IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හිරුණිකාගේ පිරිස යළි රිමාන්ඩ්

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියගේ කාර්ය මණ්ඩල සේකයෝ පස්දෙනෙක් හා තවත් අයෙක් කොළඹ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ජනවාරි 4 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු  ලැබුහ.

දෙමටගොඩ රෙදි කඩ සේවකයකු පැහැර ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට  ඉදිරිපත් කරන ලෙස නියෝග කැරිණි.

ඩිෆෙන්ඩර් රියකින් ආ නාඳුනන පිරිසක් දෙමටගොඩ ලකී ස්ටාර් රෙදි සාප්පුවේ සේවකයකු පැහැර ගත් බවට  පැමිණිල්ලක් ලැබුණු බව පොලිසිය අධිකරණයට  දැන්වීය. මේ ගැන ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් විමසු විට ඇය එවැන්නක් ගැන නොදන්නා බව කීවේ යැයි පොලිසිය උසාවියට  දැන්වීය. පසුව ඇය ජිප් රිය හා සැකකරුවන් පොලිසියට  බාර දුන් බව ද පොලිසිය කියා සිටියේය.

සිද්ධිය ඇසින් දුටු සිව් දෙනෙකුගේ සාක්කි සටහන් කර ගත් බවත්  අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් අමිල ප්‍රියංකර අමරසිංහ පැහැරගැනිම් ,පහරදිම හා නිති විරෝධි ලෙස රඳවා ගැනිම හා ඔවුනට  නඩු පවරන බව පොලිසිය අධිකරණයට දැන්විය.

නිතිඥ අමිල ඉන්දික මහතා විත්තිය වෙනුවෙන් පෙනි සිටිමින් කියා සිටියේ පැමිණිලිකරු එක් සැකකරුවකුගේ බිරිය පැහැරගෙන ගොස් ඇති බවයි.මේ සිද්ධිය බේරුම් කර  තම බිරිය ආපසු  ගෙදර  එවන්නැයි  බිරියගේ සැමියා සෙසු සැකකරුවන්ට කියා ඇතැයි ද ඒ අනුව මෙම සැකකරුවන් මේ සිද්ධිය බේරුම් කිරිමට  රෙදි සාප්පුවට  ගොස් ඇතැයි ද හඳුනාගැනිමේ පෙරට්ටුවක් පැවැත්විම තමා විරුද්ධ වන්නේ යැයි නිතීඥවරයා කීවේය. 

ඊට හේතුව වශයෙන් ඔහු දැක්වුයේ රූපවාහිනි නාළිකාවක් සිසිටීවී කැමරා දර්ශන විකාශනය කර අැත.

 

  IMG_7021

IMG_6990



අදහස් (0)

හිරුණිකාගේ පිරිස යළි රිමාන්ඩ්

නිමල් ලාලිත Wednesday, 23 December 2015 04:30 PM

කරුණාරත්න,අතුල,තුසිත මහත්වරුනි, ඔබගේ අදහස් හරි. තළාගතයුත්තේ අපිමයි (නි)

:       0       0

ඉරෝෂ් Wednesday, 23 December 2015 04:27 PM

සමහර කට්ටියට නියම ප්‍රවෘත්තියක් වගෙයි මේක (නි)

:       0       0

මහේෂ් Wednesday, 23 December 2015 05:10 PM

මේවා දේශපාලඥයින්ට සුළු දේවල් විතරයි (නි)

:       0       0

සමන් Wednesday, 23 December 2015 05:32 PM

අම්මෝ! යහපාලනය... (නි)

:       0       0

නවරත්න Wednesday, 23 December 2015 05:31 PM

හිරුණිකාත් හරි චණ්ඩියෙක් වෙලානේ! (නි)

:       0       0

සංක බඹරවන Wednesday, 23 December 2015 06:15 PM

චාන්දනීගේ කීම මසුරන් වටී! (නි)

:       0       0

වසන්ත Wednesday, 23 December 2015 06:28 PM

කල්පනාවෙන් වැඩ කරන්න දුවේ (නි)

:       0       0

සමන් Wednesday, 23 December 2015 06:41 PM

දෙවන ඡායාරූපය මට නම් හරියට ඉන්දියාවේ ද්‍රවිඩ චිත්‍රපටයක ජවනිකාවක් වගෙයි. එකම අඩුව අත්වල කඩු,පිහියා වැනි ආයුධ නැතිවීමයි. (නි)

:       0       0

වල්පොල Wednesday, 23 December 2015 07:15 PM

ලංකාවේ බොහෝ දේශපාලඥයින් සහ වටේ ඉන්න මිනිසුන් හිතන්නේ ඔවුන්ට ඕනෑම කිරීමට පුඵවන් කියාය. එමනිසා මෙම පිරිසට නීතිය නිසිලෙස භාවිතා කරමින් යහපාලනය වචනයෙන් නොව ප්‍රායෝගිකව පෙන්වීම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයා වගකීම් වේ (නි)

:       0       0

අබරන් Wednesday, 23 December 2015 09:14 PM

මෙහි අදහස් කියවන උදවිය මලික් ගේ අදහස දෙතුන් වරක් හෝ කියවා තේරුම් ගන්න උත්සාහ ගන්න.අපේ අතීතය, වර්තමානය සහ අනාගත සංස්කෘතිය එහි වචන කිහිපයකින් විස්තර කර තියෙනවා. (ස)

:       0       0

සෝමා Thursday, 24 December 2015 12:33 PM

මීට පස්සේ අපේ ප්‍රශ්නත් මෙයාටම කියන්න ඕනේ. (ර)

:       0       0

රවී Wednesday, 23 December 2015 10:38 PM

යහ පාලනය නිසා ගුටිකාපු කෙනාට උසාවි යන්න පුළුවන්. කළින් පාලනය තිබුනනම් මිනි මැරුවත් කාටවත් පුලුවන්ද ප්‍රාදේශීය සභා දේශපාලකයෙකුටවත් විරුද්දව නීතියේ සහය ඉල්ලන්න. (ස)

:       0       0

නන්දලාල් Wednesday, 23 December 2015 11:05 PM

සමහර විට මෙය පාතාල කල්ලියක වැඩක් වෙන්න බැරිද ? හිරුනිකා වාහනයත් සේවකයිනුත් පොලිසියට භාරදීමෙන්ම පේනවා ඇය මේ සිද්දියට සම්බන්ධ නැති බව. කෙසේ උනත් අධිකරණය සාධාරණ තීන්දුවක් දෙනු ඇත. (ස)

:       0       0

වජිර Wednesday, 23 December 2015 11:07 PM

දඩුවම් දෙනතුරු බලාසිටිමි. (ස)

:       0       0

ශානිකා Wednesday, 23 December 2015 11:12 PM

හිරුනිකාගේ කට්ටිය සැකකාරයව රැගෙන ගිහින්. ඒත් සැකකරයා තරුණියව පැහැරගෙන ගිහින්.කොහොමද වෙනස? (ස)

:       0       0

රම්සි Thursday, 24 December 2015 01:13 PM

වැරදි කාරයන්ට විරුද්දව නිතිය ක්‍රියාත්මක වෙනවා. (ර)

:       0       0

දම්මික Thursday, 24 December 2015 12:48 AM

මේකේ ඇත්ත නැත්ත හොයන්න හිරුණිකාගේ කාර්යාලයේ සීසීටීවී පරීක්ෂා කළා නම් හරි නේද? (නි)

:       0       0

කෝසල Thursday, 24 December 2015 12:51 AM

හිරුණිකා මම ගොඩක් කැමති චරිතයක්. ඒත් දැන්නම් සියල්ල වෙනස්වෙයි වගේ. (නි)

:       0       0

දිනූෂා Thursday, 24 December 2015 12:50 AM

අනේ මන්දා දැන් අපි මොනවා කරන්නද කියලා. දැන් ඉතින් අපිට ආපසු හැරෙන්න පුලුවන්ද? (නි)

:       0       0

අනුර Thursday, 24 December 2015 01:00 AM

අනිත් අයව විතරක් පොලිසියට බාරදෙන එක නම් කපටි වැඩක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

මුදලිගේ Thursday, 24 December 2015 01:24 AM

ඒ පුද්ගලයා ප්‍රධාන වශයෙන් චෝදනා කරන්නේ හිරුණිකාට නේද? ඉතින් අනිත් අය විතරක් පොලිසියට බාරදීලා හරියනවද? (නි)

:       0       0

ශානික Thursday, 24 December 2015 01:38 PM

ජනහිත, ඒක කිව්වේ මම නෙමෙයි. ඔයා හොඳට වීඩියෝ එක බලන්න. (නි)

:       0       0

අනුර Thursday, 24 December 2015 01:43 AM

මොවුන්ට දැඩි දඬුවම් දෙන්න ඕනෑ. හිතාගෙන ඉන්නේ ඇමති කෙනෙක් ළඟ ඉන්නකොට මෙයාලා තමයි චණ්ඩි කියලා. (නි)

:       0       0

රාජා Thursday, 24 December 2015 01:39 AM

ඉස්සරහට තව හොඳ ‍හොඳ සෙල්ලම් බලන්න පුළුවන්වෙයි (නි)

:       0       0

රොක්සි Thursday, 24 December 2015 01:55 AM

දේශපාලුවන්ට ආරක්ෂකයන් ලබාදීම සම්පූර්ණයෙන්ම නතර කළයුතුයි. ඔවුන්ට හානියක් වුණා කියා රටට පාඩුවක් වෙන්නේ නැහැ. අද සිදුවී තිබෙන්නේ මොවුන් ආරක්ෂකයන් හැටියට තෝරාගන්නා ගණන්කාරයන්ගෙන් ජනතාවට ආරක්ෂාව වුවමනාවීමයි. (නි)

:       0       0

ධම්මික Thursday, 24 December 2015 02:12 AM

මහජනතාව පුම්බපු බැලුම් වල හුළං අරින්න ඕනෑත් මහජනතාව විසින්මයි (නි)

:       0       0

ලක්ෂිත පැරිසිය Wednesday, 23 December 2015 12:46 PM

ඔක්කොම එකයි. මට නම් හිතෙන්නේ එහෙමයි (නි)

:       0       0

නිර්මල Thursday, 24 December 2015 02:43 AM

ම‍ට නම් මේ දේවල් අදහාගන්නත් බැහැ (නි)

:       0       0

නන්දසේන Thursday, 24 December 2015 03:06 AM

හිරුණිකා මොනවද මේ කරන වැඩ? (නි)

:       0       0

සඳරුවන් Thursday, 24 December 2015 03:14 AM

මේ ඡායාරූපයක් දකිනකොට මට මතක්වෙන්නේ දකුණු ඉන්දීය චිත්‍රපටි වල ජවනිකාවක් (නි)

:       0       0

කැනඩා දිසා Thursday, 24 December 2015 03:20 AM

තමන් එක්ක ඉන්න අකමැති නම්, ගැහැණිය හෝ පිරිමියා බලෙන් තියාගන්න හදන්නේ ඇයි....? (නි)

:       0       0

ධම්මිකා Thursday, 24 December 2015 03:03 PM

සේරම ටික හිරුනිකා ඔයාගේ. (ස)

:       0       0

කුරුප්පු Thursday, 24 December 2015 03:45 AM

දැන් රට සාමකාමී නම් මන්ත්‍රීලට මොකටද ආරක්ෂකයෝ (කෞ)

:       0       0

රනිල් සිරිසේන Thursday, 24 December 2015 04:00 AM

දැන් බෝ පැල වගේ ජීවත්වෙන සමහර අයගේ මුල් තියෙන්නේ කොහේද කියලා දැන්නම් හොඳටම පැහැදිලියි අපිට (නි)

:       0       0

ලක්මාල් Thursday, 24 December 2015 04:05 AM

මලික්, ඔබගේ අදහස් වලට මල් මිටක්! (නි)

:       0       0

ජනනාත් Thursday, 24 December 2015 04:16 AM

ඔය කෙනා කාහොමද ඒ දවස්වල කතා කලේ ? (කෞ)

:       0       0

ජනහිත Thursday, 24 December 2015 04:24 AM

ශානිකා,ඒ තරුණිය ඇත්තටම පැහැරගෙන ගිහින්ද? ඔයත් කාන්තාවක් නිසා ටිකක් හිතලා බලන්න අද වෙන දේවල් වල හැටි (නි)

:       0       0

මහේෂ් Thursday, 24 December 2015 04:29 AM

පාර්ලිමේන්තුවට යවන්න ඕන උගත් අය.සින්ගප්පුරුව වගේ රටවල පාර්ලිමේන්තුව ඇතුලේ සියලු සාමාජිකයන්ට උපාධියක් වත් තියෙනවා. (කෞ)

:       0       0

කසුන් Thursday, 24 December 2015 04:40 AM

ලංකාවේ වැඩ නැති අය කොච්චර ඉන්නවද කියල මේ ෆොටෝ එකෙන් පේනවා. (කෞ)

:       0       0

ප්‍රේම් Thursday, 24 December 2015 04:49 PM

දැන්නම් මොනවා හිතෙනවා ඇද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

සරසි Wednesday, 23 December 2015 01:24 PM

අනුන්ගේ පවුල් අවුල් වලට හොටදාන්න අවශ්‍ය සීමාව මොකක්ද කියලා දැන් මුළු ලංකාවේම උදවියට අදහසක් එන්න ඇති. (නි)

:       0       0

ගමගේ Thursday, 24 December 2015 05:03 AM

මේ පාර්ලිමේන්තුවේ ඉන්න උගත් තැනැත්තියක් නොවේද? (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 23 December 2015 01:33 PM

අපි අපිටම තළාගෙනත් මදි කියලා හිතෙනවා දැන්නම් (නි)

:       0       0

මලික් Wednesday, 23 December 2015 01:29 PM

තමන්ගේ ජීවන රටාව දරුවන් විසින් විසිහතර පැයේම ග්‍රහණය කරගන්නා බව දැනගෙන අපි දරුවන් ඇතිදැඩි කළයුතුයි. අන්තිමේ කොතරම් උඩට ඔසවා තැබුවත් දරුවන්ගේ හැසිරීම් වලින් පිළිබිඹු වන්නේ අපේ හැසිරීම බවයි පෙන්නුම් කරන්නේ. (නි)

:       0       0

මහේෂ් Wednesday, 23 December 2015 01:35 PM

අවම වශයෙන් හිරුණිකාගෙන් කටඋත්තරයක්වත් ගත්තාද? මේකද යහපාලනය? (නි)

:       0       0

ඉරෝෂ් Thursday, 24 December 2015 05:27 AM

ශානිකා, ඔයා කිව්වේ ඇත්ත. (නි)

:       0       0

දයාස් Saturday, 26 December 2015 05:43 AM

නීතිය ක්‍රියාත්මක වීගෙන යාම ගැන නම් සතුටු හිතෙනවා. එත් මේ අය වේදිකාවල කෑගහපු විදියට චන්ඩි බේරගන්න චන්ඩි වගේ එනහැටි දැක්කම මේ අය ගැනත් හිතා ගත හැකි. (ස)

:       0       0

අබය Thursday, 24 December 2015 05:36 AM

මට හිතුනේත් කට්ටිය දෙමළ චිත්‍රපටියක් හදන්න යනවා කියලා (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 23 December 2015 01:51 PM

වැඩි වැඩ පෙන්නන්න ගියාම කාට වුණත් ඔහොම වෙනවා. (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 24 December 2015 05:58 AM

කෝසල, හිරුණිකාට කැමති රූපයටද? නැත්නම් ක්‍රියාකලාපයටද? එහෙමත් නැත්නම් කටටද? පසුගිය රජයේත් මේ වගේ චරිත එමට හිටියා. (නි)

:       0       0

හේවා සරත් Thursday, 24 December 2015 06:06 AM

මෙයාලා බලය ගත්තේ මේවා කරන්නද? (නි)

:       0       0

චාන්දනී Wednesday, 23 December 2015 01:53 PM

කිසිම පක්ෂග්‍රාහී බවක් නැතුව කියනවා නම් , අපේ දේශපාලකයන්ගේ ආරක්ෂකයන් බහුතරයක් හැසිරෙන්නේ කිසිම චාරයක් ඇතුව නොවෙයි. උගත්කමක්, සමාජ ආචාර ධර්මයක් ගැන අසාවත් නැත. වෙනත් කිසිම රටක ප්‍රභූ ආරක්ෂකයන්ට නැති උද්දච්චකමක් පමණක් ඇත. (නි)

:       0       0

සරත් සෞදි Thursday, 24 December 2015 06:11 AM

අනේ මේ අපිට සේවය කරන්න ගිය කට්ටිය ජය වේවා! (නි)

:       0       0

ජනක Thursday, 24 December 2015 06:08 AM

යහපාලනයේ සුදු වෑන් නැහැ. මම හිතන විදිහට තිබෙන්නේ ඩිෆෙන්ඩර් (නි)

:       0       0

ජෙහාන් Wednesday, 23 December 2015 02:07 PM

දැන් මේ සැමියාගෙන් පැහැරගන්න තරම් වටිනා මහිලාව කවුද කියලා අපිටත් පෙන්නුවා නම්...! අන්තිමේ ග්‍රීක ඉතිහාස කතාවල ඇතිවුණ යුද්ධයක් වගේ වුණා නේද? (නි)

:       0       0

වසන්ත Wednesday, 23 December 2015 02:17 PM

මොනවා වුණත් යහපාලනයේදී වැරදිකාරයින්ට දඬුවම් ලැබෙනවා (නි)

:       0       0

රංග Wednesday, 23 December 2015 02:20 PM

කාන්තාව පැහැරගැනීමක් ඇත්තෙන්ම සිදුවෙලාද? අපිට නම් ආරංචි වුණේ සිද්ධිය වෙන විදිහකට. (නි)

:       0       0

තුසිත Wednesday, 23 December 2015 02:29 PM

මහේෂ්, මේක තමා යහපාලනයේ සැබෑ ස්වරූපය. පෙර වතාවල වගේම ජනතාව රැවටුනා. (නි)

:       0       0

මංගල Thursday, 24 December 2015 07:19 AM

ඔබ කළ දෙය හරිබව මම නොකියමි. කමුත් ඔය වගේ දේවල් ලංකාවේ ගොඩක් තියෙනවා. පොලිසිය මේවට මැදිහත් වෙන්නේ නැහැ. එබැවින් ඔවුන් කාගේ පිහිට පතන්නද? (ස)

:       0       0

අතුල Wednesday, 23 December 2015 03:04 PM

දැන්නම් අපිට තේරෙනවා මේ දෙගොල්ලන්ගෙම වෙනසක් නැහැ කියලා (නි)

:       0       0

ගාමිණී විජේගුණවර්ධන Wednesday, 23 December 2015 03:12 PM

අපි කරගත්තේ ලොකු වැරැද්දක් බව දැන් වැටහෙනවා. අපි මේ රජයට ඡන්දය දුන්නේ මැර දේශපාලනය නවතන්න කියායි. නමුත් රජය පටන්ගත් දා සිට අපි බලාපොරොත්තු වූ දේවල් නොව, හිටපු රජයේ ක්‍රියාදාමයම සිදුවෙනවා (නි)

:       0       0

දිසානායක Wednesday, 23 December 2015 03:35 PM

එතකොට හිරුණිකා? එයා සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැද්ද? (නි)

:       0       0

අසාද් Thursday, 24 December 2015 08:20 AM

වැරදි කරන මිනිස්සු මොන ආණ්ඩුවක් අාවත් ඉන්නවා. ප්‍රධානම දේ ඒ දවස් වල ක්‍රියාත්මක නොවුණු නිතිය දැන් ක්‍රියාත්මක වෙන එකයි. එ්ක තමයි අපි බලාපොරොත්තු වුනු වෙනස, දඬුවම් ලැබෙද්දී වැරදි අඩු වෙයි අනාගතයේදී කියල බලාපොරොත්තු වෙනවා. (ස)

:       0       0

වසන්ත Saturday, 26 December 2015 11:46 AM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවලුනේ (නි)

:       0       0

මහින්ද සෞදි Thursday, 24 December 2015 08:55 AM

අලි බබා නීදැල්ලේද ? (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 618 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 160 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1983 2

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1324 1

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 578 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1366 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33306 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23894 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 463 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site