IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


හරිත මන්ත්‍රිනියට ලංකාවේ හොඳක් නොපෙනේ

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය නියෝජනය කරන  හරිත පක්ෂයේ ලී රිහැනන් සෙනට් මන්ත්‍රිනිය  ශ්‍රී ලංකාවේ කළ සංචාරය නීති විරෝධී හා කොටි ත්‍රස්ත සංවිධානය පිම්බීමට කරන උත්සාහයක් බව පවසා ස්පර් සංවිධානයේ රංජිත් සොයිසා ලී මහත්මියට ලිපියක් යවා ඇත.

සෙනට් සභිකවරිය ඕස්ට්‍රේලියාවට පාතැබූ තැන සිට ඉවක් බවක් නොමැතිව ශ්‍රී ලංකා රජය හා හමුදාව දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් පුවත් මවන්නියක් බවට අද පත්වී අතැයි ඔහු කියයි.

උතුරේ සංචාරය කළ ඇය ඕස්ට්‍රේලියාව බලා ගියාය.

සාමාන්‍ය වැසියන් මිනිස් පළිහක් ලෙස කොටි සංවිධානය යොදා ගත් බව පිළිගැනීමට පවා හරිත පක්ෂ සාමාජිකයෝ කැමැති නොවෙති.

මේ අතර දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ රජය මෙම අවස්ථාවේ බටහිර රටවලට සම්බන්ධ විදේශිකයන්  ලංකාවට ඇතුලුවීම පිළිබදව අස්ථාන බියකින් පසුවන බවයි.

ලී රීහැනන්ගේ එකම උත්සාහය බවට පත් වී තිබෙන්නේ අවසන් මොහොතේ හෝ ඕස්ට්‍රේලියා අගමැති පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවට සහභාගී වීම වැලැක්වීම බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.



අදහස් (0)

හරිත මන්ත්‍රිනියට ලංකාවේ හොඳක් නොපෙනේ

රුවිනි Wednesday, 13 November 2013 04:03 AM

මොකට මේ වගේ මිනිසුන්ට අපේ රටේ වීසා දෙනවද මන්දා එන්න. අපි අනෙක් රටවල තියෙන කුණු හොයන්න යනවද ? අපි මේ ලබාගත් නිදහස රටේ හැමෝටම හොදයි. අපේ රටවල් නිදහසේ දියුණු වෙනවාට උදවු කරනවා වෙනුවට කරන්නේ අරියාදු (නි)

:       0       0

සෑම් Wednesday, 13 November 2013 05:11 AM

ඔවුන් ඡන්දෙ කරන්නේ කාගේ සල්ලි වලින්ද යන්න පැහැදිලියි (නි)

:       0       0

කුමාරණ Tuesday, 12 November 2013 01:57 PM

දේශාපාලනය කියන්නේ ඕවට තමයි. සේරටම මුල සල්ලි තමයි. ලෝකේ කෙහෙත් ඔහොම තමයි.(නදී)

:       0       0

පෙත්තා Tuesday, 12 November 2013 07:27 PM

මේක අපේ රටේ නීතිය. සුදු හමේ හයිය පෙන්නන්නට කරන මේ කතා වල ලංකාවේ අපට නම් හොඳක් නොපෙනේ (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 12 November 2013 07:35 PM

නැවතත් චිත්‍රපටියක් හදයිද දන්නෙ නැහැ අපිට විරුද්ධව (නි)

:       0       0

නිශාර්ඩ් Tuesday, 12 November 2013 02:15 PM

ඩොලර් වලට සහ ඡන්ද වලට ඔවුන් කතා කරන්නෙ. නැතුව මෙය ද්‍රවිඩ ජනයාට තියෙන විශේෂ කැක්කුමකින් කතා කරනවා එහෙම නෙවෙයි කියල සමහර අය තේරුම් ගත්තොත් හොඳයි. (ස)

:       0       0

අතපත්තු Tuesday, 12 November 2013 02:43 PM

වංශවත් ද්‍රවිඩයෝ සැප විදිනවා.අහිංසක අයව පලිහක් කරගෙන "බිස්නස්" එක කරගෙන යනවා.,,අපේ හමුදාවට පින් සිද්ධ වෙන්න කරදයක් නැතුව, ජිවත් වෙන්න වාසනාව තියෙනවා මේ අයට, බලමු මොකද වෙන්නේ කියලා. (ස)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 12 November 2013 03:33 PM

අවුරුදු තිස් ගණනක් යුද්ධ කරලා දියුණුවේ මගට ඇවිත් ඉන්න රටකට අනිත් රටවලින් උදවු කරන්න ඕනේ. මේගොල්ලෝ කරන්නේ ආයෙමත් රට ගිල්ලවන්න හදන එක. රටේ දියුණු වෙන ලක්ෂණ බලල නය ගෙවන්නවත් උපකාර කරන්න ඕනේ නේද? වැටුන කෙනෙකුට අත දෙන එක යහපත් ගුණයක්.(නදී)

:       0       0

රූපවතී Tuesday, 12 November 2013 03:46 PM

දැන් හොඳටම පෙනෙනවා ..උතුරේ ඡන්දෙ දිනපු අයටත් උවමන වෙලා තියන දේ ..අපේ පොලිසියයි හමුදාවයි උතුරෙන් අයින් කර ගන්න කියල මේ මිනිසුන් කිසිම හිරිකිතක් නැතිව කියනා ලස්සන .?.ඇයි රටේ ඔවුන්ව දැනුවත් කරන්න හරි ..ඒ උඩ ගෙඩි දෙන අයට උත්තරයට තවත් පොලීසියෙන් 5000 ක් විතර ස්ථාන ගතකරන්න බැරි ..?අනාගතේ අපිට නම් දැන්ම කියන්න පුළුවන් ..යුද්ධය ඉවර නැහැ දැනුයි පටන් ගත්තේ කියල ...? (ස)

:       0       0

ග්‍රෑන්ඩ්මාල් Tuesday, 12 November 2013 04:56 PM

මේ හරිත පක්ෂය සමග එකතු වීමට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂ දෙකම මේ වර ඡන්දයේදී අකමැති වුණා. (නි)

:       0       0

වෙදමහත්තයා Tuesday, 12 November 2013 04:58 PM

සුදු හම නිසා ඔවුන් සිතනවා ලොව සිටිනා උතුම් ජාතිය ඒ ගොල්ලෝ කියලා. ඒක නිසා කළු ජාතින්, දුඹුරු ජාතින් ඔවුන් කියන විදියට ඔවුන්ගේ වහලුන් හැටියට ඉන්න ඕනෑ කියලා හිතනවා. අපෙත් ගොඩක් අය සිතන්නේ සුද්දන් සර්වබලධාරී කියා. ඒකයි ඔවුන්ට බොහෝ දෙනෙක් ආවඩන්නේ (නි)

:       0       0

සෙනරත් Tuesday, 12 November 2013 05:06 PM

මේ "හරිත" කියාගෙන එන්නේ කවුද කියලා කවුරු කවුරුත් දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි. මෙවැනි කණ්ඩායම් ගැන අවබෝධයක් නැතුව දුවන්නන් වාලේ දුවමින් මේවට බැඳෙන අපේ මිනිස්සු සිටිනවා. (නි)

:       0       0

උපාලි Wednesday, 13 November 2013 12:06 AM

වෙදමහත්තයා, ඔබ 100% ක් ම නිවැරදියි. ඔය ආකල්පයෙන් තමයි සුද්දෝ තමන් ගැනම හිතාගෙන ඉන්නේ. ලෝකය පාලනය කරන්න දෙවියෝ ඒ ගොල්ලන්ට බාරදීලා වගෙයි හැසිරෙන්නේ. අපේ මිනිස්සුත් වැඳ වැටෙන්න බලාගෙනමයි ඉන්නේ. යුද්දේ වෙලාවේ අපේ ජනාධිපතිතුමා ඔවුන්ට යට නොවීමෙන් ඔවුන්ගේ අහංකාරකමට වැදුනු පහර දරාගන්න බැරුවයි ඉන්නේ. ඩයස්පෝරාවේ සල්ලිත් එකතුවුණා නම් ඔවුන් ඕවා තමයි කරන්නේ. (නි)

:       0       0

නඩරාජා Tuesday, 12 November 2013 11:40 AM

මේක අර අහවල් පෝරාවේ කුමන්ත්‍රණයක්. (ස)

:       0       0

තරිඳු Tuesday, 12 November 2013 11:57 AM

මේ වගේ අයට ලංකාවට එන්න දෙන්න හොඳ නෑ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 656 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 1700 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 405 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 160 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 177 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1513 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14618 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 13 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 108 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site