IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘හයිඩ් පිටිය දෙන්න බැහැ‘

කොළඹ හයිඞ් පිටියේ සිදුකරන අලූත් වැඩියා කටයුතු හේතුවෙන් හෙට (30) සිට ඉදිරි කාලය දක්වා කර ඇති සියලූ වෙන්කිරීම් දින නියමයක් නොමැතිව අවලංගු කළ බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතා පැවසීය.

ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතාට ද ඔහු විසින් කර ඇති වෙන්කිරීම අනුව ලබන 1 වැනිදාට හයිඞ් පිටිය ලබානොදෙන බවත්, ඉදිරි වෙන්කිරීම් සියල්ල ද අවලංගු කර ඇති බවත් කොමසාරිස්වරයා කීය.

හයිඞ් පිටිය වෙන්කරගත් අයදුම්කරුවන්ට අදාළ මුදල් ආපසු ලබාගැනීමට හෝ අලූත්වැඩියා කටයුතුවලින් පසු වෙනත් දිනයක් වෙන්කරගැනීමට හැකි බව ඔහු වැඩිදුරටත් පැවසී්‍ය.

 



අදහස් (0)

‘හයිඩ් පිටිය දෙන්න බැහැ‘

සිරි Friday, 29 July 2016 09:46 PM

අනේ අම්මප මෙහෙමත් බියගුළු ආණ්ඩුවක්?? (බ)

:       0       0

සමරගේ Saturday, 30 July 2016 12:21 AM

1990 ගණන් මුලදී බින්දුවට වැටිලා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ආවේ මහින්ද සංවිධානය කරපු පාද යාත්‍රාවෙන්. ඒ නිසයි අද අනික් කට්ටියම බය වෙලා තියෙන්නේ. (අ)

:       0       0

මුණසිංහ Saturday, 30 July 2016 01:49 AM

ඔය ඔක්කොම කරන්න පෙර නිවහල් නිදහස් අපේම කියල රටක් අපිට තියෙන්න ඕන නේද සුරංග. මෙහෙම ගියොත් අපිට අපේ රටේ සුද්දෝන්ගේත් ඉන්දියන් කාරයගේත් වහල්ලු විදියට තමා ඔපීස් යන්න වෙන්නේ.(රේ).

:       0       0

දසුන් Sunday, 31 July 2016 07:44 AM

බයට මොනවාද යනවලු. ඒ වගේ තමයි හයිඩ් පිටියේත් හදිසි වැඩ යන්නේ. (බ)

:       0       0

ඇසළ Saturday, 30 July 2016 02:44 AM

බයයි, ලැජ්ජයි, හිරිකිතයි, අප්පිරියයි. ඇඳිරි නිතිය දැම්මොත් විතරක් පා ගමන නවත්ත ගන්න පුළුවන්. ජනතාවගේ නැගිටීම වෙන කිසිවකින් යටපත් කල නොහැකියි.(අ)

:       0       0

ජයසේන Saturday, 30 July 2016 02:58 AM

සසිකා, හොරකම් අහුවෙනවටද බය?පැහැදිලි නැත. (අ)

:       0       0

ජනහිත Saturday, 30 July 2016 03:19 AM

මොකද මේ හදිස්සියේ අලුත් වැඩිය කරන්න හිතුනේ. රාජ්‍ය නිලධාරීන් වුණම ටිකක් හිතන්න තිබුණ දෙන්න බැරිනම්. අනෙක ඒ අය කල් ඇතිව සල්ලි ගෙවන වෙලාවේ ඕක සැලසුම් කරලා තිබුනේ නැහැනේ. පල් වැඩ කරන්න එපා . (අ)

:       0       0

සහන් Saturday, 30 July 2016 04:35 AM

මේක යහපාලන ආණ්ඩුව නිසා මට නම් වරදක් පෙන්නේ නැහැ. (අ)

:       0       0

ශාන සෞදි Saturday, 30 July 2016 12:29 PM

2015 ජනපති වරණය වෙලෙත් මේ පිට්ටනි සේරම හදිසියේ වහගත්ත ඒ කලේ ආණ්ඩුවෙන් මොනාද දන්නේ ඒකාලේ කලේ අලුත් වැඩියාවන් හරියට කරලා නැතුව ඇති එවෙලාවේ (රේ)

:       0       0

අනුර Saturday, 30 July 2016 01:23 PM

මුදල් ගෙවා ලබා ගන්නා ලද පොරොන්දුවක් කැඩීම නීති විරෝධී. වානිජ අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට මෙය ප්‍රමාණවත්.(රේ)

:       0       0

අජිත් Saturday, 30 July 2016 02:29 PM

දැන් සනීපෙ නේද කට්ටියටම මාර වෙනස අනේ.... අන්න වෙනස ඕනේ කියල කඩේ ගිය නිළියත් මේපාර ඒකාබද්ද විපක්සෙ පැත්තේ පාගමන් යනවා. හික්..හික්..හික්...(රේ)

:       0       0

සෑම් Saturday, 30 July 2016 06:10 AM

හයිඩ් පාක් එක කියන්නේ සතර අතින්ම වටවුණ කුඩා පිට්ටනියක්. ඕනෑම පොඩි රැස්වීමකදී යුනියන් පෙදෙසයි ඩාලි පාරයි දෙකම විශාල තදබදයකට ලක්වෙලා මාර්ග දෙකම අවහිර වෙනවා. ලංකාවේ තියන සහ තිබුන සියලුම පක්ෂ තම රැස්වීම් වලට පැමිණෙන ජනකාය අඩු වේයැයි සැකසිතන සැම විටකදීම මෙහි රැස්වීම් පැවැත්වීම විශේෂත්වයක්. පන්දහසක සෙනඟක් පිරී ඉතිරී ගිය ජන සන්නිපාතයක් ලෙසට හයිඩ් පිටියෙන් පෙන්නුම් කළාට සුගතදාස ස්ටේඩියම් එක වගේ තැනක් මේ සඳහා යොදාගත්තොත් අඩුම ගානේ ලක්ෂයක්වත් සිටිය යුතුයි (නි)

:       0       0

නිම්මි Friday, 29 July 2016 02:21 PM

කලින් ආණ්ඩුවට වඩා වෙනස් එකම එක දෙයක්වත් යහපාලනේ තියනවද අනේ? අපරාදේ ආණ්ඩුව වෙනස් කරේ සමහරු පන දාගෙන.(අ)

:       0       0

සුරංග Friday, 29 July 2016 02:44 PM

මේක කුහක කමට කරන වැඩක් වුනත්, ඔෆිස් යන මිනිස්සු රස්තියාදු කරවන, වාහන තදබද ඇති කරන මේ වගේ දේවල් වලට නොදෙන එක හොදයි. මෙයාලට ඕනේ නම් කෙත්තාරාමේ හරි බුක් කර ගන්න පුළුවන්නේ දවසකට. මොන යාත්‍රා ගියත්, මිනිසුන්ට කරදර නොවෙන තැන වල මීටින් තියන්න ඕන.(අ)

:       0       0

රොහාන් Friday, 29 July 2016 02:47 PM

පව් අනේ මෙයාලගේ වැඩ වලට මොන ආකාරයටද හිනා වන්නේ(අ)

:       0       0

සිරිපාල Saturday, 30 July 2016 06:50 AM

පා ගමනට අනවශ්‍ය ප්‍රචාරයක් ලැබෙන වැඩ මේවා. සංහිඳියාව මහජනයාට එපා කරවන්නයි කරන්නේ (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 30 July 2016 07:09 AM

ඔෆිස් යන්න රැකියාවක් තියෙන්න ඕනෑ. එට්කා අත්සන් කළාම ඔෆිස් යන්නේ ඉන්දියන්කාරයෝ විතරයි සුරංග. ඒක නවත්වාගන්නයි මේ පාද යාත්‍රාව. (නි)

:       0       0

සෂිකා Friday, 29 July 2016 03:16 PM

අනේ..මෙහෙම බයවීමක්...(අ)

:       0       0

සම්පත් පතිරණ Saturday, 30 July 2016 07:23 AM

මේක නම් කැත වැඩක් (නි)

:       0       0

පී.එස්.කෙටවල Friday, 29 July 2016 03:57 PM

ජේ ආර් ගේ ආණ්ඩුවටත් වඩා මෙම ආණ්ඩුව ඒකැධිපතියි!!!

:       0       0

ප්‍රනාන්දු Saturday, 30 July 2016 09:29 PM

යහපාලනයේ රැස් විහිදේ! 60% මෝඩයෝ සිටින ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි (නි)

:       0       0

සත්‍යපාල Friday, 29 July 2016 04:35 PM

මෙයාලට කිසිම තැනක් දෙන්න වටින්නේ නැහැ (නි)

:       0       0

ඔසී Friday, 29 July 2016 05:01 PM

ඔබට සතුටුයිද දැන්! (නි)

:       0       0

ජනහිත Friday, 29 July 2016 04:57 PM

රජයේ සේවකයෙක් නිසා අනුරට ගන්න වෙලා තියෙන්නේ ඉහලින් එන නියෝග ක්‍රියාත්මක කිරීමයි. එත් මේවගේ වැඩ හොද නැහැ. 1 දායින් පස්සේ ඔය අලුත් වැඩියාව කරන්න තිබුනානේ. තවත් ප්‍රමාද නැහැ වලවල් ටික වහල ඒ අයට හයිඩ් පිටිය දෙන්න. අසරණ අනුරට අපි අනුකම්පා කරමු.(අ)

:       0       0

සමීර Friday, 29 July 2016 05:02 PM

මෝඩ වඳුරන්ගේ අඩුවක් නෑ (අ)

:       0       0

රත්න Friday, 29 July 2016 05:17 PM

මහින්ද අවු 8-9 ගිහින් පටන් ගත්ත බියගුළු වැඩ යහපාලනය අවු 2 ක් යන්න කලින් පටන් ගෙන වගේ. අපරාදේ ආණ්ඩුව වෙනස් කරේ. (අ)

:       0       0

එරන් Sunday, 31 July 2016 12:45 AM

මේ වගේ දේවලින් පෙන්නන්නේ ඒඅ අයගේ අධ්‍යාපන තත්වය වගේම නොහැකියාව. මේ වගේ අය තබාගැනීමෙන් වෙන්නේ ලංකාවේ නීතිගරුක බව හදන්න බැරිවීමයි. ඉතින් කොහොමද යහපාලනය කරන්නේ? (නි)

:       0       0

ප්‍රියන්ත විමලතුංග Friday, 29 July 2016 05:50 PM

මරු යහපාලනේ අප්පා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 911 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2039 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 669 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 375 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 952 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1533 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39106 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site