IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


හම්බන්තොට පුරා සුදු අලි

රුපියල් ප්‍රකෝටි ගණන් වැය කර ඉදි කළ ගුවන් තොටුපොළක් ගුවන් සමාගම විසින් නොසලකා හැරෙද්දී අත දිග හැර වියදම් කර ඉදි කළ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ක්‍රීඩකයන් විසින් ප්‍රතික්ෂේප කැරෙද්දී ශ්‍රී ලංකාවේ නව රජය සුදු අලි රංචුවකින් රටේ අනාගතයට එල්ල වී ඇති ආර්ථික හානිය මඟ හරවා ගැනීමට සැරසේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ උපන් ගම වන හම්බන්තොට කේන්ද්‍ර කරගෙන මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළත්, සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයත්, මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායත් ඉදි කළේය.

දස වසරක් බලයේ සිටි හිටපු බලවතාගේ නම තබා ඇති මෙම නාස්තිකාර ව්‍යාපෘති මගින් ඔහුගේ ගම කලාපයේ ව්‍යාපාරික කේන්ද්‍රය කිරීමට උත්සාහයක් ගෙන ඇතැයි නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න කියයි.

ඔහුගේ පරාජයත් සමඟ මෙම සුවිසල් ඉදිකිරීම් වෙනුවෙන් ණය ගෙවීමේ පැහැදිලි සැලැස්මක් ද ඇති බවත් නොපෙනේ.

ආර්ථික විද්‍යාඥයකුගේ ඇසින් බලතොත් මෙම ආයෝජන කපා හැරීම හැර කළ හැකි වෙනත් දෙයක් නැතැයි වික්‍රමරත්න කියයි.

දීර්ඝ කාලයක් ණය ගෙවිය යුතු නමුත්, එම ණය පියවා ගැනීමට තරම් ආදායමක් නව යෝජනාක්‍රමවලින් නොලැබෙන බව ද ඔහු කියයි.

2013 දී විවෘත කළ මත්තල ගුවන් තොටට වැය කළ මුදල රුපියල් කෝටි 2772කි.  එදා සිටම මත්තලට පැමිණියේ ෆ්ලයි ඩුබායි ගුවන් සේවය පමණි.

ගුවන් මගීන්ගේ ශාලාව හැමදාම හිස්ය. මත්තල පර්යන්තයේ වා සැකසුම් අංශය හා වතුර මල් හතර දැන් ක්‍රියාත්මක නොවේ.

රාජපක්ෂගේ නියමයෙන් ශ්‍රී ලංකා ගුවන් සේවය එහි පැමිණියත් ජනවාරි අට වැනි දා ඔහුගේ පරාජයෙන් පසු එම ගුවන් සේවය ද මත්තලට පියාසර නොකරයි.

එයින් වසරකට ඉතිරිය රුපියල් කෝටි 237.6කි. සංක්‍රමණික කුරුල්ලන්ගේ ගමන් මාර්ගය වැටී ඇති මත්තල   ගුවන් යානාවලට බොහෝ අනතුරු ඇති කරයි.

ගුවන්තොටක් වූ පමණින් ගුවන් යානා නොඑතියි මත්තල ප්‍රධාන විධායක ඩෙරික් කරුණාරත්න කියයි.

කොළඹට කිලෝමීටර 250ක් ගිණිකොන දිගින් පිහිටි මත්තල කුඹුරුවලින් වට වූ ශුෂ්ක ප්‍රදේශයකි.

එම ගුවන්තොට සැලසුම් කරද්දී පරිසරවේදීන් පැවසුවේ වල් අලින්, කොටියන් හා වලසුන් ගහන පෙදෙසක ගුවන් තොටක් ඉදි කිරීම නුසුදුසු බවයි.

මාගම්පුර වරාය චීන රජයේ රුපියල් කෝටි 4798.6 ක ණය ආධාර යටතේ ඉදි කැරිණි. එහි ගෙවීමට ඇති ණය ප්‍රමාණයද අති විශාලය. සුළු සහනයකට ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් ආනයනය කෙරෙන මෝටර් රථ රැගත් නැව් එහි පැමිණීමයි. නිලධරයන් පවසනුයේ දීර්ඝ ඉතිහාසයක් ඇති කොළඹ වරායේ තරඟකරුවකු වශයෙන් පිහිටවූ මාගම්පුර ලාබ අලාබ නැති තත්ත්වයකට වසර 10 කට වැඩි කාලයක් ගතවන බවයි.

කොළඹ ව්‍යාපාර හම්බන්තොටට ආකර්ශනය කර ගැනීම සඳහා රාජපක්ෂ රජය හම්බන්තොට නගරය කේන්ද්‍ර කරගෙන මංතීරු හයක දැවැන්ත අධිවේගී මාර්ගයක් ද ඉදි කළේය. එම මාර්ගයට උඩින් පාලමක්ද ඉදි කෙරුණි. වියදම රුපියල් කෝටි 6911 ට වැඩිය. එහෙත් එම පාරේ ගමන් කරනුයේ වාහන ස්වල්පයකි. තවත් රුපියල් කෝටි ගණනක් වැය කර මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගයද අගනුවර හා සම්බන්ධ කරන තවත් අධිවේගී මාර්ගයක්ද ඒ රජය සැලසුම්කර තිබුණි. මාගම්පුර වරාය ඉදිරිපිට තවත් රටට ඔරොත්තු නොදෙන ඉදිකිරීමකි. එය රුපියල් කෝටි 206 ක සමුළුහළකි. 2013 පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළු උත්සවයේ අතුරු උත්සවයක් එහි පැවැත්වීමෙන් පසු එම සමුළුහළ හිස්වී ගොසිනි. ඉඳහිට මංගල සාදයක් පැවැත්වේ.

එතැනින් කෙටි දුරකින් පිහිටියේ අක්කර 300 ක උද්භිද උද්‍යානයකි. ශ්‍රී ලංකාවට ආවේණික නොවන ගස් එහි රෝපණය කර ඇත. ඒවා නොමැරී පවත්වාගෙන යාම සඳහා වතුර බවුසර් ගණන් අවශ්‍ය වේ. වැස්ස ඉතාම අඩුවෙන් ලැබෙන දැඩි වියළි කලාපයක පිහිටි හම්බන්තොට ජනයා බීමට වතුර නැතිව බොහෝ දුක් විඳිති. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළු සමයේ විවෘත කළ මෙම උද්‍යානයේ පාලක පැවසූයේ ශ්‍රී ලංකාවට ආවේණික නොවූ තෙත් කලාපීය රටවල වැවෙන ගස් රෝපණය කර ඇති බවයි. නම හෙළි කිරීමට අකමැතිවූ විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු පැවසූයේ එහි සිටුවා ඇති ගස්වලට අවශ්‍ය වතුර ප්‍රමාණය කොතෙක්දැයි ගැමියන් දන්නේ නම් කැරැල්ලක් ඇතිවිය හැකි බවයි. ප්‍රදේශයට ආවේණික ගස් වෙනුවට විශාල වශයෙන් වතුර අවශ්‍ය ගස් රෝපණය කළ ගස් නඩත්තු කිරීම හම්බන්තොට වැනි පෙදෙසක පවත්වාගෙන යා නොහැකි බව ඔහු කියයි.

2011 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවය වෙනුවෙන් ඉදිකළ සූරියවැව අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වූයේ අන්තර්ජාතික තරඟ දෙකක් පමණි. එම පළාතේද දැඩි ජල හිඟයක් පවතී. ආසන 35000 කින් යුත් මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට බලපෑම් කර ඇතැයි කියති. මෙය තනිකරම නාස්තියකියි ඉරාන් වික්‍රමරත්න මහතා කියයි. මුදල් ඇමැති රවි කරුණානායක මහතා පැවසූයේ ණය ගනුදෙනු මුලින්ම බේරුම් කරගත යුතු බවයි.

5% සිට 7% දක්වා වන පොළියට ගත් ණය ගැන මුලින්ම සාකච්ඡා අරඹන බවත් 0.5% කට වඩා ණය පොළිය නොදිය යුතු බවත් ඔහු කීය.

_DSC0495 _DSC0657 _DSC0718 _DSC0763 _DSC0814 _DSC0871 _DSC0896 _DSC1041 _DSC1315 _DSC1795 DSC_0128

 

 

 

 



අදහස් (0)

හම්බන්තොට පුරා සුදු අලි

දුමින්ද Tuesday, 24 February 2015 07:04 AM

දැන් ඉතින් වෙන කුමක් කරන්නද - වැරදි නිවැරදි කරනු මිස.... (නි)

:       0       0

නිෂමල් Friday, 27 February 2015 03:03 AM

ලංකාවේ අයට මේවායේ අගය තේරෙන්නේ නැහැ (නි)

:       0       0

සහන් Monday, 23 February 2015 02:57 PM

බලන්නකෝ සංවර්ධනයක මහිම! (නි)

:       0       0

කමල් Monday, 23 February 2015 04:15 PM

හම්බන්තොට ලංකාවේ නෙවේද තියෙන්නේ. (අ)

:       0       0

ටිකිරි Wednesday, 25 February 2015 03:16 PM

හම්බන්තොටට නැව් ඇවිත් තියෙන්නේ බෑ බෑ කිව්වට .(අ)

:       0       0

විජේ Tuesday, 24 February 2015 12:05 PM

මේවා අනාගතයට අවශ්‍ය දේවල්. අනාගතයේදී මේවගෙන් ප්‍රයෝජන ලැබෙන එක අනිවාර්යයි. මේ ආණ්ඩුව හදන්නේ බොරු කියල මේ ව්‍යාපාර ටික පුද්ගලික ආයතන වලට විකුණන්නයි.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 1 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 2 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 14 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 53 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 58 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2332 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38313 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25245 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site