IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


හිමිවරු බලෙන් අගමැති හමුවෙන්න හදති

කොළඹ මල් පාරේ අගමැති කාර්යාලය ඉදිරිපිට  රැස්ව සිටින භික්ෂූන් අතුරින් සිහල රාවයේ නායක  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරත්න හිමියන් ඇතුළු භික්ෂූන් කිහිප නමක් අද සවස 3.15 ට පමණ  අගමැති කාර්යාලයට බලෙන් අතුළු වීමට තැත් කළද පොලීසිය ඊට ඉඩ දුන්නේ නැත.අගමැතිවරයා  කාර්යාලයයේ සිට වරින් වර මහා සංඝරත්නය වෙත පණිවිඩ එවු නමුත් තමන් අපේක්ෂා කරන සමාව ගැනීම් ඒවායේ සදහන් නොවන නිසා එම පණිවිඩ ප්‍රතික්ෂේප කරන බව සිංහල රාවය කියයි.

ඕමල්පේ සෝභිත හෙළ උරුමයේ නායක හිමියන් ඇතුළු මහා  සංඝරත්නයට දි මු  ජයරත්න අගමැති  කළැයි කියන අපහාසය ට සමාව ගන්නා තුරු අගමැති කාර්යාලය අවට රැදී සිටින බව කියති.

ඡායාරූප විශ්ව ගැමුණු ප්‍රියංකර

 

 

 



අදහස් (0)

හිමිවරු බලෙන් අගමැති හමුවෙන්න හදති

යශෝදා Thursday, 09 January 2014 03:05 PM

මේ මෑතක ඉදන් තමයි මෙවන් තත්වයක් උද්ගත වෙලා තියෙන්නේ, ඉස්සර තිබ්බේ නැහැ (දී)

:       0       0

හේරත් Wednesday, 08 January 2014 04:48 PM

මේ කරන්නේ වෛරය වැපිරීමකි.කළ යුත්තේ බොරු අරගල නොව නීතිය හරි හැටි ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීමය​.නීතිය දුබල නම් එය ගැතිකම් කරයි නම් ඊට එරෙහිව පෙළ ගැසිය යුතුයි​ඒ වෙනුවෙන් අරගල කරන්නට කොන්දක් තිබිය යුතුයි (දිල්)

:       0       0

අශෝකා Thursday, 09 January 2014 07:03 AM

දේශපාලන මත වල ඉදගෙන තීරණ ගන්න යන්න එපා රට අස්ථාවර වෙනවා (දී)

:       0       0

දමයන්ත Thursday, 09 January 2014 07:10 AM

අගමැති තුමා අනේ ඔබට ඇති හිතවත් කම නිසා කියන්නේ ඉල්ලා අස් වෙන්න (දී)

:       0       0

පී.රණවීර Thursday, 09 January 2014 03:30 PM

ඔබවහන්සේලාට රටේ මොනතරන් දහමට කරන්න වැඩ තියනවද මොනවද ඔය කරන්නේ (දී)

:       0       0

ජානක Wednesday, 08 January 2014 05:02 PM

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැති අධිකරණය හමුවට පමුණුවන්න හැකියි, ඇයි නිතිය හමුවට පමුණුවන්නේ නැත්තේ (දී)

:       0       0

විමුක්ති Wednesday, 08 January 2014 05:18 PM

ගිහියන් වුවත් , තිස්ස අබේසේකර ,සතිස්චන්ද්‍ර එදිරිසිංහ ,වැනි ප්‍රවීන රංගන ශිල්පීන්ගේ මුහුණුවල මෙන්ම, හැසිරීමේ මීට වඩා ශාන්ත,කාරුණික,තැන්පත්,ශීලවන්ත ,උපේක්ෂා සහගත ,විනයානුකූල ස්වරුපයක් අපි දුටුවා.(දිල්)

:       0       0

දනුෂ්ක Wednesday, 08 January 2014 05:25 PM

එහෙම බලෙන් හම්බ වෙන්න හදන එක සදාචාර විරෝධී නේද (දී)

:       0       0

විජේසිංහ Wednesday, 08 January 2014 05:29 PM

මම පොදුවේ කියන්නේ, ආගමික නායකයන් දේශපාලකයන්ගේ අතකොලු වෙලා. සමහරු ව්‍යාපාරිකයෝ වෙලා, තවත් සමහරු යන්තර, මන්තර, ගුරුකම් කරනවා. මගේ රටට දෙයියන්ගේම පිහිටයි.(දිල්)

:       0       0

කඩවත හේමසාර හිමි Wednesday, 08 January 2014 05:36 PM

යමක් වැපිරුවද එයට අනුව අස්වැන්න ලැබෙන්නසේ තමා කල නොකළ දෑ යනකොට තමාම ගෙනයාවි.(දිල්)

:       0       0

බුද්ධික Thursday, 09 January 2014 08:48 AM

මතක තියා ගන්න මේවා හා නාට්‍ය අතර කිසි වෙනසක් නැති බව (දී)

:       0       0

බණ්ඩාර Thursday, 09 January 2014 08:49 AM

මේවා විකාර කියලා තමයි මම නම් හදුන්වන්නේ (දී)

:       0       0

අවන්ති Wednesday, 08 January 2014 05:50 PM

ඒ පොලිස් නිලධාරීන් කලේ ඒගොල්ලන්ගේ රාජකාරිය, ඒ කට්ටියට වරදක් කියන්න කාටවත් බැහැ (දී)

:       0       0

රොහාන් පැරිස් Wednesday, 08 January 2014 05:51 PM

රටේ සියල්ලන්ගේම වගකීම නැවත 17 වන සංසෝදනය ක්‍රියාත්මක කිරීමට 18 වෙනි සංසෝදනය ඉවත් කිරීමයි. එවිට සියලු කොමිෂන් ක්‍රියාත්මක වනු ඇත. අන්න එදාට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර වාදී සමාජවාදී ජනරජයක වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ක්‍රියාත්මක වනු ඇත. (දී)

:       0       0

වීරසිංහ Wednesday, 08 January 2014 05:51 PM

රට තුල නීතියක් තියෙද්දී ඒ නීති උල්ලංගනය වෙන විදිහට වැඩ කරන එක නම් වැරදියි හාමුදුරුවනේ (දී)

:       0       0

සාගර Wednesday, 08 January 2014 05:52 PM

අදහස් ප්‍රකශ කිරීමේ අයිතිය තිබුනා කියලා කිසිවෙකුටත් අපහාස වෙන විදිහට කතා කරන්න බැහැ, භාෂණයේ පුර්ණ අයිතිය තියෙන්නේ පාර්ලිමේන්තුවේ විතරයි.

:       0       0

හේමන්ත Wednesday, 08 January 2014 05:52 PM

යම් භික්ක්ෂුවකට අගමැති අපහාස කලානම්, එය විරුද්ධව නීතියෙන් ක්‍රියා නොකොට කරන නාඩගම් මොනවාද? නීතියක් තියෙන්නේ එකට නේද? අගමැති සමාව ගන්න, අපහාස වූ භික්ෂුව ලගට එන්න ඕන නේද? භික්ෂුන් අගමැති හොයාගෙන ගියේ, එය බලෙන් ගන්නද? (දී)

:       0       0

සමන්ත Wednesday, 08 January 2014 05:52 PM

හාමුදුරුරු හරි, බුදු දහමට නිගා වෙන ලෙස වැඩ කරන්න කතා කරන්න කාටවත් ඉඩක් නැහැ මේ රටේ (දී)

:       0       0

දනුෂ්ක Thursday, 09 January 2014 09:07 AM

අනේ හාමුදුරුවනේ ඔබවහන්සේලාගේ මෙවන් වැඩ වලින් පාරේ බැහැලා යන්න බැරි බෞද්ධ අපිට (දී)

:       0       0

ඉසුරි පැරිස් Thursday, 09 January 2014 11:57 PM

බුද්ධ ශාෂණ අමාත්‍යංශය වහා ජනාධිපති තුමාගේ යටතට ගෙන ධර්මනුකුලව කටයුතු නොකරන චීවරයට නොගැලපෙන ලෙස කටයුතු කරන සංඝයා වහන්සේලා ගැන විනායාකුල පියවරක් ගත යුතුයි. ශාසනය රැකගැනීම රජ්‍ය නායකයෙකුගේ යුතුකමකි.(නදී)

:       0       0

කුමාරි Wednesday, 08 January 2014 06:15 PM

සමන්ත, දැන් ලෝකයම ඉදිරිපිට බුදු දහමට නිගා කරන්නේ කවුද කියල මේ පින්තූර බැලුවම පෙනෙන්නේ නැද්ද? (නදී)

:       0       0

අංජන අතාවුද Wednesday, 08 January 2014 06:29 PM

කුඩු එතනෝල් ගංජා හලාල් ගැන ආණ්ඩුව නිතිය හරියට ක්‍රියාත්මක කරනවා නම් හාමුදුරුවරුන්ට මෙහෙම එන්න වෙන්නේ නැහැ.(නදී)

:       0       0

දිසානායක Thursday, 09 January 2014 09:35 AM

ලෝක මිනිස්සු බලන් ඉන්නේ අපෙන් වරදක් වෙනකල් (දී)

:       0       0

මොහාන් දමාම් Thursday, 09 January 2014 05:08 PM

දැන් කට්ටියම අගමැති නිල නිවාසය දෙස බලා ඉන්න.(නදී)

:       0       0

ගාමිණි Thursday, 09 January 2014 09:44 AM

ලංකාව ගැන මට නම් කනගාටුයි (දී)

:       0       0

මෙත්තානන්ද Wednesday, 08 January 2014 07:01 PM

පළමු ඡායාරූපයේ ඉන්න රාළහාමි හරි සැරයි නොද?(දිල්)

:       0       0

සරත් Thursday, 09 January 2014 05:44 PM

කුඩු ගහන්න ඇබ්බැහි උන කෙනෙකුගේ පවුලක කෙනෙක් කුඩුවල තියෙන සනීපය හොඳහැටි දන්නවා,එහෙම කෙනෙකුට අහු උනොත් (අ).

:       0       0

අසාද් Wednesday, 08 January 2014 07:16 PM

හේමන්ත මොඩයෙක් වගේ කියවන්නෙ මේ රටේ නීතියක් තියෙනවද? (නදී)

:       0       0

සරත් Wednesday, 08 January 2014 07:33 PM

අපේ රටේ බුදුදහම දිනෙන් දින පිරිහෙනවාද? කණගාටුයි (දිල්)

:       0       0

ශාන් Thursday, 09 January 2014 11:13 AM

අනේ අපොයි හාමුදුරුවන්ට මෙච්චර හයියක් දුන්නේ කවුද (දී)

:       0       0

හප්සාල් Wednesday, 08 January 2014 08:08 PM

අංජන මම දැන ගෙන හිටියේ නැහැනේ කුඩු, ගංජා වගේම හලාලුත් මත් ද්‍රව්‍යක් කියලා.(නදී)

:       0       0

තිලක් Wednesday, 08 January 2014 08:10 PM

බලන්න ලසන්ත මැරිලා වසර 5 ක් වෙලා. අද වෙනකම් මරපු මිනිස්‌සු හොයාගන්න බැරි උන පොඩි රටක්. හාමුදුරුවරු බලකරන්න ඕනේ නේද නීතිය ක්‍රියාත්මක කරන්න. ඔය හාමදුරුවෝ නේද ඒ වෙලාවේ ආණ්ඩුව පත්කර ගත්තේ. මේක තමයි රට ගිය අත.(නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Wednesday, 08 January 2014 08:31 PM

අනේ හාමුදුරුවනේ ඔය කුඩු කන්ටේනරය ගෙන්වපු කෙනාගේ මන්දිරේ ඉස්සරහට ගිහින් ඔය උපවාසය කරන්න. එතකොට අපි කියන්නම් ඔබ වහන්සේලා රටට ආදරෙයි කියලා. දැන් නම් ඔය කරන්නේ කුඩු ගෙන්වපු කෙනාගේ නාට්‍යයේ නළුවන් වීම පමණයි.(නදී)

:       0       0

වජිර Wednesday, 08 January 2014 08:58 PM

අගමැතිතුමනි, වරදක් කර ඇත්නම් සමාව ගෙන මේ හෙරොයින් ජාවාරම පිටුපස සිටින අය හෙලිකරන්න.(නදී)

:       0       0

එරන්දි Thursday, 09 January 2014 11:55 AM

අගමැති අයින් කරන ඕන.ඒ අයගෙන් වැඩක් වන නැහැ.(අ)

:       0       0

රෝශණ Wednesday, 08 January 2014 09:54 PM

වජිර මෝඩ කත කියන්න එපා. ඕක පිටපස වෙන මොකක් වත් නැහැ ඉන්නේ අගමැති විතරයි.(නදී)

:       0       0

බුද්ධික Thursday, 09 January 2014 12:55 PM

හාමුදුරුවනේ සන්සුන් වෙන්න... සන්සුන් වෙන්න... (දී)

:       0       0

නිමල් ලලිතා Wednesday, 08 January 2014 10:27 PM

හාමුදුරුවන්ගේ දොස් දකින සැමටයි මේ . චීවරදරියෝ කියන අය නිසා තමයි මේ රටේ සිංහල කම රැකුණේ. (නදී)

:       0       0

රණසිංහ Thursday, 09 January 2014 01:12 PM

ඒ හාමුදුරුරුන්ගේ මතයට මතයට මමත් එකඟයි, අගමැති වහාම ඉල්ලා අස් වෙන්න ඕනේ (දී)

:       0       0

ඉරෝෂා Wednesday, 08 January 2014 10:38 PM

චන්දන, එහෙනම් ඔබ ගිහින් රට බේරගන්න. එතකොට සංඝරත්නය බුදු දහමට අනුව කටයුතු කරාවි. (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 08 January 2014 10:50 PM

හොඳ අරමුණක් වෙනුවෙන් කරන්න යන වැඩකදී පවක් සිද්ධ උනත් ඒ පව බාර ගන්න ඒ ක්‍රියාව කල තැනැත්තා සුදානම් නම් ඒ ගැන අනික් අය කළබල විය යුතු නැහැ. දුටු ගැමුණු රජතුමා එදා එළාරට විරුද්ධව සටන් නොකළේ නම් ලංකාවේ නම " ඉලංකයි". සිංහල බෞද්ධ ජන අනුපාතය 1,0%(මෙය ජාතිවාදී අරමුණකින් තොරව ලියු බව කරුණාවෙන් සලකන්න). (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 08 January 2014 10:55 PM

නාටකයේ අවසානය මෙසේ විය හැක. අගමැති තුමා සහ එතුමාගේ පිරිස ගෙදර යති. චමල් රාජපක්ෂ කතානායක තුමා අගමැති වෙති. විපක්ෂ සංවිදායක ජෝන් අමරතුංග මහතා කතානායක වෙති. (නදී)

:       0       0

චවික Thursday, 09 January 2014 01:50 PM

රහත් වී නොමැති වීම නිසා කේන්ති යන බව ඇත්ත නමුත් හිමි නමක් උනාම මිට වඩා සන්සුන්ව වැඩ කරන්න ඕනේ (දී)

:       0       0

සුජීව Thursday, 09 January 2014 01:50 PM

හොදටම දන්නවනේ පොලිසියෙන් ගුටි කන්න වෙනවා කියලා (දී)

:       0       0

උදය Thursday, 09 January 2014 02:17 AM

මේ හිමිවරු රට ජාතිය වෙනුවෙන් කල මේ මෙහෙය අපි අගය කරනවා (දී)

:       0       0

සාලිය Thursday, 09 January 2014 02:17 AM

ප්‍රශ්නය විසදුනාද ඉතින් (දී)

:       0       0

සේරම් Thursday, 09 January 2014 01:58 PM

ඔබවහසේලා ට සිවුපසින් සලකන ගිහි අපි තණකොළ කනවා කියලද ඔබවහන්සේලා හිතාගෙන ඉන්නේ . තරහ අවසර අගමැති නියෝජනය කරන්නේ රජය , අගමැති පත්කරන්නේ ජනාධිපති අගමැති ප්‍රකාශකරන්නේ රජයේ මතය එහෙම නම් ඇයි රජයට හෝ ජනධිපතිට මෙම වගකීම් නොපවරන්නේ . රහස එතන (දී)

:       0       0

දනුෂ්ක Wednesday, 08 January 2014 03:39 PM

අගමැති වහාම ඉල්ලා අස් විය යුතුයි (දී)

:       0       0

රන්ජන් - ඉන්දියාව Wednesday, 08 January 2014 03:46 PM

අපේ අගමැතිට මොනවා හිතනවා ඇතිද මේ කට්ටිය ගැන? (නදී)

:       0       0

සිරි Wednesday, 08 January 2014 03:54 PM

දැන් දැන් බලාගෙන යනකොට කුණු ටික ටික ටිකෙන් ටික එකතු වෙනවා. ඊට පස්සේ මේවා පිළුණු වෙන්න ගන්නවා. එතකොට ඉතින් ගඳ ගහන්ඩ පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ.(නදී)

:       0       0

අකලංක Thursday, 09 January 2014 04:00 AM

වරදක් බව දැන දැනත් මොකටද එහෙම කරන්න ගියේ (දී)

:       0       0

සෑම් Wednesday, 08 January 2014 03:56 PM

කිසිම ආගමික නායකයෙකුට අපහාස කිරීම හරි නැත. කුඩු ගෙන්වීම ජාතියට කරපු ද්‍රෝහී කමකි. මම මහා සංඝරත්නය සමගයි.(නදී)

:       0       0

මෙන්ඩිස් Wednesday, 08 January 2014 04:16 PM

අගමැතිට බනින කාටවත් මෙතන යටින් යන මාස්ටර් ප්ලෑන් එක පේන්නේ නැද්ද? නැත්නම් පේන්නේ නෑ වගේ ඉන්නවද? (මම කියන්නේ එතුමා සංඝ රත්නය ගැන කියපු දේවල් වැරදියි තමයි. හැබැයි කුඩු කන්ටේනර් නාටකයේ පිටපත මොකද්ද කියල හිතාගන්න බැරිද? (නදී)

:       0       0

ප්‍රදීප් Wednesday, 08 January 2014 04:25 PM

මට නම් පේන්නේ දැන් ටික ටික චොර වේගෙන යනවා. ඉස්සරහට මොනවා වෙයිද කියලා කියන්න බැහැ, මිනිස්සුන්ටත් ජීවත්වෙන්නත් ගොඩක් අමාරුයි. (නදී)

:       0       0

විනොදී Thursday, 09 January 2014 02:59 PM

මේ හාමුදුරුන්ට මෙවන් දේවල් කරන්න අනු බල දුන්නේ කවුද (දී)

:       0       0

චන්දිමාල් Wednesday, 08 January 2014 04:27 PM

දේශපාලනය කිරීම බුදුන්ගේ දහමට විරුද්ධයි. කව්රු හරි සිව්ර ඇදගෙන දේශපාලනය කරනවා නම් ඔහු චීවර ධාරියෙක් තමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්පහ සියයට 40යි
2024 සැප්තැම්බර් මස 21 53 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 40 ක් දහවල් 12 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 193 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 153 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 869 1

ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ


බීමතින් ඡන්ද පොළේ යකා නැටු අයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 310 0

හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි


රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 3291 4

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14581 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 178 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site