IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


හම්බන්තොට ශාක්ස් රග්බි සමාජය පළමු කොටසට එන්න සූදානම් වෙයි

ශ්‍රී ලංකා අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ 10 වැනි කණ්ඩායම ලෙස හම්බන්තොට ශාක්ස් රග්බි සමාජය මේ වසරේ සිට තරග කිරීමට සූදානම් වී සිටියි. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ හිටපු දක්‍ෂ රග්බි ක‍්‍රීඩකයකු වන ජොහාන් ප‍්‍රනාන්දු මහතා හම්බන්තොට ශාක්ස් රග්බි සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

නව ක‍්‍රීඩා සමාජය හඳුන්වාදීමේ උත්සවය පසුගියදා ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි. මේ අවස්ථාවට අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්‍ෂ යන මහත්වරුද සහභාගි වූහ.

ජොහාන් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ හම්බන්තොට ශාක්ස් රග්බි පිල පළමු කොටසේ තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා රග්බි සංගමයෙන් අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් රග්බි ක‍්‍රීඩාව නගර කීපයකට පමණක් සීමා නොකර ගමට ගෙන යෑම තම අරමුණ බවත්ය.

”අපේ කණ්ඩායමට ක‍්‍රීඩා කිරීමට දක්‍ෂ ක‍්‍රීඩකයන් සූදානමින් සිටිනවා. ඒ වගේම විදේශිය ක‍්‍රීඩකයන් ද ක‍්‍රීඩා කරයි”
”අපේ ඉලක්කය පළමු වසරේදී පළමු කොටසේ තරගාවලියේ පළමු කණ්ඩායම් හතරට පැමිණීමයි” යැයි ජොහාන් ප‍්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා පැවසුවේ සියලූම පළාත්වලින් පළමු කොටසේ තරගාවලියට කණ්ඩායම් ඉදිරිපත් වන්නේ නම් තමන් සතුටු වන බවත් පළමු කොටසේ ක‍්‍රීඩා කිරීමට අනුග‍්‍රහකයකු ලබා ගැනීමට ද සහාය වන බවයි.

හම්බන්තොට ශාක්ස් රග්බි සංචිතයේ ක‍්‍රීඩකයන් 50 දෙනකු මේ වන විට පුහුණුවීම් කරන බවත් එයට ක‍්‍රීඩා සමාජ නිලධාරීහූ පැවසූහ.
එම කණ්ඩායම සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පුහුණුවීම්වලට සහභාගි වීමට ක‍්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර අනුමැතිය ලැබෙන තුරු බලා සිටින බවද මෙම මාධ්‍ය හමුවේදී සභාපතිවරයා පැවසීය.

 


කේ. ඞී. යූ. සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්‍ෂ සමන් උපසේන මහතා විසින් හම්බන්තොට ශාක්ස් රග්බි සමාජයේ සභාපති ජොහාන් ප‍්‍රනාන්දු මහතාට අනුග‍්‍රහක චෙක්පත නිලවශයෙන් පිරිනමන ලද අවස්ථාව...



අදහස් (0)

හම්බන්තොට ශාක්ස් රග්බි සමාජය පළමු කොටසට එන්න සූදානම් වෙයි

නිහාල් Friday, 17 May 2013 06:01 PM

එම කණ්ඩායම තරග කරන තරග විනිශ්චයකරුවන්ට දෙවි පිහිටයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 29 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 287 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 445 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 520 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 305 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 171 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38189 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25144 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 255 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site