IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


හරිත වසන්තෙන් දෙන්නෙක් රිමාන්ඩ්

හරිත වසන්තය නැමැති ව්‍යාපෘතියක් මගින්  ඉඩම් වගා කැර ආදායම් ලබා දෙන බව පවසා  අනුරාධපුර නගර වැසියකුගෙන්  රුපියල් ලක්ෂ නවයක මුදලක් වංචා කළැයි කියන දෙදෙනෙක්  අනුරාධපුර  ප්‍රධාන මහෙස්ත්‍රාත්  සහ  අතිරේක දිසා විනිසුරු රවන්දිකා මාරපන මහත්මිය විසින් 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.

බොරලැස්ගමුව පැපිලියානේ  සංජය බණ්බාර අබේරත්න සහ කොළඹ නාරාහේන්පිට නාවල පාරේ ඉන්දික හේවාවසම් එම දෙදෙනාය.

හරිත වසන්තයක් නැමැති ව්‍යාපෘතියක් මගින්  ඉඩමක් වගා කර  ආදායම් ලබා දෙන බව පවසා  අනුරාධපුර ගුවන්තොටුපළ පාර සාම මාවත ලිපිනයෙහි  ඒ කේ ගුනපාල ද සිල්වා මහතාගෙන්  රුපියල් ලක්ෂ නවයක පමණ මුදලක් සැකකරුවන්  වංචනික ලෙස ලබාගෙන ඇති බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට මිට පෙර පැමිණිල්ලක් ලැබී තිබු බව පොලීසිය අධිකරණයට කරුණු දැක්වීය.

පැමිණිල්ල විභාග කිරීමට පොලීසියට පැමිණෙන ලෙස කිහිපවරක්  සැකකරුවන්ට දැනුම් දුන්නද  ඔවුන් එය මගහරිමින් සිටි බවද අධිකරණයේදී  කියැවිණි.



අදහස් (0)

හරිත වසන්තෙන් දෙන්නෙක් රිමාන්ඩ්

ෂාන් Tuesday, 09 July 2013 07:14 AM

අනේ අර ප්ලැටිනම් ඇඩ් එක අයින් කරලා නිව්ස් කියවන්නේ කොහොමද කියලා කරුණාකර කවුරු හරි මට කියලා දෙනවද. (අ)

:       0       0

හේරත් නිකවෙරටිය Tuesday, 09 July 2013 07:21 AM

අනේ පව්..... (නි)

:       0       0

කුරුවිට Tuesday, 09 July 2013 08:18 AM

ශාන් මමත් ගොඩක් උත්සහ කලා දැන්වීම අයින් කරන්න.(නදී)

:       0       0

වරුණ Tuesday, 09 July 2013 08:30 AM

ඔය වසන්තවල්, කිරුලවල්, නැගුමවල් ගේන්නේ දුප්පත් අපිට තියෙන ආදරේටද?නැහැනේ. දැක්ක නේද කිරුළේ ලොකු නෝනා ගහලා අහුවෙච්ච් හැටි? ඕවගෙන් වෙන්නේ කොයි ලොක්කගේත් මඩිය තර වෙන එක තමා (නි)

:       0       0

සංජීව Tuesday, 09 July 2013 08:31 AM

අර ප්‍රබාකරන් එක පාරක් කිව්වේ " සිංහලයින්ට ඕනෑ දෙයක් මතක තියෙන්නේ මාස තුනයි " කියලා. ඒක සම්පුර්ණ ඇත්ත . සල්ලි කිව්වොත් ඕනෑ දෙයක් කරලා හොම්බ බිම ඇන ගන්න අපේ ජාතිය තරම් සමත් ජාතියක් තව නැහැ (නි)

:       0       0

රදිකා Tuesday, 09 July 2013 09:16 AM

ඇත්තටම අර දැන්වීම් නිසා ප්‍රවෘත්ති බලන්ඩවත්, ප්‍රථිචාර කරන්ඩවත් බැහැ.ඒවා අයින් කරන්ඩ.(නදී)

:       0       0

දයා අළහකෝන් Monday, 08 July 2013 06:27 PM

කිරි අප්පේ! ලක්ෂ නමයක් බැංකුවක ස්ථිරව තැන්පත් කළා නම් හරිත වසන්තයක්ම තමා (දී)

:       0       0

තුෂාර Tuesday, 09 July 2013 09:35 AM

මේ අර ජනප්‍රිය නිළියගේ සහෝදරයා නේද? ඔය වැඩ සටහනේ දැන්වීම් වලටත් හිටියේ ඒ නිළිය තමා.(නදී)

:       0       0

අර්ෂා Monday, 08 July 2013 06:27 PM

මේ වගේ වංචා කරන්නන්ට කිසිම සමාවක් නොදිය යුතුයි. දිය හැකි උපරිම දඩුවම් ලබාදෙන්න. (දී)

:       0       0

නලින්ද Tuesday, 09 July 2013 08:17 PM

ඔය මනුස්සය මටත් ඕකම කලා .රුපියල් ලක්ෂ 4ක් .මමත් දැන් පොලිසි යන්න ඉන්නේ (අ)

:       0       0

වරුණ Tuesday, 09 July 2013 03:55 PM

ඔව් වලල්ලාවිට, මාත් මේ දවස්වල කොටන්න කුඹුරක් හොයනවා. නැද්ද ඔයාලගේ පාළුවට අතහැරිච්ච කුඹුරක් එහෙම ? (නි)

:       0       0

දුමින්ද Monday, 08 July 2013 08:16 PM

තව බලාගෙන ඉන්න,එයාල පැනල යනකම්.මෙහෙමත් අනුවණයෝ! (අ)

:       0       0

නලික්ද Tuesday, 09 July 2013 09:38 PM

තුෂාර ඔයාට වැරදිලා ඒ නිළියගේ වාසගම තිබුනට එයාගේ සහෝදරයා නෙමෙයි. (නදී)

:       0       0

ලලිත්-Sl Tuesday, 09 July 2013 11:14 AM

අපේ රට හරියට පලු ගෙයක් වගේ. ඕනෑම ගොනෙකුට ඕනෑම දෙයක් කරන්න කිසිම තහනමක් නැහැ. ටි වී බලන කෙනෙකුට හිතෙන්නේ මේක සුරපුරයක් කියල පුදුමම අශ්චර්යයක් තමා. (අ)

:       0       0

අමිල කටුනායක Monday, 08 July 2013 09:29 PM

සක්විත්තෝ (අ)

:       0       0

සරත් Monday, 08 July 2013 09:47 PM

මේ වගේ අය තව ගොඩක් ඉන්නවා. තේක්ක හිටවල දෙන අය. පලතුරු වවවන අය. ගේවල් හදලා දෙන අය. පුංචි ළමයි සදහා අනාගතයට අයෝජන කරවන අය මේ වගේ හොරු. මේ හොරුන්ට ලංකවේ ඔනැතරම් ඉඩ තියෙනවා. ලංකාවේ මිනිස්සු මහ මෝඩයෝ. අද රැවටිල හෙටත් රැවටිල. අනිද්දාත් රැව‍ටෙනවා. (අ)

:       0       0

වළල්ලාවිට Tuesday, 09 July 2013 12:24 PM

අනේ වරුණ,හැමදාම කියනවා ඔය මෝඩ කතා නවත්තන්න කියලා. ගිහින් ඔයාගේ ගොවිතැන් ටික බලගත්තා නම් හොඳයි නේද? (නි)

:       0       0

ජයා Tuesday, 09 July 2013 12:31 PM

මමත් ඔය මිනිහට වවන්න මුදල් දුන්නා. අනේ , අපෙට පිහිටක් නැද්ද? (නි)

:       0       0

පෙරේරා Monday, 08 July 2013 11:45 PM

අනේ මමත් අහු වුනා ඔය වගේ කපටියෙකුට. මුලින් පොලිසිය ඔහුට බොහොම උදව් කලාට පොලිසියටත් මිනිහ කොලේ වහලා පස්සේ තමයි මගේ පැමිනිලත් පොලිසිය ලියා ගත්තේ. නඩු ගියා නමුත් අවුරුද්දකට හිරේ ගියා. මගේ සල්ලි එතනින් ඉවරයි. අවරුදු ගානක් දුක් විදලා හොයපු සල්ලි , මිනිහ අවුරුදු එකකින් හම්බ කර ගත්තා. මෙය කාටත් වැදගත්. (නි)

:       0       0

දීපාල් Tuesday, 09 July 2013 02:28 AM

මමත් නිට්ටඹුවේ එක්කෙනෙක්ට ලක්ෂ 10ක් දීලා තියෙන්නේ. වවන්න නෙමෙයි, යූ.කේ. යවනවා කියලා. මමත් එයාව ලගදී උස්වැටකෙයියාවේ යවන්න ඉන්නේ. (නි)

:       0       0

චන්දන Tuesday, 09 July 2013 03:53 AM

තවත් සක්විති දෙදෙනෙක්ද ? (නි)

:       0       0

චන්දන Tuesday, 09 July 2013 03:53 AM

තවත් සක්විති දෙදෙනෙක්ද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 88 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 968 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 192 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 881 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3549 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2250 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37727 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24866 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site