(අංජුල මහික වීරරත්න)
දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම පිණිස උසස් ආරයේ ගවයන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
උසස් තත්ත්වයේ ජාන හැකියාවක් සහිත ගවයන් ලබා ගැනීම සඳහා 2023 හා 2024 වර්ෂ දෙකෙහිම රුපියල් මිලියන 100 බැගින් වෙන් කර තිබුණ ද, අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම සම්බන්ධයෙන් පැන නැගී තිබූ ගැටලු හේතුවෙන් අවශ්‍ය ගවයන් සපයා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇත.
එබැවින්, සෘජුවම රජයන් දෙකක් අතර සිදු කරනු ලබන ගනුදෙනුවක් වශයෙන් සුදුසු ගවයන් මිල දී ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් රටවල් කිහිපයකින් තොරතුරු විමසා ඇති අතර, පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීම යටතේ පාකිස්තාන වෙළෙඳ සංවර්ධන අධිකාරිය විසින් සහිචාල් හා නිලි රවී වර්ග වලට අයක් ශුක්‍රදායක පුං ගවයන් හත්දෙනෙකු (07) මෙරටට සැපයීමට එකඟතාව පළ කර තිබේ.
එසේම, පුං ගවයන් ආනයනය කර ගව ශුක්‍ර නිෂ්පාදනය කරන තෙක් සහිචාල් ගව ශුක්‍ර වඩි 20,000 ක් ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලයෙන් රජයකින් රජයකට ගනු දෙනුවක් ලෙස මිල දී ගැනීම යෝග්‍ය බවට තීරණය කරනු ලැබ ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා රජය හා පාකිස්තාන රජය අතර ගනුදෙනුවක් ලෙස සහිවාල් වර්ගයට අයත් පුං ගවයින් පස් දෙනෙකු (05) හා නිලි රවී වර්ගයට අයත් පුං ගවයන් දෙදෙනෙකු (02) මිල දී ගැනීමටත්, සහිවාල් ගව ශුක්‍ර වඩි 20,000 ක් ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලයෙන් රජයන් අතර ගනුදෙනුවක් ලෙස මිල දී ගැනීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාවට වැය වන විය හියදම් ගැන ආණ්ඩුව නිකුත් කළ සංඛ්‍යා ලේඛන වැරදි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් න
වැලි තොටුපොළකට බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ගත් බව කියන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනකු ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් බා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සහිත වාර්තා පාර්ලිමේන්තුවේ දිගහැරියද ඒවා මෙතෙක් සභාගත කර නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අම
විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බවට අඟවමින් ගොතටුව මාදින්නාගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි කාන්තාවකට ලිංගික අතවර කර නිවසේ හිමිකරුට පහර දුන් බව ක
ආසියානු සංවර්ධන බැංකුව ලංකා විදුලිබල මණ්ඩලයේ සංවර්ධන කටයුතු සඳහා ඩොලර් මිලියන 150 ක් හෙවත් ඩොලර් කෝටි 15 ක ණය මුදලක් සැපයීමට එකඟ වූ බව එම මණ්ඩලය පවසයි.
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
හරක් ආනයනය කරන්න කැබිනට් අනුමැතිය