IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හම්බන්තොට පළාත් පාලන ආයතන 9ක හිටපු සභාපතිවරුන්ගේ සහාය ජනපතිට

(සනත් ගමගේ)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නවයක හිටපු සභාපතිවරුන් මෙවර ජනාධිපතිවරණයේ දි පොහොට්ටු අපේක්ෂකයා මඟහැර ස්වාධින අපේක්ෂක  රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්විමට එකඟතාවය පලකරති.

හම්බන්තොට දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදය මාධ්‍ය හමුවක් කැඳවමින්  නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන්  මෙම එකඟතාවයට පත් වූහ.

එ් අනුව  හම්බන්තොට මහනගර සභාව, හිටපු නගරාධිපති ගාමිණි ශ්‍රී ආනන්ද,  තිස්සමහාරාමය ප්‍රා දේශිය සභාව, හිටපු සභාපති උපුල් විතාරන ගමගේ,හම්බන්තොට ප්‍රා දේශිය සභාව,හිටපු සභාපති අනුර සමරතුංග, අම්බලන්තොටසභාව හිටපු සභාපති දර්ශන සංජිව,, කටුවන හිටපු සභාපති මහින්ද ගමාච්චි, බෙලිඅත්ත හිටුප සභාපති සිරිල් මුණසිංහ,, අඟුණකොලපැලැස්ස සභාපති ගාමිණී වීරබද්ධන, සූරියවැව හිටුප සභාපති ජනක එරන්ද,, ලුණුගම්වෙහෙර  හිටුපු සභාපති රසික දිනේෂ්   මහත්වරු මෙවර ජනාධිපතිවරණයේ දි රනිල් වික්‍රම සිංහට සහාය පලකිරීමට එකඟ වූ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙම මාධ්‍ය හමුවේ දි කීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 ක් පවතින අතර එක් පළාත් පාලන ආයතනයක් පමනක්  සමගි ජනබලවේගය පාලනය යටතේ පැවැති බවත් ඉතිරි පළාත් පාලන 11 අතරින්  නමයක්ම සභාපති වරු එකඟ තාවය පලකර ඇති අතර, සභා දෙකක් පමනක් විරකැටිය හා තංගල්ල ස්වාධිනව සිටින බවද අජිත් රාජපක්ස මහතා කීය.

   

 

 



අදහස් (3)

හම්බන්තොට පළාත් පාලන ආයතන 9ක හිටපු සභාපතිවරුන්ගේ සහාය ජනපතිට

Rata Perata Thursday, 29 August 2024 11:39 AM

නියම රස්තියාදු කාරයෝ ටිකක්

:       53       14

Chandani Thursday, 29 August 2024 06:16 PM

අපි තමයි ඔය ඉන්න කට්ටිය පත්කර ගත්තේ. කරපු හොරකම්, මැරකම් නිසා ඔය කට්ටියව එළවලා දැම්මා. අපි හම්බන්තොට ඡන්ද දායකයෝ මේ පාර ඡන්දෙ දෙන්නේ මාලිමාවට. අනුරකුමාර දිසානායක සහෝදරයාට ජයවේවා !!!

:       0       0

Kazi Shajahan Friday, 30 August 2024 09:08 AM

රාජපක්ෂලාගේ ඉඳුල් කාලා ඉවරද? ඔහොම තමයි කෙළෙහි ගුණ දන්නේ නැති අය...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 96 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 169 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 430 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 487 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3486 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23093 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22909 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site