(ඉන්දිකා රාමනායක)
පෞද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට ගොස් සිටියදි පසුගියදා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටි මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සළිදු මල්ෂිත හෙවත් පානදුර සළිදු මෙරටට රැගෙන ඒම ගුවන් ගමන් ප්‍රමාදයක් හේතුවෙන් හෙට (15) දක්වා කල්ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මොවුන් දෙදෙනා අද (14) පෙරවරුවේ මෙරටට රැගෙන එමට නියමිත තිබුණද කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපොළේ පැය 12 ක ගුවන් ගමන් ප්‍රමාධයක් හේතුවෙන් මෙම තත්ත්ව උද්ගත වු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මැඩගස්කරයේ සිට කටුනායකට සෘජු ගුවන් ගමන් පහසුකම් නොමැතිකමින් කෙන්යාවේ සිට බුම්මාබයි දක්වා පැමිණ මුම්බායි සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
පැය 10 ක ගුවන් ගමන් ප්‍රමාධයකින් පසුව ඊයේ පිරිස මුම්බායි වෙත ගොස් තිබුණ ද මුම්බායි සිට කටුනායක බලා ගමන් ගන්නා ගුවන් යානය ඒ වනවිටත් පිටත්ව ගොස් ඇති හෙයින් සැකකරුවන් දෙදෙනා මෙරටට රැගෙන ඒම අද දක්වා කල්ගොස් ඇත.
සැකකරුවන් දෙදෙනා මෙරටට රැගෙන ඒම සදහා ඉකුත් (11) දින මෙරටින් මැඩගස්කරය බලා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ කාර්ය බලකාය කණ්ඩායම මැඩගස්කර පොලිස් නිලධාරීන් දෙදෙනකු ද සමග දැඩි ආරක්ෂාවක් යටතේ අද මෙරටට පැමිණීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග පවසයි
මොවුන් මෙරටට රැගෙන ඒමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ මර්දන සම්බන්ධයෙන් විමර්ශක සිදුකරන විශේෂ කණ්ඩායමක් සැකකරුවන් දෙදෙනා කටුනායක ගුවන් තොටින් බාර ගැනීමට නියමිතව ඇත.
පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හරක් කටා-පානදුර සළිදු මෙරටට රැගෙන ඒම හෙටට කල්යයි
SL Wednesday, 15 March 2023 09:24 AM
කළු කෝට් කාරයින්ගේ කල්ල මරේ, සුදු තොප්පි කාරයින් ගේ ත් කල්ල මරේ. කන්ජිපානි නාටකයේ දෙවෙනි අධියර !! කලුකොට්, සුදු තොප්පි පිහිටෙන් රටේ දරුවන්ට , කුඩු/ අයිස් !!!
Bunny Preena Wednesday, 15 March 2023 10:15 AM
ආරක්ෂාව හොඳටම තර කරලා මෙගොල්ලොන්ගේ ජිවිත වලට කිසිම හානියක් නොවෙන විදියට වැඩ කලයුතුයි.