IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


හිරගෙදර දී සැකකාරියන් පිරික්සන හැටි උසාවියට කියයි

හිර ගෙදරදී  බන්ධනාගාර නියාමකවරියන් නොවන අය සැකකාරියන්ගේ  ඇඳුම් ගලවා ඔවුන් සෝදිසි කරතියි  නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතාට පැමිණිලි කළේය.

බම්බලපිටියේ සම්බාහන ආයතනයක ගණිකා වෘත්තියේ යෙදවු බව කියන තායි කතක ඇතුළු කතුන් 14 දෙනෙක් වෙනුවෙන් පෙනී සිටි  නීතීඥවරයා පැවසුයේ ඔවුන් එම ආයතනයේ    සම්බාහන කණ්ඩායමේ සාමාජිකයින් බවයි.

සිරකාරියන් බාරව සිටි නියාමකවරියන්ගෙන් මහේස්ත්‍රාත් ප්‍රශ්න කළේ  හිර ගෙදරදී සිරකාරියන්ගේ ඇදුම් ඉවත් කැර  පරීක්ෂා කරන්නේද යන්නයි.

නියාමකවරියක පැවසුයේ රාජකාරියේ යෙදී සිටින හමුදා නිලධාරිනියන් එසේ කරන බවයි.

බම්බලපිටිය පොලීසිය උසාවිය හමුවේ කියා සිටියේ සම්බාහන ආයතන මුවාවෙන් මෙතැන ගණිකා නිවාසයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

 



අදහස් (50)

හිරගෙදර දී සැකකාරියන් පිරික්සන හැටි උසාවියට කියයි

ගයානි Tuesday, 12 August 2014 09:40 AM

දැන් කියන්නේ මේ සෝදිසි කිරීමේ රාජකාරිය අයිති උදවියට අමතරව එවැනි කටයුත්තක් තමන්ගේ රාජකාරි වැඩ වලට අයත් නොවුණ අයත් සෝදිසි කිරීමේ යෙදෙනවා කියන එක නේද? (නි)

:       0       0

රත්න Tuesday, 12 August 2014 10:06 AM

ඔය වගේ දේවල් වීඩියෝ කරලා මුළු ලෝකෙටම පෙන්නන්න පුලුවන් නම් හොඳයි. එහෙම කළා නම් සත්‍ය හෙළිවෙනවනේ (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 13 August 2014 06:48 AM

ගණිකා නිවාසයක් පවත්වා ඇත්නම් එයට විරුද්ධව නීති මඟින් කටයුතු කිරීම එක දෙයක්. රෝග ඇද්දැයි බැලීම වෛද්‍යවරුන්ගේ කාර්යයක්. යුද හමුදා සෙබළියන්ට මෙතැනදී සැකකාරියන්ගේ ඇදුම් ගළවා පරික්ෂා කිරීමට නියෝග කළ නිලදරුවා සිතාගෙන ඇත්තේ මෙම සැකකාරියන් චර්ම රෝග වලින් පෙළෙනබවක්වද්ද? (නි)

:       0       0

සේරම් Tuesday, 12 August 2014 10:12 AM

අනේ බටිති, ඔයාගේ මොළෙත් සෝදිසි කරගන්න (නි)

:       0       0

ගිහාන් Tuesday, 12 August 2014 10:17 AM

ඒ අනුව මෙම චෝදනාව හරි නේද? බන්ධනාගාර නියාමකවරියන් නොවන්නේ හමුදා නිලධාරිනියන් නොවේද? (නි)

:       0       0

වීරසිංහ Tuesday, 12 August 2014 08:55 PM

දේවින්දි, කාටවුණත් ආත්ම ගෞරවයක් තියෙනවා (නි)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Wednesday, 13 August 2014 07:22 AM

අමිල, ඇමරිකාව ගල් යුගයකට යනවා කියලද කියන්නෙ? (නි)

:       0       0

රත්නා Tuesday, 12 August 2014 11:12 AM

හැබැටම බන්දුල පෙරේරා කියන්නේ කොහොම කෙනෙක්ද? (නි)

:       0       0

ජස්මින් Tuesday, 12 August 2014 11:39 PM

සිරබාරයට ගැනීමට අවසර ලැබුණොත්, පරීක්ෂණයක් කර බැලීමේ වරදක් දකින්නට නැහැ. (නි)

:       0       0

කාන්ති Wednesday, 13 August 2014 12:58 AM

හොඳයි. දැන් එතකොට මේ පරීක්ෂා කිරීම කරන්න ඕනෑ කොහොමද? (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 13 August 2014 01:32 AM

කුමාර කියන්න හදන්නේ මොනවාද කියලා ම‍ට නම් තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

ජයන්ත Tuesday, 12 August 2014 12:05 PM

ඕවා පලදෙන්න ගියාම තමයි තේරෙන්නේ (නි)

:       0       0

රොෂාන් Wednesday, 13 August 2014 01:48 AM

දේවින්දි, කාන්ති මේ කියන්නෙ රිමාන්ඩ් බන්ධනාගාරය. තාම මොවුන් සැකකාරියන් විතරයි. කොහොමද වැරදිලාවත් ඔය වගේ තැනක් ළඟින් යද්දි ඔබවත් අල්ලාගෙන ගියොත් සැකකාරියක් විදිහට? (නි)

:       0       0

සිසිර Tuesday, 12 August 2014 12:14 PM

ඔයාලගේ ඇඟ නෙමෙයිනෙ එහෙම කරන්නේ. ඉතින් අදහස් දාන අයට කොහේද තේරෙන්නේ ඒකෙ අපහසුව (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 12 August 2014 12:33 PM

බන්දනාගාරය ඇතුලේ හමුදා නිලදරිනියනට තියන රාජකාරිය කුමක්ද? (නදී)

:       0       0

කුරුවිට Wednesday, 13 August 2014 03:27 AM

චන්ද්‍ර වීරසිංහ, කුමාරගේ ලිපිය නැවත කියවා බලන්න (නි)

:       0       0

ඇසළ Tuesday, 12 August 2014 01:45 PM

කවුරුත් නොදන්න සම්භාන නෝනලා.(අ)

:       0       0

ශිහාන් Tuesday, 12 August 2014 01:54 PM

අනේ මන්දා (නදී)

:       0       0

දේවින්දි Tuesday, 12 August 2014 02:14 PM

දන්නා සහ නොදන්නා දහස් ගණන් පිරිමින් ඉදිරියේ මුදලට නිරුවත් උන අයද දැන් ලජ්ජවෙන්නේ..? සමහරවිට පරික්ෂා කරනකොට සල්ලි හම්බ වෙන්නේ නැනේ..එක හින්ද වෙන්න ඇති..(අ)

:       0       0

සමරේ(ගාල්ල) Tuesday, 12 August 2014 06:31 AM

හිරගෙවල් ඇතුළේ වෙන දේවල් හරියටම දැනගන්න ක්‍රමයක් අපිට නැහැනේ. (නි)

:       0       0

මාලනී Tuesday, 12 August 2014 06:30 AM

ඒක තමයි. මේ පරීක්ෂා කිරීම කොහොමද කරන්නේ කියලා අපි දන්නෙ නැහැනේ..... (නි)

:       0       0

හේමන්ත Tuesday, 12 August 2014 06:32 AM

දැන් මෙතන මොකක්ද තිබෙන ගැටළුව? අවශ්‍ය දේ ඒ ආක‍ාරයෙන් කිරිමේ වැරැද්දක් තිබේද? (නි)

:       0       0

හේරත් Tuesday, 12 August 2014 06:34 AM

අනේ මන්දා, මේකේ වැරැද්දක් තියෙනවද කියලා මට නම් තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

පියුමි Tuesday, 12 August 2014 06:35 AM

කොහොමද මේ පරීක්ෂාකිරීම කරන්නේ? (නි)

:       0       0

තරිදු Tuesday, 12 August 2014 06:36 AM

මටත් බන්ධනාගාරයේ රැකියාවකට යන්න ඇත්නම් කියලා සිතුණා (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 12 August 2014 06:47 AM

මගේ මොලේ කචල් උනා මේක කියවද්දී.. (දිල්)

:       0       0

රන්ජිත් Tuesday, 12 August 2014 07:01 AM

වර්තමාන තාක්ෂණික ක්‍රම අනුව හොඳින් බලන්නේ නැතුව යමක් කියන්න බැහැ. සෝදිසි කිරීමේ වරදක් මම දකින්නේ නැහැ. (නි)

:       0       0

ජගත් Tuesday, 12 August 2014 07:01 AM

මොකක්ද ඔය ක්‍රමයේ ඇති ප්‍රශ්නය? (නි)

:       0       0

චන්දි Tuesday, 19 August 2014 03:29 PM

හිර ගෙදරට එන්නේ මොකටද මේ වගේ වෙන්ව දන්නවනම් වැරදි නොකර ඉන්න ඕනේ (අ)

:       0       0

කුමාර Tuesday, 12 August 2014 03:07 PM

බන්ධනාගාර වල ඇඳුම් ගලවා පරික්ෂා කරන එකේ වරදක් නැහැ. මොකද බන්ධනාගාරය තුලට නිති විරෝධි දේවල් රැගෙන යන විධි තියෙනවා. ඒ පිළිබද පරික්ෂා කරන්න වෙන්නේ ඒ නිසා. ගොඩක් අය දන්නේ නැ. ඒත් දුම්කොළ, හෙරොයින්, දුරකථන, සල්ලි වගේ දේවල් ගුද මාර්ගයේ. ඇදුම් වල සගවාගෙන බන්ධනාගාරය තුලට රැගෙන යන්න උත්සහ කරනවා. ඉතින් ඔය වගේ වැඩ කරන්න හොදයි. පරික්ෂා කරන්න නරකයි. වැරදි කරන්න හොදයි, දඩුවම් ලැබෙන එක වැරදියි(අ)

:       0       0

සඳරු Tuesday, 12 August 2014 07:25 AM

ගණිකා සේවයේ යෙදීමත් සේවනයත් වැරදියි නම් ඒක නවත්වන්න පැහැදිලි ක්‍රමවේදයක් ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ ඇයි? හිර ගෙදරදී පරික්ෂා කරන්න ඕනෑම නම් ඒක කරන්න වෙනවානේ. ඒක කරන්නේ නිලධාරිනියන් නිසා නීතිමය ගැටලුවකුත් නැහැ. (නි)

:       0       0

රොෂාන් Tuesday, 12 August 2014 07:35 AM

ප්‍රවෘත්තිය නිවැරදිව කියවන්න, එතකොට තේරෙයි. "බන්ධනාගාර නියාමකවරියන් නොවන අය " කොහොමද සිරකාරියන්ගේ ඇඳුම් ගලවා පරීක්ෂා කරන්නෙ? එහෙම පුළුවන් නම් කැමති ඕනෑම කෙනෙකුට ගොස් ඒ වැඩේ කරන්න පුළුවන්ද? ඕනෑම කෙනෙක් සැකකාරයෙක් / කාරියක් විදිහට අල්ලාගෙන යන්න පුළුවන් කියන එකත් හිතේ තියාගෙනම නැවත කියවලා බලන්න. (නි)

:       0       0

දසුන් Tuesday, 12 August 2014 07:44 AM

සැකකරුවෝ සහ හිරකරුවෝ කියන්නේ දෙකොටසක් සිරකරුවෝ එමවිදියට පරීක්ෂා කිරීම වැරද්දක් නැතිවුවත් සැකකරුවෙක් එමවිදියට පරීක්ෂා කිරීම අනුමත කිරීමට බෑ. (දිල්)

:       0       0

චමින්ද Tuesday, 12 August 2014 07:53 AM

සැබවින්ම ඇදුම් ගැලෙව්වහම ගණිකාවක්ද කියලා හොයා ගන්න පුළුවන් අපි නොදන්නා, ක්‍රමවේදයක් හමුදා නිලධාරිනියන් දන්නවද දන්නේ නැහැනේ. (නදී)

:       0       0

සඳරු Tuesday, 12 August 2014 08:09 AM

රාජකාරියේ යෙදී සිටින හමුදා නිලධාරිනියන් එ්ක කරන්නේ. අනවසරයෙන් නම් එතනට ගියේ කොහොමද? නියාමක වරියන්, සහ බන්ධනාගාර ඉහල නිලධාරීන් ඒ පිළිබඳව කටයුතු නොකරයිද? (නදී)

:       0       0

ගාමිණී - සිරිවර්දන Tuesday, 12 August 2014 08:11 AM

බන්ධනාගාර සේවයට හමුදා නිලධාරිනියන් අන්යුක්ත කරලා තිබෙන්නේ දැඩි විමර්ශනයට. එහෙත් හයිකාර රැඳවියන්ට මොබයිල්, ප්‍රනීත ආහාර , බොන දේවල් ලබා ගන්නා ක්‍රම හා විධි හදාගන්නවා. (නදී)

:       0       0

රාජිත Tuesday, 12 August 2014 08:14 AM

බන්දුල පෙරේරාට ඔබින රස්සාවක්. (නදී)

:       0       0

අමිල Tuesday, 12 August 2014 08:16 AM

ගල් යුගයට යන ශ්‍රී ලංකාව. මොනවද මේ රටේ වෙන්නේ. කොහොමද රටක් හැටියට ලෝකෙට පෙනී සිටින්නේ. වල් වැදුණු නීතියයි ජනතාවගේ අසහනකාරී හැසිරීම් කවුද මේවට වගකියන්නේ ? (නදී)

:       0       0

පතිරණ Tuesday, 12 August 2014 08:15 AM

රොෂාන් මහත්මයා, මෙතන වෙලා තියෙන්නේ යුද හමුදාව කැඳවලා තියෙන එක. යුද හමුදාව රාජකාරි කරන්නේ ඒ අයගේ ක්‍රමයට.(නදී)

:       0       0

සුදත් Tuesday, 12 August 2014 08:16 AM

මානව හිමිකම් ගැන කවරනම් කතාද ? (නදී)

:       0       0

කමල් Tuesday, 12 August 2014 08:19 AM

බෞද්ධයන් හැටියට ලැජ්ජා විය යුතුයි රටේ පිරිහීම ගැන (නදී)

:       0       0

සිඟිති Tuesday, 12 August 2014 08:27 AM

ගණිකා සේවයේ යෙදෙන දුප්පත් කාන්තාවන් අල්ලනවා වාගේම ඔවුන්ගේ පහස ලබන රටේ ඉහල පෙලේ අයවත් අල්ලනවානම් සාදාරනයි. බොහෝ විට මේවයේ පහස ලබන්නේ රටේ වැදගත් ඉහල නිලදාරීන් මැති ඇමති වරුන් (නදී)

:       0       0

බණ්ඩාර Tuesday, 12 August 2014 05:20 PM

හිරගෙදරට නීති විරෝධී දේවල් ගෙනියන්නේ හිරකාරයෝ නෙමෙයි. හිර ගෙවල් වල ඇතුළේ ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා ගිහින් ආ කෙනෙක්ගෙන්ම අහලා බලන්න ඕනෑ. (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 12 August 2014 08:56 AM

නියම වැඩේ තමයි ඒකත්... (නි)

:       0       0

ජොහාන් Tuesday, 12 August 2014 09:10 AM

මේවා සාමාන්‍ය දේවල්. මේ ළඟදී ඇමරිකාවේ බන්දනාගාර නිලදාරීන් ඉන්දියානු තානාපති නිලදාරිනියක් මීටත් වැඩිය නරක විදිහත් පරීක්ෂා කරලා තිබුනා. මේ ගැන ඉන්දියාවට ඇමෙරිකාව කීවේ එ්ක එයාලාගේ බන්දනාගාර ක්‍රමවේදය කියලා. අපේ කට්ටිය සම්බාහන සේවිකාවන්ගේ පත්වෘත්තාව රකින්න යනවා. (නදී)

:       0       0

කුසුම් Tuesday, 12 August 2014 09:14 AM

හිරේදී විතරක් නෙමේ, කොල්ලුපිටියේ තිබුන සම්භාහන මධ්‍යස්ථානයක සිටි කාන්තාවන් විශේෂ පරික්ෂාවකට ලක්කරන්න අපේ ඇමති වරයෙකුත් ගිහින් තිබුනා. එ්ත්, එතුමා ඒක කලේ රාජකාරි සෙල්ලමට නිසා "වච්චිල් " කියල එදා බේරුනා. (නදී)

:       0       0

අමිත් මේතන Tuesday, 12 August 2014 09:18 AM

මෙතන ඉන්න අය ඒක වැරදි විදිහට තේරුම් අරගෙන. බන්ධනාගාරගතවෙන් හැමෝවම මෙවගේ පරික්ෂා කරනවා. ඇමරිකාවෙත් එහෙමයි. මතකනේ තානාපති නිලධාරිනියක් වත් පරික්ෂා කරලා තිබුනා (නදී)

:       0       0

බටිති Tuesday, 12 August 2014 09:18 AM

සල්ලි වලට ඇඟ ව්කුනන්න හොදයි හිර ගෙදර සෝදිසි කරන කොට ඉන්න බෑ (නදී)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 12 August 2014 09:22 AM

අනේ මන්දා රට රස්සාව බල්ලට දාලා මටත් සෝදිසිකරන්න එන්න හිතෙනවා (නදී)

:       0       0

රොෂාන් Tuesday, 12 August 2014 09:40 AM

පතිරණ මහත්මයා, නීතියෙන් යුද හමුදාවට කාන්තාවකගේ හෝ පිරිමියෙකුගේ ඇඳුම් ගලවා පරීක්ෂා කිරීම බලාත්මකකොට තිබෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්තම් අනිවාර්‍යයෙන් ප්‍රශ්නයක්. ඒකයි නීතීඥවරයා ප්‍රශ්න කරන්නෙ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 85 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1935 2

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2251 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2944 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1298 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 278 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site