‘ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපතිවරණයේදී තමන් පැරදවීමට ක්‍රියා කළ අය සමග වැඩිපුර ක්‍රියාකරද්දී ඔහුගේ ජයග්‍රහණය සඳහා දිවි පරදුවට තබා කටයුතු කළ අපේ ඇඟේ මයිල් කෙලින් වෙනවා‘ යැයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
සිදුවන ඇතැම් දේ පිළිබඳව ප්‍රශ්න ද හිතාගැනීමටත් දරා ගැනීමටත් නොහැකි අවස්ථා තිබුණත් ජනපති තමන්ට ඡන්දය දුන් ලක්ෂ 63 කට ආසන්න ජනතාවට අසාධාරණයක් නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන්ට රටේ ජනතාව අතර ප්‍රසාදයක් නොමැති නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇඟේ එල්ලී, මහින්ද රාජපක්ෂ මහතාගේ නමත් විකුණා ජයග්‍රහණ ලබන්නට උත්සාහ කරන බවද මහ ඇමැතිවරයා කීවේය.
ඔවුන් කෙතරම් උත්සාහ කළත් දූෂිතයන් පාරම්පරික සොරුන් යළිත් පාර්ලිමේන්තුවට පත් නොකිරීමට ජනතාව මේ වන විට පැහැදිලි තීන්දුවක් ගෙන ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.
හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ‘සිරිකොත‘ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (6) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඡායාරූප - ඉෂංක සුනිමල්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හරීන්ගේ ඇඟේ මයිල් කෙලින් වෙයි
රාමශාක්‍ය Wednesday, 06 May 2015 04:53 PM
මේ හැඩරුවම තියෙන කොල්ලෙක් හිටියා. හැබැයී ඌ අබිං මුදලාලි කෙනෙක්ගේ පුතෙක්. (නදී)
චානක ලොස් ඇන්ජලිස් Wednesday, 06 May 2015 05:13 PM
රිමාන්ඩ් සිරගෙදරට යවන්න කියා උසාවිය තීන්දු කල බැසිල් අායිමත් මර්චන්ට් වාට්ටුවට ගිහින් තිබෙන්නේ. හරින් ඔබ කියන මේ ක්‍රියාකාරකම් නිසා වෙන්න ඕනේ එහෙනම් ? (නදී)
අර්ජුන රණවන Wednesday, 06 May 2015 06:09 PM
තමන් අඩි 6 ක් යට වළලා දැමීමට ක්‍රියා කළා යැයි තමා විසින්ම පවසන ලද පුද්ගලයා සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සාකච්ඡා සඳහා ගියේ තමන් ජනාධිපති පුටුවට ඔසවා තැබීමට ක්‍රියා කළ සියළු බලවේගයන්ගේ ජනමතය නොතකමිනි.(නදී)
ජයලංකා Wednesday, 06 May 2015 10:38 PM
ඔය පරණ / අලුත් දූෂිතයන් පාරම්පරික සොරුන් හිරේ දැම්මොත් නේද හොද ,ක්‍රියාවෙන් පෙන්නවන්න , පක්ෂ භේදයක් නැතිව හොරු අල්ලන්න. එතකොට ඡන්දය දුන් ලක්ෂ 63 කට විතරක් නොවේ රටේ හැමෝටම අසාධාරණයක් වෙන්නේ නෑ (බ)
කවිතා Wednesday, 06 May 2015 10:55 PM
ඉදිරි මැතිවරණයෙන් පස්සේ කොහොමත් මෙයාලගේ කෙලින් වෙන්න මයිල් ඉතුරු වෙන්නේ නැහැ (බ)
රුවන් Thursday, 07 May 2015 02:13 AM
සිරිසේන මහත්තයෝ අපිට දුක අපේ ඡන්දෙ දුන්නේ මහින්දව පරදන්න මිස එයාව අගමැති කරවල දුෂිත පරීක්ෂණ නවතන්න නෙමෙයි (ම)
පිවිතුරු යහපාල Thursday, 07 May 2015 02:49 AM
හොරකමට වැඩි ආයුෂ නැහැ මහත්තයෝ. හෙට අනිද්දා ඔය මහා ඇමතිකම ආයේ දෙන්න වේවි.(නදී) ..
ටිකිරි Thursday, 07 May 2015 03:32 AM
බලය තිබෙනකොට මොළය නැහැ කියන්නේ මෙන්න මේ වගේ කතා ඇහෙනකොටයි. (නි)
මහේෂි Saturday, 09 May 2015 12:14 PM
නීල් ඒ වගේ මිනිස්සුන්ට අපහාස කරන්නේ බත් කන කවුරුහරි සත්තු (බ)
ඉඳුනිල් Thursday, 07 May 2015 04:00 AM
කළ වැරදි මතක්වීද - ඡන්දෙට බියවීද (බ)
ඇල්පිටිය Thursday, 07 May 2015 04:37 AM
ඔයාගේ අැගේ මයිල් කෙලින් වුනාට කමක් නෑ. අර මලයට ගහපු එකට විධිමත් පරීක්ෂණයක් පවත් වන්න කියන්න (බ)
දේශප්‍රිය Thursday, 07 May 2015 04:47 AM
ජනාධිපතිට ශ්‍රී ල නි ප යට ආවඩන්න කිසිම අයිතියක් නෑ. ජනාධිපති පත් උනේ සම්පූර්ණයෙන්ම එ ජා ප ඡන්ද වලින් (ම)
නීල් Thursday, 07 May 2015 05:48 AM
ඔවුන් කෙතරම් උත්සාහ කළත් දූෂිතයන් පාරම්පරික සොරුන් යළිත් පාර්ලිමේන්තුවට පත් නොකිරීමට ජනතාව මේ වන විට පැහැදිලි තීන්දුවක් ගෙන ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.මේ කියන්නේ සජිත් රනිල් ගැන වෙන්නැති (බ)
දස්කොන් Wednesday, 06 May 2015 12:14 PM
ඔය කේන්තිය සාධාරණ එකක් ,හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට ලොක්කා (බ)
විජයබාහු Wednesday, 06 May 2015 12:27 PM
එතකොට දැන් ආණ්ඩුවේ ඉන්න දූෂිතයන් පාරම්පරික සොරුන්ද? (ම)
අනුර Wednesday, 06 May 2015 01:54 PM
ඉංග්‍රිසි වෙදකමට නොගොස් සිංහල වෙදකමින් ඕක හොඳ කරගන්න හරීන් මහත්තය දන්නවා (ම)
පිටබැද්දර ජයා Wednesday, 06 May 2015 01:57 PM
කියල වැඩක් නැහැ සහෝදරයා ! මේවා දකිද්දී මම මටම ගහගන්න හිතෙනවා ඇත්තමයි , (ම)
සුමිත් Wednesday, 06 May 2015 02:20 PM
තවම නැහැ .. ඔහොම යමු (නි)
ටියුඩර් Thursday, 07 May 2015 11:19 AM
ඒකත් එහෙම වෙලාද? (නි)
පිවිතුරු යහපාල Wednesday, 06 May 2015 03:52 PM
හොරකමට වැඩි ආයුෂ නැහැ මහත්තයෝ.ඔය කෙළින්වෙන මයිල් තව දින කීපයකින් හැලිලම යයිද කියලයි අපිට නම් බය (නි)
චන්න බුවනක Wednesday, 06 May 2015 04:16 PM
මොනව වෙයිද කියන්න දන්නේ නැහැ. .(ම)