IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


හරිත සරසවි නගරයේදී පැරැණි මිතුරෝ හමුවෙති

‘අපි ජාතියක් ලෙස කනගාටුවෙන්න  ඕනෑ. අපි  ලෝකයේ දැනුම වෙළෙඳපොළ ජයගන්න  ඕනෑ. දැනුම බුද්ධිය වර්ධනය වූ පිරිසක් ජාත්‍යන්තර වෙළෙඳපොළට අපි යැවිය යුතුයි. ඒ තමයි රටක ගෞරවය වෙන්නේ. අපේ රටේ ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, විද්‍යාඥයින් ආදී විවිධ ක්ෂේත‍්‍ර වල ප‍්‍රවීණයින් දක්ෂයින් ලෝකයේ වෙනත් රටවල රැකියාවන් කර මෙරටට මුදල් එවනවා නම් ඒක අපිට ගෞරවයක්‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (26) හෝමාගම - පිටිපන ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේ පීඨ තුනකින් සමන්විත හරිත සරසවිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

අක්කර 20ක භූමියක රුපියල් බිලියන 10ක මුදලක් වැය කර සෑදූ හරිත විශ්ව විද්‍යාලය අද ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු රැසකගේ සහභාගිත්වයෙන් විවෘත කිරීම සිදු කැරිණි.

‘හරිත විශ්වවිද්‍යාලය මේ රටේ අධ්‍යාපනයේ පරිවර්තනයක්. විප්ලවයක්. නව ගමනක ආරම්භයක් සහ ප‍්‍රවේශයක් වෙනවා. මේ ආයතනය ආරම්භ කිරීම පිළිබ`දව සතුටු වෙන්නේ මේ රටේ උගත් තරුණ පරපුරේ දරුවන්. අපේ රටේ ප‍්‍රාථමික අධ්‍යාපනයට වාර්ෂිකව පළමු වසර සඳහා දරුවන් තුන් ලක්ෂ පනස්දාහක්,  හැත්තෑ පන්දාහක් පමණ ඇතුළත් වෙනවා. වාර්ෂිකව උසස් පෙළ සමතුන් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබනවා එක් ලක්ෂ පනස්දාහකට ආසන්න පිරිසක්. නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ ඉඩකඩ සහ පහසුකම් තිබෙන්නේ එක්ලක්ෂ පනස්දාහෙන් විසිහත්දාහක් වැනි සංඛ්‍යාවකටයි. අද ඇති හැකි අය පමණක් නොවේ නැති බැරි පවුල් වල දරුවනුත් දෙමාව්පියන් විසින් තම ඉඩම් විකුණා, කුඹුර උකස් තබා, ගේ විකුණා, රත‍්‍රං බඩු ටික බැංකුවේ තබා තම දරුවන්ව පිටරට යවනවා. විදේශ සංචාර වලදී අපේ දරුවන් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල වලට මම ගිහින් තිබෙනවා. ඒ දරුවන් සමග මා කතා කර තිබෙනවා. ඒ දරුවන්ගේ පවුල් පසුබිම් සහ තොරතුරු කතා කර තිබෙනවා. ඇති හැකි අය මෙන්ම නැති බැරි දරුවන් වාර්ෂිකව හැත්තෑපන්දාහකට ආසන්න සංඛ්‍යාවක් පිටරට යනවා. එසේ ගොස් ආපසු එන සමහර දරුවන් අපේ සංස්කෘතියට, අපේ දේශීයත්වයට නුහුරු නුපුරුදු දරවෙකු ලෙසයි එන්නේ‘ යැයි ද ජනපති එහිදී පැවසීය.

_DSC0092 _DSC0122 _DSC0166 _DSC0175 _DSC0241 _DSC0255 _DSC0320 _DSC0337 _DSC0363

ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

හරිත සරසවි නගරයේදී පැරැණි මිතුරෝ හමුවෙති

ඉන්ද්‍රා Wednesday, 26 October 2016 06:52 PM

දෙගොල්ලොම එකතුවෙලා මේ අය රට හදන තැනට ගෙනාවොත් මුළු ලංකාවම බබළවන්න පුළුවන් හරිත පාටට. (නි)

:       0       0

අතුල Wednesday, 26 October 2016 07:04 PM

අපේ රටේ පාලකයන්ට හොරකම් කරන්න ඕනෑතරම් සල්ලි තියෙනවා. මේවට තමා සල්ලි නැත්තේ. ඔය මහා බැංකුවේ වංචාවට එක අවුරුද්දකට ගෙවන පොළියෙන් පුළුවන් මේ වගේ විශ්ව විද්‍යාල 5 ක් හදන්න (නි)

:       0       0

අජිත් Wednesday, 26 October 2016 07:42 PM

ලැජ්ජාවක් නැහැ කිසිම දේශපාලකයෙකුට, අහිංසක දුප්පත් මිනිස්සු රවට්ටනවා (නි)

:       0       0

සුසිල් Wednesday, 26 October 2016 11:06 PM

මේක රජයේ එකක් නම්, මොකද අන්තරේ මේකට එරෙහිව බෝඩ් උස්සාගෙන ඉන්නේ කොටුවේ? (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 26 October 2016 11:21 PM

රාජා, ශ්‍රී ලංකාව මෙපමණ වේගයකින් දියුණු වෙමින් පවතින්නේ මක්නිසාද කියා ඔබට නොතේරුනාට අපිට තේරෙනවා (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 27 October 2016 12:39 AM

අපි ජාතියක් ලෙස කණගාටුවෙන්න ඕනෑ අපේ රට ඉන්දියාවට බිලිදෙන එක ගැන. අපිව මේ මහා ඛේදවාචකයෙන් බේරාගන්න කෙනෙක් නැද්ද. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 27 October 2016 12:43 AM

මොකක්ද මේ අළුත් සරසවිය? (නි)

:       0       0

ක්‍රිස්ටීන් Thursday, 27 October 2016 12:55 AM

රජයේ මුදලින් හදලා උපාධියට සලලි ගන්න එක වැරදියි. අධ්‍යාපනය අයිතියක්. ඒක සල්ලි මත තීරණය කරන එක තමයි ප්‍රශ්නය (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 27 October 2016 11:19 AM

හරිතපාලුවොත් මේකට ඇවිල්ලානේ.

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 26 October 2016 09:56 AM

මේ කඩාකප්පල් කාරී අන්තරෙත් එක්ක මේවා කොහොම කරන්නද ? (බ)

:       0       0

බමුණුසිංහ Thursday, 27 October 2016 01:52 AM

නිරේෂ්, අප්පච්චිගේ සිංහල අපට තිබුන ලෙංගතුකම දන්නා අයට තාමත් අප්පච්චි නැතුව බැහැ. (නි)

:       0       0

සමන් Wednesday, 26 October 2016 10:01 AM

මේකත් ගිය ආණ්ඩුවෙන් පටන්ගෙන ගොඩක් වැඩ ඉවරකරලා තිබ්බ ව්‍යාපෘතියක්. පහුගිය කාලේ ඇද ඇද ඉඳල දැන් විවෘත කරනවා. හරියට අර ඉස්කෝලවල හදපු විද්‍යාගාර ගොඩනැගිලි වගේ. හැමදාම බොරුව තමා. 7% පොලිය වැඩී කියල කෑගහල දැන් 14% පොලියට මාමලට බානලට බිලියන ගණන් හම්බු කරගන්න දෙනවා. 90% ගසා කෑවා කියපු විකෘති වලට දැන් ඒ වගේ දෙගුණයක් වියදම් කරනවා.(බ)

:       0       0

ප්‍රදීප් Wednesday, 26 October 2016 10:19 AM

යහපාලනයෙන් බලාපොරොත්තු වුණ වෙනස මේක තමා (බ)

:       0       0

කුමාර Thursday, 27 October 2016 12:35 PM

සමන් කියන කතාව හරියට හරි...(හේ)

:       0       0

අජිත් රොහාන් Wednesday, 26 October 2016 10:43 AM

සමන් ඔයාට හුඟක් පින්. නියම සත්‍ය හරියටම කියලා තියෙනවා (බ)

:       0       0

ගයාන් Wednesday, 26 October 2016 10:44 AM

කවුරු මොනවා විවෘත කළත් මහින්ද නාමය ඒවායේ පසුබිමේ සටහන්ව පවතී (බ)

:       0       0

ප්‍රදීප් Wednesday, 26 October 2016 10:55 AM

සමන් නිකන් බොරු දෙසන්න එපා. එන්එස්බීඑම් කියන්නේ පුද්ගලික ආයතනයක්. මේකට ආණ්ඩුවෙන් සල්ලි දුන්නේ නෑ. පටන් ගත්තු දවසේ ඉඳන් එකම විදිහට වැඩ ගියා (බ)

:       0       0

බමුණු Wednesday, 26 October 2016 10:57 AM

දැනුම බුද්ධිය වර්ධනය වූ පිරිසක් ජාත්‍යන්තර වෙළෙඳපොළට අපි යැවිය යුතු නම් හලෝ මොකටද ඉන්දියාවේ අයි ටී කට්ටිය එට්කා ගිවිසුම මගින් ලංකාවට ගෙන්වන්න හදන්නේ? එතකොට අපේ ළමයින්ට මොකද වෙන්නේ (බ)

:       0       0

ජස්ටින් Wednesday, 26 October 2016 11:01 AM

ගයාන් පසුබිමෙහි නෙවෙයි පසුම්බියේ වචනේ මාරුවෙලාද. ඒගොල්ලෝ එ්ක පුරවා ගත්ත එක අමතක වුනාද (බ)

:       0       0

ලක්ෂි Wednesday, 26 October 2016 11:09 AM

සමන්, ගයාන්, ඔබලා වැනි අැත්ත දකින මිනිස්සු ඉඳිම මහත් සතුටක් (බ)

:       0       0

ප්‍රදීප් Wednesday, 26 October 2016 11:08 AM

සමන් කරුණු දන්නේ නැතුව බොරු දෙසන්න එපා. එන්එස්බීඑම් කියන්නේ පුද්ගලික ආයතනයක්. මේක හදන්න ආණ්ඩුවෙන් සල්ලි දුන්නේ නෑ. (බ)

:       0       0

හෆීල් Wednesday, 26 October 2016 11:13 AM

මෙම විවෘත කිරීමේ ජායරුපයේ සමහර අයගේ අතේ කතුරත් නැහැ රිබන් පටිය කපන්න. නමුත් ඇඟිල්ල ලංකරගෙන ඉන්නේ. එසේ කරන්නේ ආසාවටද ? (බ)

:       0       0

විජේසිංහ Thursday, 27 October 2016 03:12 AM

මේ වාගේ ව්‍යාපෘති රටට අවශ්‍යයි. නැත්නම් අපේ සල්ලි පිටරටට ඇදෙනවා (ම)

:       0       0

හේමන්ත Wednesday, 26 October 2016 11:30 AM

සමන්, අජිත්, ගයාන් ගිය ආණ්ඩුවේ අයත් ඊට කලින් ආණ්ඩුවේ ව්‍යාපෘති විවෘත කළා. කාගේවත් පුද්ගලික මුදල්වලින් කරපුව නොවෙන නිසා පවතින රජයේ ප්‍රධානින් විවෘත කළාට කිසි ප්‍රශ්නයක් නැහැ.(බ)

:       0       0

බණ්ඩාර Wednesday, 26 October 2016 11:35 AM

මේ ආණ්ඩුව දැන් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ... අගමැති තුමා ළඟ ඉදන් ගොඩක් අය හොරකම් තමා කරන්නේ (බ)

:       0       0

රජින්ද Wednesday, 26 October 2016 11:35 AM

කවුරු පටන්ගත්තුව කවුරු විවෘත කළත් කමක් නැහැ. අඩුම ගානේ සදාචාරසම්පන්නව වැදගත් විදිහට ඒවා කරනවානම්. ඒත් මෙයාලා කරන්නේ උදේ ඉදන් රෑ වෙනකන් මහින්දගේ හොරකම් ගැන රටේ නැති බොරු කිය කියා මේ වගේ දැවැන්ත ව්‍යාපෘති මෙයාල ගිහින් විවෘත කරන්න යනවා. හොරා කෑවනම් එහෙම කරලත් ඒ මනුස්සයා රටට යමක් කළා. (බ)

:       0       0

චන්දන Thursday, 27 October 2016 03:57 AM

මේක පුද්ගලික වැඩක්. දේශපාලන ඇසින් බලා කාටවත් ලකුණු දෙන්න හදන්න එපා (ම)

:       0       0

අරුණ Wednesday, 26 October 2016 11:47 AM

මොන රජයක් වුනත් වියදම් කරන්නෙ මහජනතාවගෙ බදු මුදල්. අධිවෙිගී මාර්ග මහින්ද මහත්මය විවෘත කළාට පටන් ගත්තෙ එ.ජා.ප. රජය කාලෙදි. මේකත් ඒ වගේ තමයි. මොන ජනාධිපතිවත් ගෙදරින් ගෙනැල්ල වියදම් කළේ නෑ. (බ)

:       0       0

සෑම් Wednesday, 26 October 2016 11:52 AM

මහින්දගේ දුරදක්නා නුවණ සහ නොසැලෙන අධිෂ්ඨානය නිසා ඉදිවුණු තවත් ව්‍යාපෘතියක්. (බ)

:       0       0

චිත්‍රා Wednesday, 26 October 2016 12:02 PM

මේ රුප දකිනකොට පුදුම වේදනාවක් දැනෙනවා. මේ රටේ දියුණුව ආපස්සට ගිය ඉක්මන. (බ)

:       0       0

ප්‍රගීත් Wednesday, 26 October 2016 12:17 PM

දැන් එතකොට කලින් ආණ්ඩු පටන් ගත්ත ව්‍යාපෘති මහින්දගේ ආණ්ඩුවෙන් ඉවර කරලා, ඒගොල්ලෝම විවෘත කරලා නැද්ද.? (බ)

:       0       0

සුගත් Wednesday, 26 October 2016 12:18 PM

කවුරු පටන් ගත්තත් කවුරු අවසාන කළත් කමක් නැහැ මේක ඉතාම හොඳ වැඩක්, අද බලන්න ඉන්දියාව කරන්නේ මොකක්ද හැම ප්‍රාන්තයකම පුද්ගලික වෛද්‍ය විද්‍යාල, විශ්ව විද්‍යාල,මුළු ලෝකෙටම වෘත්තිකයන් සපයනවා, විශාල මුදල් කන්දරාවක් රටට එනවා. (බ)

:       0       0

සෑම් Wednesday, 26 October 2016 12:24 PM

අරුණ, මුල් ගල් තියන්ඩ, සංකල්ප ඉදිරිපත් කරන්ඩ ඕන ගොනෙකුට පුළුවන්. හැබැයි කකුලෙන් අදින අයගෙන් බේරිලා ඒවා යථාර්ථයක් කරගන්න එක තමයි හපන්කම. පොඩ්ඩක් වටපිට බලන්ඩ. සාම්පුර් වලට මොකද වුනේ, සියලු සැලසුම් කරලා තිබුණු අධි වේග මාර්ග වලට මොකද වුනේ කියල. (බ)

:       0       0

සුගත් Wednesday, 26 October 2016 12:36 PM

දැන් අර අහිංසක දුප්පත් කොල්ලෝ ටික කොළඹ කොටුවේ දුක් විඳිනවා,කඩාකප්පල්කාරී දේශපාලකයන්ගේ අතකොලු බවට පත් වී. විශ්ව විද්‍යාලයට තේරී පත් වූ පමණින් මොවුන්ට යථාර්ථය තේරුම් ගැනීම නොහැක. (බ)

:       0       0

රොෂාන් Wednesday, 26 October 2016 01:10 PM

මේක ආණ්ඩුවේ සල්ලි වලින් හදපු එකක් නෙමේ . එන්.එස්.බී.මේ කියන්නේ පුද්ගලික ආයතනයක නිකන් බොරු ලියන්න එපා . මම මෙයට සන්බන්ද වූ කෙනෙක් (අ)

:       0       0

ගයාන් Thursday, 27 October 2016 04:59 AM

දිනේෂ් සිරිසේන මයාට කියනවා ඇත්තේ ,අපවිත්‍රවූ ඔබගේ දෑතින් මාව අල්ලන්න එපා කියල වෙන්න ඇති (බ)

:       0       0

රාජා Wednesday, 26 October 2016 01:15 PM

කවුරු මොනවා කීවත් මේ රජයට ඉදිරි දැක්මක් තියනවා. ගිය ආණ්ඩුව පටන්ගත් එක ව්‍යාපෘතියක් සාර්ථක වුණද? රට ණය සාගරයක ගිල්වලා ඉක්ක්මනට බේරිලා යන්න ගියා. ඔන්න අයෙත් එන්න දගලනවා. රනිල් කෘතහස්ස්ත නායකයෙක්, ඔහුගේ මොලයෙන් හරියට වැඩ ගත්තොත්, අපේ රට සිංගප්පුරුවට නොදෙවෙනි වේවි. එය සිදුවෙන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. (අ)

:       0       0

ධම්ම Wednesday, 26 October 2016 01:39 PM

අර මුල් ගලේ කොටලා තියෙන්නේ කාගේ නම්ද ? (අ)

:       0       0

බමුණුසිංහ Wednesday, 26 October 2016 01:42 PM

අනේ සුගත් ඔහොම කියන්න එපා ඉන්දියාව නිසා අපට වෙලා තිබෙන නස්පැත්තිය ගැන හොඳට සොයා බලන්න.ඉදිරියේදී අපේ ළමයින්ට අයි ටී රැකියාවත් නැතුව යනවා. එකත් ඉන්දියානුවන්ට යනවා. (අ)

:       0       0

බමුණුසිංහ Wednesday, 26 October 2016 01:45 PM

අපි ජාතියක් ලෙස කනගාටුවෙන්න ඕනේ ඉන්දියාව අපිව ගොනාට ඇඳගෙන ඉදිරියේදී අපේ රැකියාවන් ටික ඔවුන් ගන්නවට, (අ)

:       0       0

ප්‍රශාන් Wednesday, 26 October 2016 01:54 PM

පණ්ඩිත කම් නම් කියවන්න දන්නවා සමන් (අ)

:       0       0

හිරාන් Wednesday, 26 October 2016 02:13 PM

බෝඩ් එකේ යුනිවසිටි කියලා වැරදියට ලියල තියෙන්නේ. (අ)

:       0       0

කෝනාර Thursday, 27 October 2016 10:34 PM

ගොඩක් හොඳ ව්‍යාපෘතියක් වගෙයි (නි)

:       0       0

වික්‍රම Thursday, 27 October 2016 06:30 AM

අරුණ, පටන් ගන්න නම් කාට බැරිද? මහින්දගේ වෙනස එයා පටන් ගත්තු දේවල් 90% ක් ඉවර කළා (බ)

:       0       0

අරුණ Wednesday, 26 October 2016 02:52 PM

හේමන්ත. 2005 ට පෙර පවතී රජය පටන් අරන් මහින්ද මහතාගේ කලේ විවෘර්ත කරපු එක ව්‍යාපෘතියක් ගැන මතකනම් කියන්නකෝ. අඩුගානේ පාලම් බෝක්කුවක්වත්?(අ)

:       0       0

විද්‍යා Wednesday, 26 October 2016 03:04 PM

බන්දුල ඇමරිකාවේ රස්තියාදුවේ ඇවිල්ල අපහු ගිහින් කාලි යක්ෂනිගේ දේවාලේ පොල් ගහල මෙතෙන්ටත් ඇවිත් මූන ගෙන ඉන්න හැටි. ලැජ්ජයි (අ)

:       0       0

රණා Wednesday, 26 October 2016 03:09 PM

අරුණ, මොන රජය අවත වියදම් කරන්නේ මහජනතාවගේ මුදල් හෝ විදේශ අධාර යටතේ ලැබෙන මුදල් තමා. නමුත් ප්‍රශ්නය එක නෙවෙ. මහජනතාවගේ සල්ලි තිබුනාට ඒවායින් නියම පල ලැබෙන ව්‍යාපෘති ඇති කිරීමට හැකියාවක්, අධිෂ්ඨානයක් හා ඒ පිළිබද ඉදිරි දැක්මක් ඇති දේශපාලකයන් නැති නම් මහජන මුදල් නිකරුනේ විනාශ වෙනවා. දැන් රටේ තිබෙන තත්ත්වය ඊට හොද නිදසුනක්. පුහු දේශපාලන කතා කියමින් ජනතාවගේ මුදල් මහා දවාලේ කොල්ල කන හැටි බලාගෙන කිසිවක් කර කියා ගත නොහැකි අබග්ග ජාතියක් වලපල්ලට යනහැටි බලා සිටීම හැර වෙන කුමක් කරන්නද? (අ)

:       0       0

ගයාන් Thursday, 27 October 2016 07:24 AM

එන්එස්බීඑම් ආයතනය අර්ධ රාජ්‍ය එකක් වෙබ් එකට ගිහින් බලන්න .මහින්ද කළ වැඩ අවතක්සේරු කරන සිංහලයාගේ අනාගතය අඳුරු යි .(බ)

:       0       0

සරත් Wednesday, 26 October 2016 03:28 PM

මේකේ ඉදිකිරීම් පටන්ගත්තේ 2013 දෙසැම්බර් , ලංකා බැංකුවේ ණය මුදලකින් (අ)

:       0       0

සජී Thursday, 27 October 2016 07:28 AM

ඕන කෙනකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒත් පවතින දෙයක් කළේ ගිය ආණ්ඩුව විතරයි (බ)

:       0       0

රහීම් Wednesday, 26 October 2016 03:52 PM

රොෂාන් මේක රජයේ මුදල් වලින් හදපු දෙයක් නොවයි නම් මේක විවෘර්ත කරන්න ඕන මේකට මුදල් යොදවපු අයනේ? එතකොට මේකත් සයිටම් වගේ ආයතනයක්ද? (අ)

:       0       0

නිරේෂ් Wednesday, 26 October 2016 04:37 PM

සමහරුන්ට තාමත් අප්පච්චි නැතුව බැහැ වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 76 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 241 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 376 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 133 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 757 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 513 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 75 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 386 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1250 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site