IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


හොරණ හෝටලයක හිරවූ 85 බේරා ගැනෙති

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ චමිලා අල්විස්)

විනෝද වීම සඳහා හොරණ වගවත්ත ප්‍රදේශයේ හෝටලයකට පැමිණ සිටි විවිධ වයස් සීමාවල පුද්ගලයන් 85 කට ආසන්න පිරිසක්  මාවක් ඔය පිටාර ගැලීම හේතුවෙන් එම හෝටලය තුළ සිරවීමෙන් නොසිතූ අකරතැබ්බකට මුහුණ දුන්හ.

ඒ පිළිබඳ හොරණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පි එස් පනාවල මහතා වෙත තොරතුරු දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් ,ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් හා එක්ව සිරවී සිටි පිරිස ට්‍රැක්ටරයක් සහ බෝට්ටු යොදා ගනිමින් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කළහ.

 

 



අදහස් (18)

හොරණ හෝටලයක හිරවූ 85 බේරා ගැනෙති

Karunajeewa Sunday, 02 June 2024 03:36 PM

පොලීසිය උදව්වට ආවා වගේ විපතට පත් මහජනයා ඉදිරියේ අඩුම තරමින් උඩුකය වැසෙන්න කමිසයක් හෝ ටීෂර්ට් එකක් වත් ඇඳගෙන හිටියානම් (disciplinary) කොච්චර හොඳයිද? දාඩිය දානවා කියලද? මිනිස්සුන්ට උදව් කරද්දී අත්වැසුම් පැළඳීම, මුව ආවරණ පැළඳීම වගේ දේවල් ලෝක සම්මත රීතීන්...

:       96       50

SudathSunday, 02 June 2024 04:06 PM

කරුණාජීව හරියටම හරි. ලංකාවේ කිසිම දේක පිළිවෙළක් නෑ. මේකෙන් පෙන්වන්නේ අපේ මිනිස්සුන්ගේ නූගත්කම...

:       62       49

JayasekaraMonday, 03 June 2024 09:45 AM

ඔය හදිස්සි වෙලාවට ..ඕවා හොය හොයා ඉන්නවට වඩා හොඳයි උදව් පදව් කරන එක.මොකෝ මේ මංඋෂ්යාඅ ඉන්නේ නිර්වස්ත්‍රව නෙමෙයිනේ .ඔන්න යට ඇඳුම් පිටින් හිටියා නම් වැරදියි කියන්න පුළුවන් .මේක යුරෝපේ නෙමෙයිනේ ?

:       9       41

Thushara Monday, 03 June 2024 09:46 AM

කරුණාජීව මහතාගේ ප්‍රකාශය ඉතාමත්ම නිවැරදියි. සතුන් සහ මිනිසුන් අතර වෙනස මුලින්ම විද්‍යාමාන වෙන්නේ සිරුරේ ස්වභාවයට වඩා ඇඳුම් ඇඳ සිටින බැවිනි. කොතරම් විශාල කරදරයකදී වුවද බේරා ගැනීමේ කණ්ඩායම්වල වෘත්තීය ගරුත්වය පිළිබඳ ව ඇති සැලකිල්ල අඩු කරගත යුතු නොවේ. සාමාන්‍ය ගමේ කෙනෙකු වුවද අන් අයගේ උදව්වට පැමිණේ නම් ඔහු ශිෂ්ඨ සම්පන්න ලෙස තම ශරීරය ආවරණය වන ලෙස ඇඳුම් ඇඳ සිටී නම් එය රටක අභිමානයට හේතුවේ. මෙම හෝටලයේ සිද්ධියේදී කිසිවෙකුටත් ජීවිත අවදානමක් ඇතිවන තත්ත්වයක් තිබූ බවක් නොපෙනෙන නිසා ඇඳුම් ඇඳ එම වැඩය කිරීමේ අපහසුතාවයක් තිබිය නොහැක.

:       29       17

Gingamage Sunday, 02 June 2024 04:52 PM

නෑ ඒ ගංවතුරට මැදිවෙච්චි මනුස්සයෙක් වෙන්න බැරිද?

:       6       29

අමල් Sunday, 02 June 2024 05:36 PM

කරුනාජීව හොදයි අපේ මඩුවේ පට්ටි දාන්න.

:       28       64

pushpa Sunday, 02 June 2024 06:20 PM

කරුණාජීව, ඔබ නිවැරැදියි. මේ අවස්ථාව කමිස හොයා හොයා ඉන්න ඕනෑ එකක් නෙවෙයි කියලා සමහරු හිතන්න පුළුවන්. ඒ වුණත් රටක අඩුම තරමේ මූලික නීති රීති පිළිපදින්න ඕනෑ. විශේෂයෙන් අවසර නොමැතිව අනෙක් අයගේ කටයුතු වලට අත පෙවීමට පුළුවන් වෘත්තීන් වලට... පොලිසිය, හමුදාව, දොස්තරවරුන්, විදුලිබල සේවයකයින් සහ අනෙකුත් මහා ජනතාව සමග මුහුණට මුහුණ වැඩ කරන අය. ඒ අය පහසුවෙන් හඳුනා ගැනීමට පුළුවන් විය යුතුයි. ඒ අය හැසිරීමේදී තමන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කළ යුතුයි. සල්ලි නැතිය කියකියා වෘත්තීන් රස්තියාදු වීමට ඉඩ හැරීමට ආයතන ප්‍රධානීන් ඉඩ නොදිය යුතුයි. මේ කමිස නැතිව ඉන්නේ හොඳ සිතින් උදව්වට ආ පිටස්තර අය වෙන්න පුළුවන්. එය එසේ නම් මාගේ කණගාටුව. එනමුත් මම කිව්ව දේ තවමත් වලංගුයි.

:       50       44

මුරුගසන් වනවාසී Sunday, 02 June 2024 06:47 PM

උඹලා කවදාවත් වැස්සෙන් තෙමිලා නැද්ද කමිස තෙමුණාම ඇඟේ තියාගෙන ඉන්න කොච්චර අමාරුයි නේද මේ මිනිස්සු කරන උදව් බලපල්ලා මහමෙරක් වගේ

:       6       56

මහින්ද අබේසේකර Sunday, 02 June 2024 06:49 PM

ජීවිත බේරගන්න යන එවුන් තමයි දන්නෙ, අවස්ථාව අනුව එන ඕනෑම තත්වයක් යටතේ තමාගේ මූලික අරමුණ ඉටුකරන්න මොනවද කරන්න ඕනෙ, කොහොමද ඒ අභියෝගය ජයගන්නෙ කියල.. ගෙවල් ඇතුලෙ කාලා බීලා,කූල් එකේ ඉන්න අපට තියෙන්නෙ එයාලගේ පුංචි අඩුපාඩු විවේචනය කරන්න විතරයි...මේ තමයි ලංකාව...

:       3       47

Runisi Nikoya Sunday, 02 June 2024 11:32 PM

හො.ම.ත.ග.යු. වැස්ස දවසට මේකට එන්න එපා

:       1       25

ජගත් Monday, 03 June 2024 06:21 AM

ජීවිත ආරක්ශා කරන්නට හදිසියේ පැමිනීමෙන් අතපසුවීම් සිදුවිය හැක .අනෙක මේ වගේ වෙලාවක ඔයවගේ සරල සිල්ලර කාරනා මතුකරන්නෙ ඔලුව හොදනැති මෝඩ මූසලයො.

:       4       46

රවි කොඩිකාර Monday, 03 June 2024 08:22 AM

අනුන්ගේ ඇදමයි හොයන්නෙ. කරපු හොඳ වැඩ අගය කරන්න.

:       4       35

දිසානායක Monday, 03 June 2024 10:12 AM

ඔය නිළධාරීන් ඇවිල්ලා උදව් කරන එක අගය කරපල්ලා .ඒ මිනිස්සුනට නියෝගය ආපු ගමන් එන්න ඇති.uniform ඇදන් වතුරෙ බහින්න බැරි නිසා ඒව ගලවල දාලා ෂෝටක් පිටින් බැස්සා වෙන්න බැරිද?කොහොම හරි මිනිස්සු ටික බේරගන්නවනෙ එකෙක්ටවත් කරදරයක් නොවී. ඕක සුද්දෙක් කලානම් අගේ කරයි උඩ දාගෙන.

:       3       37

Vithana Tuesday, 04 June 2024 03:10 PM

හැම දෙයිම වැරදි විතරක් දකින, තමුන්ගේ වැරදි කප්පරක් තියාගෙන අනිත් හැමොවම විවේචනය කරන ලංකාවේ එකම දේශපාලන පක්ෂය මොකද්ද? අන්න ඒකේ උදවිය තමයි මෙතන ටී ෂර්ට් එකක් අල්ලගෙන වැලලෙන්න හදන්නේ.

:       0       11

sachith Wednesday, 05 June 2024 11:35 AM

මැරෙන්න යනකොට උදව්වට එන මිනිසා නිර්වස්තරෙන්ද ඉන්නේ... අත් ආවරණ, මුඛ ආවරණ දාලාද ඉන්නේ කියලා බලනවාද? එහෙම නැතිනම් කමක් නෑ. මම මැරෙන්නම් කියනවද? මෙතන ඉන්නේ ගොඩක් වෙලාවට ගමේ මිනිස්සු.. නැතිව සහන සේවාවලට යොදවලා ඉන්න පොලිස්, නාවික හෝ හමුදා සාමාජිකයන් නෙවෙයි.

:       0       9

රසික Sunday, 09 June 2024 08:07 AM

අමල්.. එහෙනම් ඔයා කියන්නේ කරුනාජීව කියන්නේ අමු පට්ටි ගොනෙක් කියලද…

:       0       3

Nimal Tuesday, 11 June 2024 01:01 PM

ලංකාවේ අය හැම දේම අල්ලගන්නේ වැරදි තැනින්.

:       0       3

gamaathi Thursday, 13 June 2024 11:18 PM

අනුන්ගේ ඇඳකුද හොයන රටවල් අතරින් ලංකාවේ ඉන්න ඉදිරියෙන්මයි

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1067 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2104 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1011 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2455 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1708 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site