IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


හිමිවරු 5ක් පොලිසියේ 2ක් තුවාල ලබති

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා භූමියේ පැවැති උද්ඝෝෂණයේ දී හිමි නමක් එල්ල කළ බව කියන ගල් පහරකින් දෙමටගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ 72 වැනි වාට්ටුවට ඇතුළු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

උද්ඝෝෂණයට එක්වූ හිමිවරු පස් දෙනෙක්ද රෝහලේ සිටිති.

කාන්තාවක බාහිර ප්‍රතිකාර ලබා පිටවී  ගිය බවද රෝහල් ආරංචි කියයි.

කුරුදුවත්ත පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාද තුවාල ලබා රෝහල් ගත කර සිටි.

උප පොලිස් පරික්ෂකගේ තත්ත්වය බරපතල බව පොලිසිය කියයි.



අදහස් (0)

හිමිවරු 5ක් පොලිසියේ 2ක් තුවාල ලබති

මංගල Thursday, 30 April 2015 01:03 AM

මහනායක ස්වාමින් වහසේලා සියලුම භික්ෂූන් වහන්සේලා ගැන පොදු තීරණයක් ගන්නේ නම් හොඳයි. වෙනත් ආගම් ගැන ඒවාට දොස්කියන සමහර හාමුදුරුවරු මේවා ගැන හිතනවා නම් හොඳයි. වෙනත් ආගම් වල හැසිරීම් වලින් ආදර්ශ ගන්න (නි)

:       0       0

බණ්ඩා Thursday, 30 April 2015 09:25 AM

ඉගෙන ගන්න කාලේ සිවුර දාගෙන කාලා බීලා ඉගෙන ගෙන උපාධිය ගන්නකොට සිවුරු ඇරලා එන්නේ සමහරු (බ)

:       0       0

ලසිත Thursday, 30 April 2015 02:05 AM

හාමුදුරුවන්ට සුදු රෙද්දක් දාලා, උස් පුටුවක වාඩිකරවන්නේ, දානෙ ටික බෙදලා වඳින්නේ තියෙන ගෞරවයට. ඒක රැකගන්න හාමුදුරුවරුන්ට ඉගැන්විය යුතුයි. ගිහියොවත් නොකරන වැඩනේ මේ කරන්නේ. කෝ විනය, ශික්ෂණය, ඉවසිම....? අපිට බණ කියන්නෙ කොහොමද මෙ‍හෙම තත්වයක ඉඳගෙන. (නි)

:       0       0

දිල්හානි Thursday, 30 April 2015 02:26 AM

අපේ රටේ බහුතර ස්වාමින් වහන්සේලා දන්නෙ නැත්තේ බණ විතරයි. අනෙක් හැමදේකම පරතෙරට ගිහින්. ඈන් කිව්වා වගේ මේ අයට පිරිවෙන් අධ්‍යාපනය ලබාදිය යුතුයි. විනය ඉවසීම ඉගැන්විය යුතුයි. මෙහෙම ගියොත් අපේ රටේ ශාසනයයි පිරිහෙන්නේ. තමුන් තමන්ගේ භුමිකාව හරිහැටි අවබෝධ කරනොගැනීම තමයි මේ හැමදේකටම මුල. (නි)

:       0       0

කපිල Thursday, 30 April 2015 02:27 AM

පුංචි දරුවෙකුට පෙන්වන්නෙ කොහොමද " අන්න පුතේ සාධු කෙනෙක්" කියලා. දරුවො බයවෙනවා මේවා දකිනකොට.මහානායක ස්වාමින් වහන්සේලා සංඝ සමාජයේ හැසිරීම විනය පාලනය කළයුතුයි. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 30 April 2015 02:28 AM

හිමිනමක් ඔහොම කරනකොට ගිහියන් මොනවා නොකර සිටීද? (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 30 April 2015 07:54 PM

අන්තරය කියන්නේ ගිහි තරුණ ළමුන් පමණක් නොව තරුණ පැවිදි හිමිවරුන්ද නොමඟ යවන ඔවුන්ගේ ජීවිත කඩානප්පල් කරන, මළමිනී කරගසාගෙන ගොස් දේශපාලන වාසි ලබනු පිණිස සිසුන් බිල්ලට දෙන සංවිධානයක් ලෙසයි මම නම් දකින්නේ. එය නොදන්නා මේ හිමිවරු නිකරුණේ තම ජීවිත කාලකන්නි කරගනිද්දී මොවුන්ගේ නායකයෝ පාලකයන් සමඟ එක පතේ වැළඳීමට වුව මැළි නොවෙති. (නි)

:       0       0

පුබුදු Thursday, 30 April 2015 04:10 AM

ප්‍රවෘත්ති දකිද්දී මට නම් හිතෙන්නේ මේ ඔක්කොම අය පුජනීය සිවුර හැරයන අය. මෙයාලට දෙන්නම ඕන පිරිවෙන් ඉගැන්වීමයි. මම හොඳටම දන්නවා අන්තරේ කියන්නේ විනාශේ කියල. (බ)

:       0       0

නුවරඑළියේ වසන්ත Thursday, 30 April 2015 04:27 AM

හිස මුඩු කළ නොහැකි ශ්‍රමණයෙක්, භික්ෂුවක් ලෙස පිළිගැනීමට හොඳ බෞද්ධයෙක් හැටියට මා කිසිසේත් එකඟ නොවෙමි. එනයින් මේ පිරිස භික්ෂුන් ලෙස පිළිගත නොහැක. චීවරයක් ගත දවටා ගත පමණින් යමෙක් භික්ෂුවක් වන්නේද..? වර්තමාන දරුවන් මේ දකින්න 'භික්ෂුවකගේ' ප්‍රතිරූපය නම් බුද්ධ ශාසනයේ අනාගතය කෙසේ වෙයිද...? (බ)

:       0       0

සුජාන් Thursday, 30 April 2015 04:30 AM

දැන් ඉන්න සමහර භික්ෂුන් වහන්සේලා අපිට පන්සිල් දීලා, උන්වහන්සේලා පහම කඩනවා...(බ)

:       0       0

සෑම් Thursday, 30 April 2015 04:30 AM

මේ දුන්න ආදර්ශය සම්පුර්ණයෙන්ම වැරදි.මීට වඩා සාමකාමී වැඩ පිළිවෙලක් කරා නම් ජනතා අවධානය දිනාගන්න තිබුන. සැලැස්මකට අනුව මොළේ පාවිච්චි කරලා වැඩ කරා නම් මේ අරගලය වෙනස් විදියකට ගොඩක් දුර ගෙනියාගන්න තිබුන...(බ)

:       0       0

සුමේධා ෆර්නැන්ඩෝ Thursday, 30 April 2015 05:20 AM

අපේ සම්බුද්ධ ශාසනයට වෙන්න යන විපත ගැන ලොකු කණගාටුවක් දැනෙනවා මේවගේ හිස් භික්ෂුන් කරන ලජ්ජිත වැඩ නිසා. මිනිස්සු දෙන දානේ වලලා තමන් මහන වුන අර්ථය සිද්ධ කරගන්නේ නැතිව රට හදන්න දගලන්නේ තමන් පැවිදි වුන අර්ථයවත් දන්නේ නැතිව. භික්ෂුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය අහෝසි කරලා දාල පිරිවෙන්වල ධර්මය විතරක් උගන්වන්න ඕන. කරුණා කරලා බුද්ධ ශාසන අමත්‍යංශය මේ සඳහා මැදිහත් වෙලා මේ බුද්ධ සාසනයට සිද්ද වෙන අපකීර්තිය නවත්වන්න උත්සය කළොත් අගය කරනවා. නැත්නම් බුදු රජාණන් වහන්සේගේ භික්ෂුන් නොවන මේ සුළුතරයක් කරන නොහික්මුණු වැඩ නිසා බුද්ධ සාසනය වැළලිලා යන දවස වැඩි ඈතක නෙමෙයි. (බ)

:       0       0

ඉදුනිල් Thursday, 30 April 2015 05:22 AM

මෙවැනි දේවල් දකිනකොට අපට ගොඩක් දුකයි.(හේ)

:       0       0

සමන්ති Thursday, 30 April 2015 02:04 PM

විශ්ව විද්‍යාල වලට ගන්නේ ඉසෙඩ් ලකුණු අනුව නම් මේගොල්ලෝ බොරුවට ඝෝෂා කරන්නේ ඇයි.උසස් පෙළ විභාගෙදි හොඳින් ලියලා ඉසෙඩ් ලකුණු වැඩියෙන් ගන්න.විශ්ව විද්‍යාලයට හොඳින් තේරේවි. (නි)

:       0       0

විරාජ් ඒකනායක Thursday, 30 April 2015 06:11 AM

යහපාලනය ක්‍රියාත්මක වේවි කියලා හිතනවා මෙවන් දේවල් වලට (ම)

:       0       0

යසිරු Wednesday, 29 April 2015 05:29 PM

මේ අය හිමිවරුද? (නි)

:       0       0

ඉන්ද්‍රා Wednesday, 29 April 2015 07:30 PM

මෙවන් දර්ශන නැවත අපට දකින්නට නොලැබේවා! හිමිවරු යනු හික්මීම ඇති පිරිසක් බව අසා ඇත්තෙමි.ඔබවහන්සේලාට මේ කාරණා ඉටුකර ගැනීමට වෙනත් මාර්ගයක් නැද්ද? ඔබවහන්සේලාට අප හදවත් තුළ ඇති ගෞරවය මෙවන් දේ තුළින් නැතිවීයාමට ඉඩ ඇත. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 29 April 2015 09:11 PM

බලනකොට මේ දෙගොල්ලොම එකයි .... (නි)

:       0       0

විජයබාහු Thursday, 30 April 2015 07:39 AM

යහපාලන පිරිත් පැන් සහ සුවඳ දුම් වලින් සත්කාර කරලා තියෙන්නේ කමක් නැ. ඉල්ලුවේ ඔව්වනේ. දැන් ලැබිල තියෙන්නේ මොකටද අඬන්නේ. (බ)

:       0       0

විජයබාහු Thursday, 30 April 2015 07:40 AM

සමහර ලොකු හාමුදුරු නමවල් කරන වැඩ දකිනකොට මෙව්වා මොනවද (බ)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Thursday, 30 April 2015 07:53 AM

මේ ස්වාමින් වහන්සේලාගේ ඉල්ලීම් නොසලකා කටයුතු කරන පාලකයින් ගිහියන්ට මෙන් භික්ෂුන් වෙනුවෙනුත් කුළු පොලු ගනී නම් එ්ක මහා ඛේදවාචකයක්ද..ඉතාම දුප්පත් පවුල්වලින් පැමිණ සසුනත් රැකගෙන සමාජයට යම් යහපතක් කරන්න ඉන්න අනාගත භික්ෂුන් රැක ගැනීම කාගේත් යුතුකමයි..සමාජය ඉදිරිටය යන්න නම් වඩාත් දැනුමෙන් හා උගත් කමෙන් යුතු භික්ෂු භික්ෂුණින් වහන්සේලා පිරිසක් පිරිසක් බිහි කළ යුතුමයි..අන්‍ය පුජක වරුන්ටද අදාලයි.(බ)

:       0       0

ඈන් Wednesday, 29 April 2015 11:48 PM

විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම පැවිදි පක්ෂයෙන් ඉවත්කර ගිහියන්ට ලබාදිය යුතුයි. හාමුදුරුවන්ට කලින් තිබුණා වගේ පිරිවෙන් අධ්‍යාපනය ලබාදිය යුතුයි. අනිත් පූජක පක්ෂයටත් ඒ අයගේ ආගමික ස්ථානවල එම අධ්‍යාපනය ලබාදිය යුතුයි. මෙයාලා මේ උදුරාගන්නේ අ.පො.ස. උ/පෙළ සමත්වෙලා විශ්ව විද්‍යාල වලට නොතේරී ගෙදරට වෙලා ඉන්න ළමයින්ගේ අයිතිය. එය විභාගය සමත්වුණ ළමයිනට කරන අසාධාරනයක්. පූජක පක්ෂය මොකටද විශ්ව විද්‍යාල වලට යන්නේ. එයාලා ගිහි සමාජය හැරගිය පිරිසක්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 965 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2024 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 991 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 220 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2385 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1674 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37864 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24950 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site