IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


හයිද්‍රාබාද් අවසන් සිවුදෙනා අතරට එයි

ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) පළමු කණ්ඩායම් හතරට පැමිණීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිල අද (19) සමත් විය. චෙන්නායි සුපර් කිංග්ස්, මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම් මීට පෙර අවසන් සිවුදෙනාට සුදුසුකම් ලබා සිටියහ.

පළමු වටයේ අවසන් තරගය මෙන්ම මෙවර තරගාවලියේ 72 වැනි තරගය ලෙස කොල්කටාහිදී අද පැවැති තරගයේදී කඩුලූ 5 කින් කොල්කටා නයිට් රයිඩර්ස් පිල පරාජය කරමින් හයිද්‍රාබාද් පිල අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේය.

චෙන්නායි  සහ මුම්බායි යන කණ්ඩායම් තරග 16 න් තරග 11 ක් ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 22 බැගින් ලබා ශූද්ධ ලකුණු වේගය අනුව පිළිවෙළින් පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගත්හ.

රාජස්ථාන් සහ හයිද්‍රාබාද් යන කණ්ඩායම් තරග 16 න් තරග 10 ක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 20 බැගින් හිමිකර ගනිමින් පිළිවෙළින් තෙවැනි සහ සිවුවැනි ස්ථාන වෙන්කර ගත්හ.

චෙන්නායි සහ මුම්බායි අතර අනිද්දා (21) පැවැත්වෙන තරගයෙන් ජය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි. රාජස්ථාන් සහ හයිද්‍රාබාද් අතර තරගය මේ මස 22 වැනිදා පැවැත්වේ.

රාජස්ථාන් සහ හයිද්‍රාබාද් අතර තරගයෙන් ජය ලබන කණ්ඩායම සහ චෙන්නායි සහ මුම්බායි අතර තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායම අතර මේ මස 24 වැනිදා කොල්කටාහිදී තරගයක් පැවැත්වෙයි. එම තරගයෙන් ජය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.

අවසන් මහ තරගය මේ මස 26 වැනිදා කොල්කටාහිදී පැවැත්වේ.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (18), කිංග්ස් XI, පංජාබ් (16), කොල්කටා නයිට් රයිඩර්ස් (12), පූනේ වෝරියස් (8) සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් (6) යන කණ්ඩායම් මෙවර තරගාවලියේ පස්වැනි ස්ථානයේ සිට නවවැනි ස්ථානයට පත්වූහ.

හයිද්‍රාබාද් පිල නියෝජනය කරන තිසර පෙරේරා විශිෂ්ට උඩ පන්දු දෙකක් රැකගනිමින්,  ඕවර හතරේදී ලකුණු 33 ට එක කඩුල්ලක් දවා ගත්තේය.

පළමු වටයේ 71 වැනි තරගය ලෙස පූනේහිදී ඊයේ පැවැති දිනයේ පළමු තරගයේදී පූනේ වෝරියස් පිල ලකුණු 38 කින් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පාරජය කළේය.

කොල්කටා නයිට් රයිඩර්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 7 ට 130 (මන්වින්ඩර් බිස්ලා 15, ජැක් කලිස් 24, යුසුෆ් පතාන් නොදැවී 49)

සන්රයිසස් හයිද්‍රාබාද් පිල  ඕවර 18.5 කදී කඩුලූ 5 ට 132 (පර්තිව් පටෙල් 47, ශීකර් දාවන් 42, ඩැරන් සැමී නොදැවී 17, ඉක්බාල් අබ්දුල්ලා 29/3)


තිසර පන්දු යවමින්...



අදහස් (0)

හයිද්‍රාබාද් අවසන් සිවුදෙනා අතරට එයි

අරුණ Monday, 20 May 2013 11:12 AM

අවසන් තරඟයෙදි තිසරට තරගයේ වීරයා වන්නට සුබ පතනවා.(ස)

:       0       0

සුදේශ් Tuesday, 21 May 2013 12:26 PM

සාර්ථකයි ...සාර්ථකයි ...

:       0       0

චන්දන Monday, 20 May 2013 12:19 PM

තිසර හදට සෙල්ලම් කරනවා.(ස)

:       0       0

යොහාන් Monday, 20 May 2013 02:15 PM

එටෝකොට අපේ සංගා කොහෙද? අනේ මම දන්නේ නැහැ මේවා (නි)

:       0       0

තත්සරණි Monday, 20 May 2013 07:43 PM

හයිද්‍රාබාදයට ජය. සංගා ඔබ අවංක නායකයෙක්. තිසර සංගා සමී , මේ ජයග්‍රහණයේ නියමුවන් (නි)

:       0       0

තලල්ලේ Monday, 20 May 2013 02:57 PM

තිසර හොදයි. කැමරන් වයිට් හරි නැහැ. සංගා හොදයි (නි)

:       0       0

බුද්ධික Monday, 20 May 2013 03:58 PM

අපිට මොකද අනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 102 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 439 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 95 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 477 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 301 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 867 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25116 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site