IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


හයිද්‍රාබාද් පිල සිවුවැනි ස්ථානයට එයි

ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 68 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (17 වැනිදා) පැවැති තීරණාත්මක තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් ක‍්‍රීඩකයෝ රාජස්ථාන් රෝයල්ස් පිලට එරෙහිව ලකුණු 23 ක ජයක් ලබමින් ප‍්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයට පැමිණීමට සමත් වූහ.

හයිද්‍රාබාද් පිල මෙම ජයග‍්‍රහණයත් සමග තරග 15 කදී ප‍්‍රසාද ලකුණු 18 ක් ලබා සිටියි. මෙම තරගයට පෙර අවසන් සිවුදෙනාට සුදුසුකම් ලබා සිටි රාජස්ථාන් පිල තරග 16 යේදී තරග 10 ක් ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 20 ක් ලබා තෙවැනි ස්ථානයේ පසු වෙයි. මුම්බායි සහ චෙන්නයි යන කණ්ඩායම් ප‍්‍රසාද ලකුණු 22 බැගින් ලබා ශූද්ධ ලකුණු වේගය අනුව පළමු සහ දෙවැනි ස්ථානවල රැදී සිටිති.

තරග 15 කට සහභාගි වී ප‍්‍රසාද ලකුණු 16 ලබා බැංගලෝර් පිල පස්වැනි ස්ථානයේ පසු වෙයි. බැංගලෝර් පිල අද (18) චෙන්නායි පිලට එරෙහිව සහභාගි වන අවසන් තරගය ජය ලබා හෙට (19) කොල්කටා පිලට එරෙහිව අවසන් තරගයෙන් හයිද්‍රාබාද් පිල පරාජයට පත්වුවහොත් අවසන් සිවුදෙනාට පැමිණීමට බැංගලෝර් පිලට ශුද්ධ ලකුණු වේගය අනුව අවස්ථාව තිබේ.

පළමු සහ දෙවැනි කණ්ඩායම බවට පත්ව එක තරගයකින් අවසන් මහ තරගයට පැමිණීමට පෙරමුණේ සිටින කණ්ඩායම් උත්සහ ගැනීම නිසා මේ වන විට තරගාවලිය උණුසුම් වී තිබේ.

සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 136 (හනුමා විහාරි 19, බිබ්ලාප් සමන්ත‍්‍රි 55, ඩැරන් සැමී 23, තිසර පෙරේරා නොදැවී 17, ජේම්ස් ෆයුක්නර් 16/5)

රාජස්ථාන් රෝයල්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 113 (රාහුල් ද්‍රාවිඞ් 25, කෙවින් කූපර් 26, ඬේන් ස්ටෙයින් 17/2, කරන් ශර්මා 33/2, අමිට් මිෂ්රා 8/2, තිසර පෙරේරා 25/2)

 



අදහස් (0)

හයිද්‍රාබාද් පිල සිවුවැනි ස්ථානයට එයි

සමීර සාලින්ද Saturday, 18 May 2013 11:50 AM

මොකද එහෙම කියන්නේ? චානක, සංගා මැච් දිනවනවා දැකලා නැද්ද? සංගා ලංකාවට කීර්තියක් ගෙනත් දීපු කෙනෙක්. එහෙම කතාකරන්න එපා (නි)

:       0       0

යොහාන් Monday, 20 May 2013 02:18 PM

කාට මොනවා ලැබුනත් මේ ගමන අයිපීඑල් එකෙන් තිසර හැරෙන්න අපේ අයියලා ඇදගෙනම නානවා (නි)

:       0       0

තාරක Monday, 20 May 2013 07:45 PM

සන්තෝසයි

:       0       0

යොහාන් Saturday, 18 May 2013 07:29 AM

සංඟාට අඩුතරමේ බංකුවේ වාඩි නොවී සෙමි ෆෛනේල්වත් සෙල්ලම් කරන්න දෙයිද?(නදී)

:       0       0

අහමඩ් සෆ්රාස් Saturday, 18 May 2013 07:45 AM

සංගක්කාර ඉවත් කළාට පසු 4 වෙනි ජයග්‍රහණය. අපේ අයට මේක අවසාන අය් පී එල් එක. දැන් ඉතින් උගන්ඩාවෙන් කෙනෙක් ලංකාවට ගෙන්නලා පුහුණුව දෙන්න තියෙන්නේ. (නි)

:       0       0

චානක Saturday, 18 May 2013 08:01 AM

සංගා, දැන්වත් තේරුම් ගන්න 20 - 20 ට , එක් දින තරග වලට ඔයා හරියන්නෙ නැහැ කියලා. (නි)

:       0       0

තලල්ලේ Saturday, 18 May 2013 08:44 AM

සංගක්කාර එක්දින තරග වලට හොදයි. හැබැයි 20 20 ට සංගා,මහේල,දිල්ෂාන්,චන්දිමාල්,තිරිමාන්න වගේ අය කව්රුත් හරියන නැහැ. ඒත් එයාලා එක්දින වලට හොදයි (නි)

:       0       0

සිල්වා. Saturday, 18 May 2013 09:04 AM

තිසර ඔබට අපේ සුබ පැතුම්.(ස)

:       0       0

චාමර Saturday, 18 May 2013 09:05 AM

මොකද සංගට එක්දින හරියන්නේ නැත්තේ? 20-20 පොඩ්ඩක් මදි.දන්නවද අද අයි.සී.සී. එකෙන් සංගට තියෙන තත්වේ? ලැබිල තියෙන සම්මාන, ප්‍රසාදය? එවැනි නායකයෙක්,ක්‍රීඩකයෙක් අපේ රටට ලැබීම ගැන අපි ආඩම්බර වෙන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 14 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 301 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 411 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 253 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 146 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


පානදුරේ වෙඩි තැබීමක්
2024 සැප්තැම්බර් මස 30 466 0

පානදුර පල්ලියමුල්ල දී අද (30) අලුයම පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38185 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25142 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site