IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


හමුදා භටයන්ගේ ආරක්‍ෂාවට මිහින්තලයෙන් ඉවත් කළා

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා යුද හමුදාව හා සෙසු හමුදා සහ මිහින්තලය රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ අතර විශ්වාසය සහ සහසම්බන්ධය යම් ප්‍රමාණයකින් පළුදු වී ඇති බැවින් හමුදා භට පිරිස්වල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා භට කණ්ඩායම් රාජකාරිවලින් අද (10) මුදාහරින බව ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රවී හේරත් මහතා පැවසීය.

යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවේ 200 කට වැඩි භට පිරිසක් වසර ගණනාවක සිට මිහින්තලා රජමහා විහාරස්ථානයේ විවිධ සංවර්ධන සහ ඉදිරිකිරීම් කටයුතු සඳහා යොදවා සිටි බව කී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම භට පිරිස් තාවකාලිකව ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඉවත්කරගන්නා බව ද සඳහන් කළේය.

මිහින්තලා රජමාහා විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ ශ්‍රී ලංකා යුද හමුදා 4 වන ජාතික ආරක්‍ෂක බලමුළුවට අයත් සෙබළුන් දෙදෙනකුගේ ආවේක්‍ෂණ රාජකාරියේ ස්භාවය සහ රාජකාරිය සැකකටයුතු බව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබූ බවත් එම සෙබළුන් මිහින්තලා විහාරස්ථාන පරිශ්‍රයේ සහ අවට ප්‍රදේශයේ නිරන්තයෙන් සැරිසරණ විදේශ සංචාරකයන්ගේ සහ මිහින්තලා පරිශ්‍රයේ ඉදිකිරීම්වල නිතරව සිටින ත්‍රිවිධ හමුදා භට පිරිස්වල ආරක්‍ෂාවට යොදවා තිබුණේ යැයි පැහැදිළි කරමින් මාධ්‍ය නිවේදනයක් යුද හමුදාව නිකුත් කළ බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රවී හේරත් මහතා වැඩි දුරටත් කීය.

(ඡායාරූප බී.ජී.චතුරංග)



අදහස් (9)

හමුදා භටයන්ගේ ආරක්‍ෂාවට මිහින්තලයෙන් ඉවත් කළා

Ariyathilaka Sunday, 10 December 2023 08:45 PM

රටේ සියලු ආරක්ෂාව රජය මතය. සෑම පුරවැසියකුගේ සියලු ආරක්ෂාව රජය සතුයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය බලයය. එයට අභියෝග කිරීමට ලෝකයේ කිසිවෙකුට හිමිකමක් නැත. “පරමාධිපත්‍ය” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති අයිතීන්ට අනුව ව්‍යවස්ථාදායක බලය (පාර්ලිමේතු බලය), රටේ ආරක්ෂාව ඇතුලුව විධායක බලය, අධිකරණ බලය, යන සියලු බලය ජනතාව සතුයි. කොටින්ම කියතොත් රට වැසියාගේ පණට තිබෙන අයිතියයි. පණට අභියෝග කිරීමට කිසිවෙකුට හිමිකමක් නැත. පණ රැකගැනීමේ අයිතිය කොතෙක් ද කිවහොත් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ “පුද්ගලික ආරක්ෂාවේ අයිතිය” යටතේ වූ පැනවීම් අතිශය වැදගත් වේ. ලංකා දණ්ඩ නීති සංග්‍හරයේ “ශරීරය පිළිබඳ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මරණය සිදු කිරීම දක්වා” යන වගන්ති තම පුද්ගල ජීවිතයට දී ඇති නීතිමය රැකවරණයෙන් පැහැදිලි කරගත හැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව අනුව “නීතිය පසිඳලීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේ ය.” යන ව්‍යවස්ථාව අනුව රජය කටයුතු කිරීමට බැඳී ඇත. රජයේ සියලු කාර්ය ජනතාව හොඳින් රැකබලා ගැනීමයි.

:       0       2

Ariyathilaka Sunday, 10 December 2023 08:47 PM

දෙදෙනෙකු සැක සහිත බව ය. තම ජීවිත ආරක්ෂාව පිළිබඳව සැක නම් එය ප්‍රකාශ කිරීම වරදක් ද? යුධ, ගුවන්, නාවික හමුදා පිහිටුවා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලත් බලය මත ය. පොලිස් හමුදාව පිහිටුවා ඇත්තේ ද “පොලිස් ආඥාපනත” යටතේයි. නීතියේ හා සාමයේ බලධරයා වශයෙන් පොලිස් හමුදාව සලකයි. මේ සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බලය මත ක්‍රියාත්මක වේ. එනම් ජනතා පරමාධිපත්‍යයේ බලය යි. යුද, ගුවන්, නාවික, පොලිස්, හමුදා හෝ ආරක්ෂාවට පිහිටුවා ඇති යම් ඒකකයක නිළධාරියෙක් හෝ කීප දෙනෙක් හෝ සැක සහිත ලෙසින් පුරවැසියාගේ ජීවිත අයිතියට තර්ජනයක් ලෙසින් හැසිරෙත් නම් එය පිළිබඳව පැමිණිලි කිරීමට විමසීමට වැසියාට අයිතිය ඇත. එය ප්‍රකාශ කළ පසු යමෙකුට යොදවා ඇති ආරක්ෂාව ඉවත්කිරීම් යනු බියගුළු කමකි. යුද, ගුවන්, නාවික පොලිස් හමුදාවේ පරමාර්ථ උල්ලංඝය කිරීමකි. රජයේ වගකීම පැහැර හැරීමකි. චෝදනා ලත් ආරක්ෂ අංශ නිලධාරින් ගැන ඒ ඒ භාර හමුදාවෙන් සහ රජයේ විශේෂඥ පරීක්ෂණ කණ්ඩායමක් පත්කොට පරික්ෂා කර යථා තත්වය රටට එළිකළ යුතුයි. හමුදාවට කරන චෝදනාවෙන් හමුදාව නිදහස් කළ යුතුයි.

:       1       2

Ariyathilaka Sunday, 10 December 2023 08:49 PM

නාහිමියන්ගේ චෝදනාව ඇත්ත බව හා එකී චෝදනාවට මුහුණ නොදි කර ඇරීම ය. ආරක්ෂක අංශ පවත්වන්නේ ආරක්ෂාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැවින් පුද්ගලයකු හෝ භික්ෂූන් වහන්සේ නමක් කියූ පමණින් ප්‍රධාන පූජා භූමියක ආරක්ෂාව ඉවත් කිරීම ජනතා පරමාධිපත්‍යයේ බලය පැහැර හැරීමක් නොවන්නේ ද?

:       1       2

Sk Sunday, 10 December 2023 09:48 PM

බොදුබල සේනාවට තුවක්කු දීලා එවන්න නානසාර හාමුදුරුවනේ මිහින්තලේ රකින්න.. ආමි කොල්ලො දාමු බණ කියන්න

:       2       0

wijesena Sunday, 10 December 2023 10:16 PM

අවුරුදු ගානක් මිහින්තලාවට උදව් කරපු රණ විරුවන් .එයාලට අදාළ රාජකාරියක් නෙමෙයි.පන්සල් පල්ලි හදන්න .ඒත් එයාලව පාවිච්චි කළා.ඔබලා කරපු ඒ සේවයට පින් .ජයවේවා රණවිරුවනි

:       1       2

රංබොඩ Sunday, 10 December 2023 11:52 PM

මෙතන තියෙන්නේ කනිකරම දේශපාලන ප්‍රශ්නයක් . ඒක බෞද්ධ සිද්ධස්ථානයේ ආරක්ෂාවට හානියක් වන තරමටම පුලුල් කර ගැනීමට නිවට වර්ථමාන පාලනය කටයුතු කරමින් සිටිනවා.

:       1       3

Bamunuarachchi Monday, 11 December 2023 05:22 AM

ඒක හොඳයි. මේ ගොයියාගේ කට වැඩී.

:       2       3

Perera Monday, 11 December 2023 09:59 AM

මෙවා විහිලු කතානෙ....හමුදාවල් වල අයගෙ ආරක්ශාවට ඔවුන්ව ඉවත් කෙරුවා කියන්නෙ.. හමුදාව කියන්නෙ රටටම ආරක්ශාව දිය යුතු යුද්දෙකට මුහුන දිය හැකි අයනෙ.

:       2       1

Bamunuarachchi Monday, 11 December 2023 07:42 PM

පෙරේ රා කට්ටක් ගහල වගේ? පොල්ද කිතුල්ද? සිහිය ආවම ප්‍රවෘත්තිය නැවත කියවන්න. ආරක්ෂාවට‍ ආපු හමුදාව කෙරෙහි විස්වාස නැතිනම් හමුදාව ඉවත් කරගත යුතුයි. නැතුව නායක උන්නැහේ වැටිලා ලිං පඩියේ වැදිලා ඔළු කට්ට කඩා ගත්තොත් එකටත් හමුදාව වගකියන්න වෙයි. මිහින්තලේ ලොක්කට ජේවීපී හෙවනැල්ල වැටිලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 123 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 111 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 784 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 218 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 644 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 148 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site