හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝග තේරීම්කාරක සභා වාර්තාව බල රහිත කරමින් අභියාචනාදිකරණය නිකු කළ සර්ටියෝරාරි රිට් ආඥාව අහෝසි කරන ලෙස ඉල්ලා නීතිපති ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ ආර් සම්පන්දන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අද (28) ඉවත දමන ලදී.
එම අභියාචන පෙත්සමට එරෙහිව ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධ කරුණු සලකා බලා එහි තින්දුව ප්‍රකාශ කරමින් සලීම් මර්සුෆ්, පී ඒ රත්නායක, සත්‍ය හෙට්ටිගේ, ඊවා වනසුන්දර සහ රෝහිනී මාරසිංහ යන පංච පුද්ගල විනිශ්ච මණ්ඩලය විසින් ලබා දුන් මෙම තීන්දුව විනිසුරු මඩුල්ලේ සභාපති සලීම් මර්සුෆ් මහතා විසින් ප්‍රකාශයට පත් කැරිණි.
සිය මූලික විරෝධතාවලින් එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා අධිකරණය හමුවේ කියා සිටියේ නීතිපතිවරයා අභියාචනාධිකරණයෙහි විභාග වූ නඩුවේ පාර්ශ්වකරුවකු නොවන බැවින් එම එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමට නීතිපතිට නෛතික බලයක් නොමැති බවය.
එම විරෝධතාවන් ඉවත දැමූ ශ්‍රෙෂ්ඨාධිකරණය නීතිපතිවරයාගේ අභියාචන පෙත්සම ලබන ජුලි 16 වැනිදා විභාගයට ගැනීමට තීන්දු කළේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හේරත්ගේ/සම්බන්ධන්ගේ පෙත්සම විසිවේ
කුමාරසිරි Friday, 28 June 2013 08:26 PM
ගොනා ඔය හැරුනේ පොල්පලේට තමයි.(නදී)
පෙරේරා Saturday, 29 June 2013 06:03 PM
වව්නියාවේ බන්දනාගාරේ කොටි කැරැල්ල මැඩ පවත්තපු එක ගැන මේ හේරත් මහත්තයා කියල තිබුණු දෙයින් මෙයාගේ ඇගෙ ලොකු කොටි පුල්ලි තියෙනවා කියල අපිනම් දැන ගත්තා. සම්බන්දන් එක්ක එකතු වෙලා කරන මේ දේවල් ගැව පුදුමයක් නැහැ.(නදී)
අමරනාත් Friday, 28 June 2013 10:40 PM
මේවා හරියට අගෙන් කිරි දෝවනවා වගේ වැඩ. (නි)
නන්දිකා Saturday, 29 June 2013 01:32 AM
දී කිරට බළල්ලුත් සක්කිලු.(නදී)
සමීර Friday, 28 June 2013 05:31 PM
එස් .බ්. දිසානායක මහතා නිතිය ගැන කියපු වචනය සත්‍ය වෙනවා වගේ.(නදී)
නාමල් Saturday, 29 June 2013 02:54 PM
සම්බන්දන් උදවු කරන්නේ ඇයි කියලා හිතල බලන්න මොලේ නැද්ද මේ ප්‍රතිචාර දාන අයට? (නදී)
ජයන්ත Saturday, 29 June 2013 07:55 AM
කෝ අපේ මේ විජිත හේරත් මහත්තයා අයියෝ අප්පා ඒකත් අවුල් නේද?(නදී)