කොට්ටාව හයිලෙවල් පාරේ දොළොස් මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අඩි 40ක් පමණ ගැඹුරට පොළොව කැපීම නිසා අවට නිවාස හා අනෙකුත් අතුරු මාර්ග රැසක් නායයාමේ අවදානමට ලක්ව ඇතැයි ලැබුණු පැමිණිලි අනුව මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එහි ඉදිකිරීම් අත්හිටුවා ඇත.
දොළොස් මහල් ගොඩනැගිල්ලක් ඉදිකර මුවාවෙන් පර්චස් 80ක පමණ ඉඩමේ අඩි 40ක් පමණ ගැඹුරට පස් කැපීමෙන් අවට නිවාසවලට ගමන් ගන්නා එක් මාර්ගයක් නායගොස් ඇති බවත් එහි භූගතව පිහිටි කළු ගල බෝර දමා පිපිරවීම හේතුවෙන් අවට පදිංචිකරුවන්ට ස්වසන රෝගපවා සෑදී ඇති බවත් දැඩි පරිසර හානියක් ද සිදුව ඇතැයි ද කියති.
ලැබුණු පැමිණිලි සලකා බලා මේ පිළිබඳ නීතිමය කටයුතු කිරීම සඳහා ඉදිකිරීම් අත්හිටුවන බවට ප්‍රාදේශිය ලේකම්වරයාගේ අත්සනින් යුත් ලිපියක් නිකුත් කැර ඇත.
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හයිලෙවල් පාරේ ගොඩනැගිල්ලෙන් මහජනයාට පීඩා
සෝමදාස Friday, 04 March 2016 04:55 AM
වැඩක් නවත්වන්න නිසි බලය තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටද? නාගරික සංවර්ධන අධිකාරියටද? අධිකරණයටද? (නි)
නන්දලාල් Friday, 04 March 2016 05:05 AM
සැළසුම අනුමත කරන්නෙත් ප්‍රාදේශීය සභාවෙන්ම තමයි. එතනදීම මේක නවත්තන්න තිබුනා. අතරමඟ මිනිසුන්ව අමාරුවෙ දාන්නෙ නැතුව. (නි)
චන්න බුවනක Thursday, 03 March 2016 03:46 PM
උඩ ගොඩනැගිල්ල ඉදි කලානම් හරිනේ. (ර)
ලෝගේෂ්වරන් Thursday, 03 March 2016 09:08 PM
ගොඩනැගිලි හදන එක හොඳයි. ආරක්ෂක පියවර ගන්න ඕනෑ. මේකේ ආරක්ෂක වැට නැහැ. ආරක්ෂක බැමි නැහැ. (නි)
ඉනෝකා Friday, 04 March 2016 07:08 AM
කැන්ගරු රටේ ඕනෑම ජනාකීර්ණ තැනක ගොඩනැගිලි හදනවා, කුරා කුහුඹුවෙකුටවත් අවහිරයක් නොවන ලෙස. සැළැස්ම බලාගෙන ඉන්නත් ලස්සනයි. (නි)
නන්දලාල් - ප්‍රංශය Thursday, 03 March 2016 09:57 PM
මොකද ඔච්චර යටට පොළොව හෑරුවේ? එහි සමූහ මිනීවළක්වත් තිබේ යැයි කියා ඔත්තුවක් නිසාවද්ද? නැත්නම් අර කොළඹ පිහිනුම් තටාකයේ වැලි හිස්කළා වගේ කරලා රත්තරන් ඉල්ලමක් හොයාගන්නද දන්නෙත් නැහැ. කෙසේ වුණත් මේ වගේ බලපත්‍ර දෙන්න කලින් හොඳට හොයාබැලීම කළයුතු වෙනවා (නි)
නන්දලාල් - ප්‍රංශය Thursday, 03 March 2016 10:00 PM
පහුගිය රජය සමයේ කළා වගේ ප්‍රභූන් වෙනුවෙන් ආරක්‍ෂිත භූගත බංකර හදන්නද දන්නෙ නැහැ මෙච්චර යටට පොළොව හෑරුවේ? (නි)
රන්ජිත් Thursday, 03 March 2016 11:43 PM
මෙවැනි ගොඩනැගිලි ඉදිරියට අවශ්‍ය වෙනවා. මේ තමයි නියම ක්‍රමය. (නි)
උපුල් Friday, 04 March 2016 02:10 AM
මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හොඳට හොයලා බලලා අපක්ෂපාතීව නම් මේක නැවැත්තුවේ, කමක් නැහැ. නමුත් කාගෙවත් බලපෑම් වලට යටවෙලා නම් වැඩ නවත්න්තන එපා. මහජනතාව අවදියෙන් ඉන්නේ. (නි)
ප්‍රියන්ත Friday, 04 March 2016 02:04 AM
දොළොස් මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ගැඹුරට පොළොව කැපීම අවශ්‍ය වෙනවා නේද? දන්නේ නැති නිසයි අහන්නේ (නි)
ඉමේෂ් Friday, 04 March 2016 02:07 AM
ඔහොම බැලුවොත් ඉතින් ගොඩනැගිලි හදන්න බැහැනේ. (නි)
නිශාන්ත Friday, 04 March 2016 02:16 AM
ප්‍රාදේශීය ලේකම් කාර්යාල සෑම එකක්ම, සෑම වැඩක්ම 100% ක් විනිවිදභාවයෙන්, බලපෑම් වලට නතු නොවී සාධාරණව කළයුතුයි. පොඩි මිනිහව දවස් ගණන් පැය ගණන් රස්තියාදු කරවන එක නම් වහාම නැවැත්විය යුතුයි. මේ අය බහුතරය හිතන්නේ අපි රස්සාවල් කරන්න නැහැ, කියන ඕනෑම දවදක කාර්යාලයට ඇවිල්ලා දවසම බලා ඉඳලා අද වෙලා නැහැ හෙට එන්න කිව්වහම ආයෙත් හෙටත් නිවාඩු දාලා එන්න පුළුවන් කියලයි. (නි)
උපුල් මාලදිවයින Friday, 04 March 2016 02:27 AM
සැළසුම අනුමත කරන්නෙත් ප්‍රාදේශීය සභාවෙන්ම තමයි. එතනදීම මේක නවත්තන්න තිබුනා. නැත්නම් වෙන විකල්ප ක්‍රමයක් පාදමට යොදන්න තිබුනා. නිලධාරීන් මුදලට යටවෙලා හොයන්නේ බලන්නේ නැතුව අනුමත කරනවා. මම හිතන්නේ පළමු වැරදිකාරයා වෙන්නේ සැළසුම අනුමතකළ නිලධාරියායි. (නි)
යසන්ත Friday, 04 March 2016 02:28 AM
හේතුවක් නැතුව,පොඩි මිනිහව දවස් ගණන් රස්තියාදු කරවන එකට අපිට කරන්න දෙයක් නැති නිසා අපි කරන්නේ උඩ ඉන්න දෙයියොම බලාගන්න ඕනෑ කියලා එතනින් එන එකයි. ඔවැනි ශාප සිය දහස් ගණනක් එකතු වුණාම කවදහරි වදිනවා වදිනවාමයි. ඒ තරම් වේදනාවකින් මේ ලියන්නේ. (නි)
යමුනා Friday, 04 March 2016 02:29 AM
වැඩ නවත්වන්න නම් හරිම දක්ෂයි. ඕවා හදන්න අවසර දෙනකොට සොයලා බලලා දෙන්න එපැයි. අතරමග වැඩ නවත්වනවා කියන්නේ මොන තරම් අමාරුවක වැටෙනවද? (නි)
නලින් Friday, 04 March 2016 04:22 AM
සැළසුම අනුමත කරන්න කලින් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හොයලා බලලා නෙමෙයිද අනුමැතිය දුන්නේ? අතරමග මේ වගේ ලොකු වැඩක් නවත්වන එක සාධාරණද? (බ)
ජෙහාන් Friday, 04 March 2016 04:36 AM
මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශක්‍යතා අධ්‍යන කරලා නැද්ද අනුමත කරන්න කලින්? මුද්දර ගාස්තු හා අනිකුත් ගාස්තු අය කරන එක නම් හරියට කෙරෙනවා. (ම)
චන්න බුවනක Friday, 04 March 2016 06:20 PM
මේ වගේ විශාල ඉදිකිරීම සඳහා නියමිත ප්‍රමිතියක් තිබෙනවා. එය අනුගමනය කර නැහැ. (නි)