(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ බවට හඳුනාගෙන තිබූ ප්‍රධාන සැකකරු සිද්ධියෙන් පැය කීපයකට පසු ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහා පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ කුඩා උඩුව හොරකැටිය ප්‍රදේශයේ පදිංචි 31 පුද්ගලයෙකි.
සැකකරු වෙඩි තැබූ බවට බරපතල තුවාල ලද ව්‍යාපාරිකයා විසින් රෝහල්ගත කිරීමේදී ප්‍රකාශ කර තිබූ අතර මේ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත සැකකරු සම්බන්ධයෙන් දිවයිනේ පොලිසි වලට මෙන්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙතද දැනුම් දී තිබිණි.
ගුවන් තොටුපලේ ස්ථාපිත කර තිබෙන ආරක්ෂිත කැමරා ආශ්‍රිතව මුහුණු මගින් සැකකරුවන් හඳුනා ගන්නා තාක්ෂණය ඔස්සේ මෙම සැකකරු හඳුනාගෙන තිබූ බව පොලිසිය කියයි.
මම සැකකරු මීට දින කීපයකට ඉහතදී ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු බවත් අද (6) දින එරටට නැවත යාමට නියමිතව සිටි ඔහු වෙඩි තැබීමෙන් අනතුරුව කඩිමුඩියේ ඊයේ 5 ඩුබායි රාජ්‍ය වෙත යාම සඳහා පැමිණ තිබූ බව පොලිස් නිලධාරියකු පැවසීය.
සැකකරු හොරණ පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වෙඩි තැබීම සඳහා පැමිණි පැදිකරු සහ වෙඩිතැබීමට යොදාගත් ගිනි අවිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම
ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.
නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත
හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොරණ වෙඩික්කරු රට පනිද්දී මාට්ටු
fairoos Sunday, 05 May 2024 06:36 PM
කොහොමද ලංකාවේ පොලිසිය...? නියමයි...!