IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


හැමෝම අතරින් ලස්සනට ඉන්න ඕනේ

20160621Piumi-3

නිරූපණ ක්ෂේත්‍රය තුළ බොහෝ ජනප්‍රියත්වට පත්ව ඇති නිරූපිකාවක ලෙස පියුමි ශ්‍රීනායක හැඳින්විය හැකිය. ස්වොත්සහයෙන් නිරූපණ ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණ ඇති ඇය, ඇගේ නිරූපණ කටයුතු පිළිබඳ "සාරවිට" අපට පැවැසුවේ මෙවැන්නකි.

 

20160621Piumi-11මේ දවස්වල මොකද වෙන්නේ?

මේ දවස්වල මියුසික් වීඩියෝ දෙකක් සඳහා දායක වුණා. ඒ දෙක එන්න තියෙනවා. තව ෆොටෝ ෂූට් සහ ෆැෂන් ෂෝ සඳහා දායක වෙනවා. ඉදිරියේදී චිත්‍රපට දෙකක රඟපාන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කියන්නෙ මේ අවුරුද්දෙ අන්තිමටයි ඒ දේ වෙන්නේ.

 

නිරූපණයට ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ කොහොමද?

මම මුලින්ම නිරූපණයට එන්න අවස්ථාව ලැබුණෙ දෙරණ අවුරුදු කුමාරිට ගිහිල්ලා එකේන් අවසාන 06 දෙනාට එන්න තේරුණා. ඊට පස්සෙ තමයි ක්ෂේත්‍රය ගැන ආසාවක් ඇති වුණේ. පොඩි කාලෙ ඉඳන්ම නිරූපණයට ආසාවක් තිබුණා.

 

දෙරණ අවුරුදු කුමරි සඳහා අවස්ථාව ලැබුණ හැටි මතකද?

වෙළෙඳ දැන්වීමක් හරහා. ඒ සඳහා අයදුම් කරලා තමයි ඒ සඳහා සහභාගී වුණේ.

 

දැනට කොච්චර කාලයක් වෙනවද ක්ෂේත්‍රය ඇවිල්ලා?

දැනට අවුරුදු 06ක් විතර වෙනවා.

 

වෘත්තීය වශයෙන් නිරූපණයද කරන්නේ?

වෘත්තීය වශයෙන් තමයි නිරූපණ කටයුතු කරන්නේ.

 

වෘත්තීය නිරූපණය නිසා ඒ සඳහා ලැබෙන ගෙවීම් පිළිබඳව සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

දැන් ගොඩක් ආධුනික කට්ටිය ඉන්න නිසා ගොඩක් දෙනෙක් Free කරනවා. ඒ මොකද තමන්ගේ නම උඩට ගන්න ඕන නිසයි. කරන කරන වැඩ Free කරන්න ලෑස්තිවෙලා ඉන්නවා. අපි වගේ වෘත්තීමය වශයෙන් නිරූපණය කරන කෙනෙක්ට ගාණක් කතා කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒකනිසා ගෙවන ගාණ ගොඩාක් දුරට අඩු වෙලා තියෙනවා. ඒක කරගෙන තියෙන්නෙ නිරූපිකාවන් විසින්මයි.

 

ඒ කියන්නේ අලුත් අය නිරූපණයට වැඩි වෙන තරමට, නිරූපණයේ තියෙන වටිනාකම අඩුවෙනවාද?

අලුතින් එන අය නිසා වටිනාකමක් අඩුවෙනවා නෙමෙයි. නිරූපණ ශිල්පිනියගේ දක්ෂතාවට දෙන ගාණ අඩුකරගෙනයි ඉන්නේ. ඒ කියන්නෙ තමන්ගෙ දක්ෂතාවට මිලක් නියම කරගෙනනේ ඉන්නේ. නමුත් නවකයන් තමන්ගේ දක්ෂතාව නොමිලේ දෙනවා. එහෙම කරන්නෙ තමන්ගේ කැපී පෙනීම වෙනුවෙන්. ගොඩක් අලුත් කට්ටිය ගොඩක් වැඩ හම්බවෙනවානේ නිකන් කළාම. අලුත් කට්ටිය නිකන් වැඩකරලා ඉස්සරහට එන්න හදනවා.

 

ගොඩක් නවක තරුණියන් නිරූපණයට එන්නේ සල්ලි හම්බ කරන්න ලේසීම තැන මෙතනයි කියලා හිතාගෙන නේද?

නිරූපණය කියන්නෙ ලේසි තැනක් නෙමෙයි. අනික් හැමදේටම වඩා ගොඩක් අමාරුයි. ගොඩක් ශරීරයේ හැඩය පාලනය කරන්න ඕනේ, අපේ ලස්සන ගැන හිතන්න ඕනේ. මොකද මේ ක්ෂේත්‍රය තුළ තියෙන්නේ තරගයක්නෙ. ඒකනිසා හැමෝම අතර තරගයක් තියෙනවා. හැමෝම අතරින් ලස්සනට ඉන්න ඕනේ. මේ හැමදෙයක් සඳහාම කැපවීම් කරන්න ඕනේ. මේ ක්ෂේත්‍රය දිහා බලන් ඉන්න අයට හරි ලස්සනයි. හොඳට ඇදලා මේකප් කරලා ඉන්නවා කියලා තමයි හිතන්නේ. ඇතුළෙන් බලද්දී අපි තමයි දන්නේ ඒක කොච්චර අමාරුයිද කියලා.

 

ගොසිප් වෙබ් අඩවි ගැන මොකද හිතෙන්නේ?

ගොසිප් වෙබ් අඩවි ගැන සාධාරණව හිතලා බැලුවොත්, සමහර අයට ගොසිප් එකකින් ජනප්‍රියත්වක් ලැබෙනවා. ඒ ජනප්‍රිය හොඳ අතින් වෙන්න පුළුවන්, නරක අතින් වෙන්න පුළුවන්. මාතෘකාව මිනිස්සු බලන විදිහට දාන එකයි ගොසිප් වෙබ් සයිට්වලින් කරන්නේ. නමුත් ඇතුළාන්තයේ වෙන දෙයක් තියෙන්නේ.

 

ක්ෂේත්‍රය තුළ අතහිත දුන් අය ඇතිනේ?

මට විශේෂයෙන් කවුරුත් උදව් කරලා නැහැ. මගේම උත්සාහයෙන් තමයි මම මේ තැනට ආවේ. මට මොඩලින් කරන්න උගන්නලා තියෙනවා. රොසෑන් ඩයස්, බ්‍රයන් ඒ අය මොඩලින් කරන්න උගන්නලා තියෙනවා. ඊට අමතරව මේ වෙනකන් කවුරුත් මට අතදීමක් කරලා නැහැ. මගේ උත්සහයෙන්ම තමයි මම මෙතැනට ආවේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත /ඡායාරූප - පියුමිගේ ෆේ්ස්බුක් ගිණුම

20160621Piumi-1020160621Piumi-620160621Piumi-920160621Piumi-5.20160621Piumi-820160621Piumi-420160621Piumi-720160621Piumi-2 20160621Piumi-1



අදහස් (0)

හැමෝම අතරින් ලස්සනට ඉන්න ඕනේ

චන්ද්‍ර වීරසිංහ Monday, 20 June 2016 01:39 AM

ලස්සන කියන්නේ නිරුවත ඉස්සරහට දැමීමද කියලා මට හිතෙනවා. අනේ සංසාරේ!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 587 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1147 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1704 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 429 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1142 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 2102 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38797 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site