IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හිමිවරු සුසානයේ දන් වළඳති

මීරිගම පොහොන්නරුව පොදු සුසාන භූමියේදී නිකිණි පෝදා  සාංඝික දානයක් පැවැත්විණි.

පිණ්ඩපාතයේ ගිය භික්ෂුහු විසිහතර නමක්  එහිදී දන් වැළැඳුහ.

පොහොන්නරුව ශ්‍රී සුභද්‍රාරාම විහාරාධිපති කිතුල්වල සිරි විමල හිමියෝ හා ගැමියෝ මේ පිංකම සංවිධානය කළහ.

 



අදහස් (0)

හිමිවරු සුසානයේ දන් වළඳති

දිලාන් Wednesday, 21 August 2013 12:07 PM

පොදු සුසාන භූමිය තෝරා ගත්තේ වෙන තැනක් නොතිබුන නිසාවෙන්ද? නැත්නම් මේ වගේ තැනක ඉදලා දන් වලලා වැඩි යමක් බලාපොරොත්තු වුනාද? (නි)

:       0       0

අරුසිය Wednesday, 21 August 2013 06:09 PM

ඒඒ කියන්නේ කනත්ත වගේ තැන ඉදල කැවට කමක් නැද්ද හරිම අපුරුයි (දී)

:       0       0

සමන් ලංකාතිලක Wednesday, 21 August 2013 12:42 PM

බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ "භික්ෂුවක් තම පිණ්ඩපාතය හා තෘෂ්ණාවෙන් ගැට නොගැසෙයි, මුළා නොවෙයි, එහි නොගැලෙයි, ඇලුම් නොකරයි. එහි දොස් දක්නා සුළු වෙයි(අස්ථිර බව දකී) ,ප්‍රඥාවෙන් යුතුව වළඳයි." යනුවෙනි.(මජ්ජිම නිකාය ජීවක සූත්‍රය) ඉතින් තෘෂ්ණාව අතහැර අනිත්‍ය මෙනෙහි කිරීමට 'සුසානයකට' වඩා හොඳ තැනක් තවත් ඇත්ද?. මෙහි ඉහත අදහස් පලකර ඇති උදවිය බෞද්ධ දර්ශනයේ මූලික හරයවත් නොදන්නා බව පෙනෙයි."ප්‍රඥාවෙන් යුතුව" දන් වැලඳීමට ස්ථානය බාධාවක් නොවේ.(ස)

:       0       0

කුමාර් Wednesday, 21 August 2013 12:46 PM

ලංකාව ඉතින් තම ආගම කබල් ගගා ඉන්නවා මිසක් කිසිම ආධ්‍යාත්මික වර්ධනයක් නෑ, දිනපතාම මිනිස්බවේ පිරිහීම පමනයි පෙනෙන්නේ.(ස)

:       0       0

සුජීව පද්මකුමාර Wednesday, 21 August 2013 12:59 PM

සමන් ලංකාතිලක, ඇර අනිත් ඔක්කොම මෝඩයෝ......(ස)

:       0       0

ගාමිණී Wednesday, 21 August 2013 01:16 PM

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ එක්තරා බමුණෙක් තමන්ගේ මිනිය වෙනත් කෙනෙක් භූමදානය කර නැති තැනක භූමදානය කරන්න සිතාගෙන ඉතා පැරණි ගසක් මුල වලක් කැපුවා. මෙය දුටු බුදු හිමියන් “ඔබම ඔය නමින්ම මෙම ස්ථානයේ 999 වතාවක් වළලා ඇති බව“ අනුශාසනා කළා.ඉතින් අපි ගෙවල් දොරවල් හදාගෙන ඉන්නේ පරණ සොහොන් වල විය හැකි නේද? ඉතින් අනිත්‍ය මෙනෙහි කරගෙන සොහොනක දානෙ වැළඳුවහම මොකද? (ස)

:       0       0

පද්මිණී Wednesday, 21 August 2013 01:27 PM

බුදු දහම නුවනැත්තන්ගේ දහමක් බව ඇත්ත. අනිත්‍ය මෙනෙහි කිරීමට මේ ස්ථානය භාවනා කිරීමට මිසක් අනුභව කරන්න සුදුසු තැනක්ද? (ස)

:       0       0

උපාලි Wednesday, 21 August 2013 01:30 PM

සමන් ලංකාතිලක, සුජීව පද්මකුමාර, ඔය බුද්ධිමතුන් දෙන්න කියනවද කරුණාකරලා, ඔය කියන න්‍යාය අනුව දන් වැළඳීමට වැසිකිලිය වුනත් කමක් නැද්ද කියලා? ස්ථානය මොකක් වුනත් කමක් නැහැනේ නේද? "ටිකක් දැනගැනීම නොදැනීමට වඩා භයානකයි". (ස)

:       0       0

ස්ටැන්ලි Wednesday, 21 August 2013 01:38 PM

දහම හොඳින් දන්නා හාමුදුරුවෝ හැමෝටම සුදුසුයි - ඒ ගැන නොදන්නා අදහස් පළ කරන සමහර අයට නුසුදුසුයි. (ස)

:       0       0

සමන් Wednesday, 21 August 2013 02:01 PM

මළගෙදරක අවසන් කටයුතු කරද්දි 'මතක වස්ත්‍රය' කියලා සුදු රෙද්දක් මිනී පෙට්ටිය උඩින් තියල ඒක හාමුදුරුවන්ට පූජා කරනවා. නැත්නම් පන්සලට ගිහින් දෙනවා දැකලා ඇති නේද? ඒකෙන් සංකේතවත් වෙන්නෙ බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දුන් උපදේශයක් අනුව, එකල මළමිනී කැලයට ගෙනගොස් දමනවිට එය ඔතා තිබෙන වස්ත්‍රය ගෙන සෝදා පඬු පොවා සිවුරු සකස් කරගැනීමයි. එවැනි වස්ත්‍රයකින් සිවුරක් සෑදීම මගින් බලාපොරොත්තු වන ප්‍රධානම දේ තමයි එවැනි වස්ත්‍රයකට ඇති පිළිකුල නිසා ඒ සඳහා තෘෂ්ණාව අවම වීමයි. එලෙසම ඉහත ප්‍රවෘත්තියේ සඳහන් භික්ෂූන් වහන්සේලාත් තෘෂ්ණාව/ගිජුකම අවම කරගෙන දන් වැළඳීමට ස්ථානයක් හොයාගෙන වගෙයි. තවත් දෙයක්, කෙනෙක් විද්‍යාත්මකව හිතලා කිව්වොත් සුසානයක ඇති විෂබීජ ප්‍රමාණය වැඩි නිසා එතැන ආහාර ගැනීම නුසුදුසුයි කියලා, මම අහන්නෙ ලංකාවෙ කොයි සුසානයෙද එළිපිට මළමිනී කුණුවෙවී තියෙන්නෙ කියලයි. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 21 August 2013 02:05 PM

අනේ මන්දා මොනවා කියනවද කියලා. මේ උදවිය අපේ ආගම ගැන දන්නා දේ මදි. ලංකාතිලක ඔයා හරියටම හරි මේ දේවල් අපේ ස්වාමීන් වහන්සේලාට අකැප දේවල් නොවේ (නි)

:       0       0

දෙනෙත් Wednesday, 21 August 2013 02:13 PM

බුදු හාමුදුරුවන්ගෙ කාලේ අමු සොහොනට මළ මිනී ඔතගෙන ගිය සුදු රෙදි අරන් පඩු පොවලා සිවුරු සකස් කරලා තියෙනවා. හාමුදුරුවරු පිළිකුල් භාවනාව වඩලත් තියෙනවා. නමුත් වස් විසීමට සුසාන භූමියක් තෝරගැනීම සුදුසු නෑ කියලා විනය නීතියකුත් පනවලා තියෙනවා . දන් වැළදීම ගැන නම් මොනවත් කියලා නෑ..... (ස)

:       0       0

සමන් ලංකාතිලක Wednesday, 21 August 2013 02:30 PM

උපාලි මහත්තයා, වැසිකිළියක වුණත් දන් වැලඳුවට කමක් නෑ පිරිසිඳු වාතාවරණයක් තියෙනවා නම්. වළඳන ආහාර ගැන තෘෂ්ණාවක්, ගිජු කමක් ඇති කර නොගෙන දන් වළඳන්න කියලයි බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නෙ. සුසානයක ආහාර ගනිද්දි ඔහු ප්‍රඥාවක් තියෙන කෙනෙක් නම් හිතන්නෙ "මම මේ කොපමණ ප්‍රණීත බොජුන් වැළඳුවත් එයින් සංතර්පණය වන මාගේ මේ ශරීරය කෙදිනක හෝ මෙහි වැළලී යන්නේය" කියලයි. එතකොට ආහාර ගැන තෘෂ්ණාවක් ඇති වන්නේ කාහටද? (ස)

:       0       0

චාමික Wednesday, 21 August 2013 02:37 PM

පිණ්ඩපාත දානය ඉතින් කොතැන තියාගෙන වැලඳුවත් කැපයි අපේ හාමුදුරුවනේ. දැන් සමහර අය හදන්නේ මිනිස්සු කුපිත කරවලා ඒ අයගේ රීරි මාංශය වළදන්න නේ. ඒවා තමයි අකැප. (ස)

:       0       0

සමන් රොහාන් රණසිංහ Thursday, 22 August 2013 11:33 PM

සමන් රොහාන් රණසිංහ මෝඩකමට බෙහෙත් නැහැ, සංඝයා වහන්සේලාට අනකරන්න තිබුණා දානය පංසලට රැගෙන එන්න කියලා. කැමක් කැවත් සිරිත්තමක් තියෙන්න ඕනැ.(නදී)

:       0       0

දයා අලහකෝන් Wednesday, 21 August 2013 03:06 PM

නුවණක්කාරයෝ දහසක් එක්ක කතා කර ගන්න හැකි වුණත් එක මෝඩයෙක් එක්ක කතා කරලා දිනන්න බැරි බව දන්නවා.මෙ බුදුන් ජීවමානව වැඩ වසන කාලයක් නෙමෙයි. (ස)

:       0       0

රන්ජනී Wednesday, 21 August 2013 03:39 PM

අනේ සොහොන් කොත් හරි ජරාවනේ. කොහොමද මේක අනුමත කරන්නේ? මේවා බුදුදහමේ තිබෙනවද ? (නි)

:       0       0

මංගල Wednesday, 21 August 2013 03:53 PM

සමන් ලංකාතිලක, ගාමිණී, සුජීව පද්මකුමාර, වාසල ඔබලා සමග මම 100% එකගයි. මෙතන ඉන්න බහුතරය නමට බුද්ධාගමේ. අඩුගානෙ දහම් පාසලේ 9 ට වත් ගිහින් නැත්නම්, ඒත් නැත්නම් බුදුදහම ගැන අංශුමාත්‍රයක දෙයක් පොත්පත් වලින්වත් කියවලා නැත්නම්, කට පියාගෙන ඉන්න එක තමා හොදම දේ. (නි)

:       0       0

ධම්ම Wednesday, 21 August 2013 04:11 PM

සමන් ලංකාතිලක මහත්තයා ඔක්කෝම පටලවාගෙන. විශේෂයෙන්ම අද කාලයේ ආහාර ගැනීම සඳහා සුසාන භූමිය භාවිතා කිරීම වැරදි පූර්වාදර්ශයකි. (ස)

:       0       0

සමන් Wednesday, 21 August 2013 04:26 PM

පිනට කන්න තියනවා නම් කොහේ වුණත් අපිට කමක් නැහැ. (ස)

:       0       0

ධම්ම Wednesday, 21 August 2013 10:59 AM

බෞද්ධයෙක් හැටියට මා නම් දකින්නේ නැහැ මෙය සුදුසු ක්‍රියාවක් කියා. (ස)

:       0       0

ආනන්ද Wednesday, 21 August 2013 11:03 AM

සුසානය තියෙන්නේ දන් වළඳන්නද. මේ ආගමත් දැන් දර්ශනයක් නැති නිකම්ම නිකන් අන්තවාදී තැනකට දමන්න දැනුවත්ව හෝ නොදැනුවත්ව කටයුතු කිරීම පිලිබඳ මහනායක හිමිවරුන්ගේ අවධානය යොමු වේවා!! (ස)

:       0       0

නෙතුමි Wednesday, 21 August 2013 05:06 PM

සමහරු ඇතැම් වෙලවෙට වෙනත් ආගම් ‍විවේඡනය කරනවා ව‍ගේ ඔවුනුත් අවස්ථාව ලැබුණහම අපේ ආගමත් විවේඡනය කරනවා (නි)

:       0       0

චන්දි Wednesday, 21 August 2013 11:20 AM

දැන් අපේ රටේ හාමුදුරුවන්ට මොනවා වෙලාද මන්දා ...? කිසිසේත්ම අනුමත කරන්න බැරි වැඩක් ''හෙලා දකිමු'' (ස)

:       0       0

වරුණ Wednesday, 21 August 2013 11:20 AM

මට නම් මුකුත් කියන්න බැහැ මේ ගැන ?අපේ අවිශ්ක,සම්පත් ,බණ්ඩාර වගේ මහාචාර්යවරු මේ ගැන මුකුත් කියයිද දන්නේ නැහැ? (ස)

:       0       0

සරත් බුද්දනගල Wednesday, 21 August 2013 11:22 AM

ආනන්ද, කලබලවෙන්න එපා. හාමුදුරුවෝ සහ බුදුදහම කියන්නේ දෙකක්.මේ දෙක අතරේ කිසිම සම්බන්ධයක් නැහැ . හැකි ඉක්මනට හමුදුරුවරුන්ව බුදුදහමට සම්බන්ධ කරගත යුතුයි .ඉන්පසු සියලු ගැටළු නිවාරණයි.(ස)

:       0       0

දයා,සෞදි Wednesday, 21 August 2013 11:23 AM

අපේ යතිවරයාණන් වහන්සේලාට දානය වළඳන්නට මෙය සුදුසු ස්ථානයක්ද කියලා කල්පනා කරන්නට තිබුණා.දූවිලි සුලං හමන අපිරිසිදු තැනක කොහොමටත් ආහාර ගැනීම සෞඛ්‍යටත් හොඳ මදී නොවේද? (ස)

:       0       0

බණ්ඩාර Wednesday, 21 August 2013 11:24 AM

ධූතාංගධාරී ස්වාමීන් වහන්සේට එය කැපයි. මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ මෙහෙම කරලා තියෙනවා. (ස)

:       0       0

උපාලි Wednesday, 21 August 2013 11:26 AM

අහෝ ශ්‍රී විෂ්ණු දේවරාජෝත්තමයන් වහන්ස, අවුරුදු පන්දහසක් රැක බලාගන්නා ලෙස ඔබ වහන්සේට භාර කෙරුණු සම්බුද්ධ ශාසනය ඉන් අඩක් ගෙවුණ තැනදීම විනාශ කරන්නට තැත් දරණ අයගෙන් ශාසනය රැක දුන මැනවි!!! (ස)

:       0       0

පද්මිණී Wednesday, 21 August 2013 05:29 PM

තෘෂ්ණාව ක්ෂය කර ගන්න සොහොනේ කෑම කන්න තරම් හාමුදුරුවරුන්ට වෙන විකල්ප මඟක් ඇත්තෙම නැද්ද? මම නම් බලු කපුටු දානේවත් ඔතන දෙන්නේ නැහැ. (ස)

:       0       0

නුවන් ද සිල්වා Wednesday, 21 August 2013 05:33 PM

පිණ්ඩපාතය ගමන් කිරීම ඉතාම හොද වැඩක්. හැබැයි .... ඒ දේ කෘතිම නොවිය යුතුයි. (නි)

:       0       0

රන්ජනී Wednesday, 21 August 2013 11:43 AM

දැන් මේකත් අර කට්ටියගේ කුමන්ත්‍රණයක් කියලා කියයිද දන්නේ නැහැ? (ස)

:       0       0

ගයාන් Wednesday, 21 August 2013 11:45 AM

හැමෝටම හාමුදුරුවෝ මොනවා කලත් වැරදි ...තමුන් දෙයක් කරලා අනුන්ගේ වැරද්දක් පෙන්නලා දෙන්න.(ස)

:       0       0

වාසල Wednesday, 21 August 2013 12:03 PM

සාංඝික දානයක් කියන්නෙ හොද පින්කමක්, ඒක දෙන්න ඕනෑ නියම තැන මේකයි කියලා නියම තැනක් පිළිබදව සදහන් කරලා තිබෙන බවක් අප දන්නා ශාසන ඉතිහාසයේ කොතැනකවත් නැහැ. ඉතින් හාමුදුරුවන වහන්සේලා කනත්තට වැඩියා කියන එකේ වැරෑද්දක් මම නම් දකින්නෙ නැහැ. මිනිස්සු මරනතැන් වලට යනවා නම් මැරිච්ච මිනිස්සු සුසාන ගත කරන තැනකට ගියාම වෙන අකටයුත්ත මොකක්ද? (නි)

:       0       0

විදානගේ Wednesday, 21 August 2013 12:05 PM

මේ මොනවද වෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2298 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1719 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2550 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2706 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 622 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1242 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35984 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 222 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site