IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


හිමි නම නයි දෙන්නා කැලයට මුදයි

නයි නටවන්නකු ළඟ සිටි නාගයින් දෙදෙනකු රුපියල් 2500 ක් ගෙවා කැලයට මුදා හැරීමට ගල්ගමුව පාළුව යාය හය  ශ්‍රී වර්ධනාරාමයේ පින්නවල ශාසන කීර්ති  හිමියෝ ඉදිරිපත් වුහ.

 

 

 



අදහස් (0)

හිමි නම නයි දෙන්නා කැලයට මුදයි

යසන්ත Sunday, 15 June 2014 02:02 PM

බොහොම පින් හාමුදුරුවනේ! (නි)

:       0       0

සහන් Sunday, 15 June 2014 10:25 PM

නොදන්නා කමට අහන්නේ ඒ මනුස්සයාට නැවත ඔය නයි දෙන්නාව අල්ලා ගන්න පුලුවන්ද (දී)

:       0       0

ආනන්ද ආර් Tuesday, 17 June 2014 07:57 PM

නයි නටවන්නා පෝය දවසේ පන්සලට ආවද? මේ විදියට කරත්තවල බඳින ගවයිනුත් නිදහස් කරන්න වෙයිද? ඒ මිනිසුන්ගේ රැකියාව නැති වුනාම දරු පවුල් ජීවත් කරන්නේ කොහොමද? නච්ච ගීත වාදිත ..... සිල්පදය කියල සිල් සමාදන් වුනු උපාසක පිරිස නයි නැටුම් බලනවා නේද? ප්‍රශ්න වැලක්. (නදී)

:       0       0

සමන් Sunday, 15 June 2014 02:22 PM

එතකොට පන්සල් වල ඉන්න අලි ඇතුන්? අපි උන් ගැනත් හිතමු අලුත් විදියකට (නි)

:       0       0

රවී Sunday, 15 June 2014 02:36 PM

2500 න් මාසයක් ජිවත් වෙයි ඊට පස්සේ මොකද වෙන්නේ මේ මනුස්සයට (අ)

:       0       0

භානුක Sunday, 15 June 2014 02:55 PM

අනිවාර්යයෙන් විෂ දළ ගලවලා ඇති (නි)

:       0       0

සේන Sunday, 15 June 2014 02:57 PM

හැබැයි හාමුදුරුවෝ ගියාට පස්සේ නැවත ඇවිල්ලා නයි දෙන්නා අල්ලාගනියිද දන්නෙ නැහැ (නි)

:       0       0

සීල Sunday, 15 June 2014 03:09 PM

මේ සත්භාවයේ දෙපැත්තක් තියෙනවා. මේ මනුස්සය මෙතෙක් ජීවත් උනේ නයි නටවල.රස්සාවක් නැතිනම් ඒ මනුස්සයාගේ ජීවිතේ ගෙනියන්නේ කොහොමද කියල කල්පනා කෙරුවොත් හොදයි නේද?. නයාට වධ හිංසා කලේ නැහැ නේ. මාධ්‍ය ගෙන්නලා කලේ ප්‍රසිද්දියක් ලබා ගන්නද?. (ස)

:       0       0

සමරසිංහ Sunday, 15 June 2014 03:21 PM

නයි නටවන්නා පවු කියලා හිතෙනවා (නි)

:       0       0

ගයාන් Sunday, 15 June 2014 03:19 PM

මේක නම් බොහොම පින් අතේ වැඩක් (නි)

:       0       0

වසන්ති Sunday, 15 June 2014 03:23 PM

හොඳ වැඩක්. 2500 මාසෙකට නම් ඇති. (නි)

:       0       0

සුසිරි Sunday, 15 June 2014 03:28 PM

2500 අවසන් වුණහම එයා මොකද කරන්නේ? (නි)

:       0       0

අබේරත්න Sunday, 15 June 2014 03:32 PM

උපාසක උපාසිකාවන්ට දැනුම්දීමක් කරන්න වැරදිලාවත් නයි දෙන්නා දාපු කැලේ පැත්තේ යන්න එපා කියලා. (නි)

:       0       0

සමරසේකර Sunday, 15 June 2014 03:42 PM

නයාගේ දළ ගලවා තිබේ නම් තමයි ප්‍රශ්නේ... (නි)

:       0       0

පද්මිණි Monday, 16 June 2014 12:39 AM

කුසුම්, මිනිසා තුළ ඇති ඊර්ෂ්‍යාව විෂඝෝර සර්පයාට උපමා කර ඇති බවත් , ශරීරය තුඹසකට උපමා කර ඇති බවකුත් ඉහත කවියේ ඉතිරි පද වලින් කියවෙන බව අසා ඇත. මෙය දන්නා උගතෙකු කවිය සම්පුර්ණ කරන්න. (නි)

:       0       0

නිහාල් Sunday, 15 June 2014 03:48 PM

සීල නමින් අදහස් දමන කෙනාට බුද්ධාගම ගැන දැනුමක් නැහැ වගේ නේද? මෙතන අදහස් දමන ගොඩක් අය පරිඝණකය ඉදිරියේ සියල්ලම දන්න උත්තමයන්. ඔතනදි වැදගත් වෙන්නෙ චේතනාවයි. හාමුදුරුවන් කළේ මෙච්චර කල් නිදහස විඳින්න බැරි වුණ සතුන් දෙදෙනෙක් නිදහස් කළ එක. (නි)

:       0       0

ගුණසේකර Sunday, 15 June 2014 03:59 PM

ඒත් අනේ මන්දා! කොහොමද අදින් පස්සේ මොහු ජීවත් වෙන්නේ? (නි)

:       0       0

සුනිල් Monday, 16 June 2014 03:46 PM

මේ අහිංසකයට 2500 ඇති සුකොපබෝගී ජීවිතයක් ගතකරලා මැරෙනකල් ජොලියෙන් ඉන්න. ඒ මදා. (දී)

:       0       0

කීර්ති Sunday, 15 June 2014 04:01 PM

ඔබ වහන්සේට ගොඩක් පින් (නි)

:       0       0

ගමගේ Sunday, 15 June 2014 04:00 PM

බොහොම පින් අතේ වැඩක් (නි)

:       0       0

ගාමිණී Sunday, 15 June 2014 04:00 PM

සීල සහෝදරයාගේ කතාව හරියට වැදගත්. මේ වගේ මධ්‍යස්ත ලෙසින් හැම කෙනාම සිතුවොත් මේ රට ගොඩ එනවා (නි)

:       0       0

ගාමිණී Sunday, 15 June 2014 04:07 PM

සීල සහෝදරයාගේ කතාව හරියටම හරි. මේ වගේ මධ්‍යස්ත මතධාරීව අන් අයත් සිතන්න පුරුදු උනොත් මේ රටේ වටිනාකම කියන්න බැහැ. ස්තුතියි ඔබට. (ස)

:       0       0

සෙලින Monday, 16 June 2014 01:41 AM

බෙනට් 2500කින් මාසයක් ජිවත් වෙන්නේ කාලද...? නැත්නම් ලෙව කාලද...?(අ)

:       0       0

ගමගේ Sunday, 15 June 2014 04:45 PM

මිනිහා ආයෙත් කැළයට ගිහිල්ලා නයි දෙන්නා ආයෙත් අල්ලගෙන එයි. ඒක මිනිහාගේ රක්ෂාව නේ (නදී)

:       0       0

සෝබන Sunday, 15 June 2014 04:46 PM

මනුස්සයෙක්ගේ ජීවිකාව නේද නැති වුනේ? (නදී)

:       0       0

අසංග Sunday, 15 June 2014 05:11 PM

සීලා, හොඳ යමක් කරාම අගය කරන්න පුරුදුවෙන්න. අද මාධ්‍ය ඕනෑම තැනක සිටිනවා. (නදී)

:       0       0

සමුද්‍ර Sunday, 15 June 2014 05:26 PM

ජීවත් වෙන්න නයි නටවන්න ඕනෙමද ? බොහොම පින් හාමුදුරුවනේ (නදී)

:       0       0

ඇල්බට් Sunday, 15 June 2014 05:59 PM

අහවල් ඇමැතිද ඔය ගාණ කිව්වේ? (ස)

:       0       0

සුජාන් Sunday, 15 June 2014 06:04 PM

රු.2500 දෙන්න මාධ්‍ය ගෙන්නන්න ඕනද? (ස)

:       0       0

ලුම්බිණි Monday, 16 June 2014 06:22 AM

අනෙක් දේවල් කොහොම වුණත් මේ සතුන් දෙදෙනා සහ පුද්ගලයා ගැන ඇතිවෙන්නේ අනුකම්පාවක් සහ දුකක්. (නි)

:       0       0

සුසිරි Monday, 16 June 2014 06:35 AM

මේ හාමුදුරුවන් වහන්සේ කරලා තිබෙන්නේ බොහොම වටිනා ආදර්ශවත් ක්‍රියාවක් (නි)

:       0       0

උපුල් Sunday, 15 June 2014 06:18 PM

නියම නයි දෙන්නා (නදී)

:       0       0

පිටිගල Sunday, 15 June 2014 06:21 PM

ඔය නයි මිනිස්සුන්ට හීළා වෙච්ච සත්තු. සල්ලි අරන් ඔය මිනිහා ආපහු කැලේට ගිහින් නයි දෙන්න අල්ලාගෙන වෙන පළාතකට යයි. එහෙම වෙලා තියෙනවා සමහර තැන් වල.(නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 15 June 2014 06:29 PM

අම්මෝ මේ දෙන්නා ගෙවල් වලට රිංගන්න ගනීවිද දන්නේ නැහැ. (නදී)

:       0       0

මිගිද Sunday, 15 June 2014 06:33 PM

අසංග, සමුදු ,සුජාන් , ඇතුලු හැම දෙනාටමයි තේරුනාද මේ දන් දීමේ ඇති අගය සහ එහි යථාර්තය. (නදී)

:       0       0

සේරම් Sunday, 15 June 2014 06:40 PM

ඒ වුණාට ඒ සතුන් දෙදෙනාට සුපුරුදු ස්වාමියා නැතුව ඉන්න පුලුවන් වෙයිද? (නි)

:       0       0

එරංග උදය Sunday, 15 June 2014 06:44 PM

ජගත්ගේ අදහස හරියටම හරි (නි)

:       0       0

බමුණු Tuesday, 17 June 2014 04:30 PM

"2500 න් මාසයක් ජිවත් වෙයි ඊට පස්සේ මොකද වෙන්නේ මේ මනුස්සයට" ආයේ නයෙක් අල්ලාගෙන නැවත රැකියාව පටන්ගන්නවා ඕකත් අහන්න දෙයක්ද? (දී)

:       0       0

බමුණු Tuesday, 17 June 2014 04:32 PM

"හරියට කෝටි එකහමාරක් දීල කලා වගේ' ඒ මනුස්සයට එය කෝටි එකහමාරකට වැඩිය වටිනවා වෙන්න පුළුවනි (දී)

:       0       0

කුසුම් Sunday, 15 June 2014 07:02 PM

"විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා" කියන කියමන අපි කොහොමද පිළිපදින්නේ කියලා දන්නා කෙනෙක් කරුණාකරලා පහදා දෙන්නකෝ. (නි)

:       0       0

සමන්ත පද්මසේකර Tuesday, 17 June 2014 12:08 PM

මෙතන මුදල නොවෙයි වටින්නේ සත්ව ජිවිත දෙකක් තමයි නිදහස් කලේ (දී)

:       0       0

සාරංග දිසා Tuesday, 17 June 2014 12:11 PM

හරියට කෝටි එකහමාරක් දීල කලා වගේ (දී)

:       0       0

රොෂාන් Monday, 16 June 2014 06:03 PM

මෙතන දෙපැත්තක් තියෙනවා. ඔය නයි නටවන අය නයි නටවනවා කියල කරන්නේ බොරුවක්. නයා නැටීමක් කරන්නේ නැහැ. නයි නටවන්න නලාවක් අරගෙන පිඹින ගමන් අතෙයි තියෙන දෙයක් හොලවනවා. සමහරවිට නයා ගෙනියන කුඩයේ පියන වෙන්න පුළුවන්. නයා ඉන්නේ එ් හොලවන දෙය ගෙන අවදානයෙන් එ්ක හරවන හරවන පැත්තට හැරෙනවා ඉතින් බලන් ඉන්න මිනිස්සු හිතන්නේ නටවන්නගේ නලාවට නයා නටනවා කියලා. අනික ඔය අහිකුන්ටකයෝ නයි අල්ලපු ගමන් උන්ගේ විස දල ගලවනවා. ඊට පස්සේ ඔය නයි ජිවත් උනත් මැරිලා වගේ තමයි ඉන්නේ. අහිකුන්ටකයා දෙන දෙයක් කාල ඉන්නවා. දැන් ඔය නයි දෙන්න කැලේට ඈරිය කියන්නේ මරන්න ඇරිය වගේ වැඩක්. මොකද දැන් ඔය නයාට කැලෑවට ගිහින් ජිවත් වෙන්න බෑ (නදී)

:       0       0

සිරිල් Monday, 16 June 2014 12:04 PM

2500 න් ගෙයක් හදාගෙන හොඳට කාල බීල මැරෙන කල් ඉන්න. අපේ සුබ පැතුම් ! (ස)

:       0       0

සජි Sunday, 15 June 2014 08:08 PM

නයි නටවන්නා කැමති වෙන්න ඇති රුපියල් 2500ක් අරගෙන නයි දෙන්නාව නිදහස්කර හරින්න.. එතන බලහත් කාරකමක් වෙලා නැහැ, ඒ හාමුදුරුවෝ කරලා තියන්නේ හොද වැඩක්.. මටමතකයි කලින් මහියංගනය පැත්තේ වැවක මාළු අල්ලලා මිනිස්සු තියාගෙන පැකට්වල දමන් ඉන්නවා, පින් කැමති අයට පුළුවන් ඒ මාළු සල්ලි දීලා අරගෙන නිදහස් කරන්න, ඒ මිනිස්සු පහුවදාටත් එතනින් මාළු අල්ලලා ඒ වැඩේම කරනවා.. (දී)

:       0       0

ගාමින්ද Sunday, 15 June 2014 08:10 PM

සල්ලි වලින් මනින්න බැරි ඉතා වටිනා පින්කමක් (දී)

:       0       0

කින් බෙනට් Sunday, 15 June 2014 08:49 PM

අර ලොකු පන්සල් වල ඉන්න අලි ටික බේරගන්න යන්නේ නැත්තේ එච්චර සල්ලි නැති හින්ද වෙන්න ඇති .. මේ දුප්පත් මිනිහ 2500 න් මාසයක් ජිවත් වෙයි ... ඊට පස්සේ මොකද කරන්නේ ? (දී)

:       0       0

කසුන් Sunday, 15 June 2014 01:22 PM

සාධු සාධු සාධු! බොහොම පින්! (නි)

:       0       0

ලසන්ත Monday, 16 June 2014 07:44 PM

නයි නලඟනට දුන්නනම් ඉවරිනේ ඔය නයි දෙන්න. (අ)

:       0       0

සමන්ති Wednesday, 18 June 2014 06:21 AM

කිරිබොන පැටවුන් පවා කොටුකර හදන සමාජයක මෙවැනි පින්කම් ආදර්ශයක් (නි)

:       0       0

සමන් Sunday, 15 June 2014 01:31 PM

එතකොට මේ පුද්ගලයා ජීවිතයේ ඉතිරි කාලය ගෙවන්න හිතාගෙන ඉන්නේ කොහොමද දන්නෙ නැහැ (නි)

:       0       0

චතුර Sunday, 15 June 2014 09:54 PM

වැඩේනම් හොඳයි... එත් මේ මනුස්සය ඊ ලඟට මොනවද කරන්නේ...? ජගත් කියන දේත් ඇත්ත...(අ)

:       0       0

හර්ෂ Sunday, 15 June 2014 01:40 PM

බොහොම හොඳ වැඩක් (නි)

:       0       0

නිල්මිණි Monday, 16 June 2014 01:50 PM

හොද වැඩක්,නමුත් මම හිතනවා සතුන් මෙම පුද්ගලයා ළග හිටිය නම් කරදරයක් නැතිව ඉදියි කියල,කැලේදී කාට හරි අහු වුණොත් මරලා දායි(දිල්)

:       0       0

මංජු Sunday, 15 June 2014 01:47 PM

ඔහුට රැකියාවකුත් හොයලා දෙන්න පුලුවන් නම් හොඳයි. නැත්තම් මොහු ජීවත් වෙන්නේ කොහොමද? (නි)

:       0       0

ඩොනල්ඩ් Sunday, 15 June 2014 01:53 PM

ඒ වුණාට ඒ නයි නැවතත් පුරුදු තැනටම එයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ජගත් Sunday, 15 June 2014 01:59 PM

නයාගේ විෂ දළ ගලවලාද දන්නෙ නැහැ. එහෙම වුණොත් සතෙක් අල්ලා ගන්නේ කොහොමද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2136 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1387 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2202 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 542 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3119 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24487 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site