ත්‍රීවිල් රථයක් හා බස් රථයක් බ්‍රහස්පතින්දා (17) මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිවිල් රථයේ ගමන් ගත් හිමිනමක් අපවත් වී ත්‍රීවිල් රථයේ ගමන්ගත් රියදුරු හා තවත් දෙදෙනකු රෝහල් ගත කර ඇතැයි කඩුගන්නාව පොලිසිය පවසයි.
රබ්බේගමුව බොල්ලෑගල පුරාණ විහාරයේ විසූ ඒ හිමියෝ අවමගුල් උත්සවයකට සහභාගී වී ත්‍රිරෝද රථයකින් දන්තුරේ සිට පිළිමතලාව දක්වා එන අතරතුරදී දන්තුරේ දෙසට ධාවනය කල ලංගම බස් රථයේ හැපීමෙන් සිදුවූ අනතුරින් පසු රෝහල්ගත කිරීමෙන් පසු අපවත්වූහ.
සියඹලාගොඩ අයගම දි අනතුර සිදුවූ බවත් ත්‍රී රෝද රියදුරු මහනුවර මහ රෝහලටත් එහි ගමන් ගත් අනෙක් දෙදෙනා පේරාදෙණිය රෝහලටත් ඇතුළු කළ බව කඩුගන්නාව පොලිසිය කියයි.
බස් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇත.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
හිමි නමක් මග මරුට බිලි
කුමාර රාජකරුණා Friday, 18 September 2015 08:00 AM
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සිට සියළු දේ ගැන නැවත සළකා බැලිය යුතුයි. මේ අංශයේ බොහෝ දේ කෙරෙන්නේ අල්ලසට යට වෙලා. වාහන එලවන්න බැරි අයට බලපත්‍රය ලැබෙනවා. විභාගය එහෙම පිටින්ම ප්‍රෝඩාවක්. උත්තර සමඟ ප්‍රශ්න කලින්ම දන්නවා. අලුත් රියදුරන් මාර්ග නීති දන්නෙ නෑ. කොටින්ම වටරවුමේදී බලපාන දකුනේ නීතිය දන්නේ නෑ. ආරක්ෂාව ඉතාම අඩු මෝටර් බයිසිකල් හා ත්‍රී රෝද රථ පාරේ යන්නේ ඉතාම අඩු සැලකිල්ලෙන්. මේ අනතුරු වැඩිවීමට මුල ඒකයි.(ම)
සරත් Friday, 18 September 2015 05:22 AM
පාරට වැටෙන වාහන ගණන අඩු කරන්න නැතිනම්,මාර්ග වල ඇති වාහන වලට සරිලන විධියට මාර්ග පුළුල් කරන්න .නැතිනම් හැමදාම මෙවැනි පුවත් තියෙයි (බ)
දිනේෂ් Friday, 18 September 2015 10:14 AM
මමනම් එකපාරටම දැක්කේ බස් එකේ ගහල තියන "සම්බුදු සරණයි" කියන එක ....(බ)
පිවිතුරු යහපාල Friday, 18 September 2015 06:08 AM
මෙම අනතුරට කාගේ හරි සම්බන්ධයක් තියෙනවද කියල සොයා බලන්න (ම)
ශෂී Friday, 18 September 2015 10:39 AM
බලන්න මේ ත්‍රීවීල් එක පස්සෙන් වැදිල තියෙන්නේ, ගොඩක් අනතුරු වෙන්නෑ අලුත් රියදුරන් අතින් නෙවෙයි, පරණ අයගෙන්. ඒ කාලේ හරි මෙඩිකල් එකක් නැතුව, හරි පුහුනුවක් නැතුව ගත්ත ලයිසන් හින්දයි. දැන් සීනි,ප්‍රෙෂර්, බැලීමේ දුර්වල ඔක්කොම ඇති . මන් කියන්නේ පරණ ලයිසන් ටික අායෙත් මුල ඉදන් දුන්නානම් හරි (බ)
ස්මිත් Friday, 18 September 2015 06:30 AM
පොලිසිය අල්ලස් ගන්න එක අඩු කරලා නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න ඕනි, නිසි දඬුවම් දෙන්න ඕනි රියදුරු බලාත්‍ර අහෝසි කල යුතුයි. (ම)
නලීන් Friday, 18 September 2015 07:51 AM
අපවත්වූ රබ්බේගමුව බොල්ලෑගල පුරාණ විහාරයේ හිමියෝ ට නිවන් සුව ලැබේවා! තුවාල වුවන්ට නීරෝගි සුවය ලැබේවා (හේ)