IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හයිලෙවල් පාරේ ගමන් අද රෑට සීමාවෙයි

පන්නිපිටිය ධර්මපාල විදුහල අසල ඉදිකෙරෙන මගී ගුවන් පාලම හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ වාහන ගමනාගමනය අද (28) රාත්‍රී 10 සිට හෙට අලුයම දක්වා සීමා කෙරෙන බව රථවාහන පොලිසිය කියයි.

කොට්ටාව, පන්නිපිටිය ගුවන් පාලම අසල සිට කොට්ටාව දක්වා මෙසේ වාහන ගමනාගමනය සීමා කෙරෙන බවත් ඒ වෙනුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

 



අදහස් (0)

හයිලෙවල් පාරේ ගමන් අද රෑට සීමාවෙයි

සචිත් Sunday, 28 June 2015 08:42 AM

ඔය හන්දිය ගාව හයිලෙවල් පාර උඩින් යැව්වනම් මීට වඩා සෙතක් වෙනවා.(බ)

:       0       0

නිලාන් - කටාර් සිට Sunday, 28 June 2015 09:42 AM

ලීල්- ඔය කියපු කතාව අපේ යහපාලුවන්ට තේරෙන්නේ නැහැ , ඒ ගැන දන්නෙත් නැතුව ඇති. ගුවන් පාලම් ඉදි කරේ පසුගිය රජයෙන් "සිල්වා" ලංකාව ගැන මොකුත් නොදන්නා පාටයි. කැමතිනම් ලංකාවට ඇවිත් යන්න . කටුනායකින් බැහැලා අධිවේගී මාර්ගයේ කොට්ටාවට යන්න , කොට්ටාවෙන් අධිවේගී මාර්ගයේ මාතරට යන්න, වෙනස දකින්න. එතකොට ඔබට තේරෙයි. කව්ද ගුවන් පාලම් හැදුවේ කියලා. (බ)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 28 June 2015 08:48 PM

ලීල්, ඔබතුමාගේ මොලේ අවුල්වෙලා කරුණාකර මානසික වෛද්‍ය වරයෙකු හමු වන්න (නදී)

:       0       0

සිල්වා Sunday, 28 June 2015 10:27 AM

පසුගිය රජයේ හිටපු ඇමති ජෙරාජ් ප්‍රනාන්දුපුල්ලේ එංගලන්තෙන් පවුම් මිලියන 150 ගත්ත ගුවන් පාලම් 75ක් හදන්න නමුත් හැදුවේ 4යි එකක් ඇමුනුවා දෙහිවල නුගේගොඩ කැලණිය හැදුවේ ඒ මුදල් වලින් නමුත් ඉතිරිමුදල් වලට මොකද උනේ ?පාලම් 71 මුදල් සාක්කුවේ දාගත්ත මහින්ද රජය සම්පුර්ණ වගකීම් ගන්න ඕනි ඒ මුදල්වට ඒ වගේම ජනතා මුදල් අපහරණය කිරීම පිළිබදව කිසිම පරීක්ෂණයක් තවම පවත්වා නැහැ මේ වැනි ණය ගෙවන්නේ අපේ බදු මුදල් වලින්. (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 28 June 2015 10:48 AM

"ගයාන් "ඔබේ අදහස හොදයි, නමුත් එම සංකල්පය ගල්ෆ් රටවලට ගැලපෙනවා,ශ්‍රිලංකාවේ- කොළොඹ වැනි වැසි බහුල ප්‍රදේශයකට යොදාගැනීමට අපහසුය. මොකද වැසි ජලය කළමනාකරණයට වෙනම විදිමත් ක්‍රම වේදයක් තිබිය යුතුයි. එසේ නොවන්නම් වැසි ජලය ගලාගෙන ඇවිත් මහා මාර්ගය( පාලම් අවට ප්‍රදේශය) සම්පුර්ණයෙන් වතුරෙන් පිරෙනු ඇත. (බ)

:       0       0

ලීල් Sunday, 28 June 2015 11:04 AM

රටක මාර්ග පද්ධතිය දියුණු කළාම පාර කන්නද කියල අහන දේශපාලුවන්ට හා සාමාන්‍ය උදවියට දැනගන්න මේ ටික ලියන්නේ.....ඕනෑම රටක සිටිනවා වගේ අපේ රටෙත් ව්‍යාපාරිකයෝ ඉන්නවා...උදාහරණයකට කොළඹ කෙනෙක් ගමු.....අතීතයේදී එයාට මාතරට ගිහින් කොළඹ එන්න පැය 10 යක් යනවා....අද මාතරට ගිහින් එන්න යන්නේ පැය 3 යි....වෙලාව තියන නිසා එයා මාතර ව්‍යාපාර ආරම්භ කරලා රැකියා ඇතිකරලා මිනිසුන්න්ට කන්න දෙනවා.....පාර කන්න්නද කියල අහපු උන්ට මේ මනුස්සය පාර නිසා බත් කන්න දෙනවා....මේ ටික ජනතාවට තේරුම් නොකරන්නේ දේශපාලුවන්ගේ වාසියට.....2020 සේදී විසිපන්ලක්ෂයක් සංචාරකයෝ ලංකාවට එනකොට යාපනය , නුවර, ත්‍රිකුණාමලය අදිවේගී පාරවල වැඩ ඉවර කරන්න පුලුවන් වුණොත් මේ රට ලෝක ඉතිහාසයේ සංචාරක කේන්ද්‍රස්ථානය වෙනවා.......ජනතාව වෙනුවෙන් 1977 සිට ගත් සියලු ණය ගෙවන්න පටන් ගන්න පුළුවන් වෙනවා......2030 වෙනකොට රටේ ණයබර 50% කින් අඩුකරගන්න පුළුවන් වෙනවා.......කටුනායක, බියගම වගේ වෙළඳ කලාප වල ඉඩම් වෙන රටවල ව්‍යාපාරික ප්‍රජාවට 99 අවුරුදු බදු දීල තියනවා වගේ, හම්බන්තොට වරාය චීනයට දුන්නනම් එමුදලින්ම රටේ ණයබර 50% විතර අඩු කරගන්න තිබුණා. පොර්ට් සිටි හැදුවනම් කොළඹ පර්චස් එකක් රුපියල් කෝටි 40-50 යනවා.....ඊට සමානව වත්තල කඩවත,කඩුවෙල හෝමාගම, මොරටුව යන ප්‍රදේශවල ඉඩම් රුපියල් ලක්ෂ 50-60 යනවා......රටේ 2020 වෙනකොට රැකිය අර්බුදය නිමවෙනවා....ජනවාරි 8 වෙනිදා අපි නැති කරගත්තේ මේ වගේ ඔබ නොදත් වටිනා දේවල්...එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ නිශේද බලය තියන, අද ලෝකයේ විශාලතම මුදල් සංචිතය තියන, අනාගතයේ ලෝක බලවතා වන චීනයට පිටුපාල අපට ගොඩයන්න බැහැ. යහපලනේ මුදල් ඇමති නොයෙක් රටවලින් මුදල් ඉල්ලලා ලැබෙන්නේ නැතිකොට දැන් චීනයට ගිහින් ඉන්නේ මේ නිසාද කියල හිතෙනවා.... මේටික තේරුම් අරගෙන අදම නහින කුහක බලලෝබි දේශපාලකයෝ පාලිකාවෝ අගෝස්තුවේ එළවලා රට දැය ගැන හිතන අය තෝරාගන්න උගත් බුද්ධිමත් ජනතාව පෙලගැහෙන්න ඕන කලයි මේ.(බ)

:       0       0

බංඩාර Sunday, 28 June 2015 06:25 AM

ඕක ඉදි කළා කියල උදේට එහෙම විශේෂ සෙතක් වෙයි කියල හිතන්න අමාරුයි. මොරකැටිය හන්දිය නිසා සහ පාසල් වාහන නිසා තද බදය කොහොමත් තියෙනවා (නදී)

:       0       0

විමුක්ති Sunday, 28 June 2015 06:37 AM

බංඩාර, ඕක මහින්ද ඉදි කළා නම් මෙලහකට සතුට දෝරේ ගලලා (නදී)

:       0       0

ගයාන් Sunday, 28 June 2015 06:57 AM

දෙයක් කියන්නම් මෙයට අදාල කෙනෙක් දකී නම් ... ලංකාවේ තමයි විශාල ගණනක් වියදම් කරලා උඩින් ගුවන් පාලම් හදන්නේ ලොකු වාහන වලට යන්න හුගක් උඩට හදන්න වෙනවා ...හුගක් උඩට හැදුවම මිනිස්සුන්ට හුගක් මහන්සි නිසා කලෙකදී මිනිස්සු මේවයේ යන්නේ නෑ .... හැබැයි පාර යටින් දැම්මම අඩි 8 ක් ඉස්සුවත් ඇති නගින්න බහින්න තියෙන්නෙත් පොඩි පඩි ගානක් ... අනික වැස්සට තෙමෙන්නේ නෑ ...(බ)

:       0       0

ලීල් Sunday, 28 June 2015 07:07 AM

අද ලංකාදීපයට අනුව චීනය ආධාර කරන ව්‍යාපෘති සියල්ල නැවත ආරම්භ කරන්න කියල මෛත්‍රී මහත්තය කියල තියනවා... මෛත්‍රී මහත්තයට ඇත්ත තේරිල තියනවා...අද ලෝකයේ සල්ලි තියන රටවල් වලින් ඉදිරියෙන්ම තියෙන්නේ චීනය....බටහිරට ගැතිකම් කරන සමහර දේශපාලකයන්ට මේක තවම තේරෙන්නේ නැහැ...මේ අවුරුද්දේ ජනවාරි මාසයෙන් පසු චීනය පකිස්ථානයට ඇ ඩො මි. 42 ආධාර දීලතියනවා.....ලොකුවට කැගහන ඇමරිකාව කියන රට චීනයෙන් අරගෙන තියන ණය මුදල ඇහුවොත් මේ කියවන පාඨකයෝ පුදුම වේවී..එය මුදලින් ඇ ඩො ට්‍රිලියන 1.37........චීනයේ ණය නැතිව ඇමෙරිකාවට අද අයවැය පියවගන්න බැහැ .....දැන් කාටත් තේරෙනවා ඇති මහින්න්ද මහත්තය ගිය මග හරි කියල....වුන දේ වුනා.....කෙසේ හෝ විය යුත්තේ රට සංවර්ධනය කරා ගෙන යාමයි (බ)

:       0       0

රුවන් Sunday, 28 June 2015 07:22 AM

ලොකු දෙයක් මගී පාලමක් ධර්මපාල විද්‍යාලය ළඟ ඉදි කරන එක. පාසල් ළමුන් බොහොමයකට සෙතක් සැලසේවි. (බ)

:       0       0

සෑම් Sunday, 28 June 2015 07:27 AM

මහල්වරාව හන්දියේ ඉඳලා පන්නිපිටිය දක්වා ගුවන් මාර්ගයක් ඉදි කළොත් නම් විශාල සෙතක් වෙයි. ධර්මපාලයට යන වාහන සහ මොරකැටියෙන් හැරෙන වාහන වලට බිමින් යන්නත් අනිකුත් වාහන ගුවන් මගෙන් යන්නත් පහසුකම් ඇති කළොත් වාහන තදබදය ටිකක් අඩුවෙයි. (බ)

:       0       0

සිල්වා බර්ලින් Sunday, 28 June 2015 08:00 AM

කොළඹ නගරයේ වාහන තද බදය අඩු කරගන්න නම් (මගී ගුවන් පාලම නොවේ ), ගුවන් පාලම් 10 වත් ඉදිරි අවුරුදු 2-3 තුල ඉදිකළ යුතුය (බ)

:       0       0

සිල්වා - බර්ලින් Sunday, 28 June 2015 08:02 AM

මහින්දලා මේක කළා නම් අඩුම තරමේ වරුවක් විතර පාර වහල පෙරහැරකුත් ගිහිල්ල පාලමට කෙසේ වෙතත් විවෘත කිරීමේ උත්සවයට අඩුම තරමේ ලක්ෂ 50 වත් වියදම් කරාවී (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 625 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 236 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 692 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1926 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 235 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 2123 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35476 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24080 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 163 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 502 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site