2012 වර්ෂයේ ලංකා මිනරල් සැන්ඩ්ස් ලිමිටඩ් ආයතනයේ ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය රුපියල් මිලියන 40 ක පමණ මුදලක් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් ලබාගෙන හම්බන්තොට වෙරළ උද්‍යානයක් ඉදිකරන මුවාවෙන් වංචා සිදු කිරිම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මුල්‍ය අපරාධ විමර්ශන අංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ට දැන්වීය.
දැනට ලංකා මිනරල් සැන්ඩ්ස් ලිමිටඩ් හි නිසි බලධාරියා ලෙස කටයුතු කරන තෙල්ගේ අශෝක පිරිස් මහතා විසින් 2016.02.29 දින කරන ලද පැමිණිල්ලකට අදාළ මෙසේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලේ, පැමිණිලිකරු දක්වා ඇත්තේ ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය සම්පුර්ණයෙන්ම රජයට අයත් ආයතනයක් බවත් , එම ආයතනයෙන් රුපියල් මිලියන 40 ක මුදලක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් හම්බන්තොට වෙරළ උද්‍යානයක් තැනිමට යොමු කිරිම මෙම ආයතනයේ විෂය පථයට පවා අදාල නොවන කරුණක් බවයි.
එමෙන්ම පැමිණිලිකරු පවසන්නේ 2012 ජනවාරි එවකට සිටි පාලකයන් විසින් චෙක්පත් දෙකක් මගින් මෙසේ රුපියල් මිලියන 40 ක මුදලක් නාගරික සංවර්ධන අධීකාරියට ලබාදී ඇති බවයි.
කෙසේ වෙතත් මෙසේ ලබාගත් මුදල් වලින් යෝජිත වෙරළ උද්‍යානය ද ඉදි කර නැතැයි පැමිණිලිකරු පවසයි.
ඛණිජ වැලි සංයුක්ත මණ්ඩලයේ කර්තව්‍ය වනුයේ ‘පුල්මුඩේ’ ඛණිජ වැලි කැණිම් මගින් ගොඩගෙන එම ඛණිජ වැලි පිරිසිදු කර විදේශයේ හී විකිණිමේ රාජකාරිය බවත් , පැමිණිලිකරු සඳහන් කරයි.
තවද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම මුදල් හුවමාරු කිරිමට අදාල විස්තර ලබා ගැනිම සඳහා ඛණීජ වැලි සංයුක්ත මණ්ඩලයට අයත් බැංකු ගිණුම් වාර්තා පිරික්සිමට අධිකාරිණයෙන් අවසර පැතිය.
මහේස්ත්‍රාත්වරයා වැඩිදුර විමර්ශනය කොට අධිකරණයට වාර්තා කරන්නැයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හම්බන්තොට වෙරළ උයනට කෝටි 4 ඇදෙයි
ප්‍රදීප් Friday, 01 April 2016 09:31 PM
හම්බන්තොට කිව්වා නේද? හ්ම්... හ්ම්... මට හිතාගත හැකියි වෙලා තියෙන දේ. කිසිම පුදුමයක් නැහැ (නි)
සම්පත් Friday, 01 April 2016 02:49 PM
කරලා පෙන්වන්න ආයේ දෙන්න දෙයක් නැහැ. කරපුවා තමයි ඔය තියෙන්නේ. (නි)