IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


හොරාටත් දොස්තරගේ හදවත උණු වේ

කුරුණෑගල රෝහලේ දීපා අමරසේකර විශේෂඥ වෛද්‍යවරියගේ ජී පී එස් චන්ද්‍රිකා තාක්ණය සහිත  අයි ෆෝනය කඩවත කුරුණෑගල බසයකදී සොරකම් කර පැය අටක් යන්නට පෙර කුරුණෑගල පොලීසිය විසින් සොයා ගැනිණි.

ඇගේ අයි ෆෝනයේ වටිනාකම රුපියල් ලක්ෂයකි.

එහෙත් දුරකතනය සොරකම් කළැයි කියන පුද්ගලයාගේ  දියණියගේ අන්ධ භාවයත්, මවගේ පිළිකා රෝග තත්ත්වයත්  සැලැකිල්ලට ගත් වෛද්‍යවරිය ඔහුට දඩුවම් කරනු වෙනුවට එම දෙදෙනාට ප්‍රතිකාර කිරීමට පියවර ගත්තාය.

ජී පී එස් තාක්ෂණය  ඇති දුරකතනයක් ඇති තැන හෝ එය පාවිච්චි කරන පුද්ගලයා සිටින තැන සොයා ගැනීම ඉතා පහසු කාර්යයකි.

 

 

 



අදහස් (0)

හොරාටත් දොස්තරගේ හදවත උණු වේ

මාධවී Monday, 04 November 2013 11:09 AM

කොහෙද ලොකු පොඩි කියල රැකියා තියෙන්නේ.හැමෝම බඩගොස්තරේ හොයා ගන්නනේ රැකියාවක් කරන්නේ.ඕනෑම රැකියාවක් එය කරන පුද්ගලයට වටිනවා. අපේ රට විතරක් නෙමේ මිනිසුන්ගේ අදහසුත් සැහෙන කලෙක පටන් සංවර්ධනය වෙමින් පවතිනවා වගේ. (ස)

:       0       0

රණසිංහ Friday, 01 November 2013 07:03 AM

නිමල් මහත්තයා වගේ අය බොහොමයි අපේ රටේ (නි)

:       0       0

නදීන්ද්‍ර Friday, 01 November 2013 08:34 AM

ලංකාවේ අපි හැම තිස්සෙම බලන්නේ කොතනද අඩුපාඩුවක් තියෙන්නේ කියලා. මේ නෝනා මහත්මිය කරල තියෙන්නෙ හොඳ දේ නොපෙනෙන මිනිසුන්නේ කණ්නාඩි යලගට ගිහින් බලන්න ඔබේ හා හොරාගේ වෙනසක් නෑ නේද කියල. ඔබ තුමියට අපේ ආචාරය (ස)

:       0       0

නිමල් Thursday, 31 October 2013 12:02 PM

හොඳ වැඩක්.අනිත් දොස්තර මහත්වරුත් ආදර්ශයට ගත්තා නම් තමා හොඳ. දවසක් නොමිලේ වැඩ කරමුද අවුරුද්දකට - පිනට. (ස)

:       0       0

මොහාන් Thursday, 31 October 2013 12:05 PM

දොස්තර හොද හිත (නි)

:       0       0

රනා Thursday, 31 October 2013 12:10 PM

සැමට ආදර්ශයක් මනුතාපයේ පියනමගේ කතාව සිහිවේ. මිනිසුන්ට වෛර නොකරන සැමහට යහපතක්ම සිදුවේ. (නි)

:       0       0

ජයම්පති Thursday, 31 October 2013 05:51 PM

කුමාරිහාමි නොදන්නා දේවල් ගොඩාක් තියෙනවා වගේ. (නි)

:       0       0

ප්‍රගීත් Thursday, 31 October 2013 12:20 PM

ඇන්ඩ්‍රෝයිඩ් අයි ෆෝනය??? මොකක්ද බොලේ ඒ? (ස)

:       0       0

සුරංග Thursday, 31 October 2013 12:22 PM

නියම දොස්තරවරියක්. හැමෝම මෙහෙම උනා නම් ? ඒත් එතකොට හොරකම් වැඩි වේවි.... (ස)

:       0       0

බාලසූරිය Thursday, 31 October 2013 12:29 PM

ලංකා මාතාවට ලැබී ඇති මනුස්සකම හඳුනන දුවට අපේ ආශීර්වාදය සදා කල් ලැබේවා !!!! (ස)

:       0       0

ජයම්පති Thursday, 31 October 2013 12:29 PM

නිමල්, ප්‍රසිද්ධියේ පල නොකලට ගොඩාක් වෛද්‍යවරු ඉන්නවා මේ විදිහේ වැඩ කරන. (ස)

:       0       0

චුල - කුවේට් Friday, 01 November 2013 09:53 AM

අසා සහ ප්‍රගීත් මෝඩ කතා නොලියා, හොඳ දෙයට අගය කරන්න පුරුදු වෙන්න. (ස)

:       0       0

පවිත්‍රා ධර්මප්‍රිය. Thursday, 31 October 2013 12:31 PM

ඇන්ඩ්‍රෝයිඩ් අයි ෆෝන් ලංකාවෙද හදන්නේ? (ස)

:       0       0

අසා Thursday, 31 October 2013 12:32 PM

ඇන්ඩ්‍රෝයිඩ් අයි ෆෝනය??? (ස)

:       0       0

දිනේෂ් ශ්‍රී Thursday, 31 October 2013 12:33 PM

වෛද්‍යවරු කියන්නේ යක්කු කියලා හිතන කව්රු හරි ඉන්නවා නම් ඒක වැරදියි සුරංග. බහුතරයක් වෛද්‍යවරු දෙවියන් වගේ මිනිස්සු. එහෙමත් එක්කෙනෙක් තමා සල්ලි පස්සෙම යන්නේ. නිමල් ඔයාගේ යෝජනාවත් හොදයි. වෛද්‍යවරුන්ගෙන් කරන කාරුණික ඉල්ලීමක් පුද්ගලික චැනල් මධ්‍යස්ථානවලදී ඔබතුමන්ලා අයකරන ගාස්තුව ටිකක් අඩු කරන්න පුලුවන් නම් ඒක ඔබතුමන්ලා කරන තවත් උතුම් සේවයක්. (නි)

:       0       0

කුමාරි Thursday, 31 October 2013 12:35 PM

දොස්තර මහත්තයාට ජය වේවා! (නි)

:       0       0

පුබුදු Thursday, 31 October 2013 12:40 PM

මෙම සත් ක්‍රියාව කිරීමට සිත පහල වීමට එතුමියගේ දෙමාපියන්ගේ මඟ පෙන්වීම මත සිදුවීමක්. සිල්යලටම පින් සිදු වෙනවා !!!!! (ස)

:       0       0

රෝහණ Thursday, 31 October 2013 12:44 PM

එතුමිය බෞද්ධ දර්ශනයේ උතුම් පාඨයක් වන ක්‍රෝධය ක්‍රෝධයෙන් නොසන්සිඳේ. වෛරය වෛරයෙන් නොසන්සිඳේ යන්න මනාවට ඔප්පු කිරීම තමන්ගේ වෛද්‍ය වෘත්තියටත් උගත්කමටත් මනා ලෙස ගෞරව කරලා තිබීම ආඩම්බරයක්. (ස)

:       0       0

රොෂාන් Thursday, 31 October 2013 12:54 PM

"ජී පී එස් තාක්ෂණය ඇති දුරකතනයක් ඇති තැන සොයා ගැනීම ඉතා පහසු කාර්යයකි." ඕනෑම ජී පී එස් සහිත දුරකතනයක් මෙලෙස පහසුවෙන් සොයා ගත නොහැක. ඒ සඳහා වෙනම වූ ආරක්ෂණ පද්ධති ඇත. ඒවා සක්‍රීය කල යුතුය. නමුත් මා දන්නා පරිදි ඕනෑම දුරකතනයක් පොලීසිය හරහා දුරකතන සේවා සලසන ආයතන සමඟ සම්බන්ධවීමෙන් සොයාගත හැක. (ස)

:       0       0

ශ්‍රී ලංකා Thursday, 31 October 2013 07:15 PM

කුමාරිහාමි, ඔයා දන්නේ නැතුවට දොස්තරලා ඕනෑතරම් බස්වල වැඩට යනවා. (නි)

:       0       0

කුමාරිහාමි Thursday, 31 October 2013 12:59 PM

කඩවත කුරුණෑගල බස් තියෙනවා කියල අදමයි ඇහුවේ. කඩවත කොළඹ වෙන්නැති. විශේෂඥ වෛද්‍යවරියක් බස් එකේ ගියා කියලත් ඔය ඇහුවමයි. (ස)

:       0       0

සම්පත් Thursday, 31 October 2013 01:11 PM

කරලා තිබෙන වැඩේ හොදයි. හැමෝටම දැනගන්න මෙහෙම දාන එකත් හොදයි. (නි)

:       0       0

ජයතිලක Thursday, 31 October 2013 01:15 PM

හිස නමා ආචාර කරමි (නි)

:       0       0

පද්මිණි Friday, 01 November 2013 11:17 AM

මම ගිය අලුත දොස්තර හමුවීමට ගිහින් වේටින් රූම් එකේ ඉන්න කොට දැක්කා එහා පැත්තෙ කතිර බෑගයක් එල්ලගෙන බයිසිකලේ ඇවිල්ල කෙනෙක් ඇතුල් වුණා. ටික වෙලාවකින් සුදු ලෝගුව දමා ගෙන ඇවිත් මාව කැදවාගෙන ගියා . එයා තමා පැරිසියේ මම ගිය රෝහලේ එම අංශයේ ස්පෙෂලිස්ට්. (ස)

:       0       0

චන්දි Thursday, 31 October 2013 01:27 PM

මේ දොස්තර වරියට විතරක් නෙමෙයි මටත් දුක හිතුන හොරාගේ අම්මයි, නංගියි ගැන ''ඒත්'' හොරකම් කරන එක හොඳ වැඩක් නෙමෙයිනේ..!! මේ වගේ දුප්පත් අසරණ මිනිස්සුන්ට කුමක් හෝ රැකියාවක් දෙන්න පුළුවන් කෙනෙක් රැකියාවක් දෙනවා නම් උතුම් පිනකි ....!! (ස)

:       0       0

මහේෂ් Thursday, 31 October 2013 01:53 PM

ආදර්ශමත් ක්‍රියාවක්, ලංකාවේ දොස්තරලා බහුතරයක් කරුණාවන්ත, දක්ෂ දොස්තරලා. (ස)

:       0       0

තල්හෙනේ සෝමාරාම Thursday, 31 October 2013 02:05 PM

මිනිසුන් අතර සිටින දෙවි දෙවාතාවන් වැනි අය කියන්නේ මෙවැනි අයටය . මෙය අප රටේ සිටිනා මුදල් වෙනුවෙන්ම සේවය කරනා අනික් අයටද වැටහෙනවා නම් ඉමහත්ය. (ස)

:       0       0

අකිල Thursday, 31 October 2013 02:08 PM

ඒකනේ කුමාරිහාමි විශේෂඥ වෛද්‍යවරියක් බස් එකේ ගියා කියලා ඇහැව්වමයි. කොහොම උනත් හොඳ වැඩක් කරලා තියෙන්නේ. (ස)

:       0       0

පතිරාජ Thursday, 31 October 2013 02:11 PM

කුමාරිහාමි ඔයාලට පේන්නෙම අනුන්ගෙ වැරදි තමා නේද?? මෙතන එයා ගිය බසෙක කොහෙටද ‍යන්නෙ.බස් එකේ ගියේ මොකටද කියලා නොවෙ අපි බලන්න ඔනෙ.ක‍රලා තියෙන්නෙ හොඳ දෙයක්. අපි අගේ කරන්න ඕනෙ. (ස)

:       0       0

සුරංග Wednesday, 06 November 2013 09:40 PM

ඔය දුරකතනයේ බැටරිය නැහැ. හොරාට එය ඕෆ් කරන්න දන්නේ නැහැ. ඒක ටිකක් වෙනස් මොඩ්ල් එකක්. ඒක තමා ඕක හොයාගෙන තියෙන්නේ සිග්නල් වලින්. (නි)

:       0       0

කැනඩා දිසා Friday, 01 November 2013 11:48 AM

අයි පෝන් 5 කොහොමද වැඩ. (ස)

:       0       0

ලංකා Thursday, 31 October 2013 09:16 PM

ජී.පී.එස් තිබ්බා කියලා ෆෝන් හොයාගන්න බෑ, ඒවාට ආරක්ෂක උපක්‍රම සක්‍රීය කරගෙන තියෙන්න ඕනි.... (නදී)

:       0       0

ලංකා Thursday, 31 October 2013 09:16 PM

ජී.පී.එස් තිබ්බා කියලා ෆෝන් හොයාගන්න බෑ, ඒවාට ආරක්ෂක උපක්‍රම සක්‍රීය කරගෙන තියෙන්න ඕනි.... (නදී)

:       0       0

චන්දි Thursday, 31 October 2013 02:23 PM

පතිරාජ, ඔබ හරියට හරි, හොඳ දේ අගය කල යුතුයි .., (ස)

:       0       0

චමින්ද Thursday, 31 October 2013 02:30 PM

දොස්තර නෝනගේ තීරණය නම් හුඟක් අගය කරනවා. (ස)

:       0       0

කුමාරි Thursday, 31 October 2013 02:38 PM

වන සිව් පාවුන් වැනි මිනිසුන් මැද..... දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත........ කුමාරිහාමි, සමහර අයට අනුන්ගෙ ඇහේ තියෙන සියුම්ම දේ වුනත් පේනවා.ඒත් තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලෙ පේන්නෑ. (ස)

:       0       0

නිශාර්ඩ් Thursday, 31 October 2013 02:54 PM

ඔබතුමියගේ මෛත්‍රීය සහ කරුණාව නිසා සමහර විට ඔහු යහපත් පුද්ගලයෙකු බවට පරිවර්තනය විය හැකිය. ඔබතුමියට පින්. (ස)

:       0       0

ගජ මෑන් Thursday, 31 October 2013 03:20 PM

ලංකාවේ දොස්තර වරුන්ගේ අගය දැනෙන්නේ පිට රටකදී අසනීප උන වෙලාවටයි. (ස)

:       0       0

චමත් ඉතාලිය Friday, 01 November 2013 01:24 PM

කුමාරි හාමි, මම දන්න දිසා විනිසුරියක් ඉන්නවා හොරණ ඉඳන් බස් එකේ එන. වාහනේ කැඩුනාම.....දොස්තර නෝනාට ජයෙන් ජයම පතමි.ඇය හැදු වැඩු ගුණ දහම් කියාදුන් දෙමාපියන්ටත් පින් අත්වේවා.... (ස)

:       0       0

කුමර Thursday, 31 October 2013 03:57 PM

අපෙ මිනිස්සු හිතන් ඉන්නෙ ලොකු රස්සා කරන අය බස්වල යන්නෙ නැහැ කියලා. ඒක වැරදියි. අපෙ උස් මිටි කලු සුදු ඇරැනම අපි හැමොම මිනිස්සුනේ දොස්තර නෝනා හොඳට සමාජ දැනිම ඇති තැනැත්තියක්. අපි ඇයට ගරු කරන්ට ඕන. මට හිතෙන්නෙ මෙ කුමාරිහාමි ටොයිලට් එකට යන්නෙත් කාරෙකෙ වෙන් නැති ඒත් මෙ දොස්තර නෝනා වැඩට යන්නෙත් බස් එකෙ. ඇයට තේරෙනවා නැති බැරි කම වගෙම මිනිසුන් වැරදි කරන්නත් හේතුවක් තියෙන බව. (ස)

:       0       0

සෝමා Friday, 01 November 2013 02:01 AM

බසයේ යන ගමන් ෆෝන් එකක සොරකම් කරන්නෙ කොහොමද? (නි)

:       0       0

ශාන්ති Friday, 01 November 2013 02:21 AM

ගජමෑන්, ඔයා කියන කතාව හරි. අපේ දොස්තරලගේ වටිනාකම දැනෙන්නේ පිටරටකදී අපට ලෙඩක් හැදුනාම (නි)

:       0       0

රේණුක Friday, 01 November 2013 04:07 AM

දොස්තර මහත්වරු/නෝනලා ත්‍රීවීල් වලත් යනවා ගමන් පහසුව නිසා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3667 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


හාරිස්පත්තුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 66 0


උතුරු කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 243 0


අම්පාර අනුරට
2024 සැප්තැම්බර් මස 22 108 0


කළුතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 130 0


කල්කුඩා සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 138 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14673 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 66 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site