IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


හොරාගෙ අම්මත් අල්ලයි

ඩුුුබායි සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් එක්කෝටි තිස්තුන් ලක්ෂයක්  වටිනා රන් ආභරණ පාර්සලයක් සපත්තු මේස් තුළ සගවාගෙන  ගුවන්තොටුපලෙන් පිටකිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ගුවන්තොටුපළේ රාජකාරියේ නියුතු රේගු නිලධාරියෙකු පිළිබද  විශේෂ විමර්ශණයක් අරඹා ඇති බව  රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පවසයි.

 කිලෝග්‍රෑම් තුනකට ආසන්න බරකින් යුතු වු එම රන් ආභරණ තොගය පසුගිය  27 වෙනිදා කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 29 හැවරිදි තරුණයෙකු විසින් මෙරටට ගෙනවිත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ එදින රාජකාරියේ නියතුව සිටි  සැකකාර රේගු නිලධාරියාට බාර දී ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

රේගු නිලධාරියා විසින් රන්  ආභරණ පාර්සලය තම කකුලේ මේස් අස්සේ සගවාගෙන පැමිණීමේ පර්යන්තයට   යමින් සිටියදී  එය  බිමට වැටීම නිසා මෙම වංචා සහගත සිද්ධිය අනාවරණය වු  බව රේගුව කියයි.

පසුව කරන ලද විමර්ශණ වලින් අනතුරුව  ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රැදී සිටි කලූමුණේ තරුණයාද අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව දෙදෙනාවම   වැඩිදුර විමර්ශණ කටයුතු සදහා රේගු  විමර්ශණ ඒකකය වෙත බාර දී  ඇත.

 



අදහස් (0)

හොරාගෙ අම්මත් අල්ලයි

මුවා Sunday, 29 March 2015 05:58 AM

මේ රේගු අධිකාරීයේ ලොක්කෙක් කියන තනතුරේ ඉන්න කෙනෙක්. මම දන්නවා මෙයාව.(දිල්)

:       0       0

යෝෂිත Sunday, 29 March 2015 06:04 AM

මෙයා මීට කළින් මොනවා ගෙනිහින් ද දන්නේ නෑ . රටේ නිතිය රකින්න ඉන්න මේ වගේ අයද? මෙයා එක්ක ඉන්න අනික් කට්ටිය ගැනත් පරීක්ෂාවෙන් ඉන්න මොකද මෙයාමේක තනියම කළා වෙන්න බෑ (දිල්)

:       0       0

ජනක Sunday, 29 March 2015 06:12 AM

මේ විදයට තව මොන මොන වැරදි කරන්න ඇතිද?(දිල්)

:       0       0

කුලරත්න Sunday, 29 March 2015 06:14 AM

රේගුවේ ඉන්නේ මේ වගේ හොරු තමා. පුළුවන් කෙනෙක් ඉන්නවනං ඇවිල්ල බලන්න ව්‍යාපාරිකයන්ගේ සල්ලි අරන් පොඩි ඩියුටියක් ගහලා පාස් කරන බඩු තොගේ. මෙයාලා දවසට ලක්ෂ 2ක් විතර එක්කෙනෙක් හොයනවලු හොරකන් කරලා (ම)

:       0       0

ප්‍රසන්න Sunday, 29 March 2015 06:17 AM

රේගුවේ වෙන හොර අල්ලන්න වෙනම රේගුවක් හදන්න ඕන .(ම)

:       0       0

රූපවතී Sunday, 29 March 2015 06:50 AM

දුෂිතයින්ට ස්වභාව ධර්මය හෝ දඩුවම් දෙත්වා ...!!!(දිල්)

:       0       0

සාමා Sunday, 29 March 2015 07:01 AM

රේගුවේ කෙනෙක් හොරකම් කළත් අල්ලලා තියෙන්නේ රේගුවෙන්මනේ, හැමෝම හොරුනම් මේක හෙළිකරයිද? ඉරිසියාවට බනින එක වැරදියි. (දිල්)

:       0       0

ඉසුරන්දි Sunday, 29 March 2015 07:17 AM

තවමත් පරණ පුටුමනේ රත්වේවි තියෙන්නේ.එකයි ඔය.(ම)

:       0       0

ගාමිණී Sunday, 29 March 2015 07:20 AM

මම රේගුවේ එකෙක් මේක අහු වෙලා තියෙන්නේ මෙයාගේ තරහකාර නිලධාරියෙක්ට, ප්‍රධාන රේගු පරීක්ෂක කෙනෙක්ට, හොරකන් කරන ගමන් පාට් දාල මෙයා මේ නිලධාරියට. පස්සේ අහු උනාම කිවලු ලක්ෂ 50 දෙන්නන් කියල. මේක හැමෝටම හොඳ පාඩමක් ගොඩක් රේගුවේ ලොක්කෝ හිතන් ඉන්නේ හොරකම් කරලා හම්බු කරපු සල්ලි නිසා ලොක්කෝ කියල. හැබැයි පොඩි මිනිහ ශේප් එකේ තියාගත්තේ නැත්තන් එයාලත් නැතිවෙනවා කියන්න හොඳ උදාහරණයක්‌ (බ)

:       0       0

කැළුම් Sunday, 29 March 2015 07:28 AM

ඔන්න බලන්න මූ අාපහු රස්සාවට ගන්නවා. (බ)

:       0       0

ජානකි Sunday, 29 March 2015 08:01 AM

ලොකු ලොක්කන් තමයි මේ හැම දෙයක්ම කරන්නේ (දිල්)

:       0       0

ජානකී Sunday, 29 March 2015 08:06 AM

තරාතිරම කොහොම වුණත් නිසි දඩුවම් දිය යුතුයි (දිල්)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Sunday, 29 March 2015 09:09 AM

රේගු නිලධාරීන් ඔක්කොම එකයි. මේ අයගේ ගෙවල් මාලිගා වගේ. (දිල්)

:       0       0

කුරුවිට Sunday, 29 March 2015 09:35 AM

මීට පෙර කොච්චර මෙහෙම යන්න ඇද්ද? (ම)

:       0       0

මාකාවිට කුමාරි Sunday, 29 March 2015 09:51 AM

මාගේ පවුලේ නෑදෑයකු වන කෙනෙක් අවුරුදු 30 කට කලින් රේගු නිලධාරියෙක් වශයෙන් පත් වීමක් ලැබුවා , එ්කට ඔහුට තිබුනේ දෑවැද්දට ලැබුණු ඉඩම සහිත පොඩි ගෙයකුත් , පරණ මෝටර් සයිකලයකුත් පමණය , දැන් ඔහුට පොල් ඉඩම් තේ වතු සහ කොළඹ පවා ඉතා වටිනා ගෙවල් කිහිපයක හිමි කරුවෙක් , අලුත්ම වටිනා වාහන කිහිපයක්ද තිබෙනවා , මේවා කොහොම ලැබුනද අප පවුලේ සියලු දෙනාම පුදුමය දක්වති (බ)

:       0       0

ධම්ම Sunday, 29 March 2015 11:56 AM

මාකාවිට කුමාරිගේ ඉරිසියාවේ තරම! (බ)

:       0       0

නුවන් Sunday, 29 March 2015 02:50 PM

සහකාර රේගු අධිකාරී කෙනෙක්ගේ ආරම්භක මුලික වැටුප 16,000 ක් පමණ වෙනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 147 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 103 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 104 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 511 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1012 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1076 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38089 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site