IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


හිමි නම ගහන්න පනී

නිසි ලේඛන නොමැතිව මහරගම පුවක්පිටිය පන්සලේ සිටින බව කියන අලි පැටවා ගැන පරීක්ෂා කිරීමට වනජීවී නිලධරයන් සමග ගිය මාධ්‍යවේදීනට එහි සිටි හිමි නමක් බැන වැදී පහර දෙන්නට උත්සාහ කළ බව මාධ්‍යවේදීහු කියති.

‘කුණු අවුස්සන්න එපා‘ යනුවෙන් හිමි නම ඔවුනට බැන වැදුණු බව කියයි. වනජීවී නිලධරයන් කියනුයේ ඉදිරිපත් කළ ලියවිලි අනුව අලි පැටවාගේ වයස අවුරුදු 13 ක් විය යුතු බවයි. එහෙත් එහි සිටින අලි පැටවාගේ වයස අවුරුදු 8 ක් බව ඔවුහු කියති. 

DSCN9674 DSCN9675 DSCN9676 ele



අදහස් (0)

හිමි නම ගහන්න පනී

කුසුම් Monday, 02 February 2015 12:54 PM

අලි හිර කරලා තියා ගන්න බැහැ මෙය අලි යුගය (නදී)

:       0       0

අසෝකා Monday, 02 February 2015 12:59 PM

අනේ අලි පැටිය නිසා උපන් අවුරුද්ද අමතක වෙන්න ඇති. අර ෆේස් බුක් එකේ ලස්සනට සුද්දෙක් දාල තියෙන්නේ ගංගාරමේ ඉන්න අලි පැටියෙක් ගැනත්. එ්කත් හොයල බැලුවද ? නැත්නම් ඉහල පැලැන්තියේ නිසා අත්හැරලා දැම්මාද? (නදී)

:       0       0

සහන් Monday, 02 February 2015 01:11 PM

සියලුම පන්සල් වල ඉන්න අලි ඔක්කොම නිදහස් කරන්න. මින් ඉදිරියට මොනම හේතුවක් නිසාවත් අලි පැටවු පන්සල් හා වලව් වල හදන්න ඉඩදෙන්න එපා (නි)

:       0       0

අජිත් අයවිච්ක්රම Tuesday, 03 February 2015 01:31 PM

අනේ කාලේ වනේ වාසේ (නදී)

:       0       0

ලියොන් Monday, 02 February 2015 01:19 PM

මෙතන සිටින ගිහි පුද්ගලයෙකුගේ ඉරියවු දෙස බලද්දී අපිට පෙනීයන්නේ වම් පය බුරුලෙන් තබා දකුණු කකුලට බර දී දකුණු අත හාමුදුරුවන් වෙත දිගු වී ඇති බවකි. හාමුදුරුවන්ට දබරඟිල්ල දිගුකොට යමක් දයාවෙන් හා භක්තියෙන් පවසනවා වියයුතුය. අවට ඉන්නා අයගේ මුහුණු වලින්ද කියවෙන්නේ එයමයි කියා සිතේ. (නි)

:       0       0

ගමගේ Monday, 02 February 2015 01:25 PM

අලි වලිගයේ එල්ලිලා දිව්‍ය ලෝකයේ යන්නද දන්නේ නැහැ මෙහෙම පන්සල් වල අලි තියාගෙන ඉන්නේ? (නි)

:       0       0

අරුණ Monday, 02 February 2015 01:32 PM

අපි අපේ අර සේනාවට කියලා බලමු (නි)

:       0       0

ප්‍රදීප් Monday, 02 February 2015 01:36 PM

ඔය පන්සල ගැන ගොඩක් දේවල් අපි දන්නවා (නි)

:       0       0

ගුණපාල Tuesday, 03 February 2015 04:24 AM

මේක මාර වැඩක්නේ. කැලේ ඉන්න සත්තු නම්බුව පෙන්වන සංකේතයක් වෙලා. දෙන්න ඕන රජ කාලේ දඩුවම් (නදී)

:       0       0

ධනංජය Tuesday, 03 February 2015 04:51 AM

සමහරු හාමුදුරුවන්ව වැරදිකාරයා කරලත් ඉවරයි. කවුද දන්නේ අලියට බලපත්‍ර තිබෙනවද කියලා (නි)

:       0       0

සනත් කුමාරා Thursday, 05 February 2015 03:36 AM

මේ විජේරාම පන්සල නේද ? (නදී)

:       0       0

චන්දිමා Monday, 02 February 2015 02:02 PM

හාමුදුරුවෝ කියන්නේ මහත්තයෝ අන්න අර පැත්තේ තමයි ඌ බැඳලා ඉන්නේ කියල නෙමේද? (නදී)

:       0       0

මදූ Monday, 02 February 2015 02:12 PM

දැන් කොහොමත් පන්සල් බුදු පිළිම අනවසර ඉදි කිරීම්නේ (නදී)

:       0       0

ජෙනි Monday, 02 February 2015 02:14 PM

මේ අලි ප්‍රශ්නය බලි ඇරියත් විසදෙන්නේ නැති පාටයි. (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 02 February 2015 02:14 PM

අලියව පන්සලේ තියල හාමුදුරුවන්ව කුදලාගෙන යන්න. එතකොට හරි. (නදී)

:       0       0

අනුර Monday, 02 February 2015 02:16 PM

හරක්, කුකුලන්,උරන් සහ එළුවන් මරා කන සමාජය පෙරහරේ යන අලින් ගැන පමණක් අනුකම්පා කිරීම පසු පස වෙනත් අරමුණක් තියෙනවා පන්සලේ අලින්ට අත තිබ්බොත් අනිත් අලි බෞද්ද ජනතාව විසින් වන ගත කරනු ඇත (නදී)

:       0       0

අනුර Monday, 02 February 2015 02:17 PM

අපි ඔය පන්සල ගැන හොඳට දන්නවා (නදී)

:       0       0

ලක්ෂමන් Monday, 02 February 2015 02:20 PM

හොඳ කතෝලික අයත් ඉන්නවා (නදී)

:       0       0

මැණික් Monday, 02 February 2015 02:38 PM

දැන් මේ අලියාව නඩත්තු කරන්නේ කාගේ වියදමින්ද? දායකයන්ට බල්ලෙක්වත් ඇතිකරලා කන්න බොන්න දෙන්න බැරි කාලයක් පසුවුණේ. (නි)

:       0       0

අබේ-ටෝකියෝ Monday, 02 February 2015 03:22 PM

ඉසුරින්දිට ඔලුවේ අමාරුවක් තියනවා වගේ. දානයට, පිරිතට , පාංශකූලයට වඩින්නෙ අලිද? බුදුදහමට නිගරු කරන්න එපා. (නි)

:       0       0

අබේ-ටෝකියෝ Monday, 02 February 2015 03:29 PM

මෙහි ඇති රූප රාමු බලනකොට පෙනීයන්නේ ගිහි පුද්ගලයා හාමුදුරුවන්ට තර්ජනය කරන ආකාරයයි. හාමුදුරුවෝ කියනවා ඇත්තේ එව බලව කියලා වෙන්න ඇති . (නි)

:       0       0

ලසන්ත Monday, 02 February 2015 04:10 PM

දැන් අලුත්ම වැඩේ අලි සෙවීමද මන්දා? (නි)

:       0       0

නාලනී Thursday, 05 February 2015 06:00 AM

ආණ්ඩුව හැමවේලාවෙම වැරැදි හොයන්නේ හිටපු ජනාධිපතිට මඩ ගහන්න.ආයේ බලයට එයි කියල බයක් තියෙනවා.(දිල්)

:       0       0

විජේදාස Monday, 02 February 2015 04:23 PM

මේ රටේ පෙරහැරවල් වලට අලි සම්බන්ධ කරගත්තා.අදත් නුවර පෙරහැර කිව්වහම අපිට ආඩම්බරයක්.හැබැයි මේක දැකලා හැම පන්සලක්ම මේ විදිහට ලොකුවට පෙරහැරවල් කරන්න ගත්තා.ළඟදි අපේ පැත්තේ අලි දාලා කඨින පෙරහැරකුත් කළා.අනවශ්‍ය වැඩනේ! ප්‍රධාන පෙරහැර වලට පමණක් අලින් යොදාගන්නවා නම් හොඳයි. (නි)

:       0       0

ලසන්ත Monday, 02 February 2015 04:29 PM

අපේ හාමුදුරුවනේ, දැන් තියෙන්නේ මෛත්‍රී පාලනයක් බව අමතක වුණාද? (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 02 February 2015 05:18 PM

චීවරධාරීන් තමයි දැන් පන්සල්වල 99% ක් ඉන්නේ. මම පුද්ගලිකව ඔය ලොකු ලොකු පන්සල් වල ඉන්න චීවරධාරීන් ගැන හොඳට දන්නවා. ලැජ්ජයි ඒවා කියන්න, මම බොද්ධයෙක් නිසා. උඩ බලාගෙන කෙළ ගැසුවා වගේ වෙයි. (නි)

:       0       0

ආනන්ද ආර්. Monday, 02 February 2015 05:19 PM

හාමුදුරුවනේ, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළොත් වෙන දේ දන්නවානේ නේද? (නි)

:       0       0

සිල්වා Monday, 02 February 2015 05:50 PM

අනේ! හරක්, කුකුළන්,ඌරන් ගැනත් මේ කරුණාවම පහළකරන්න මිනිසුන්ට පුලුවන් නම්.... (නි)

:       0       0

හේමන්ත Monday, 02 February 2015 06:15 PM

සතුන්ට උන්ගේ නිදහස නැතිකරලා උන්ව සිරකරගෙන ඉන්න එක පාපයක් කියලා පව් පින් ගැන අපිට කියලාදෙන උතුමන්ට වැටහෙන්නේ නැද්ද? සමහර ස්වාමීන් වහන්සේලා සුඛෝපභෝගී ජීවන රටාව අතහැර වනගතවෙලා විමුක්තිය සොයනවා. තවත් පිරිසක් මේ සතුන්ගේ ප්‍රියයන්ගෙන් උන්ව ඈත්කරලා සිරකරලා පව් පුරවාගන්නවා. (නි)

:       0       0

චාන්දනී කළුපෙරුම Monday, 02 February 2015 06:29 PM

සිවුරු දමාගත් සියලු දෙනා භික්ෂුන් නොවේ. සමහරු අද කාලයේ ජීවත්වීමට, වාසියට, සමහර ව්‍යාපාර වලටත් සිවුරු දමා භික්ෂුන් වශයෙන් පෙනීසිටිනවා. (නි)

:       0       0

හේමන්ත Tuesday, 03 February 2015 10:02 AM

ධනන්ජය, බලපත්‍රයක් තිබුණු පලියට හැමදේම හරිද.? එහෙමනම් බලපත්‍ර සහිතව තිබෙන සුරාසැල්, ගව ගාතකාගාර වැනි දේත් යහපත් දේවල් වෙන්න ඕන නේද.? (ර)

:       0       0

නුවන් Monday, 02 February 2015 07:23 PM

අනුර, අලියා වඳවී යන සතෙක් බව දන්නේ නැද්ද? (නි)

:       0       0

ප්‍රියාන් Monday, 02 February 2015 07:39 PM

පෙරහරේ යන අලි ගැන ඇයි මෙච්චර හොයන්නේ? (නි)

:       0       0

රොහාන් Monday, 02 February 2015 08:37 PM

අලි ඉන්න ඕනෑ පන්සල් වල තමයි. ඇයි මොකකද ප්‍රශ්නය? පෙරහැර වලට එහෙම පන්සල් වල ඉන්න අලි තමයි ගන්නේ එදා ඉඳලම (නි)

:       0       0

ගයේෂා පෙරේරා Thursday, 05 February 2015 08:35 AM

දැන් ඉන්න සමහර හාමුදුරුවරු සිල්වත් නැහැ. ඉස්සර නම් හාමුදුරුවරු හරිම සිල්වත්. දැන් සමාජය හරිම සංකීර්ණ වෙලා. සිල්වත් බවත් පිරිහිලා. (දිල්)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 02 February 2015 09:03 PM

ඉස්සර කාලයේ පන්සල් වල අලි හිටියද පින්වතුනි? (නි)

:       0       0

රෂාන් Monday, 02 February 2015 09:03 PM

පන්සලටවත් අලියටවත් තිබෙන ආදරයක් නෙමෙයි මේක (නි)

:       0       0

ලසන්ත Monday, 02 February 2015 10:31 PM

අලි නොවෙයි, කොටි ඇතිකරන්න ගනියි මෙහෙම යනකොට (නි)

:       0       0

සරත් Monday, 02 February 2015 10:40 PM

වහාම අලි පැටියා බාරගන්න. මේ ඔක්කොම හොරට අල්ලාගෙන තිබෙන පැටවු වෙන්න පුලුවන්. කිසිම සමාවක් දෙන්න එපා. අලි සිටිය යුත්තේ වනාන්තරයේ. පන්සල් වල නෙමෙයි. සතාව කරුණාකරලා නිදහස් කරන්න. මේකද සත්ව කරුණාව? (නි)

:       0       0

කුමාර් Monday, 02 February 2015 11:33 AM

මේ නීතියක් සංවරයක් නැති අයට නිසි දඬුවම් ලබාදෙන්න (නි)

:       0       0

දුමින්ද Monday, 02 February 2015 11:38 AM

නිවන් යන්න පහසු වෙන්නද අලි පැටවු පන්සල් වල තියාගෙන ඉන්නේ? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 05 February 2015 12:32 AM

ඔය මම ගැන තර්ජන ගර්ජන කරන අය මට ආහාරයට ගන්න කිතුල් ගස් කෑල්ලක් කොළ අතු ටිකක් ගෙනත් දෙනවද? මීට ඔබේම අලිපැටියා (නදී)

:       0       0

ගාමිණී Monday, 02 February 2015 11:39 AM

හාමුදුරුවෝ වුණත් කැත වැඩ හොඳ නැහැ (නි)

:       0       0

සම්පත් Monday, 02 February 2015 11:26 PM

අලියෙක් නඩත්තු කරන්න තරම් වත්කමක් කොහෙන්ද පන්සලකට? (නි)

:       0       0

චුලා Monday, 02 February 2015 11:32 PM

නිවනට යන්න පෙර දිව්‍ය ලෝකයේ යන්න සමහරු කැමති ඇති (නි)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 02 February 2015 11:45 AM

පන්සල් වලට මොකටද අලි? මම දැක්කා කලින් ඇත් පැටවාගේ කකුල් වල තුවාල පැල්ලම්. අර දම්වැල් වලට. මේක මහ අපරාධයක්. සියළු අලි පැටවූ අල්ලා කැලයට මුදාහරින්න ඕනෑ (නි)

:       0       0

ඒ. පියල් Tuesday, 03 February 2015 12:44 AM

ගෞතම බුදුන් වහන්සේගේ බුද්ධ නීතිය අනුව බෞද්ධ භික්ෂූන්ට අලි ඇතුන් වැනි සතුන් බාරගැනීම සහ උන් තම සන්තකයේ තබාගැනීම විනය විරෝධීයි. දීඝ නිකායේ සාම‍‍ඤ්ඤඵල සූත්‍රය බලන්න.දීඝ නිකායේම තවත් සූත්‍ර ගණනාවකම ඒ කරුණු එලෙසින්ම දේශනාකර ඇත. යම් භික්ෂුවක් අලි ඇතුන් තම සන්තකයේ තබාගෙන සිටිනවා නම් ඔහු ගෞතම බුද්ධ ශාසන‍යේ බෞද්ධ භික්ෂුවක් නොවන්නේමය. (නි)

:       0       0

සමන් ද අල්විස් Tuesday, 03 February 2015 12:52 AM

දැන් අපේ රටේ ඇතිවී තිබෙන යහපත් වාතාවරණයත් සමඟ මෙවැනි සිදුවීම් වීම සුදුසු නැහැ. අපේ ආගම දහම ආරක්ෂා කරනු විනා එය විනාශ කිරීම නොකළ යුතුයි. (නි)

:       0       0

ඒඩ්‍රියන් දි මෙල් Monday, 02 February 2015 12:23 PM

ආණ්ඩුවට අලි කුලප්පුව (නදී)

:       0       0

අශෝක රළපනාව Monday, 02 February 2015 12:26 PM

ඔය පන්සලේ 1990 ගනන්වල හිටිය හාමුදුරුවොමද තව ඉන්නේ? (නදී)

:       0       0

ජනත් Monday, 02 February 2015 12:27 PM

පන්සල් වලට අලි අවශ්‍යද සතුන්ට හිරිහැර කරන එක පාපයක් නෙවිද (නදී)

:       0       0

භානු Tuesday, 03 February 2015 01:15 AM

දැන් මේ අලින් නඩත්තු වෙන්නේ ආණ්ඩුවේ මුදලින්ද? නැත්නම් දායකයින්ගේ මුදලින්ද? කාගේ වුණත් ඒ දේවල් වල යම්කිසි පිළිවෙලක් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

ප්‍රභාත් Monday, 02 February 2015 12:32 PM

සසරෙන් එතෙර වෙන්න අලියෙක් ඕනෑ බව මේ කාටවත් තේරෙන්නේ නැහැනේ. හැමදේම පෙනෙන්නේ නුහුරට (නි)

:       0       0

සංඛ Monday, 02 February 2015 12:39 PM

මේ වගේ අය ගැන ඉක්මන් තීරණයක් ගතයුතුය (නි)

:       0       0

රෝයි Tuesday, 03 February 2015 01:30 AM

පන්සල් වල ඉන්න ඔයවගේ හිමිවරු කැලයට යැවුවොත් එතකොට එයාලට තේරෙයි සත්තු පන්සල් වල ඉන්නකොට සතුන්ට මොනවා දැනෙනවා ඇද්ද කියලා. (නි)

:       0       0

යසපාල Monday, 02 February 2015 12:43 PM

එතකොට මේවා පරීක්ෂා කරන්න හොඳ නැද්ද? (නි)

:       0       0

මාර්ක් Monday, 02 February 2015 12:43 PM

සාදු සාදු සාදු!!! ආයුබෝ වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 755 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 562 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 806 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 597 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 509 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 323 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site