IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


හම්බන්තොට විරෝධතාවට කඳුළු ගෑස්

හම්බන්තොට ප්‍රදේශ කිහිපයක විරෝධතා තහනම් කරමින් ලබා දුන් උසාවි නියෝගය නොතකා පිරිසක් අද විරෝධතා පැවැත්වූහ.

හම්බන්තොට ආයෝජන කලාපයට මුල් ගල තැබීමේ උත්සවය පැවැති භූමියට විරෝධතා කරුවන්ට ඇතුළු විය නොහැකි ලෙස පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිස් යොදවා තිබිණි. උද්ඝෝෂකයෝ අතුරු මාර්ග ඔස්සේ උත්සවය පැවැති භූමිය අසලටම සහභාගී වූහ.

එහි දී උත්සව භූමියේ සිටි බව කියන පිරිසක් හා උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර ගල් මුල් පවා හුවමාරු වූ බව පොලිසිය කියයි.

ඒකාබද්ධි විපක්ෂය නියෝජනය කරමින් උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටියහ. විරෝධතාවට ස්වාමීන්වහස්සේලාද වැඩම කර සිටියහ.

පොලිසිය උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස් ගසා පලවා හැරීමට උත්තාසහ කරනු අයුරු දක්නට ලැබිණි.

තුවාල ලැබූ කිහිප දෙනෙක් රෝහල් ගත කරනු ලැබ සිටිති.

_DSC0102 _DSC0150 _DSC0171 _DSC0239 _DSC0395 _DSC0498 _DSC0568 _DSC0583 _DSC0585 _DSC0603 _DSC0690 04 PKP_7528_DSC0028_DSC0255 _DSC0384

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

DSC06977 DSC06979 DSC06984 DSC06986 DSC06998 DSC07017 DSC07020 DSC07031 DSC07052 DSC07094

ඡායාරූප - සනත් ගමගේ



අදහස් (0)

හම්බන්තොට විරෝධතාවට කඳුළු ගෑස්

පද්මිණී Sunday, 08 January 2017 06:29 AM

මිරිජ්ජවිල කට්ටියට එපා නම් කරිජ්ජ බිබී ඉන්න දෙන්න. වෙන පළාතකට ගෙනියන්න. මෙතන ඉන්නේ රට ගිලපු කට්ටියක්. (බ)

:       0       0

දර්ශන Sunday, 08 January 2017 06:33 AM

සංවර්ධනය කරනවානම් හරියට කරන්න ඕනේ. මිනිස්සුන්ගේ ඉඩකඩම් ගෙවල් කඩලා හරියනවද. මේ සංවර්ධනයත් අර, කාර් කර්මාන්ත ශාලාව වගේද මන්ද. දැන් මිනිස්සු රවට්ටන්න පුලුවන්ද. (බ)

:       0       0

සිල්වා Sunday, 08 January 2017 07:07 AM

රටට ආයෝජකයෝ ආවාම උද්ඝෝෂණය කර එලවන එකම රට.ප්‍රධානම හේතුව නොදැනුවත් කම. රට මෙන්ම ජනතාවගේ ජීවන මට්ටම ඉහල දමන්නට රජයට විදිමත් ක්‍රියා මාර්ග ගන්න වෙනවා. ජනතාව පොඩ්ඩක් ඉවසිලිමත් වෙන්න වෙනවා. මෝඩයෝ වගේ හැසිරිලා වැඩක් නැහැ. එකෙන් වෙන්නේ රට අදුරට ගෙනයාමක්. (බ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Sunday, 08 January 2017 07:39 AM

අනේ අගමැති තුමනි මේ පළාතට පුන්නකු කම්හලක් දෙන්නකෝ (බ)

:       0       0

තරංග Sunday, 08 January 2017 09:04 AM

වරායක් අවුරුදු 180 කට රටට අහිමි කරලා ද රට සංවර්ධනය කරන්න හදනන්නේ . අද ට්‍රින්කෝ තෙල් සංකීර්ණයට ඉන්දියන් අවසර නැතුව යන්න බැහැ . හෙට කතරගම යන්නත් චීනේ අවසර ඕන වෙයි .ආයෝජන කලාප ඉතා හොදයි . නමුත් වරාය මොකද මේ විදියට විකුණන්නේ . රටේ ආර්ථිකය විකුණලා මොන සංවර්ධනද ?(රේ)

:       0       0

දහම් Saturday, 07 January 2017 09:41 AM

රට කාලම තමයි පස්ස බලන්නේ. ජනතාව තවත් නම් ඉවසන්නේ නැහැ. පළාත් ඡන්ද තිබ්බා නම් ජනතාවගේ හිත නිදහස් කර ගන්නවත් තිබුනා. එ්කටත් හොඳටම බයයි. (නි)

:       0       0

කමල් Saturday, 07 January 2017 09:58 AM

මහජන මතයට කන්නොදි 2002 ආණ්ඩුවට වුණ දේ මතක නැහැ වගේ (නි)

:       0       0

ජීවා Sunday, 08 January 2017 09:42 AM

ලෙස්ලී ඔයා තුන් වේලටම කන ඒවා අපිටත් කවන්නද හදන්නේ (රේ)

:       0       0

රන්ජිත් Saturday, 07 January 2017 10:02 AM

මෙහෙම තමයි සළකන්න ඕනෑ (නි)

:       0       0

ඩිලාන් Saturday, 07 January 2017 10:27 AM

අපේ වැඩි පිරිසක් කැමති අපේ රටේ ජනතාව හැමදාම දුප්පත් වෙලා ඉන්නවා නම් (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 07 January 2017 10:33 AM

ඉවරයක් නැති විරෝධතා! (නි)

:       0       0

යොහාන් Saturday, 07 January 2017 10:50 AM

අපේ අයට කරන්න පුලුවන් ලොකුම දේ තමයි කඳුළු ගෑස් ගහන එක (නි)

:       0       0

ලුම්බිණි Saturday, 07 January 2017 11:11 AM

අපේ මහා සංඝරත්නයත් දේශපාලන අතකොලු බවට පත්වී සිටීම ඉතාම දුක හිතෙන කරුණක්. (නි)

:       0       0

මිගාර Sunday, 08 January 2017 10:29 AM

මෙම වරාය චීනයට බදුදීම සහ ආයෝජන කලාපයක් ඈතිකිරීම කම් නෑත,එහෙත් වරාය වසර 99 ට බදුදීම බලවත් වරදකි.1994 දී පැවැති රජය රෑජින පාලම බදු දුන්නේ සංවර්දනය කර බාවිතා කිරීමේ පදනම මත වසර 34 ට පමනි.(හේ)

:       0       0

මාලක Saturday, 07 January 2017 11:27 AM

මේ ආණ්ඩුව අපිට එපාවෙලා (නි)

:       0       0

සිරි Saturday, 07 January 2017 11:41 AM

ඔහොමද අප්පා රජය පෙරළන්න හදන්නේ? (නි)

:       0       0

ලලිත් Saturday, 07 January 2017 11:49 AM

මදි මදි හොඳටෝම මදි. ඔහොම යමුකෝ. (නි)

:       0       0

පියසෝම Monday, 09 January 2017 04:33 PM

මේ රට යන්නේ කොයිබටද කියා නොතේරේ (නි)

:       0       0

නලින් Saturday, 07 January 2017 11:49 AM

මගේ රට වෙනස් කරනවට මට පුදුම තරහයි (නි)

:       0       0

දර්ශන Saturday, 07 January 2017 12:00 PM

තව අවුරුදු 100ක් ගියත් අපේ රටට දියුණු වෙන්න නම් බැරි වේවි. අවුරුදු 2500ක ඉතිහාසයක් කරේ තියාගෙන ලෝකෙටම ණය වුණ පිරිසක් බවට පත්වේවි (නි)

:       0       0

කැලුම්-මාතර Sunday, 08 January 2017 11:11 AM

දේශපාලන කල්ලි හදාගෙන රටම විනාශ කරන්න හදන්නේ ඒ තුලින් ජනතාව තව තවත් පිඩනයට ලක්වෙනවා. වර්තමාන රජය නිසි ක්‍රියා මාර්ගය ගන්න. හම්බන්තොට වරාය චීනයට පවරන එක කාලෝචිතයි ඒ තුලින් හම්බන්තොට වරාය කොළඹ වරයාටත් වඩා දියුණුවක් ලබාවි. ජනතාව බුද්ධිමත් වෙන්න. (බ)

:       0       0

කරු ජයසුන්දර Sunday, 08 January 2017 11:11 AM

කිසිවෙක් දන්නේ නෑ චීනය මේතරම් ලංකාවට කැමති ඇයි කියලා (බ)

:       0       0

චන්දන Monday, 09 January 2017 06:30 PM

මෙච්චරම ජනතාව එපා කියනවා නම් "ජනතාවට, ජනතාවට" කිය කියා බලෙන්ම ජනතාව පිටම පටවන්න යන්නේ ඇයි. වෙන විදියකින් කොමිස් කන්න පාර හදාගත්තහම ඉවරනේ (නි)

:       0       0

ටෙනිසන් Saturday, 07 January 2017 12:05 PM

දැන්නම් රටම ගිනිවදින්නයි යන්නේ (නි)

:       0       0

නාලක Saturday, 07 January 2017 12:07 PM

මේ කට්ටිය පහුගිය කාලේ ඉඩම් මංකොල්ල කනකොටත් පෙළපාලි ගියා නම් කොච්චර හොඳද (නි)

:       0       0

ශ්‍රීමාලි Saturday, 07 January 2017 12:07 PM

රට වෙනුවෙන් පෙරට ඇවිල්ලා ඉන්න අයගේ පැටිකිරිය කව්රුවත් දන්නේ නැද්ද (නි)

:       0       0

ගාමිණි Saturday, 07 January 2017 12:25 PM

අනේ මන්දා මේ ප්‍රශ්න! (නි)

:       0       0

ටෙනිසන් Saturday, 07 January 2017 01:19 PM

යහපාලනේ මිනිසුනේ යහපාලනේ! (නි)

:       0       0

නිලූ Sunday, 08 January 2017 11:31 AM

ලෙස්ලි ජයවර්ධනගේ ඉල්ලීමට මම එකග වෙනවා. මැදමුලනට ඒවායින් ටිකක් යවන්න ඕනි. (බ)

:       0       0

අශාන් Saturday, 07 January 2017 01:45 PM

මෙයාලට එපානම් ඕක වෙන පැත්තකට දෙන්න.මෙයාලට දියුණු වෙන්න එපා නම් පවට පින් දෙන්න බැහැනේ. (නි)

:       0       0

යොහාන් Saturday, 07 January 2017 01:57 PM

අපේ රටේ ප්‍රශ්න විසඳන හැටි දැක්කහම දුකයි (නි)

:       0       0

රංග ප්‍රියංකර Saturday, 07 January 2017 01:57 PM

හම්බන්තොට අපට මෙය මහඟු සම්පතකි. විරෝධතාවයන් දැක්වීමට ඉඩ ලබාදීම හොඳයි. එතකොට ජනතාවට තවදුරටත් පේනවා ඔවුන්ගේ අරමුණ කුමක්ද කියලා. බුදු දහම විනාශ කරන්නේ මේ සංඝයා වහන්සේලා නොවේද? ඔබ දැකලා තියෙනවද වෙනත් ආගමක පූජකවරයෙක් හෝ වෙනත් වගකිවයුතු පුද්ගලයකු මේ වගේ හැසිරෙනවා. (නි)

:       0       0

නිමල් Saturday, 07 January 2017 03:55 PM

විරෝධතාවයන් නවත්තලා රටේ සම්පත් විකුණන්නද හදන්නේ (නි)

:       0       0

විමලරත්න Saturday, 07 January 2017 04:46 PM

මෙවන් ප්‍රවෘත්ති ලබාදීම ගැන තුති! (නි)

:       0       0

චන්දන Saturday, 07 January 2017 04:56 PM

දැන් අරයගේ අය පිස්සු වැටිලා. මහරජ හම්බන්තොටට කළේ කැළය කොන්ක්‍රීට් කරපු එක විතරමයි. (නි)

:       0       0

ජානකී Saturday, 07 January 2017 05:09 PM

රුහුණ අපේමයි. ත්‍රිකුණාමලය ඕනෑ නම් චීනෙට දෙන්න (නි)

:       0       0

රාජපති Saturday, 07 January 2017 06:40 PM

ඇවිල්ලා ඇවිල්ලා සංවර්ධනේ ගමට ඇවිල්ලා... වරෙල්ලා වරෙල්ලා මෙන්න මාගම්-පුරට ඇවිල්ලා... ඔන්න හොඳට හිතට ගන්න ... අනාගතය ගැන හිතන්න... කුහක නොවී දුර බලන්න... ඔබේ ගමට එළිය ගෙනෙන සංවර්ධනේ ගමට ඇවිල්ලා...... (නි)

:       0       0

නලින් Tuesday, 10 January 2017 11:25 AM

අැයි මේ මිනිස්සු පෝට් සිටි එක සින්නක්කර දෙද්දී බලා හිටියේ. (නි)

:       0       0

ජනහිත Saturday, 07 January 2017 10:18 PM

මේවා සාමකාමිව විසඳාගන්න පුළුවන් දේවල්. වැඩිදුර යාමෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන එක ඇඟට ගුණ නැහැ. රජය කැත්තට පොල්ල වගේ කරන්නේ ඒ අයට අවුරුදු විස්සක්ම තැනක් නොතිබුන නිසා විය හැකියි. කියන්න තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මඟ රැදුණොත් තෝ නසී" කිවුවා වගේ දෙයක් නේද. කොහොමටත් මහජනතාව අද අනාථයිනේ. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 09 January 2017 06:34 AM

ගල්වල හැපෙන නිසා අර එන්න බැහැ කියපු නැව් දැන් චීන්නු ගේන්නේ කොහොමද දන්නේ නෑ නේද? (අ)

:       0       0

ප්‍රනාන්දු Sunday, 08 January 2017 12:03 AM

අපේ මුදල් වලින් අපිටම ගසති (නි)

:       0       0

තිලකසිරි Sunday, 08 January 2017 01:36 AM

මෙතනදී කවුද හරි? (නි)

:       0       0

සුදේශ් Sunday, 08 January 2017 01:59 AM

තිරසාර සංවර්ධන ක්‍රියාවලියට අපේ සුබ පැතුම්! (නි)

:       0       0

පෙරේරා Sunday, 08 January 2017 02:32 AM

රට දියුණු වෙනවට අපි හරිම කැමතියි. කිසිම වැඩක් නැති හිස් මුඩු ඉඩම් ගත්තට කිසිම විරුද්ධත්වයක් නැහැ. නමුත් මිනිසුන්ගේ පෞද්ගලික දේපලට අැයි අත පොවන්නේ? (නි)

:       0       0

සඳුන් Sunday, 08 January 2017 02:48 AM

කටුනායක, බියගම, කොග්ගල කර්මාන්තපුර අරින්න හදන වෙලාවෙත් මෙහෙම ගම්වල මිනිස්සු අවුස්සලා රට විනාශ කරන්ඩ හැදුවා. ඒ වුණාට ජේ ආර් කොහොමහරි බය නැතිව ඒවා කළා. අන්තිමට ඒවායේ වැඩියෙන් රස්සාවල් වලට ආවේ මාතර, තිස්සමහාරාමේ හම්බන්තොට තරුණ ළමයි. බලය ලබාගන්න රටේ මිනිස්සු රවට්ටන්න හාමුදුරුවොත් එන එකයි දුක (නි)

:       0       0

රෝහණ Sunday, 08 January 2017 03:13 AM

සඳුන් වගේ මොළය තියෙන ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගත්ත පුද්ගලයෝ සහ නිමල් වගේ මොළය නැති අයත් තවමත් ලෝකේ ඉන්නවා. (නි)

:       0       0

මොහොමඩ් Sunday, 08 January 2017 03:50 AM

අනේ මන්දා අපේ රටේ මිනිස්සු! (නි)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Sunday, 08 January 2017 04:21 AM

මදැයි ඔයින් බේරුනා. පහුගිය ආණ්ඩුව කාලේ ඒ ආණ්ඩුවට විරුද්ධව මෙහෙම පෙළපාලි ගියා නම් එහෙම හම්බන්තොටම අද සොහොන් පිටියක් වෙලා. ඔන්න යහපාලනේ වෙනස. (නි)

:       0       0

විමල් Sunday, 08 January 2017 04:31 AM

මේ ඔයාලා යන්නකෝ මන්නාරම් පැත්තේ කරන කැලෑ විනාශය බලන්න (නි)

:       0       0

විමල් Sunday, 08 January 2017 04:38 AM

චීනයත් එක කාලයකදී හොංකොන් ඉන්ග්න්ඩ් එකට දීලා වැඩිදියුණු කරගත්තේ. තනියෙන් ගමන් යන්න අමාරුයි. කොහොම වුණත් කොන්දේසි හරියට හදාගෙන දුන්නට වරදක් නැහැ. (නි)

:       0       0

ශාන සෞදි Sunday, 08 January 2017 04:41 AM

අපේ මහා සංඝරත්නයත් දේශපාලන අතකොලු බවට පත්වී සිටීම ඉතාම දුක හිතෙන කරුණක්. කටුනායක, බියගම, කොග්ගල කර්මාන්තපුර අරින්න හදන වෙලාවෙත් මෙහෙම ගම්වල මිනිස්සු අවුස්සලා රට විනාශ කරන්න හැදුවා. ඒ වුණාට ජේ ආර් කොහොමහරි බය නැතුව ඒවා කළා. අන්තිමට ඒවායේ වැඩියෙන් රස්සාවල් වලට ආවේ මාතර, තිස්සමහාරාමේ හම්බන්තොට තරුණ ළමයි. බලය ලබාගන්න රටේ මිනිස්සු රවට්ටන්න හාමුදුරුවොත් එන එකයි දුක. මෙහෙම තමයි සළකන්න ඕනෑ. අති විශිෂ්ටයි (නි)

:       0       0

ඩිලාන් Sunday, 08 January 2017 05:18 AM

මේ හාමුදුරුවරුන්ගෙන් 25ක් අපි ආගමික කටයුත්තකට වැඩමකළා නම් අඩුම තරමේ ලක්ෂයක්වත් වියදම් කරන්න ඕනෑ. එ් අයට ආවතේව කරන්න. රට වෙනුවෙන් දිවි පිදු අහිංසක රණවිරුවෙකුගේ පාංශකූලය දෙන්න හාමුදුරුවරු පස් නමක් හොයාගන්න පන්සල් හත අටකට අඩුමතරමේ ත්‍රීවීල්වත් යවන්න ඕනෑ. පයින් වඩින්න බැහැ. ගෙදර විදුලිය නැත්නම් අහළ පහළ ගෙදරකින් වයර් එකක් ඇදලා විදුලි පංකා දාන්න ඕනෑ. මේ උද්ඝෝෂණ නම් අපේ බුදුහාමුදුරුවන්ගේ ක්‍රම නොවෙයි. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 08 January 2017 05:17 AM

පහුගිය ආණ්ඩුව කාලේ මේ ප්‍රදේශවල මිනිසුන්ගේ පුද්ගලික ඉඩමක්වත් පිටට විකිණීම තහනම් කරලා තහංචි දාලා තිබුනා. ඒ ඉඩම් එයාලට ඕනෑ විදිහට පරිහරණය කරන්න සැලසුම් කරලා. දැන් ඒ අයම රටේ ඉදිරිගමන වළක්වන්න දෙබිඩි පිළිවෙතකින් මිනිසුන් නොමග යවනවා. (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 08 January 2017 05:24 AM

සදුන්ලා කොළඹ ඉදන්නේ ඔහොම කතා කරන්නේ. තමන් මහනිසියෙන් හදාගත්ත ගෙවල් දොරවල් අතහැරලා මහපිරට වැටෙන්න යන මිනිස්සු ගැන හිතන්න. රට දියුණු කරන්න ඕනෑ ජනතාව අනාත කරලා නෙමෙයි. (නි)

:       0       0

පාලිත Sunday, 08 January 2017 05:28 AM

අධිකරණ නියෝග කඩකිරීම මෙහි මුල්ම වරද වෙන අතර ඒ සඳහා උපරිම දඬුවම් දියහැකිය. (නි)

:       0       0

ලක්ෂි Sunday, 08 January 2017 06:14 AM

සදුන් කියනදේ මමත් අනුමත කරනව අපේ රටට අවශ්‍ය ජේ.අාර්, මහින්ද,ප්‍රේමදාස, වගේ කෙලින් තීරන ගන්න නායකයො. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1316 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2341 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 326 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1025 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9559 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3587 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site