IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හිමි දෙනමක් ගුරුවරයාට තඩි බාති

බංඩාරගම උත්සවයක පෙරහැරක ගිය සිසුනට  බීමට බෙදා දුන් කිරි පැකට් කල් ඉකුත් වූ බව කියු ගුරුවරයෙක් අද සවස හොදටම ගුටි කෑවේය.

දර්ශන පුෂප කුමාර නම් එම ගුරුවරයා ඇදගෙන පන්සල් භූමියට ගිය හිමි දෙනමක් ඔහුට පහර දෙද්දී දායක පිරිසක්ද ඊට දායක වූහ.

ගුරුවරයා  රෝහලකට ඇතුලත් වී ප්‍රථිකාර ගැනීමට තරම් තුවාල ලබා   සිටියද ඔහුගේ බිරිය මීට දින කිහිපයකට පෙර දරුවෙකු බිහිකර ඇති හෙයින් ගෙදර සිටිය යුතුම  නිසා  රෝහලට නොගිය බව ඔහු පොලිසියට කල පැමිණිල්ලේ සදහන් වෙයි.

ඔහු පහර  කෑවේ ලෝක ගුරු දිනයේ දීය.

 



අදහස් (0)

හිමි දෙනමක් ගුරුවරයාට තඩි බාති

අමිල ඔස්ට්‍රේලියාව Monday, 07 October 2013 07:47 AM

කල් ඉකුත් වූ කිරි පැකට් දීපු එකත් වැරදියි. ඒ වගේම ගුරුවරයාට ගහපු එකත් වැරදියි. අනේ මන්දා හරියට හොයලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. බුද්ධ ශාසනය පිරිහෙනවා. දිසපාමොක්ලට තියන ගෞරවයත් නැති වෙනවා (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 07 October 2013 07:48 AM

නීතියක් නැති රටේ සංඝයා වහන්සේලත් නීතිය අතට අරන්.මේ රටේ මීට වැඩි දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. (නි)

:       0       0

නාලක Monday, 07 October 2013 08:10 AM

අනේ මන්ද ශ්‍රී ලංකාව ලෝකයේ විහිළුවක් වෙලා තියෙන තරම.(නදී)

:       0       0

මිලාන් Monday, 07 October 2013 08:18 AM

නියමයි.ඔන්න බුදගමේ තරම. දැන් අකුරු උගන්වන ගුරුවරුනුත් ගහගන්නවා (නි)

:       0       0

ටෙනිසන් Monday, 07 October 2013 08:20 AM

උපසම්පදාවේ සිට විහාරාධිපති ,සංඝනායක,අධිකරණ සංඝනායක, අනු නායක ,මහනායක කියන තනතුරු සියල්ල මුදලට විකිණෙන්නේ නම් අපට ඒ අයගේ ප්‍රතිචාරය නොලැබෙන බව හොදින්ම පැහැදිලියි. ශාසනය විනාස කරනුවේ බුද්ධ පුත්‍රයින් මිස බුද්ධ ශ්‍රාවකයන් නොවෙයි. (නි)

:       0       0

කුමාරිහාමි Monday, 07 October 2013 03:13 PM

හාමුදුරුවරු දායක සභාව එක්ක කිරි පැකට වලින් කොමිස් ගහලා ඇති. ඒක නිසා තමයි තද වෙන්න ඇත්තෙ... (ස)

:       0       0

ඩෑම් Monday, 07 October 2013 08:21 AM

බුද්ධාගම රැකගත යුත්තේ කාගෙන්ද?? (නි)

:       0       0

කුමාරිහාමි Monday, 07 October 2013 03:16 PM

චන්ද්‍ර වීරසිංහ, හමුදාවට අපහාස කරන්න එපා. (ස)

:       0       0

විජේ Monday, 07 October 2013 08:33 AM

අනේ හාමුදුරුවනේ, ගුරුවරයාගේ වරදක් තියෙනවා නම් ඒක පෙන්වලා දෙන්න ඕනෑ මේ විදියටද? (නි)

:       0       0

පෙරේරා Monday, 07 October 2013 08:36 AM

කෝ අර සේනාවේ උන්නාස්සේලා? (නි)

:       0       0

නිමල් Monday, 07 October 2013 08:38 AM

පහරදිය යුත්තේ එය බෙදා දුන් අයට නොව විකිණූ වෙළෙන්දාට සහ මිළදි ගත් අයටයි (නි)

:       0       0

මෙවන් Monday, 07 October 2013 03:35 PM

බුදුහිමි ධර්මාන අවදියේ පවා ඇතැම් භික්ෂුන් වහන්සේලා හැසිරී ඇති ආකාරය ගැන විනය පිටකය මනාව විස්තර කර ඇත. එමෙන්ම අනුරාධපුර, පොළොන්නරු සහ මහනුවර ආදී වූ යුගවල අපේ පුජනීය මහා සංඝ රත්නය දිවි හිමියෙන් ත්‍රිපිටකය මෙන්ම සසුනද ආරක්ෂා කර ගෙන ඇත. මේ වන සිද්ධි දාමයන් දෙස අපට උපේක්ෂාවෙන් බලනවා හැරෙන්නට විනා පුහුදුන් අපට කළ හැකි යමක් ඇත්ද? "මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘත වුයේ බබලයි. වැසුණේ නො ම බබලයි." ( අංගුත්තර නිකාය, තික නිපාත - භරන්ඩු වග්ග, 9 වන සුත්‍රය.) (ස)

:       0       0

ගජමන් Monday, 07 October 2013 08:39 AM

හාමුදුරුවෝ කියන්නේ ගිහියන්ට අනුශාසනා කරන සිල්වත් පූජනීය ජන කොටසක්. මේ දෙන්නා ඒ කොටසට අයිති නැහැ.මේ දෙන්නා චන්ඩි දෙන්නෙක්. සිවුර ගලවලා දමලා කූඩුවට දාන එක තමයි කරන්න ඕනෑ. පහර දීපු දායකයෝ ගැන ඉතින් කියලා වැඩක් නැහැ.කල් ඉකුත් වූ කිරි පැකට් ළමයින්ට දීපු එක වැරදියි කියලා තේරුම් ගන්න බැරි දෙන්නෙක්.පොලිසිය මොකක්ද මේකට ගන්න ක්‍රියා මාර්ගය? (නි)

:       0       0

අබ්දුල් Monday, 07 October 2013 08:46 AM

මේ වගෙ අය නිසා බුද්ධ ශාසනය විනාශ වෙනවා. (නි)

:       0       0

තරංග, අබුඩාබි Sunday, 06 October 2013 09:58 PM

අපලයක්වත් පල දෙන්න ඇති මගේ හිතේ .(නදී)

:       0       0

නන්ද Sunday, 06 October 2013 10:00 PM

හිමි දෙනමක්? චීවර ධාරීන් දෙදෙනෙක්?.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 07 October 2013 04:02 PM

කරුණාකර මෙම අයගේ සමාජ තත්වය නොතකා මෙම පහර දීම පිළිබඳව සාධාරණ සාක්ෂි ඇත්නම් මොවුන් අධිකරණයට යොමු කරන්න , භික්ෂුන් පිලිබදව විනය පරික්ෂනයක් තැබීම සඟ සභාවට පවරන්න .(නදී)

:       0       0

පුබුදු Sunday, 06 October 2013 10:01 PM

ගුරු පුජාව .(නදී)

:       0       0

ඉන්දික Monday, 07 October 2013 08:51 AM

කව්රු හරි වුණත් වැරදි වුණත් හාමුදුරුවන්ට ගහන්න බැහැ. මහා නායක හාමුදුරුවරු මේ ගැන හොයන්න ඕනෑ. නැත්නම් අනිත් අයත් මේවා ආදර්ශයට ගනී. මම හිතන විදියට නම් මේ ගොල්ලෝ හාමුදුරුවරු වෙන්න බැහැ. (නි)

:       0       0

තාරක Monday, 07 October 2013 11:39 PM

වෙනස් විය යුතු දේවල් රැසක් තිබෙනවා. යම් දෙයක තතු නියමාකාරෙයන් නොදැන සංඝයා වහන්සේලාට හෝ වෙනයම් කෙනෙකු වැරදිකරුවන් කිරීම අනුමත නොකරමි. යමක් ඇසූ පමණින් හෝ කියූ පමණින් තීරණයන්ට බැස ගැනීමත් නොකළ යුත්තකි. කණාමැදිරි එළියක් දුටු පමනින් එය පසු පස දිව යන්නන් නොවන්න. (නි)

:       0       0

චමින්ද Monday, 07 October 2013 08:56 AM

ස්වාමීන් වහන්සේලා ඇතැම් අවස්ථාවල ප්‍රචණ්ඩ විදියට හැසිරෙනකොට සමහර මෝඩ උපාසකවරු ඒවා අනුමත කිරීමේ ප්‍රතිපල. දැන් ස්වාමීන් වහන්සේලා ප්‍රචණ්ඩ වෙන එක සාමාන්‍ය දෙයක් වෙලා (නි)

:       0       0

සමර Sunday, 06 October 2013 10:04 PM

එක එක සංවිධානයලට ආඩම්බර වෙන්න පුළුවන් මේ සංස්කෘතියේ මූලිකයො විදිහට. .(නදී)

:       0       0

අමිල Monday, 07 October 2013 08:59 AM

සිල්වත් හිමිවරුන් නොවන බව ක්‍රියාවෙන් පෙන්නුම් කරනවා. මේ හිමිවරුන් සේනා සංවිධානයක ප්‍රබල සාමාජිකයෝ වෙන්න පුළුවන්. බුදු සසුනට නිගා දෙන විදියට හැසිරෙන හාමුදුරුවන්ට එරෙහිව විනයානුකුල පියවර ගත යුතුයි (නි)

:       0       0

සිසරි Sunday, 06 October 2013 10:11 PM

සාසනය කන්න ආපු චීවර දාරියෝ.(නදී)

:       0       0

රසිකා Sunday, 06 October 2013 10:14 PM

ගුරු තුමා ඔබ රටට ආදර්ශයක්. බල්ලොත් එක්ක බෑ. හිමි දෙනමක්? චීවර ධාරීන් දෙදෙනෙක්?.(නදී)

:       0       0

ක්‍රිසම් Sunday, 06 October 2013 10:19 PM

අනේ අපොයි. .(නදී)

:       0       0

විරාජ් කාලිංග Sunday, 06 October 2013 10:25 PM

අනේ අනිච්චන් .(නදී)

:       0       0

ටෙනිසන් Monday, 07 October 2013 09:09 AM

ඉන්දික, හාමුදුරුවෝ කවුද හොරා කවුද කියලා හොයා ගන්න නම් අපේ හිටපු ශ්‍රේෂ්ට නායකයෙක් වන සර් ජෝන් අගමැතිතුමා කියපු දේ තමයි කරන්න වෙන්නේ.එදා එය එලෙස වුනා නම් සමහර විට මේ වලෙන් අපට ගොඩ එන්න තිබුනා. (නි)

:       0       0

අමා Sunday, 06 October 2013 10:25 PM

හාමුදුරුවරු මෙහෙමත් ගහයිද?(නදී)

:       0       0

ලංකා විතනගේ Sunday, 06 October 2013 10:28 PM

හිමිවරුත්.දැන් පමණ ඉක්මවා ගිහින් වගේ. .(නදී)

:       0       0

උපාස Monday, 07 October 2013 09:11 AM

බුද්ධාගමත් කනවා. මම බෞද්ධයෙක්මි. දුසිල්වත් අය පිරිලා ආගම කනවා. (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Friday, 11 October 2013 07:31 AM

ඔබ දෙනම සටන් ක්‍රම උගන්වනවා නම් බුදු සසුන චිරාත් කාලයක් පවතීවි. (නි)

:       0       0

තේසාන් Sunday, 06 October 2013 10:38 PM

මොන හේතුව වුනත් ගුරුවරයෙක්ට මෙහෙම පහරදීපු එක වැරදියි. මොකද ගුරුවරු අපි දන්නා ව්දිහට කෙනතුගේ ජීවිතේ හමුවන්නා වු දෙවැනි මාපියන්මය.(නදී)

:       0       0

ගොබිලා Sunday, 06 October 2013 10:47 PM

අපි මේ අය මැරදුරුවෝ කියලා නම් කරමු. මේ අයට උල්පන්දම් දීපු අය මදුරුවෝ කියල නම් කරමු. එතකොට සියල්ලන්ගේම ගතිගුණ හරියටම තේරුම් ගන්න පුළුවන්..(නදී)

:       0       0

සුදත් Sunday, 06 October 2013 10:49 PM

ගුරුවරු සහ ....?.(නදී)

:       0       0

සුමනා Sunday, 06 October 2013 10:49 PM

කියවන්නා සිහි බුද්ධියෙන් කියවා මැනවින් සොයා බලලා තේරුම් ගත යුතුයි. එසේම හරි ආකාරව වූ දෙය නොදැන සංඝරත්නයට බැන වැදීමෙන් වන්නේ පවු රැස්කිරීම පමණයි. .(නදී)

:       0       0

චමිල Monday, 07 October 2013 09:23 AM

අර සංවිදානවලට මේවා පෙනෙන්නේ නැද්ද? (නදී)

:       0       0

අමිල Sunday, 06 October 2013 10:50 PM

සමීරගේ කතාවට සම්පුර්නයනේ ම එකඟයි .(නදී)

:       0       0

ධම්ම Sunday, 06 October 2013 10:52 PM

හොඳ වෙලාවට ගුටි කෑවේ . බැරිවෙලාවත් ගුරුවරයා බේරිලා ගියානම් කියයි බුද්ධ පුත්‍රයින්ට ගැහුවා කියලා. .(නදී)

:       0       0

ආනන්ද Monday, 07 October 2013 09:39 AM

බුදු සසුන නැති කරන්නේ එය ආරක්ෂා කිරීමේ අරමුනින් යැයි කියා ගන්නා එක එක බලකායවල් විසින්. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 07 October 2013 09:42 AM

මේ පුවත කියවන කොට හැගී ගිය විදියටනම් මෙතන ගුරුතුමා කියනවට වඩා යමක් සිදුවෙලා තියෙනවා..මිනිස්සු බලා ඉදිද්දී යාව ඇදගෙන ගිහින් ගහයි කියල හිතනවද? .ඒ වගේම දායකයෝ මෙයාට ගහයිද හේතුවක් නැතුව.මෙයා කියන කතාවනේ මේ දාල තියෙන්නේ. කට්ටිය නඩු අහල තීන්දුවත් දීල අපේ සංඝරත්නයේ සිවුරු ගලවලත් ඉවරයි. සමහර විට සත්‍යය මෙයට වඩා බොහෝ වෙනස් වෙන්න පුළුවන්. මෙයා හොස්පිටල් නොගිහින් හිටිය හේතුව ගැන කියන කතාව ඇහුවම මුකුත් හිතෙන්නේ නැද්ද කට්ටියට.(නදී)

:       0       0

ස්ටැන්ලි Monday, 07 October 2013 09:49 AM

මොන දේ වුනත් බුද්ධ ශාසන අමාත්‍යංශය හැම බෞධ්‍ය කටයුත්තකදීම නිෂ්ශබ්දයි(නදී)

:       0       0

සිල්වා Sunday, 06 October 2013 11:36 PM

බඩුත් හමුදුරුවන්දේ නඩුත් හාමුදුරුවන්ගේ .(නදී)

:       0       0

කෙල්ල Sunday, 06 October 2013 11:45 PM

ගුරුවරයාට ගහපු එකට පුදුමවෙන්න එපා දැන් එයාල ගිහියෝවත් නොකරන අසික්කිත වැඩ කරන්නේ නිර්මල බුදුදහමට නිගා කරනවා................ අනේ සාසනේට ගියකලක් .............?.(නදී)

:       0       0

කමල් Monday, 07 October 2013 10:02 AM

කල් ඉකුත් වූ කිරි පැකට් දුන්නට හොද වැඩේ. මම හිටිය නම් මමත් ගහනවා (නදී)

:       0       0

රෝහණ Monday, 07 October 2013 10:06 AM

මේ සංගායා වහන්සේලා බුදුන් වහන්සේ දේශනා කරන දර්මය සැබවින් අනුගමනය නොකරන දෙදෙනෙක්. පළමුව එම විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේ මේ දෙදෙනාව පුනරුත්තාපනය කරලා එම ගුරුවරයාගෙන් සමාව ඇයදිය යුතුයි. බුද්ධ ධර්මයේ කියා තිබෙන්නේ නහි වෙරෙන වෙරෙන වේරානි කියල මිස මිනිසුන්ට මොනවැවෙරදී තිබුනත් හිංසා අන්දමින් සලකන්නට නොවේ.(නදී)

:       0       0

රන්ජන් Friday, 18 October 2013 09:01 PM

තව විස්තර හොයාගත්තා මම (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 07 October 2013 05:46 PM

විත්තිය ගැන විමසීමක් නැතුව පැමිණිලිකරුගේ ප්‍රකාශයෙන්ම විත්ති කරුවන් වරද කරුවන් කරලා දඩු කඩේ ගහලත් ඉවරයි කට්ටිය..මේ කියන දේ විශ්වාස කරන්න පුලුවන්ද..මිනිස්සු පන්සල්වලට ඇදන් ගිහින් හමදුරුවරු ගහයිද කරන්න පුළුවන් උනත්..දායකයෝ මෙයාට ගැහුවේ මොකද..ඇයි මෙයා ඉස්පිරිතාලේ නොගියේ (නදී)

:       0       0

රාම Monday, 07 October 2013 12:23 AM

හාමුදුරුවරුන්ට වෙනම හිර ගෙදරක් අවශ්‍යයි වගේ (නි)

:       0       0

උපාලි Monday, 07 October 2013 12:27 AM

නිල ඇඳුමක් දාගත් පමණින් නිලධාරියෙකු නොවන්නා සේම, සුදු ඇඳුමක් දාගත් පමණින් උපාසකයෙකු නොවන්නා සේම, කිරි සුදු ඇඳුමක් දාගත් පමණින් දේශපාලනඥයෙකු නොවන්නා සේම චීවරයක් දාගත් පමණින් භික්ෂුවක නොවේ. එකී සියලුම ඇඳුම් තුල මනුෂ්‍යයෙකු මෙන්ම තිරිසනෙකුද සිටිය හැක. (නි)

:       0       0

මහරුෆ් Monday, 07 October 2013 12:33 AM

සමහර විට මේ දෙන්නා ෂැවොලින් ටෙම්පල් එකේ පුහුනුව ලබපු අය වෙන්න ඇති.පුදුමයි ගුරුතුමාගේ ඉල ඇට කූඩුව බේරුන එක. (නි)

:       0       0

ටෙනිසන් Monday, 07 October 2013 12:34 AM

මේ දෙනම බුද්ධ පුත්‍රයන් නම් මෙම දෙනමගේ ගුරු හිමිවරුන් දෙනමගේ හෝ ආචාර්ය හිමිවරුන් දෙනමගේ හෝ ප්‍රතිචාරය බලන්න.එතන නිහඩනම් මොවුන් අයත් නිකායයන්හි අධිකරණ සඟ නායක හිමිවරුන්ගේ ප්‍රතිචාරය හෝ මහනායක හිමිවරුන්ගේ ප්‍රතිචාරය කුමක්ද?සාසනයේ අභිවෘර්ධිය සදහා කරුණාකර පැහැදිලි කරන මෙන් දෙප නැමද ඉල්ලා සිටිමි. (නි)

:       0       0

ලෝලිම්බවන්ස Monday, 07 October 2013 12:37 AM

මේ අය කාගේ සේනාවකට අයිතිද දන්නෙ නැහැ (නි)

:       0       0

සංජීව Monday, 07 October 2013 06:15 PM

අර සංවිධානයේ සාමාජිකයෝද .(නදී)

:       0       0

බ්‍රැන්ඩි Monday, 07 October 2013 10:28 AM

පොලිසිය වහමු .අයියෝ සල්ල.පව් අර ගැබිණි මව .(නදී)

:       0       0

කරාටේ රන්ජිත් පැරිස් Friday, 11 October 2013 03:38 PM

මේ දෙදෙනා තායි සටන් ක්‍රම ඉගෙන ගත් චීවරධාරින් දෙදෙනෙක් වන්නට ඕනා (දිල්)

:       0       0

පෙත්තා Monday, 07 October 2013 01:05 AM

මන්ත්‍රීතුමා ගුරුවරයා දණ ගස්සති.. හිමි දෙනමක් ගුරුවරයාට තඩි බාති.. මහා නරක කාලයක් මේ ගුරුවරුන්ට. නුලක්වත් බඳිමු. (නි)

:       0       0

කපිල Friday, 11 October 2013 09:58 AM

මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ (නි)

:       0       0

සුමිත් Monday, 07 October 2013 01:12 AM

කාලේ අකාලේ... (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 07 October 2013 10:40 AM

ගුරු මහතාට ඉක්මන් සුවය පතමි. රටට සාමය පතමි. .(නදී)

:       0       0

මිනෝලි Monday, 07 October 2013 06:44 PM

සමාව දීම දේවගතිය නේද හාමුදුරුවනේ ? දැන් ඉන්න හාමුදුරුවන්ගේ සමාව දීමේ ක්‍රමය තමයි මේ.(අ)

:       0       0

කොල්ල Monday, 07 October 2013 10:49 AM

දනගස්සලා නැද්ද? (නදී)

:       0       0

අමර Monday, 07 October 2013 01:34 AM

සුමනා, මම එකග නැහැ ඒ කතාවට. (නි)

:       0       0

රත්න Monday, 07 October 2013 02:18 AM

කල්ඉකුත් වූ කිරි පැකට් විකුණන ලද වෙළද හිමියා මෙහි ප්‍රධාන වරදකරුය.කූඨ ව්‍යාපාරිකයන්ගේ උගුලට අසුවන ගුරුවරයා, හොද වැඩක් කළත්, අපරික්‍ෂාකාරීව කටයූතූ කිරීමෙන් ප්‍රතිඵලය, භයානක විය. ගුරුවරයා වෙළද හිමියාට එරෙහිව කටයුතු කළ යුුුතුය. පහර දීම සාධාරණ නැත. තෙරුවනට අපහාස කිරීමට බලා සිටින අයට අවස්ථා උදා කර දෙන එක ගැන බලවත් සංවේගය. (නි)

:       0       0

මහින්ද Monday, 07 October 2013 02:37 AM

කරන්න ඕනෑ මොනවද කියලා දන්නවනේ ඉතින්. (නි)

:       0       0

සජිත් Friday, 11 October 2013 04:25 PM

කොහොම උනත් චිවරය ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න තිබුනා (අ)

:       0       0

දම් Monday, 07 October 2013 03:04 AM

චීනයෙන් උපසම්පදාව අරන් වෙන්න ඇති. (නි)

:       0       0

සම්පත් Monday, 07 October 2013 03:17 AM

බලය හිමි ධනය හිමි දෙබානක්... (නි)

:       0       0

අචිනි Monday, 07 October 2013 11:11 AM

රසිකා,, වැරදි වැඩ කලොත් චීවර ධාරී ඒ කෙනාම හොද දෙයක් කලොත් හිමිනමක් මොකද්ද වෙනස ?.(නදී)

:       0       0

පරංගි Monday, 07 October 2013 03:56 AM

දේශපාලක මහතුන් දේශපාළුවෝ වෙද්දී පන්සල් පාලක යථිවරුන් පන්සල් පාළුවෝ වෙද්දී අපි කවුරුන් විය යුතුද? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 07 October 2013 04:00 AM

හදිසි විහිදුම් බලකායේ කොමන්ඩෝ හිමිවරුන් දෙදෙනෙක් විසින් සාර්ථක ලෙස ක්‍රියාන්විතය දියත් කළ වගයි (නි)

:       0       0

ගම්මන්පිල Monday, 07 October 2013 11:24 AM

බෞද්ධ ආගම නැති කරන්න දෙන්න එපා (අ)

:       0       0

සිරිල් Monday, 07 October 2013 07:51 PM

මෙහෙම වෙනකොට මිනිස්සුන්ට මොකද වෙන්නේ (අ)

:       0       0

රංඡන් Saturday, 12 October 2013 09:08 PM

චන්ද්‍ර ඹබට ස්තූතියි. ඇත්ත කතාව එයයි. චීවරධාරින් දෙදෙනා නිවැරදි කරැවන් කිරීම නොව හැකි උපරිම දඩුවමි දීම තමා කල යුත්තේ. (අ)

:       0       0

පෙත්තා Monday, 07 October 2013 08:03 PM

මේ කෙනා ගුරුවරයෙක් නොවේ...ඉස්කෝලේ පන්සලේ විනාඩි 20ක දේශනයක් දුන් ආරදිතයෙක් පමණි....(නදී)

:       0       0

පවන් Monday, 07 October 2013 04:26 AM

වරදක් කළත් බැන්නොත් පව්. අනේ මේවා අහන මෝඩයෝ (නි)

:       0       0

අමිල කටුනායක Monday, 07 October 2013 04:34 AM

අද උදේම දුටු ප්‍රවෘත්තිය... රටටම ආදර්ශයක් (නි)

:       0       0

අශේන් Monday, 07 October 2013 04:38 AM

රටටම ආදර්ශයක්. වීර වැඩක් (නි)

:       0       0

කැනඩා දිසා Monday, 07 October 2013 04:48 AM

සිල්වත් සිවුර චණ්ඩිකමට යොදාගෙන. එයාලටයි මුලින්ම හෙණ ඉල්ලන්න වටින්නේ (නි)

:       0       0

රොකී Monday, 07 October 2013 08:18 PM

මේ දවස්වල ගුරු නීච වෙලා. .(නදී)

:       0       0

චමත් Monday, 07 October 2013 11:52 AM

සුමනා, මෙහි අදහස් දැක්වූ සියලු දෙනාම අදහස් පළ කරන්නේ මෙම පුවත කියවීමෙන් පසුවයි. ඔබ කියනා ආකාරයට හරි වරැද්ද මැනවින් සෙවීමට අපහට බණ්ඩාරගමට යා නොහැක. අනිත් කරුණ වන්නේ ඔබ මේ හාමුදුරුවෝ දෙනමගේ ක්‍රියාව සාධාරණකරනීය කිරීමට තැත් කිරීමයි. මමත් බුදු දහම අදහන කෙනෙක්මි. අපි බුදු දහම ඇදහු පලියට හාමුදුරුවරුන්ගේ මෙවැනි ක්‍රියා අනුමත නොකළ යුතුයි. වැරදි දෙයට වරදයි කීමටත්, හරි දෙයට හරි කීමටත් පසුබට නොවන්න. කාටවත් කඩේ නොයන්න. (ස)

:       0       0

නන්ද Monday, 07 October 2013 05:21 AM

අද වැඩසිටින බුද්ධ පුත්‍රයින් වහන්සේලාගේ තත්වය එන්න එන්නම පිරිහී ඇතිබව පෙනෙන්න තිබෙනවා.මෙය ඉතාම කණගාටු දායකයි.මේ පරිහානීය තත්වය ගැන අපේ මහනායක හිමිවරුන් සහ අදාල වගකිවයුතු ගිහි පැවිදි නායකකාරකාදීන් හැකි ඉක්මනින් ක්‍රියා කළ යුතුයි. දැනට මත පමා වුවා වැඩියි. (නි)

:       0       0

ලලිත් Monday, 07 October 2013 05:28 AM

ඔය බෙන්ස් කාර් වල යන සමහර මහනායකලා, අනුනායකලා, මේවට පියවරක් නොගන්නේ මොකද? (නි)

:       0       0

ප්‍රවීන් Monday, 09 June 2014 05:58 PM

ඔබ මේ විස්තර ලබාදුන් එක ඉතාමත් වැදගත් (නි)

:       0       0

පෙත්තා Monday, 07 October 2013 05:46 AM

ලලිත් හරියට අග්‍රාණ්ඩුකාර හාමුදුරුවෝ වග නේ අහන්නේ. ගරු සරු ඇතුව අමතනවා නම් මම සතුටුයි.දිසානායක,වන්නිනායක, ගජනායකලට වගේ නැතුව... (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Saturday, 12 October 2013 12:39 AM

රසිකා , වචන භාවිතයේදී සංවර වෙන්න. කල් ඉකුත් වූ කිරි බීමෙන් දුප්පත් දරුවන්ට සිදු විය හැකි හානිය හා මෙවැනි අවස්ථා වලදී මුදල් වංචා කිරීම දඬුවම් ලැබිය යුතු වැරදි නොවේද.? මුදල් යටිමඩි ගැසීම ලංකාවේ හැම තැනකම සිදුවෙන නිසා පොල්ලක් අතට ගන්න එක ඉතා හොඳ ප්‍රවණතාවයක් ලෙසයි මම නම් දකින්නේ (නි)

:       0       0

රොහාන් Monday, 07 October 2013 05:56 AM

තඩි බාති නොව එය තඩි බෑ සේක ලෙස වෙනස් කිරීම සුදුසුය. (නි)

:       0       0

බෙනට් Monday, 07 October 2013 06:23 AM

මේ ශාසනේ ඉහල අධිකරණ බලය තියෙන නායක හිමිවරු ඉක්මණින් පිළියම් යෙදිය යුතුයි (අ)

:       0       0

පද්මිණි Monday, 07 October 2013 01:00 PM

පංච මහා බලවේග දෙකක් පැටලිලා තියෙන්නේ. අපි මොනවා කරන්ටද බුදු හාමුදුරුවනේ... (ස)

:       0       0

සෙයිලනිකස් Monday, 07 October 2013 01:03 PM

සමහරවිට මේ පුද්ගලයාව ඉක්මනින් සසරින් එතෙර කරන්න උත්සහ කල ද දන්නේ නැහැ. (ස)

:       0       0

රොෂාන් Monday, 07 October 2013 06:46 AM

මෙහෙම ගියොත් හාමුදුරුවෝ රට කයි (හැමෝම නෙමෙයි) (නි)

:       0       0

මරික්කාර් Monday, 07 October 2013 01:23 PM

තවත් ප්‍රවෘත්තියක් අනුව මෙම ගුරුවරයාට ගහල තියන්නේ සත්‍ය ප්‍රකාශ කළාට. උත්සවයදී බෙදා හැරපු කිරි පැකට් කල් ඉක්ම වූ බව කියපු නිසයි ගහල තියන්නේ. (ස)

:       0       0

සෙනරත් Monday, 07 October 2013 07:26 AM

තඩි බෑ යුතුම නම් එතැනදී කවුරුන් විසින් හෝ තඩි බෑ යුතුය. එය කළේ හේතු සහිතව නම් ප්‍රශ්නයක් නොමැත.

:       0       0

සමන් Monday, 07 October 2013 07:29 AM

ආගමික ත්‍රස්තවාදයද මේ? (නි)

:       0       0

මනෝජ්- සාජා Monday, 07 October 2013 02:13 PM

රොහාන් නියම අදහස. (ස)

:       0       0

කටා මාමා Monday, 07 October 2013 07:36 AM

ඉහල ඉදන් පහලට අදහස් ටික කියවාගෙන ආමි. බොහෝ අදහස් උදහස් තුලින් එලියට එන්නේ ඒ ඒ අයගේ කුඩුකේඩු සිතුවිලි වල තරම මිස අනිකක් නොවේ. තවත් විදියකට කියතොත් පුවතින් කියවෙන සිදුවීමටත් වඩා අන්ත නිහින බවක් මේ අදහස් ගොන්නෙන් සිදු කර ඇත. (නි)

:       0       0

තිලක් ඩුබායි Monday, 07 October 2013 07:42 AM

උපාලි, නිල ඇඳුමක් දාගත් පමණින් නිලධාරියෙකු නොවන්නා සේම, සුදු ඇඳුමක් දාගත් පමණින් උපාසකයෙකු නොවන්නා සේම, කිරි සුදු ඇඳුමක් දාගත් පමණින් දේශපාලනඥයෙකු නොවන්නා සේම චීවරයක් දාගත් පමණින් භික්ෂුවක නොවේ. එකී සියලුම ඇඳුම් තුල මනුෂ්‍යයෙකු මෙන්ම තිරිසනෙකුද සිටිය හැක. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 07 October 2013 07:44 AM

අපේ නායක හාමුදුරුවන්ට මොන තරම් වැඩ කටයුතු තිබෙනවද?මී ළගදී දඹදිව යන්න පහසු සහ කෙටි මාර්ගයක් හොයාගෙනත් තිබුනේ.රටත් ඉවරයි.අපේ ආගම දහමත් ඉවරයි.කාට කියන්නද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 07 October 2013 07:45 AM

චන්ද්‍ර වීරසිංහ, සුපිරි අදහසක්නේ දාලා තියෙන්නේ (නි)

:       0       0

විරාජ් ඒකනායක Monday, 07 October 2013 07:46 AM

මෙම හාමුදුරුවරු දෙදෙනාටම ආචාර්ය උපාධි පිරිනැමිය යුතුයි. අනේ සාදු ..සාදු ..සාදු...! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 819 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1730 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 824 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 38 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 791 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 779 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20110 15


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16857 0


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 297 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site