IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


‘හරක් කටාගේ’ මත්ද්‍රව්‍ය ජාලය හඳුනාගන්න කණ්ඩායම් තුනක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හරක් කටා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය හඳුනාගෙන  ඊට සම්බන්ධ පුද්ගලයින්ට පියවර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය  යටතේ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ විශේෂ කණ්ඩායම් තුනක් පත් කිරීමට ද වැඩ බලන පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා විසින් පියවර ගෙන ඇතැයි පොලිස්  ආරංචි මාර්ග සඳහන් කරයි 

හරක් කටා සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් සමග පසුගියදා පොලිස් මූලස්ථානයේදී පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.

වැඩ බලන පොලිස්පතිවරයා විසින්   පත්කරන ලද  විශේෂ කණ්ඩායම් තුන පූර්ණ කාලීනව නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ  මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනවල නියැළීමට නියමිතය.



අදහස් (4)

‘හරක් කටාගේ’ මත්ද්‍රව්‍ය ජාලය හඳුනාගන්න කණ්ඩායම් තුනක්

නිමල් Thursday, 04 January 2024 07:03 PM

ඔය පුද්ගලයා ඉන්නේ අත්අඩංගුවේ නිසා ප්‍රශ්නකර තොරතුරු අනාවරණය කරගැනීමට අපහසු ඇයි කියා මට නම් නොතේරේ...

:       2       10

de silva Friday, 05 January 2024 07:57 AM

මොහු මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනීමැරුම් කළ බවට ඕනෑතරම් සාක්ෂි තිබෙනවා. මොහුට විරුද්ධව ඔය එක චෝදනාවකට හෝ කිහිපයකට නඩු පවරලා ඉක්මණින් නඩු සුදුසු දඬුවමක් දෙන්න. අපේ නීති පද්ධතියට බැරි මොකද? මාස ගණන් හොයහොයා ඉන්න ඕනේද?

:       0       0

නන්දන Friday, 05 January 2024 11:00 AM

හරක් කටා වැනි අයට ඔය ඉරණම අත්වෙලා ඇත්තේ ඔවුන්ගේ මාස්ටර්ලා හට අකීකරු වීම හේතුවෙන් හෝ මාස්ටර් ගේ උදහසට ලක්වීමෙන් විය යුතුයි. අපේ රටේ දක්ෂ පොලීසියට මේ හරක් කටෙක් ගැන සොයාගන්න එක මහ කජ්ජක් නෙවෙයි... නමුත් ඔවුන් මාස්ටර්ලාව ආරක්ෂා කරනවා... හොඳම උදාහරණය දැන් පවතින බෙහෙත් වංචා නඩුවේදී ඇමැතිට විරුද්ධව රහස් පොලිසියට දුන් කට උත්තරය සටහන් කර ගැනීම පවා රහස් පොලිසිය ප්‍රතික්ෂේප කළබව අධිකරණය තුළදීම හෙළිවීම අපි දැක්කා...

:       0       1

නන්දන Friday, 05 January 2024 06:48 PM

හරක් කටා වැනි අයට ඔය ඉරණම අත්වෙලා ඇත්තේ ඔවුන්ගේ මාස්ටර්ලා හට අකීකරු වීම හේතුවෙන් හෝ මාස්ටර්ගේ උදහසට ලක්වීමෙන් විය යුතුයි. අපේ රටේ දක්ෂ පොලීසියට මේ හරක් කටෙක් ගැන සොයාගන්න එක මහ කජ්ජක් නෙවෙයි. නමුත් ඔවුන් මාස්ටර්ලාව ආරක්ෂා කරනවා. හොඳම උදාහරණය දැන් පවතින බෙහෙත් වංචා නඩුවේදී ඇමැතිට විරුද්ධව රහස් පොලිසියට දුන් කට උත්තරය සටහන් කර ගැනීම පවා රහස් පොලිසිය ප්‍රතික්ෂේප කළබව අධිකරණය තුළදීම හෙළිවීම මෙම පත්‍රයේම අපි දැක්කා. ඕක ඔය විදියට ප්‍රසිද්ධ නොවුණා නම් පසුව කියාවී රහස් පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂණයේ දී ඇමැතිවරයාට විරුද්ධව කිසිම සාක්ෂියක් ඉදිරිපත් වී නොමැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 84 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 1333 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 951 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 539 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 359 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1314 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39224 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25610 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1096 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site