුණනකොට .... ඔය රටට ආදරේ කරන අය කෝ? ...අැයි ඒවා මහරජාගේ බූදලේද ..?

:       1613       1782

Kariyawasam Friday, 06 October 2017 02:22 PM

රටේ නායකයා ශ්‍රී ලංකා පක්ශයේ නායකයාලු. එසේ වුවත් නියම ශ්‍රී ලංකා පාක්ෂිකයන් යූඑන්පී පාලක පොලීසියෙන් ගුටිකනවා.

:       316       209

samanthi Friday, 06 October 2017 02:29 PM

ඕනෑම රටක නීතිය කාටත් පොදුයි... දැන් තියෙන්නේ ... 18 නොව .. 19 බව සිහිතබාගත යුතුයි ...!!!

:       234       313

Anura Friday, 06 October 2017 02:31 PM

තාජුඩින්, එක්නැලිගොඩ, ලසන්ත වැනි අය පව්...!!!

:       720       7

janatha anura Friday, 06 October 2017 08:31 PM

මල්ලි මගේ නමින් කොහාටද ඔය මුට්ටිය අල්ලන්නේ චහ්හ්හ් විතරක් නාගන්න වතුරත් නැහැ

:       2       120

කරුණාපාල Friday, 06 October 2017 03:21 PM

ජේ. ආර් .ජයවර්ධන මහත්මයා නම්, එදා මේ වගේ උද්ඝෝෂකයින්ට වැඩි ශබ්දයක් නොමැතිව නිවැරදි පිළිතුර දුන්නා. රටේ පාලකයෝ මරණාධාර සමිතියේ සභාපතිලා වගේ වත් කටයුතු නොකරනවා. මේ වගේ රිලා නැටුම් බලලා රසවිඳිනවාට වඩා වෙන මොනවා කරන්නද? හොරකම් කරන්න මිස, රටට ලාභදායී ව්‍යාපාරයක් කරන්න අපේ රටේ පාලකයින්ට හැකියාවක් නොමැති බව වත් තවම මේ රටේ ජනතාව අවබෝධ කරගෙන නැහැ.

:       307       108

chathura Friday, 06 October 2017 03:50 PM

පසු ගිය රජය කළා වගේ ගිනි පොලියට ණය අරන් නාස්ති කරන එකත්, මේ රජය කරනවා වගේ.... රටේ සම්පත් කුණු කොල්ලයට විකුණන එකත් කරන්න ලොකු දක්ෂ කමක් ඕනෑ කරන්නේ නැහැ. ඒක ඕනෑම මෝඩයකුට කළ හැකියි. නමුත් මේ සියල්ලේ බර දරන්නේ අවසානයට බදු ගෙවන ජනතාවයි .

:       10       107

RANASINHA Friday, 06 October 2017 07:23 PM

ආණ්ඩුව පෙරලන්න නටන නාඩගම්

:       525       545

sathyayaa Friday, 06 October 2017 07:53 PM

මිනිසුනේ ! කාගේවත් බහට අවනතව කරන ඔබේ හැසිරීම් තුලින් නිවහල් චින්තනය වහල් චින්තනයක් කර ගන්න එපා. මන්ද පරම්පරා දෙක තුනක් මේ වහල් චින්තනයෙන් මිදෙන්න අපොහොසත් වුනොත්, ඒ වහල්කම ජානවලටත් බලපානවා. අද අප ඉදිරියේ ඇති අභියෝගය වහල් මානසිකය ජයගෙන ස්වාධීන වෙනවා ද නැත්නම් වහල් හැසිරීම අනාගත දරු පරම්පරාවට උරුම කරනවා ද යන්නයි. අසාධාරණයට විරුද්ධව හැමදා පෙළගැසෙන්න. නමුත් ඒ අසීමිත නිවහල් බව දේශපාලන කාරයින්ගේ බල තන්හාව වෙනුවෙන් වැය කරන්න එපා. ඔවුන්ට අයිති ඊයේ පමණයි. එහෙත් යහපත් හෙටක් ඔබ වෙනුවෙන් බලා සිටී.

:       177       161

sunila gikiyange Saturday, 07 October 2017 03:10 AM

අර ඇමරිකන් ඩොලර් කෝටිගානක් දීල ගන්න යන කබල් නැව ගන්න එක අතහැරියානම් කෝටිගාණක් ඉතිරිවෙනවා නේද. විකීණීම හා මිලදීගැනීම යන දෙකෙන්ම කොමිස් ගහන්න අදහස. රට ගැන නොව බඩගැන හිතීම

:       2       205

chathura Saturday, 07 October 2017 05:28 AM

යම්කිසි රජයේ ආයතනයක් හෝ ඉඩම් විකිණීමේදී හෝ 99 බද්දට දීමේදී විවෘත්ත ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කල යුතුයි නේද? එහෙමෙ නැතුව ගැනුම් කරුවන් තෝරන්නේ කාගේ වුවමනාවටද? කැමැත්තටද? රටේ සියලු වියදම් දරන බදු ගෙවන ජනතාවට මෙම කරුණු ඉදිරිපත් කල යුතුයි.

:       68       150

prakaash Saturday, 07 October 2017 08:22 AM

කොටින්ට කඩේ ගිය අය අද රට පාවා දෙන, විකුණන් කන ජඩ පාලනයට මුට්ටි අල්ලමින් බඩ වඩා ගන්නවා.

:       315       216

Sathyapala Saturday, 07 October 2017 11:25 AM

මහින්ද උන්නනම් මෙලහකට චීනෙට දීලා. ලෝකෙට ණය කාරයෝ කරලා හොඳට ගසා කෑවා. මොකක්ද ඇති වැඩේ?. හොර පෙරකදෝරුවගේ බොරු උද්ඝෝෂණ.

:       0       616

purawasiya Saturday, 07 October 2017 11:50 AM

උසාවි නියෝගයට පටහැනිව කටයුතු කල නායකයින්ට විරුද්ධව නඩු පවරන්න. හාල්පාරුවන්ට කනේ පහර දීලා හිරේ දැමිය යුතුයි.

:       71       146

wasantha Saturday, 07 October 2017 12:27 PM

ගාලු මුවදොර අක්කර 12ක හමුදා මූලස්ථානය පිටරටට විකුණද්දී මේ අය කොහෙද හිටියේ?

:       45       116

dias Saturday, 07 October 2017 12:31 PM

රටේ නීතිය කඩාකප්පල්කාරීන්ට විරුද්ධව හරියටම ක්‍රියාත්මක කළ යුතුයි.

:       57       115

banda Saturday, 07 October 2017 02:10 PM

හොර පෙරකදොරුවට නම් කන පැලෙන්න දෙන්න ඕනෑ ....

:       77       547

purawasiya Sunday, 08 October 2017 01:10 AM

යහපාලාන ආණ්ඩුව නැත්නම් ඔය කියන නායකයෝ රටේ තියන දේපල උන්ගේ නමට ලියා ගන්නවා.

:       0       43

Rohan Sunday, 08 October 2017 03:12 AM

කිසිම සැලසුමක් නැතුව හදපු මේ ගුවන් තොටුපොල රුපියල් ප්‍රකෝටි ගණනක ණයක් දරාගෙන ඉන්නේ. මේකට පොලියටත් එක්ක කෝටි ගණන් ණය ගෙවනවා ඇරෙන්න සතපහක අදායමක් නැති ගුවන් තොටුපොළක්. මේ අය විරෝධතා කරන්නේ ගුවන් තොටුපොල යම් ක්‍රමයකට හරි ආණ්ඩුව ණයගේවිම බේරගන්න දරන උත්සාහය කඩාකප්පල්කරලා නැවත මේ ණය කන්ද මහජනතාවට පටවන්න. යහපාලන ආණ්ඩුව මුලින්ම කලයුත්තේ මේ ඒකාබද්ද කල්ලියේ කෝටි ගණන් මහජන මුදල් හොරකපු නඩු ඉක්මනින් ගෙනල්ල මේ කල්ලිය හිරේ දාන එකයි. එසේ නැතුව මේ කරන කිසිම දෙයකට විදේශ ආයෝජකයෝ එන්නේ නැහැ.

:       0       409

jiffri Sunday, 08 October 2017 06:01 AM

සහෝදර සහෝදරියනි, ඔය අත්අඩංගුවට ගත් 26 දෙනාගෙන් එක්කෙනෙක් හරි ඔය විරෝධතාවය සංවිධානය කරපු අය ඉන්නවාද? අධිකරණ නියෝග කඩ කළා නම් මොනවද වෙන්නේ කියා අපිට වඩා හොඳින් දන්නවා. ඔය මේකේ පිටිපස්සේ ඉන්න අය. මෙයාලා කරන්නේ අහිංසක ජනතාව බිල්ලට දීලා එයාලගේ ඉලක්ක කරා යන්න. අපේ දෙමවුපියන් දුක් මහන්සියෙන් අපිව හදා වඩා ගත්තේ එක එක්කෙනාට කඩේ ගිහින් මෙවැනි දේවල්වලට මුහුණ දෙන්නද ? මිත්‍රවරුනි තම තමන්ගේ විරෝධතාවය තමන්ගේ වටිනා ඡන්දයෙන් පෙන්නුම් කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 40 0

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 52 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


තාත්තයි දුවයි මීගමු කලපුවේ සැඟවෙයි
2024 නොවැම්බර් මස 24 39 0

මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත


කැරට් - ගෝවා මිල ලෙල්ලටම බහී
2024 නොවැම්බර් මස 24 93 0

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ


වැ.බ. පොලිස්පතිගේ ස්ථානමාරු ලේඛනය කොමිසම ආපසු හරවයි
2024 නොවැම්බර් මස 24 279 0

පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා


අමාත්‍යංශ කාර්යභාරය ගැන ජනතාව දැනුම්වත් කරනවා
2024 නොවැම්බර් මස 24 130 0

ඉදිරියේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව අමා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 505 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2024 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site