IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘හයිඩ් පිටියේ රැලිය මහින්ද අදහන පිරිසගේ එකක්‘

බ්‍රහස්පතින්දා (17) හයිඩ් පිටියේ ඒකාබද්ධ විපක්ෂය මහින්ද රාජපක්ෂ මහතා මුල් කරගනිමින් පැවැත්වූ රැලිය මහජනයා එක්වී කළ ආණ්ඩු විරෝධී රැලියකට වඩා මහින්ද රාජපක්ෂ මහතා අදහන පිරිසකගේ රැස්වීමක් බව වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර් පෙරේරා පැවසීය.

අද (18) සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව කීවේය.

මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වන්නේ හැමවිටම ‘මම, මම විතරයි, මමයි ජයග්‍රහණය කළේ‘ යනුවෙන් බවත් ඒ හේතුව නිසාම ඔහුට විරුද්ධව ජනවාරි 8 වැනිදා ජනතාව පෙළ ගැසුණු බවත් පැවසූ ඔහු කියා සිටියේ ය.

‘මහින්ද රාජපක්ෂ මහතා වන්දනාමාන කරනවානම් ඔහු වටා සිටිනවානම් ඔහුගේ අත පල්ලෙන් වැටෙන යමක් ලබාගෙන ජීවත්වීම මහින්ද පාලන තන්ත්‍රය ලබාදී තිබූ දේ‘ බවද ඔහු කීය.

web_ces_2016318



අදහස් (0)

‘හයිඩ් පිටියේ රැලිය මහින්ද අදහන පිරිසගේ එකක්‘

ජනිත Friday, 18 March 2016 09:36 AM

අපි මහින්ද මහත්මයාව අදහනවා තමා...ඔබගේ ප්‍රකාශයේ වැරද්දක් නෑ.(බ)

:       0       0

සෞදි සරත් Friday, 18 March 2016 03:44 PM

මහින්ද සමග හිටියේ කලගුණ දත් නියම ශ්‍රී ලාංකිකයෝ හොරු දැන් ඉන්නේ රනිල් වටේ බැංකු හොරු කෝ දැන් නියම ජන බලයට කට්ටිය බය වෙලා චන්දෙ තියන් නැත්තේ ඒ නිසයි (රේ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Friday, 18 March 2016 09:36 AM

මහින්ද රාජපක්ෂ අදහන කොටස මේ වාගේනම් , අහන්න දෙයක් නැහැ ලබන ඡන්දයේදී ඔහු බලයට එනවා සිකුරුයි , දැනටම කොටසක් බයවෙලා වාගේ (බ)

:       0       0

යසපාල Sunday, 20 March 2016 12:51 AM

අපි කොහොම මිනිස්සු කියලද දන්නෙ නැහැ හිතාගෙන ඉන්නේ? (නි)

:       0       0

නාමල් Friday, 18 March 2016 09:39 AM

මෝඩ කමට බෙහෙත් නැහැ. (බ)

:       0       0

නිරෝෂා Friday, 18 March 2016 09:43 AM

මුන්ට ඉරිසියාව. සෑමදා ජනතාව මහින්ද සමගයි (බ)

:       0       0

උපාලි Saturday, 19 March 2016 05:44 AM

නොදියුණු රටවල මේ විදිහට දේශපාලුවන්ට වන්දනා කිරීමේ වහල් පුරුද්ද පවතිනවා. දකුණු ඉන්දියාවේ නායිකාව රටේ සම්පත් වංචා කළාට දුෂණ චෝදනාවලට අවුරුදු 4 කට හිරේ ගියා. ඒත් ඇය දේවතාවියක් ලෙස සලකා වඳින පුදන ඒ වෙනුවෙන් දිවි නසා ගත්තු මිනිස්සු හිටිය. දියුණු රටවල ජනයා පුද්ගලයා දිහා බලනවට වඩා ප්‍රතිපත්ති, වැඩ පිළිවෙලවල් දිහා බලලයි තීන්දු ගන්නේ.(බ)

:       0       0

පාඨලී Friday, 18 March 2016 09:44 AM

අයියෝ කොහෙද යුද්දේ කළේ එහෙම උන්නේ මේගොල්ලෝ (බ)

:       0       0

රන්දික Friday, 18 March 2016 09:44 AM

ඔය වමේ කේන්ද්‍රයේ නිලධාරීන් ඇරෙන්න සාමාජිකයෝ කීදෙනෙක් ඉන්නවද දන්නෙ නැහැ (නි)

:       0       0

නිමල් Friday, 18 March 2016 04:02 PM

නිදහස ලබන විට අපේ රට ආසියාවෙන් දෙවෙනි වුණේ ජපානයට පමණයි. අවුරුදු 68 පාලනය කරපු අයගෙ රඟේ ඇස් තියෙන කෙනෙකුට පේනවා. ඔය කවුරු කවුරුත් මොන සෙල්ලම් දැම්මත් අපේ ඡන්දෙන් තමයි පාර්ළිමේන්තු යන්න වෙන්නේ. එදාට බලමු කොයි කයිවාරුවද දිනන්නේ කියලා.(අ)

:       0       0

කිත්සිරි Friday, 18 March 2016 09:47 AM

මේ "වමේ කේන්ද්‍රය" ගැන අපි මීට කලින් අහලා නැහැ. (නි)

:       0       0

සුනිල් Friday, 18 March 2016 04:11 PM

ජනවාරි 8 දා පසුවී මස 2 කට පසු මහින්ද ඉල්ලා පැවැත්වූ නුගේගොඩ රැස්වීමට පැමිණි සෙනගින් කාලක්වත් මෙයට අවේ නැහැ. නුගේගොඩ රැස්වීමට පස්සේ මහා මැතිවරණයේ ප්‍රතිපලය මොකක්ද? මහින්දට හිතවත් පිරිසක් පැමිණීමෙන් ඇඟවෙන්නේ ඒ පැත්තට රැල්ලක් ඇති බව නෙමෙයි. (අ)

:       0       0

අලෝක Saturday, 19 March 2016 06:01 AM

බමුණු, සුමිත්‍රා ..අර කතාවට කලින් මාතෘ භූමිය සිපගත්ත, මහින්දගේ ලෙන් දොර කඩාගෙන එන්න හදපු හාදයත්, අර හිටපු ආණ්ඩුවේ ආර්ථික ඝාතකයා ගැන කතා කරපු තුන්මුල්ලේ හාදයත් හිටපු "සමාගමේ" කෙලි ගැන ඒ දවස්වල පතුරුගහුව මතකද .එතකොට දැන් අපි විශ්වාශ කරන්නේ එයාල එදා කියපු ඒවාද දැන් කියන ඒවාද? දන්නැති හින්දයි ඇහුවේ .අනේ මේකටනම් කොහොම හරි උත්තරයක් දෙන්න (බ)

:       0       0

යොහාන් Friday, 18 March 2016 09:50 AM

ඒ තමයි නියම මනුෂ්‍යයෝ, රටට ආදරේ ඇති අය (නි)

:       0       0

කපිල Friday, 18 March 2016 09:53 AM

මෙහෙම දෙයක් වෙන කාටද කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙම බැතිමතුන් අති විශාල ප්‍රමාණයක් ඉන්නේ ඇයි ? ඔහු වෙන කාටවත් කරන්න බැරී දේවල් කල නිසා නේද ? (ර)

:       0       0

රත්නසිරි Friday, 18 March 2016 04:17 PM

එම් ආර් කල දේ අනිත් අයට කරන්න බැහැ කියල ඔප්පු වෙලා තිබියදී මොනවද මේ හතර බිරි කතා. (ර)

:       0       0

ප්‍රියා Saturday, 19 March 2016 06:12 AM

කවදාහරි විමල්ටයි, ගම්මල්පිලටයි, දිනේෂ්ටයි වෙන්නේ "අපි තුන් මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා.." කියන සින්දුව කිය කියා ඉන්න (නි)

:       0       0

ශෂිකා Friday, 18 March 2016 04:35 PM

මේ කොහේ හිටිය කෙනෙක්ද මේ... (ර)

:       0       0

මනෝජ් Friday, 18 March 2016 10:00 AM

කව්ද අනේ හැබැටම ඔයාලා. ලංකාවේද? (ර)

:       0       0

රණතුංග Friday, 18 March 2016 10:13 AM

කව්රුත් රැස්වීම් තිබ්බට ඔයාලා මොකද කලබල වෙලා.? (ර)

:       0       0

චන්දිමා Friday, 18 March 2016 10:13 AM

ඕන තරම් සෙනග බස් වලින් ගෙන්නන්න පුළුවන්. මම දැක්ක හයි වේ එකේ ආපු බස් ගාන. සේරම දකුණින් ගෙනාවේ. බත් පැකට් එකයි, අරක්කු බෝතලෙයි දැක්කහම මිනිස්සු ඇද ගන්න එක මහා දෙයක් නෙවෙයි. වෙනස උනේ ගිය පාර ලංගම බස් , මේ පාර ප්‍රයිවට් බස්. (ර)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 20 March 2016 03:21 AM

රොකි.ලිබියාවේ අසරණ මිනිසුන්ව කුළු ගෙඩි වලින් ගහල මරන්න නියෝග දුන්නු ගඩාෆිටත් 20% ක ජනතාවක් හිටිය. (බ)

:       0       0

ලෙස්ලි Friday, 18 March 2016 10:25 AM

හැබැටම මහින්ද තනියම සටන් කලාද? (ර)

:       0       0

සරත් Saturday, 19 March 2016 06:43 AM

මහින්ද කියන්නේ ඇදහිය යුතු පුද්ගලයෙක් තමා. අද රට බේරිලා තියෙන්නේ එතුමා නිසා (නි)

:       0       0

සරත් Saturday, 19 March 2016 06:45 AM

ඉන්දික කිව්වොත් කියන්නේ කිසිම තේරුමක් නැති දෙයක්මයි (නි)

:       0       0

ද සිල්වා Friday, 18 March 2016 10:26 AM

දැන් කෝ විනය පරීක්ෂණ ? (ර)

:       0       0

බින්දු Friday, 18 March 2016 10:27 AM

මහින්ද මහත්තයා අදහන ලක්ෂ 58 ක් ඉන්නවා. (ර)

:       0       0

රන්ජිත් Friday, 18 March 2016 10:29 AM

අපි නම් අදහනවා. අැයි වැරදිද? එතුමා රට වෙනුවෙන් වැඩ කරපු ශ්‍රේෂ්ඨ චරිතයක් (නි)

:       0       0

ඇසළ Friday, 18 March 2016 10:30 AM

පව් කියලත් හිතෙනවා මුහුණු ටික දැක්කහම. කොහෙන්හරි ඩොලර් ගන්න පුළුවන් නම් අටවගන්නවා සංගමයක්. දහ දෙනෙක්වත් නැහැ සංගමේට. මේ අය බෝම්බ පුපුරන කාලේ කොහෙද හිටියේ. (නි)

:       0       0

රොෂාන් Friday, 18 March 2016 10:32 AM

2015 ජනාධිපතිවරණය සෙනඟ අනුව තීරණය කළා නම්, මහින්ද අත උඩ දිනුම්. (නි)

:       0       0

අන්වර් Friday, 18 March 2016 10:32 AM

සෙනඟ ගෙනාපු හැටි අපි දැක්කා. ජනාධිපතිවරණයටත් මෙහෙමම සෙනඟ ගෙනාවා. අන්තිමට ලංගමට තියපු පොල්ල තාම එහෙමමයි (නි)

:       0       0

කුරුවිට සුනිල් Friday, 18 March 2016 10:33 AM

අපිට ඊර්ෂ්‍යාවේ බැහැ අනේ මේවා පෙනෙනකොට (නි)

:       0       0

මලික් Friday, 18 March 2016 10:33 AM

ලංකාවේ දැන් විරුද්ධ පක්ෂයක් කියලා එකක් තියනවද කියලාවත් අපිට පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

තිස්ස Friday, 18 March 2016 10:33 AM

මේ රටේ මොලය තියෙන අය හයිඩ් පිටියට ගිය ගාන වැඩි බව දැනගත යුතුය. (ර)

:       0       0

පද්මාල් කොලොන්ගහපිටිය Sunday, 20 March 2016 10:47 AM

මේ පුද්ගලයා මේ කතාවෙන් පිළිගත්තා ලන්කාවේ ජනතාවගෙන් වැඩි පිරිසක් මහින්ද අදහන බව. කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නැහැ (නි)

:       0       0

චන්දන Friday, 18 March 2016 10:41 AM

මේ බැතිමතුන් නම් පේ වෙලා ඇවිල්ල සූර් වෙලා ගිහිල්ල. දේශපාලකයන්ට බැතිමතුන් හිටියේ මිනිස්සු අකුරු ඉගෙනගන්න කලින්. (ර)

:       0       0

මහින්ද Friday, 18 March 2016 10:46 AM

වෙනත් බලවේග වලට 8 වෙනිදා දුන්නා ඔවුන් දැන් අසමත් පාලකයන් ඒකයි වරද. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 18 March 2016 10:52 AM

ඉන්දික, ඔයා හිතේ අමාරුවටනේ ඕවා කියන්නේ.මම හිතන්නේ ඔයත් බයවෙලා පැරදුන මිනිහට මේ තරම් සෙනඟක් කොහෙන්ද කියලා නේද...... (නි)

:       0       0

නෙලුම් පුෂ්පසිරි Sunday, 20 March 2016 05:06 AM

නොදියුණු රටවල මේ විදිහට දේශපාලුවන්ට වන්දනා කිරීමේ වහල් පුරුද්ද පවතිනවා. කිව්වොත් කියන්නේ කිසිම තේරුමක් නැති දෙයක්මයි. (ර)

:       0       0

ප්‍රියා Monday, 21 March 2016 02:57 AM

නිම්මිලා වගේ වහල් චින්තනය තිබෙන මිනිස්සු 90%ක් ඉන්න මේ රට ගොඩගන්න බැහැ. කුවේණියත් ඒ කාලේ එහෙම කියන්න ඇති. මේක ජාතියේ ජාන වල වැරැද්දක්. (නි)

:       0       0

සුගත් Friday, 18 March 2016 07:07 PM

මොකක් හරි නමක් අටවාගෙන මාධ්‍ය සාකච්ඡා තියන්න විතරයි හුඟක් අය දන්නේ. බොරුවට කෑ ගහන්න එපා. මිනිස්සු තවම මහින්ද මහත්තයට ආදරෙයි.. (නි)

:       0       0

නිමල්ලන්ත්‍රා Friday, 18 March 2016 11:11 AM

හැම පක්ෂයකම තම නායකයන් අදහන අය ඉන්නවා. ඔයගොල්ලතෙහෙමනේ. ඔයගොල්ල අදහන්නෙත් විදේශිකයන්ගේ දෙසපාලනයනේ..(රේ)

:       0       0

ජයරත්න Friday, 18 March 2016 11:14 AM

ඔබ තුමන්ලාත් රැලියක් තියල බලන්න ඔබතුමන්ලාගෙ මතවාදය අදහන කීදෙනෙක් මේ රටේ ඉන්නවද කියල. ජනතාව අදහන දේශපාලකයො තමයි රටේ නායකත්වයට පත්වෙන්නෙ. එහෙම වෙන්න නම් රට දැයට සේවය කල යුතුයි..(රේ)

:       0       0

සෑම් Friday, 18 March 2016 11:15 AM

වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු කිව්වට කැඳවන්න වමක් තියෙනවද? මේ අයට ඔය කියන වම කැදවල පුලුවන්නම් 100 ක් එකතු කරන්ඩ කියමු බලන්ඩ..(රේ)

:       0       0

නිම්මි Friday, 18 March 2016 11:22 AM

ඉන්දික මොකද්ද මේ කේන්දරේ ...දැක්කෙත් අද (රේ)

:       0       0

ශානක Friday, 18 March 2016 11:27 AM

ඔව් චක්දිම දැක්කද යු.එන්. පී රැළියට ආපු ලංගම බස් හයිවේ එකේ මරැ නේද ??(රේ)

:       0       0

බමුණු Friday, 18 March 2016 11:31 AM

ඔහෙලාගේ රැළිත් ඔහේලව අදහන අයගේ ඒවා ඕක කියන්න තරම් දෙයක්ද? නැතුව රනිල් අදහන මිස්සු මහින්දට රැළි තියවිය.විකාර! (රේ)

:       0       0

කරුණාපාල Friday, 18 March 2016 11:32 AM

මේ යන විදිහටම තවත් කාලයක් ඉදිරියට ගියොත්, මහින්ද රාජපක්ෂ මහත්මයාව මිනිස්සු ඇත්තටම අදහන දවස වැඩි ඈතක නැහැ. ජනතාව ජන වරමක් දුන්නේ කලින් හිටි පාලකයින්ගේ වැරදි කියමින් රුපවාහිනිය ඉස්සරහට ඇවිදින් කයිවාරු ගගහා ඉන්න නෙමේ. වත්මන් ආණ්ඩුව වැඩ කරනවා වෙනුවට, වැඩ අනාගෙන අත ගගා ඉන්නවා කියල තමයි අපිට නම් පෙනෙන්නේ.(රේ)

:       0       0

බමුණු Friday, 18 March 2016 11:33 AM

ලෙස්ලි කව්ද හලෝ තනියම සටන් කොරන්නේ. අනුන්ගේ සටන් අස්සේ පස්ස දොරෙන් රිගපු මිනිස්සු ගැන මොනවද හිතෙන්නේ. (රේ)

:       0       0

නිමල් රාජපක්ෂ Friday, 18 March 2016 08:03 PM

ජනබලයට අපි බය නැහැ .නමුත් ඔය හොර නඩයට නැවත බලයට එන්න ජනතාව ඉඩක් තියලා නැහැ. මොනවා කළත් අපි මේ ආණ්ඩුව දිවිහිමියෙන් රැකගන්නවා. ඔය හොර නඩයට දියහැකි දඬුවම් ලබාදෙන ලෙස බලකරන සටන ළඟදීම අරඹන බවත් කියන්න කැමතියි (නි)

:       0       0

සිරි Friday, 18 March 2016 08:15 PM

මෙහෙම දෙයක් මේ ඇහුවමයි. මෙහෙම කෙනෙක් මේ දැක්කමයි (නි)

:       0       0

ශානක Saturday, 19 March 2016 08:44 AM

චන්දි, එතකොට මේ ආණ්ඩුවේ ඉන්නේ ඔක්කොම හොඳ අයද? (නි)

:       0       0

ඉන්දික Saturday, 19 March 2016 09:10 AM

කව්ද ‍මේ? මෙයාලත් එක්ක මොනවට පුවත්පත් සාකච්ඡා තියන්න ගියාද? (නි)

:       0       0

බමුණු Friday, 18 March 2016 11:46 AM

චන්දිමා බස් වලින් කාර්වලින් තමයි මිනිස්සු ගමන් බිමන් යන්නේ. අනික මහින්ද ගේ මිනිස්සු විතරද බත් පැකට් එකටයි අරක්කු බෝතලෙටයි රැළිවටල එන්නේ. අැයි අනික් පැත්තේ මිනිස්සු එන්නේ හිස් බඩින් යන්නද? රට ගැන කැකුමක් වැඩිපුර තිබෙන්නේ දකුණේ මිනිස්සුන්ට. නැතුව කොළොඹ අයට නොවෙයි. බොළඳ තර්ක නැතිව හොඳ තර්කයක් ඉදිරිපත් කොරන්න.(රේ)

:       0       0

බමුණු Friday, 18 March 2016 11:48 AM

කව්ද අනේ හැබැටම ඔයාලා. ලංකාවේද කියල ඇහව්වෙ ඇයි මනෝජ් මොකක්ද ප්‍රශ්නය? (රේ)

:       0       0

සරත් Saturday, 19 March 2016 09:25 AM

චන්දි, ඔයා බයට නේද කියවන්නේ සෙනඟ දැකලා? (නි)

:       0       0

අජිත් Saturday, 19 March 2016 09:30 AM

කව්ද බොලේ මේ? ඇයි ඔයාලට ඊර්ෂ්‍යාද? මහින්ද මහත්තයා කොහොමත් අදහන්න ඕනෑ තමයි. (නි)

:       0       0

බමුණු Friday, 18 March 2016 11:51 AM

ඉන්දික බඩගාන ඔහෙලට හතර ගාතෙන් යන අය දැක්කම ටිකක් ඉරිසියාවයි නේද?(රේ)

:       0       0

රන්ජිත් Friday, 18 March 2016 11:52 AM

බින්දු - දැන් නම් ඒ ලක්ෂ පනස්අටෙන් දැන් බත් කන උන් විතරයි ඉතුරුවෙලා ඇත්තේ. (රේ)

:       0       0

බමුණු Friday, 18 March 2016 11:54 AM

ඔව් සුමිත්‍රා උතුරේ අයට චන්ද බලය නොතිබුනානම් මනින්ද මහතා උඩින් දිනුම් රටින් කැල්ලක් ගියාම තමයි මහින්ද මහතාගේ අගය තේරෙන්නේ. (රේ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 18 March 2016 11:38 PM

මේ කව්ද? මොනවද කරන්න හදන්නේ? හීනෙන් බයවෙලාද? සාම, විකල්ප, ප්‍රතිපත්ති කේන්ද්‍ර වල ඉන්න බොහෝදෙනා මොකද මේ බයවෙලා? (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 18 March 2016 11:47 PM

රනිල් මහතා බලයෙන් වැටී ගෙදර ඉන්න කාලේ එතුමාව බලන්න කීදෙනෙක් ඔහුගේ ගෙදරට ගියද? දන්නා කෙනෙක් කියන්න. තව ටික දවසකින් ඔබට දුවන්න පාරත් මදිවෙනවා. (නි)

:       0       0

නිහාල් Friday, 18 March 2016 12:03 PM

කොටියාගේ බෝම්බ කෑල්ලක්හරි මෙයාලට වැදිලා තිබුනානම් මෙයාල මහින්ද ලගට යන්නේ බඩගාගෙන. දොහොත් මුදුන් දීගෙන.(රේ)

:       0       0

විජේසුන්දර Saturday, 19 March 2016 10:29 AM

වමේ කේන්ද්‍රය වගේම ඕකට අරයකුත් ඇතිනේ. අරය සහ කේන්ද්‍රය එක මත පිහිටා ඇති බවයි අපට නම් පෙනෙන්නේ (නි)

:       0       0

සෝමපාල Friday, 18 March 2016 12:09 PM

කව්ද මේ? බය වෙලාද නැත්නම් ඉරිසියාවද?(රේ)

:       0       0

නිලුපුලී Friday, 18 March 2016 12:15 PM

චන්දිමා, ඔය තරමට සෙනග ගෙන්න පුල්වනි නම් ඊට කලින් ආණ්ඩුවේ පෙලපලියටත් ගෙන්න එපාය? බස් ගෙනල්ලත් හිටියේ කොච්චරද? (ර)

:       0       0

බිමල් Friday, 18 March 2016 12:18 PM

ඔය අහුමුළුවල ඉඳන් කෑගහන්න රටක් ඉතුරු කරගන්ඩ නායකත්වය දුන්නේ කවුද කියන එක අමතක කරන්න එපා. (ර)

:       0       0

උපුල් Friday, 18 March 2016 12:20 PM

මහින්ද මහත්තයට ඡන්දෙ දුන්නු ලක්ෂ 58 කොහොමත් එතුමාව අදහගෙන තාමයි ඉන්නේ, මට නිකමට වගී කියන්නකො අපේ රටේ එහෙම හිතට දැනෙන වෙන නායකයෙක් ඉනවද...? (ර)

:       0       0

කෝසල Saturday, 19 March 2016 02:02 AM

කවුද අප්පේ මේ අළුත් කට්ටිය? කලින් දැකලත් නැහැ (නි)

:       0       0

චන්දි Saturday, 19 March 2016 02:47 AM

මහින්ද අදහන අය කොහෙද? මේ ආවේ ආණ්ඩු පෙරළිය නිසා පුද්ගලික වාසි නැතිවුණ අයයි. නීතියෙන් දඬුවම් ලැබීමට නියමිත අයයි. දැක්කේ නැද්ද ඉස්සරහින් හිටිය කට්ටිය? (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 18 March 2016 08:59 AM

රැස්වීමට ආපු සෙනග දැකලා බය වෙලාද. (ර)

:       0       0

සුරන් Friday, 18 March 2016 09:10 AM

ඔන්න ඉතින් කඩේ යන්න එනවා. කෙළවරේ එක මහත්තයෙකුට නින්දත් ගිහිල්ලා (නි)

:       0       0

නිමල් Friday, 18 March 2016 01:23 PM

අප සැවොම ඉගෙනගෙන ගෙන තිබෙනවා නියාම,මුලධර්ම ,නිරීක්ෂණ හරහා නිගමන කරා එලබීම වැනි කරුණු .කවුද හරි කොයි කෙනාද හරි කියන එක තර්කානුකුල නැහැ.කුමක්ද නිවැරදි කියල තේරුම් ගැනීමයි මිනිසුන් වශයෙන් අප කලයුත්තේ .අප වසර දහස් ගණනකට පෙර මානව සමාජය විසින් ප්‍රතික්ෂේප කරන ලද අසත්‍ය දේ පිළිකෙව් කොට සත්‍ය තේරුම් ගෙන ඒ වෙනුවෙන් පෙනී සිටින්න.නිදහසින් පසු පාලනය කල සියලුම ආණ්ඩු අද අපේ රට පත්කර ඇති කාලකන්නි තත්ත්වය තේරුම් ගන්න.(අ)

:       0       0

සුසන්ත Friday, 18 March 2016 09:10 AM

ඔව් ඉතින් අපිත් අදහනවා. මොකක්ද වැරැද්ද? (නි)

:       0       0

ඉන්දික Friday, 18 March 2016 09:12 AM

කවුද මේ අළුත් අය? අපි නම් අදමයි දැක්කේ (නි)

:       0       0

චන්ද Friday, 18 March 2016 09:12 AM

අශිෂ්ට සමාජයකට හුරුපුරුදු වූ අශ්ලීල මිනිස්සු ශිෂ්ට දේ පිළිකෙව් කරති. අශිෂ්ට දේම වැළඳගනිති. ශිෂ්ට මිනිසුන් සත්‍යය සාධාරණත්වය යහපත වෙනුවෙන් පෙනී හිටිති. හංසයා දියෙන් කිරි වෙන්කර බොන්නා සේ යහපත පමණක් අගය කරති. (නි)

:       0       0

සමන් Friday, 18 March 2016 01:38 PM

අදමය දැක්කේ. ඉන්න මුළු සාමාජික ඔක්කොම මෙතන ඉන්නවා වගේ . බයවෙච්ච පාර මේකෙන්ම පේනවා. (ර)

:       0       0

හැරල්ඩ් Friday, 18 March 2016 09:13 AM

කව්ද මේ? රට වෙනුවෙන් මොනවද මේ අය කරලා තියෙන්නේ? (නි)

:       0       0

බටන්ගල Saturday, 19 March 2016 03:57 AM

මහින්දට පක්ෂ සහ විරුද්ධ අයගේ අදහස් හැම එකක් ම බලපුවා මේ කාටත් අමතක වුන දෙයක් සටහන් කරන්න හිතුව. මහින්දට විරුද්ධව පළමු වෙඩිමුරය පත්තු කළේ විමල් වීරවංස. හේතුව ඒගොල්ල මහන්සි වෙලා පත්කරපු නායකයා වැරදි මාර්ගයේ යන නිසානේද? මොහුගේ අතින් ආර්ථික ඝාතක චෝදනාව ආවේ ඇයි? ඒකට කීදෙනෙක් සම්බන්ධ වුනාද කියන එක සහ මුදල් ගැන ඒකාලේ බලය තිබුනේ කාටද කියන එක ඔබගේ හෘද ශාක්ෂියෙන් විමසන්න.(බ)

:       0       0

අසංග Friday, 18 March 2016 09:18 AM

මෙතුමා කව්ද? නමවත් අහලා පුරුදු නැහැනේ (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Saturday, 19 March 2016 03:22 PM

රුසියාවට වඩා ලොකුයි ඊර්ෂ්‍යාව. (නි)

:       0       0

දිලිප් Friday, 18 March 2016 09:19 AM

එක පිරිසක් මහින්ද අදහනවා. තව පිරිසක් රනිල් අදහනවා. අන්ධ භක්තියෙන් රතු, කොළ, නිල් අදහනවා මිසක් රටට ඔබින වැඩපිළිවෙලක් ගැන හිතන්න, රටේ අනාගතයට සරිලන දෙයක් කරන්න එක්කෙනෙක්වත් නැහැ. රටේ අභාග්‍යක මහත! (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 18 March 2016 09:20 AM

තමන් "රජා " යැයි සිතා මානසික ලෝකයක තම සිතැගි පරිදි වසර ගණනාවක් තිස්සේ මහින්ද රට පාලනය කළා. සමහර අප්‍රිකානු රටවල පාලකයන් මෙන් නීතියට පටහැනි දේවලුත් කරමින්, ජීවිතාන්තය දක්වා "රජ ගෙදර" සුඛවිහරණය" බලාපොරොත්තු වෙමින් සිටි මහින්දට සහ එයාට හතර ගාතෙන් ගොස් වන්දනා කරන චක්ගෝල පිරිස නොසිතු අන්දමට මහින්දගේ පරාජය ඉවසා ගැනීමට බැරිව දැන් වියරු වැටි සිටීම හොඳින්ම පේනවා. (නි)

:       0       0

තිළිණ Friday, 18 March 2016 09:20 AM

වැඳිය යුතු අය සහ පිදියයුතු අය ගැන උපදෙස් දෙන මේ අය රටට කරපු විනාශයට වගකියන්නේ කවුද? ගොවියාගේ පොහොර ටික නැති වෙනකොට බදු වැඩි වෙනකොට ඇමතිවරු දීමනා වැඩි කරගන්නකොට ඇරුනේ නැති කට දැන් අරින්නේ ඇයි? (නි)

:       0       0

නිම්මි Saturday, 19 March 2016 03:45 PM

කවුද අනේ මේ? මහින්දව අදහන්නෙ නැතුව මෙයාලව අදහන්නද කියන්නේ? 8 වෙනිදා කළ වෙනස දැන් සැප ඇති. එ්කනේ දැන් රටම පාරේ. (නි)

:       0       0

සිල්වා Friday, 18 March 2016 02:11 PM

ආපු ජනතාව දැකලා බයවෙලාද.? (ර)

:       0       0

ලක්මාල් Friday, 18 March 2016 02:13 PM

මේ ගොල්ලන්ට පුලුවන්නම් 10 දෙනෙක් ගෙන්න ගන්න පුලුවන්ද ? (අ)

:       0       0

කසුන් Friday, 18 March 2016 09:23 AM

කතාව නම් හරි වගේ. හරිදේට අපි හරි කියන්න ඕනෑ (නි)

:       0       0

චානක Friday, 18 March 2016 09:24 AM

නියම කතාවක් මේක. මම නම් අගය කරනවා (නි)

:       0       0

සමන් Friday, 18 March 2016 09:26 AM

අපෝ මෙයාලා මේ ටිකට බයවෙලා තියන තරම. (නි)

:       0       0

ප්‍රියාන් Friday, 18 March 2016 09:27 AM

ඉරිසියාව සහ නොහැකියාව නිසා කියවන දේවල් අපි ගණන් ගන්නේ නැහැ මහත්තයෝ.. මහින්ද අදහන කට්ටියට පුළුවන් එහෙනම් ආණ්ඩු පෙරලන්න.. දැක්කේ නැද්ද ඇවිල්ල හිටපු ජනතාව. උත්සහ කරන්න ජනතාව එකතු කරගන්න. (ර)

:       0       0

ජයතු Friday, 18 March 2016 02:42 PM

මහින්ද සමග ජනතා මුදල් මංකොල්ල කැ අය තමයි රැස්විමෙි වැඩිපුරම හිටියේ. (අ)

:       0       0

රොකි Friday, 18 March 2016 02:55 PM

හිට්ලෙර්ට, බෙනිටෝ මුසොලිනිට , මාර්කොස්ට එහෙමත් ඔවුන් බලයෙන් වැටුනට පස්සෙත් අනුගාමිකයෝ හිටිය. ඒ ඔවුන්ගෙන් වාසි ගත් අය සහ අන්ධ භක්තික මෝඩයන් බව අද අපි පිලිගන්නවා. ලංකාවේ වුණත් එහෙම තමයි. අප්පච්ච මලා. දානේ දීල ඉවරයි. දැන් ඉතින් හීන දැකලා පලක් නැහැ!(අ)

:       0       0

ඩබී Friday, 18 March 2016 03:08 PM

කවදත් වමට බර අයගේ රැස්වීම් බලන්න එන ජනතාව වැඩියි.හැබැයි මේ එන ඔක්කොම ඡන්දය නම් දෙන්නේ නැත.එනිසා නිකම් මුල්වන්න එපා . (අ)

:       0       0

බන්ටි Friday, 18 March 2016 09:32 AM

ඇත්තටම ආපු සෙනග දැකලා බයවෙලා. දැන් ඉතින් මොකද කරන්නේ කියලා සාකච්ඡා කරනවා ඇති. තව කොහෙන් හරි ට්‍රාන්ස්ෆෝමරයක් කඩලා කියයි කඩාකප්පල්කාරී ක්‍රියාවක් කියලා. (ර)

:       0       0

ඉන්දික Friday, 18 March 2016 09:32 AM

සුමිත්‍රා බස්නායක ඔය සෙනග පෙන්නලා ඡන්දෙත් ගන්න හැදුව එත් ඡන්දෙ ලේබුනද. ඔය සෙනග පෙන්නුවට බලේ ගන්න බැහැ රටට හොර බොරු නොකර අවංක වෙන්න ඕන. අරක්කු වලට බත් පැකට් එකට එන පිරිසක් ඉන්නවා. (ර)

:       0       0

රොෂාන් කුරේ Friday, 18 March 2016 09:33 AM

සුමිත්‍රා බස්නායක, සෙනග ආපු හැටි මේකෙම දාලා තියෙනවා දැක්කේ නැද්ද ඇත්තටම? (ර)

:       0       0

මහින්ද Friday, 18 March 2016 03:30 PM

මොකද බයවෙලා.(රේ)

:       0       0

ඉන්දික Friday, 18 March 2016 09:34 AM

සෙනග දැක්කෙමි. බහුතරයක් හතර ගාතයෙන් යනවද දුටුවෙමි. හතර ගාතෙන් නිකන් යනු නොහැකිය. එයට උවමනා දේ සැපයිය යුතුය. (ර)

:       0       0

සංජීව Friday, 18 March 2016 09:34 AM

අදමයි දැක්කේ කව්ද මේ කට්ටිය. ලංකාවේ කොහෙද ඉන්නේ. (ර)

:       0       0

සමන් Friday, 18 March 2016 09:35 AM

මේ කවුද මේ? නින්දෙන් ඇහැරිලා වගෙයි. පුළුවන් නම් මං, මං විතරයි කියපු එකක පටිගතකළ විකාශයක් ගෙනවිත් දාන්න ඊළඟ දවසේ. අනිත් එක මෙයාලට මොකක්ද මහින්දගේ රැලියේ අදාළත්වය? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1770 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1109 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1663 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1157 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 621 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1142 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37970 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site