IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


හරිත ලොවක් අපේ පැතුමයි

පැල එකොලක්ෂයක් රුක්රෝපණය කිරීමේ මහෝත්සවය ශ්‍රී ජයවර්ධනපුර දියවන්නා ඔය අසබඩ දියත උයනේදී මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් ද, අලුත්කඩේ උපරිමාධිකරණ පරිශ්‍රයේදී ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියගේ ප්‍රධානත්වයෙන්ද පැවැත්විණි. ජනපති මී පැලයක් රෝපනය කලේය. මෛත්‍රීපාල සිරිසේන, අනුර ප්‍රියදර්ශන යාපා, එස් බී දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරුද එස් එම් චන්ද්‍රසේන නියෝජ්‍ය ඇමැති ද මේ සඳහා සහභාගී වූහ. උපරිමාධිකරණ සංකීර්ණයේදී ශිරානි බණ්ඩාරක අගවිනිසුරුවරිය කලුළුවර පැලයක් රෝපණය කළාය.  අභියාචනාධිකරණ සභාපති විනිසුරු එස් ශ්‍රී ස්කන්ධරාජා,  අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුනිල් සමරවීර, ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී දුමින්ද මුදුන්කොටුව, උපරිමාධිකරණයේ මාෂල් රියර් අද්මිරාල් එම් ප්‍රේමතිලක, උසාවි සංකීර්ණයේ ආරක්ෂක කලමණාකරු ජේ එම් එස් බණ්ඩාරනායක යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙයට එක්වූහ.  



අදහස් (0)

හරිත ලොවක් අපේ පැතුමයි

සමන් Friday, 16 November 2012 02:48 AM

ඇත්තටම හරිත ලොව අපෙද පැතුමයි (දී)

:       0       0

රුහුණු Thursday, 15 November 2012 04:45 PM

වටිනා පැතුමක්

:       0       0

විජිත Thursday, 15 November 2012 04:54 PM

වැදගෙන ඉන්නේ කාට හරි බයටද? කොයිවෙලේ බෙල්ල කපයිද දන්නේ නැති නිසාද?(නු)

:       0       0

සුනිල් Thursday, 15 November 2012 04:40 PM

මේ පැතුම නම් හොදයි. හැබැයි මේ හරිත ලොව අපේ විපක්ෂයේ මහත්වරු පතන හරිත ලොවක් වගේ නම් වෙන්න බැහැ හොදේ. (නි)

:       0       0

අජිත් Thursday, 15 November 2012 04:57 PM

මේ පැල ඉක්මනට වැවෙනවා... වටිනාකම අඩුයි.. කළුවර පැල වැවෙන්න ගොක් කල් යනවා වටිනාකම වැඩියි.. කවුරු කවුරුත් අවුරුදු ගානක් තිස්සේ මේ විදයට රටේ හැමතැනම පැල සිටවනවා.. ඔය හිටවන පැල වැව්නානම් කෙම්පස් දැව හදලා රට පටවන්නත් තිබුණා..!(නු)

:       0       0

ග්‍රිෂාණි Friday, 16 November 2012 07:07 AM

අවුරුදු ගානක් හිටවපු පැල අදටත් තියෙනවා නම් බිම් අගලක්වත් ඉතුරුවෙන්නේ නැහැ. ගස් හිටවන එක හොදයි. නමුත් ඒවා පස්සේ තියෙනවාද කියලත් බලන්න ඕනෑ. පසු අධීක්ෂණයක් වියයුතුමයි. ලබන අවුරුද්දෙ හිටවන්නේ නැතිව හිටවපුවා තියෙනවාද කියලා බලන්න. (මම රජයට විරුද්ධ කෙනෙක් නෙමෙයි) (නි)

:       0       0

විමල් Thursday, 15 November 2012 04:43 PM

සංදර්ශන නම් නියමයි.. මෙයාට වදින්නේ නැතිව කාට වදින්නද? (නු)

:       0       0

සිල්වා තබුක් Thursday, 15 November 2012 05:09 PM

මේක දැං කොමඩි රටක් වෙලා..!(නු)

:       0       0

අනුර ගුණවර්ධන Thursday, 15 November 2012 05:17 PM

නිමල්.. ගොවියෙක් පැලයක් හිටවන විට ඒ පැලයට ගෞරවයක් විදියට වදිනවා.. මම දැකලා තියෙනවා මගේ පියා මේ විදියට කරනවා මම පුංචි කාලේ.. මේක අපේ සංස්කෘතියක් සමප පැමිණෙන දෙයක්..!(නු)

:       0       0

රොහාන් පෙරේරා Thursday, 15 November 2012 05:11 PM

මෙයා හිටවනවා අරගොල්ල වැදගෙන ඉන්නවා..!(නු)

:       0       0

බණ්ඩාර ඩී Thursday, 15 November 2012 05:40 PM

විරාකා.. අන්න කොහෙද අක්කර 4000 ක රක්ෂිතයක් ලේඛණ වලින් අයින් කරලා වවන්න ගන්නවාලු.. තව එක්කෙනෙකුට නකල්ස් රක්ෂිතයේ අක්කර 70ක ඉඩමක් තියෙනවාලු.. පරිසර ඇමතිකෙනෙක් ඉන්නවාද මේ රටේ..!(නු)

:       0       0

මාතා Thursday, 15 November 2012 06:06 PM

ගොයම් ගහක් හිටවද්දී, සාත්තු කරද්දී, ගළවද්දී වදින එක සිංහල බෞද්ධයාගේ සිරිත. මොනවා වුණත් වවන්නෝ දිනන්නෝය. (නි)

:       0       0

මේනකා Thursday, 15 November 2012 06:28 PM

පොලිතින් එක ඉවත් නොකර මේ පැලය හිටවනවා.. හරියට නිකං සුදුසුකම් නැති අයට ආණ්ඩුවෙ රස්සාවල් දෙනවා වගේ..!(නු)

:       0       0

දානි Thursday, 15 November 2012 06:37 PM

වදින්න දන්නෙම නැති කට්ටිය..!(නු)

:       0       0

වජිරා Thursday, 15 November 2012 06:38 PM

ඔවුන් ඔය වදින්නෙ ගහට නෙමෙයි.. එහෙනම් අගවිනිසුරුවරිය ඉන්න තැනත් වදින්න එපායැ..!(නු)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 15 November 2012 06:59 PM

ඇමතිතුමා වැදලා වවනවා.. අනිත් අය වැදලා කපනවා.!(නු)

:       0       0

වජිර Thursday, 15 November 2012 06:49 PM

එක ගසක් මෙහේ හිටවද්දී එහේ අක්කර ගාණක් කපනවා. (නි)

:       0       0

වජිර Thursday, 15 November 2012 06:52 PM

ඇත්තටම මොකටද ඔය වැදගෙන ඉන්නේ (ස)

:       0       0

මුතුකුඩ Thursday, 15 November 2012 07:36 PM

මේකට කියන්ෙන් වැවීමේ සහ වැදීමේ කලාව කියලයි. මේවා පැරණි සිරිත්. ඒ නිසා මේවාට මුකුත් කියන්න එපා. (නි)

:       0       0

වරුණ Thursday, 15 November 2012 03:07 PM

උඩ ඡායාරූපයේ කට්ටිය වැද ගෙන ඉන්නේ මොකටද? කොහාටද?(නු)

:       0       0

වරුණ Thursday, 15 November 2012 03:08 PM

ජනාධිපතිතුමා ගස් හිටවනකොට වටේ ඉන්න අය රක්ෂිත පිටින්ම විනාස කරනවා (ස)

:       0       0

වරුණ Thursday, 15 November 2012 03:27 PM

අගවිනුසුරුවරිය හිටවපු ගහ තව ටික දවසකින් කපලා දාවිද දන්නේ නෑ..මතකනේ කලින් සිද්ධිය (ස)

:       0       0

ලිසී Thursday, 15 November 2012 09:52 PM

දේශපාලඥයින් හොරෙන් කරන දැව ජාවාරම් නැවැත්තුවොත් අලුතෙන් ගස් හිටවන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 15 November 2012 03:15 PM

ජයසිරිමා බෝධි අංකුරයක් වෙයි කියලා හිතලද මේ වැදගෙන ඉන‍්නේ (ස)

:       0       0

කීර්ති Thursday, 15 November 2012 09:46 PM

කොන්ද කෙළින් තියාගෙන නීතිය ක්‍රියාත්මක කරන අගවිනිසුරුවරිය ගැන ඇත්තටම අපිට තියෙන්නේ ලොකු ගෞරවයක්. භක්තියක්. (නි)

:       0       0

උපාලි සේනාධීර Thursday, 15 November 2012 03:37 PM

අපේ ජාතික උරුමයක් උන උඩරට නැට්ටුක්කරුවන් පැල හිටුවන විටත් නැටීම මොන ආශ්චර්යයක්ද?(නු)

:       0       0

ටිකිරි Thursday, 15 November 2012 09:48 PM

අනේ මන්දා පොලීතින් පිටින් පැල ඉන්දනවද ? (ස)

:       0       0

නිමාලි වනිගපුර Thursday, 15 November 2012 03:25 PM

බලන්නකෝ කළු පාට ඇදගෙන අපේ අගවිනිසුරුවරිය කළුවර ගසක් රෝපනය කරන ලස්සන.. වටිනාකමක් ඇති ගසක් රෝපනය නුදුරු ඉතිහාස කතාවම ලියවෙයි..!(නු)

:       0       0

බණ්ඩාර Thursday, 15 November 2012 10:07 PM

ප්‍රභාකරනගේ කාලෙදිවත් රක්ෂිත වනාන්තර වලට මෙහෙම විනාශයක් සිද්ධවුණේ නැහැ. (නි)

:       0       0

නිමල් Thursday, 15 November 2012 03:27 PM

අර ගොල්ලෝ වැඳගෙන ඉන්නේ මේක බෝ පැලයක් කියලා හිතාගෙනද ? (ස)

:       0       0

කුසුම්පාල දිසානායක Thursday, 15 November 2012 03:30 PM

මී පැලේට දියවන්නාවෙ ඉන්න වව්ලො ටකි ලගීවි ලොකු උනාම... කොස් ගහක් හිටෙව්වනම් ලොකු දෙයක්.. කාගේ හෝ වැදගත් නැති අදහසක්..!(නු)

:       0       0

පනාගොඩ Thursday, 15 November 2012 03:49 PM

හරිත ලොවක් හදන්න කලින් අපරාධ වලින් තොර ලොවක් හැදිය යුතුයි..නැත්නම් හරිත ලොවේ ජීවත් වෙන්න කෙනෙක් නැති වේවි (ස)

:       0       0

බණ්ඩාර Thursday, 15 November 2012 10:21 PM

අපි මෙහේ පැළ ‍එකොළොස් ලක්ෂයක් වවද්දී, එහේ ඉන්න කැළෑපාළුවෝ පැළ විසි දෙලක්ෂයක් හොරෙන් කපනවා. (නි)

:       0       0

උඩුරාවනා Thursday, 15 November 2012 03:50 PM

ආපස්සට තමයි..!(නු)

:       0       0

සිල්වා Thursday, 15 November 2012 11:42 PM

ජනාධිපතිතුමාගේ චේතනාව ඉතා හොදයි. (නි)

:       0       0

සරත් Thursday, 15 November 2012 04:02 PM

මේ ශාකය හුගක් වටිනවා. (නි)

:       0       0

පිටිගල Thursday, 15 November 2012 04:02 PM

මිනීමරුවන් මදුරුවන් වගේ මිනිස්සුන්ව මරනවා. ඊට නොදෙවැනිව බඩු මිළ ඉහළ යනවා. අපේ බඩ පිටටම ඇළෙනවා... (නි)

:       0       0

සමන් Thursday, 15 November 2012 11:56 PM

මේ ගහ ලොකු වෙයිද? නැද්ද? කාටද හරියටම කියන්න ‍පුලුවන්? (නි)

:       0       0

සුදත් Thursday, 15 November 2012 04:07 PM

පුරුද්දට වෙන්න ඇති (ස)

:       0       0

නිෂාන්ත Thursday, 15 November 2012 04:08 PM

හරිත ලොවක් ඉක්මනටම හදන එක හොඳයි .මොකද දැන් තියෙන්නේ ලෝහිත ලෝකයක්නේ (ස)

:       0       0

සාගරිකා Thursday, 15 November 2012 04:14 PM

ජනාධිපතිතුමා බල්ලෙක් සුරතලේට ඇතිකළොත් වටේ ඉන්න අය ඒකටත් වැදගෙන ඉදියි...!(නු)

:       0       0

ගලබොඩ මිලානෝ Thursday, 15 November 2012 03:59 PM

වනජීවි ඇමතිතුමා පැලේට වැදගෙන ඉන්නේ ඉක්මනට කපන ප්‍රමාණයට ලොකු වේවා යන පැතුමෙන්ද? (නු)

:       0       0

ජසී Thursday, 15 November 2012 04:20 PM

මටත් හිතාගන්න අමාරුයි අර කීපදෙනා වැදන් ඉන්නේ ඇයි කියලා (ස)

:       0       0

අසෝක Thursday, 15 November 2012 04:04 PM

කට්ටිය වැඳගෙන ඉන්නෙ මතුවට තව ගස් ලක්‍ෂයක් කපාගන්න ලැබෙන නිසාද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 639 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1045 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 78 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 744 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 337 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1001 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39483 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site