IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


හම්බන්තොට එකම දළ ඇතාත් ඉවරයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ එකම දළ ඇතා ද බ්‍රහස්පතින්දා (07) රාත්‍රී ඉලුක්වැවේ දී වෙඩි තබා මරා දමා ඇතැයි වනජීවී නිලධරයෝ කියති.

ජලය සොයා ආ බව සිතිය හැකි ඇතා දිය සිඳුණු ඇලේ වෙඩි වැදී මැරී සිටි බව ඔවුහු පවසති.

ඇතාගේ දළයක් අඩි දෙක හමාරක් පමණ දිගය. දඩයක්කරුවනට දළ දෙක කපා ගැනීමට හැකි වී නැත.

DSCN0932 DSCN0941 DSCN0959 DSCN0960

 

 



අදහස් (0)

හම්බන්තොට එකම දළ ඇතාත් ඉවරයි

හිරාන් Friday, 08 August 2014 02:19 PM

අනේ අසරණ සතා! (නි)

:       0       0

සකුන්තලා Friday, 08 August 2014 05:29 AM

මෙව්වා වෙන්නේ කොහොමද කාගේ කවුද. එත් ඔව්ව පල දෙනවා ඉක්මනටම (අ)

:       0       0

චරිත Friday, 08 August 2014 02:50 PM

මෙතන ඉඳගෙන හෙණ ඉල්ලන කට්ටිය පොඩ්ඩක් කැළේට මායිම් වූ ගම්මානයක ටික කාලයක් ඉඳලා බලන්නකෝ. ලංකාවේ කැළෑ වල ඉන්න අලින්ගේ ඇ‍ඟේ වෙඩි උණ්ඩ කීයක් තියෙනවද කියලා හොයලා බලන්න. මේ ගම්මානවල ඉන්න මිනිසුන් අලියෙක් දැක්ක තැන බොහෝවිට වෙඩි තියනවා, මොකද අලින්ට වැඩිය ඔවුන්ට ඔවුන්ගේ ජීවිත වටින නිසා. (නි)

:       0       0

විමල් Friday, 08 August 2014 06:25 AM

සහගහන අපරාධ මේවා. වෙඩි තියපු අයට නම් හොඳක් වෙන්න එපා (නි)

:       0       0

චාරු Saturday, 09 August 2014 07:50 AM

සංජය, සත්තුන්ගේ කැලෑ අල්ලන මිනිසුන්ටත් මේ දේ කලොත් ? (දී)

:       0       0

දිල්රුක්ෂි Monday, 25 August 2014 03:28 AM

මරණ බිය කාටද නැත්තේ? දැන් ඉන්න මිනිස්සු තිරිසනුන්ටත් අන්තයි (නි)

:       0       0

රන්ජිත් Friday, 08 August 2014 06:33 AM

මිනිහා මෙල්ල කරන්න පුලුවන් නීතියෙන් පමණයි. ඒත් නීතිය තිබුනට එය ක්‍රියාත්මක වෙන්න එපායැ. දියුණු රටවල නම් ඒක වෙනවා. ඒත් අපේ වගේ රටවල් වල ඇයි නීතිය හරියට ක්‍රියාත්මක කරන්න බැරි? (නි)

:       0       0

සුමිත් Friday, 08 August 2014 06:33 AM

මේක දකිනකොට පපුව පිච්චෙනවා.අහිංසක සත්තු මරන්නේ මොකද? (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Friday, 08 August 2014 06:33 AM

මට කණගාටු මේ සියලුම සත්වයින් සහ මනුෂ්‍යයින් ඝාතනය වෙන්නේ පැය 24 ම පිරිත්,බණ අහන බෞද්ධ රටක නිසයි. (නි)

:       0       0

කුසුම් Friday, 08 August 2014 03:24 PM

ටික ටික පේනවා නේද ලෝකෙට වෙනදේ මේ වගේ පාප කරනකොට දැන්වත් මේ වැරදී හදාගන්නවනම් හොදානේද(අ)

:       0       0

සිල්වා Friday, 08 August 2014 06:45 AM

ජනතාව ඔවුන් කරන කියන දේ වලට වගනොකියන්නේ නම් සමාජයක් පාලනය කළ නොහැකිය (නි)

:       0       0

වසන්ත Friday, 08 August 2014 06:48 AM

මේ සත්ව ඝාතනයට විරුද්ධ වෙන්න ඕනෑ. මට නම් මේ විනාශය දැක දැක තවත් ඉවසන්න බැහැ. මෙම සම්පත් අපි රැකගනිමු. (නි)

:       0       0

මානගේ Friday, 08 August 2014 06:49 AM

මේ අහිංසකයාට මොනවා හිතෙන්න ඇද්ද අවසන් මොහොතේ? තිරිසන්නුවත් නොකරන ජාති ජාතිත් සහගහන අපරාධ... (නි)

:       0       0

මානගේ Friday, 08 August 2014 06:55 AM

හොඬය ඔසවාගෙන සිටින අයුරින් මට සිහිවූයේ තෙරුවන් සිහිපත් කරගෙන අවසන් හුස්ම හෙලුවාක් වැනි සිතුවිල්ලකි. මතු ආත්මයේ මෙවන් විපතක් නොවේවා !! (නි)

:       0       0

හේරත් Friday, 08 August 2014 06:57 AM

පවු අහිංසක සතා! (නි)

:       0       0

වසන්ත Friday, 08 August 2014 07:04 AM

මේක තිරිසන් වැඩක්! (නි)

:       0       0

ප්‍රියාන්‍ Friday, 08 August 2014 07:05 AM

නීතීය අවනීතිය වුණ රටක ඕවා ගැන බලන්න කෙනෙක් නැහැ. කෙනෙක් තව කෙනෙක් සමඟ අමනාප නම්, එයා තමයි තීරණය කරන්නේ මෙයා ජීවත් වුණා ඇති කියලා. එහෙව් රටක තමයි අපි ඉන්නේ. ඉතින් මේ තිරිසනා ගැන මොන කතාද? (නි)

:       0       0

රූපසිංහ Friday, 08 August 2014 07:05 AM

අප රටේ තිරිසන් සතුන් ගැන කුමන කතාද? (නි)

:       0       0

රූපසිංහ Friday, 08 August 2014 07:06 AM

සාමාන්‍යයෙන් වන සතුන් මිනිසා ජීවත්වන ප්‍රදේශ වලින් ඉවත්වීමටයි උත්සාහ ගන්නේ. මේ හා සම්බන්ධ රාජ්‍ය නිලධාරින් කරන්නේ කුමක්ද? මෙවැනි තත්වයන් ගොඩ නැ‍ඟෙන්නට ප්‍රථම සමීක්ෂණ සහ පරීක්ෂණ කර විසඳුමක් දියයුතුය. (නි)

:       0       0

නුවන් Friday, 08 August 2014 07:09 AM

සහගහන අපරාධ මේවා. කළ පවු පළදේවි මේ ආත්මයේදීම!! (නි)

:       0       0

අසංක Friday, 08 August 2014 07:16 AM

මින් පසුවවත් මෙවන් පවුකාරයින් සිටින සමාජයක ඉපදෙන්න එපා කියා මම පතනවා! (නි)

:       0       0

කුමාර Friday, 08 August 2014 04:24 PM

අනේපවු! (අ)

:       0       0

ඇලන් Friday, 08 August 2014 07:25 AM

හොඳක් නම් නොවේවා මේ සතා මැරූ මිනිසාට! (නි)

:       0       0

විජේසිංහ Friday, 08 August 2014 07:28 AM

මේවා කරන අය මිනිස් වෙස්ගත් තිරිසනුන්ය (නි)

:       0       0

මණ්ඩාවල හිමි Friday, 08 August 2014 07:30 AM

මෙම අපරාධ වලට සොබාදහම දඬුවම් දෙනවා. වතුර ටිකක් හොයාගෙන එන සතෙකුට වෙඩිතියන මිනිස්සු?? මහ පොළව අයිති අපට පමණක්ද? (නි)

:       0       0

රෝෂණ Friday, 08 August 2014 07:32 AM

අද මිනිසුන්ගේ හිත්වලින් කරුණාව, දයාව කියන දේවල් ඈත්වෙලා (නි)

:       0       0

එරංග Friday, 08 August 2014 07:35 AM

මොන හිතකින්ද මෙහෙම දෙයක් කළේ? (නි)

:       0       0

සඳුන් Friday, 08 August 2014 04:45 PM

ඕකත් ආණ්ඩුවේ ඇමතියෙක් ගේ ගෝල බාලයින්ගේ වැඩක් රටේ නිතිය ගැනනම් කතාකරලා වැඩක් නැහැ. (අ)

:       0       0

රොෂාන් Friday, 08 August 2014 07:51 AM

අපොයි දෙවියනේ! මිනිසුන්ට හිතක් පපුවක් නැද්ද? (නි)

:       0       0

උපුල් Friday, 08 August 2014 07:53 AM

මේවා ජාති ජාතිත් පටිසන් දෙන අපරාධ. මේවා පළදෙනවා ඉක්මනටම. (නි)

:       0       0

කුමාර් Friday, 08 August 2014 05:05 PM

දැන් ඉතින් දළ දෙකට මොකද කරන්නේ? (නි)

:       0       0

එරංග Friday, 08 August 2014 07:57 AM

මගේ පපුව හෝස් ගාලා පත්තුවුණා මේක දැකලා (නි)

:       0       0

අසෝකා Friday, 08 August 2014 07:58 AM

සතුන්ගෙන් භයානකම සතා දෙපා සතා කියන එක මෙවැනි දේවලින් පැහැදිලි වෙනවා. (නි)

:       0       0

අබේරත්න Friday, 08 August 2014 07:59 AM

අනේ දෙවියනේ මෙහෙමත් අපරාධ! (නි)

:       0       0

නුවන් Friday, 08 August 2014 08:00 AM

මේ අපරාධය කළවුන්ට හොඳක් නම් වෙන්න එපා දෙවියනේ! (නි)

:       0       0

මාලා Friday, 08 August 2014 08:03 AM

මේවා නම් මේ ආත්මයේදීම පළදෙනවා, අනිවාර්යයි (නි)

:       0       0

දමයන්ති Friday, 08 August 2014 08:07 AM

ඉවසීමෙන් බලාගෙන සිටිමු. දෙවියන්ගෙන් මීට දඩුවම් ලැබේවි (නි)

:       0       0

රංග Friday, 08 August 2014 08:15 AM

ඔය සහගහන අපරාධය කළ මිනිසුන් දැන් කොහොම සැනසීමෙන් ඉන්නවාද දන්නෙ නැහැ (නි)

:       0       0

රංග Friday, 08 August 2014 08:17 AM

මේවාට සොබාදහමින්ම දඬුවම් ලැබෙනවා (නි)

:       0       0

රෝහිත Friday, 08 August 2014 08:19 AM

මේ කළ පවට අපරාධකරුවන්ට මිහිපිට අපායම අත්වේවා! (නි)

:       0       0

අප්පුහාමි Friday, 08 August 2014 08:19 AM

මේවාට හේතුව නීතියක් නැතිකමයි (නි)

:       0       0

සමින්ද Friday, 08 August 2014 08:27 AM

නීතියේ ලිහිල් බව නිසා වන ජීවී සම්පත් ඇතතුළු ලංකාවේ තියෙන හැම සම්පතක්ම විනාශ වෙන එක වලක්වන්න බෑ. මේ වගේ අපරාධ කරන පුද්ගලයන්ට දැඩි දඩුවම් දෙන්න නීති හදන්න ඕන. ඊට අදාල බලධාරීන් නිදාගෙන ඉදල නම් හරියන්නෙ නෑ.(නදී)

:       0       0

ගාමිණී - සිරිවර්දන Friday, 08 August 2014 08:34 AM

වන සතුන් ගැන නිරන්තරයෙන්ම , ආදරයකින්,කරුණාවකින් පසුවෙන සජිත් ප්‍රේමදාස මැතිතුමා තම බල ප්‍රදේශයේම සිදුකල ම්ලේච්ච ක්‍රියාව ගැන ඉමහත් කම්පාවකට ලක්වෙනු නොඅනු මානයි ! (අ)

:       0       0

රවීන්ද්‍ර Friday, 08 August 2014 08:33 AM

දෙවියනේ මේ අහිංසක සතා මරපු අයට හොඳක් සිද්ධවෙන්නෙ නෑ. (අ)

:       0       0

සිරා Friday, 08 August 2014 08:35 AM

අලියා මැරිලා දළ දෙක ඉතුරු උනාට වැඩක් තියනවද ?(අ)

:       0       0

උදය Friday, 08 August 2014 08:42 AM

අනේ පවු! (අ)

:       0       0

aaa Friday, 08 August 2014 08:51 AM

හරිම සංවේදී දර්ශනයක්. - මීට වඩා මම මුකුත් කියන්නේ නෑ. (අ)

:       0       0

කපිල Friday, 08 August 2014 08:57 AM

කොහොමද ලංකාවේ වැඩ. පව් අහිංසක සතුන්.(අ)

:       0       0

කුසුම් Friday, 08 August 2014 08:58 AM

දැන් කාලේ සිදු වෙන මෙවැනි දේවල් වලට දෙවියන් යදිනවා හැර නීතිය ගැන එහෙම කවුරුත් කතාකරන පාටක් පෙන්න නැහැ. මේ අපරාධය කරලා තියෙන්නේ ගිනි අවියකින්නේ. එසේ නම් එය නිත්‍යානුකුල ගිනි අවියක් වෙන්න ඕනේ. නැතිනම් එකත් ප්‍රශ්නයක්? ඉදිරියේදී මේ ගිනි අවියෙන්ම තව අපරාධ කියක් නම් සිදු කරයිද? දළ දෙක කපාගන්නත් සාහසිකයින්ට අමතක වෙලා එකත් පුදුමයක්? මේවා අපිට අපරාධ ලෙස පෙනුනට සමහරුන්ගේ විනෝදාංශ වගේ කියලයි මට නම් හිතෙන්නේ. බැරිවෙලාවත් මේ අත් දළ දෙක රාජසන්තක කලොත් එහෙම ඒ පවට කරගහන්න වෙන්නෙත් අහක ඉන්න අපට තමයි. ඇයි ඉතින් රජය කියන්නේ මහජනතාවගේම නියෝජනයනේ. (අ)

:       0       0

බන්දු Friday, 08 August 2014 09:17 AM

හරිම කනගාටුයි වැටිලා මැරිලා ඉන්න හැටි දැක්කම . (දිල්)

:       0       0

සෙනරත් Friday, 08 August 2014 09:17 AM

ලොකු අපරාධයක් (දිල්)

:       0       0

නිමල්ලලිත් Friday, 08 August 2014 09:21 AM

මෙවැනි අපරාද කරන්නවුනට සහ අනුබල දෙන්නන්ට දැඩි දඬුවම් පැමිණ විය යුතුයි.(අ)

:       0       0

දේදුණු Friday, 08 August 2014 09:24 AM

අහස පොළොව නූහුලන අපරාධයක්

:       0       0

ධර්ම Friday, 08 August 2014 08:48 PM

මනුස්ස ජීවිතයක වටිනාකම නොදන්නා අපේ අය සතෙකුගේ වටිනාකම වටහාගනීද? (නි)

:       0       0

ඉන්දික Friday, 08 August 2014 09:24 AM

මේක නම් අහස පොලොව නුහුලන අපරාදයක්,, මේ සත මරපු අයට ස්වභාධර්මයෙන් දඬුවම් දේවි (අ)

:       0       0

රොෂාන් Friday, 08 August 2014 08:59 PM

මෙහෙමත් අපරාධ! මේවාට සොබාදහමින්ම දඬුවම් ලැබෙනවා! (නි)

:       0       0

වීරා Friday, 08 August 2014 09:34 AM

මොහාන්, ඒ විතරක් නෙමේ , ඉඩම් නීතියක් නැතිව අල්ලන අය එලවන්න ඕනේ . බල සේනාව විල්පත්තුවේ කොලනියක් බලන්න ගියාම එයාලව එලවල තිබුන හැටි යු ටියුබ් එකේ තියෙනවා . හම්බන්තොට සත්තුන්ට වෙන්කළ ඉඩම් මිනිස්සු අල්ලගත්තා. මොන සේනාවක් වත් ගියේ නැහැ ? රට පුරාම මේක වෙනවා මහා පරිමාණෙන්. අද සත්තු අසරණ වෙලා . මේක මහා පවක් . (අ)

:       0       0

ජනිත් Friday, 08 August 2014 09:37 AM

අනේ ඇයි මේ (අ)

:       0       0

චාරු Friday, 08 August 2014 09:47 AM

වසන්ත , පාලකයන්ට බලකරන්න නම් අපි සමගි වෙන්න ඕනේ. සල්ලි තියෙන මදාවියෝ නැතිව හොඳ මිනිස්සු ඡන්දෙ ඉල්ලන්න දාන්න ඕනේ. (අ)

:       0       0

අනිල් Saturday, 16 August 2014 02:56 AM

මෙහෙම ගියොත් අනාගතයේදී දළදා පෙරහැරේ කරඩුව ගෙනියන්නවත් ඇතෙක් ඉතුරුවෙන එකක් නැහැ. (නි)

:       0       0

සමීර Friday, 08 August 2014 10:14 AM

මෙවන් අපරද කරන්නන්ට සැප වේවා ! (නදී)!

:       0       0

ඉසුරන්දි Sunday, 10 August 2014 04:07 AM

මරණ බිය කාටද නැත්තේ.දැන් ඉන්න මිනිස්සු තිරිසනුන්ටත් අන්තයි. (නදී)

:       0       0

නිමාලි Friday, 08 August 2014 10:24 AM

අලියව මරපු එකත් ඉක්මනටම මැරීයන් (නදී)

:       0       0

සංජය Friday, 08 August 2014 10:43 AM

මේ තිරිසන් සතාට මේ දේ කරපු කෙනාටත් මේ වගේ කරන්න ඕනේ (නදී)

:       0       0

සූරී Friday, 08 August 2014 10:45 AM

මිනිසකු මැරූ විට මරණ දඩුවම වගේම අලි මරණ මිනිසුන්ටද මරණ දඩුවම දිය යුතුමය (නදී) .

:       0       0

සමීර සාලින්ද Friday, 08 August 2014 11:31 AM

ඔය සත්තු මහා කරදරයක් අපේ ගම්මාන වලට වැදිලා ඔක්කොම විනාශ කරනවා (නදී)

:       0       0

ගාමිණී Friday, 08 August 2014 11:39 AM

සංවේදී දසුනක්. ලොකු පාපයක් (නි)

:       0       0

හැරිසන් Friday, 08 August 2014 11:42 AM

දියුණු සිතක් ඇති මිනිස් සතාගේ වැඩ ගැන ලැජ්ජයි (නි)

:       0       0

ජගත් Friday, 08 August 2014 11:40 AM

අද මිහිපිට අපායේ දුක්විඳින්නේ මෙහෙම අපරාධ කළ මිනිස්සු තමයි. පව් අහිංසක සතා. (නි)

:       0       0

චන්න Friday, 08 August 2014 12:33 PM

මේවා රටේ සම්පත්. රටේ සම්පත් විනාශ කරන අයට හොදක් නම් සිද්දවෙන්න එපා. (නදී)

:       0       0

ලුම්බිණි Friday, 08 August 2014 04:39 AM

දියුණුයි කියන මිනිසුන් තරම් අකාරුණික ජීවින් කොටසක් මේ සක්වලම නැහැ. (නි)

:       0       0

කුමාරසිරි Friday, 08 August 2014 04:41 AM

මේවා ජාති ජාතිත් පඩිසන් දෙන අපරාධ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 08 August 2014 04:55 AM

දෙය්යනේ , මහා පොළොවවත් උහුලන අපරාදද මේ ? වන සතුන්ට ආදරය කරන හැමෝම සිතින් කතරගම දෙවියන්ට කන්නලවු කරන්න මේ පාපතරයන්ට දින හතක් යන්න මත්තෙන් දඬුවම් කරන්න කියල . අද දෙවියන්ට කියනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ. (අ) .

:       0       0

මොහාන් Friday, 08 August 2014 04:58 AM

වහාම ක්‍රියාත්මක වන පරිදි ගස් කපන එකයි සත්තු මරණ එකයි නවත්තන්න ඕන. (අ)

:       0       0

සේනක Friday, 08 August 2014 04:57 AM

දින දින සිදුවන දේවල් දකිනකොට හිතෙනවා ලංකාවේ බහුතරයක් ඉන්නේ මිනිසුන් නොව තිරිසනුන් කියලා ,,,,,, අපේ රට බෞද්ධ රාජ්‍යයක් කියලා කියන්නත් ලැජ්ජයි ,,,,,,,,(අ)

:       0       0

නීරෝධා Friday, 08 August 2014 05:01 AM

ඉක්මනින් සල්ලි හොයන්න කැමැති මිනිස්සු නොකරන්නේ මොනවද (නදී)

:       0       0

ගාමිණී - සිරි Friday, 08 August 2014 05:02 AM

නිකවැරටියේ හස්තියාටත්, හම්බන්තොට එකම දල ඇතාටත් කර ඇති,සිදුවී ඇති වින්නැහිය බන්දුල පෙරේරා පුතාට පේනේනේ නැතුවය ! (නදී)

:       0       0

වසන්ත Friday, 08 August 2014 05:10 AM

මේ සම්පත් අපිට රැක දීමට බලධාරීන්ට බැරිද?. මේ කළ අපරාධයට සාප වෙනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1111 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2129 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1023 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2468 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1723 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37867 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site