IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


හොරුන්ට තැබූ වෙඩිල්ල වැදී බසයේ ගිය කාන්තාවක් මරුට

(ආනන්ද ඉ ජයකොඩි, එස් යූ ඩබ්ලිව් කේ ජයවර්ධන, පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ ඉන්දිකා රාමනායක)

කුඩා වෑන් රථයකින් පැමිණි හොරු කණ්ඩායමක්   අද (2) පාන්දර දංඕවිට නගරයේ මත්පැන් අලෙවි හලක් කඩා මත් පැන් සොරා ගෙන යාමට උත්සාහ ගත් අවස්ථාවේ ඔවුන් මෙල්ල කර ගැනීම සඳහා පොලීසිය විසින් තබන ලද වෙඩි ප්‍රහාරයකින් ධාවනය වෙමින් තිබූ  ලංගම බස් රථයක සිටි විසි නම හැවිරිදි අවිවාහක කාන්තාවක  වෙඩි වැදී බරපතළ තුවාල ලබා  ඇය වතුපිටිවල මූලික රෝහලට රැගෙන යන අතරමගදී මිය ගොස් ඇතැයි පොලිසිය කීය.

 එසේ මිය ගොස් ඇත්තේ හබුරුගල වන්නිගහවත්ත පදිංචිව සිටි ඉරේෂා ශ්‍යාමලී නැමැති විසි නම හැවිරිදි අවිවාහක කාන්තාවක් බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

වෙඩි කා ගෙන කුඩා වෑන් රථයෙන් පලා ගිය සොරුන් වත්තල මා බෝල දක්වා  ගොස් වෑන් රථය එහි දමා තුවාල ලබා සිටි සොරුන් දෙදෙනෙකු  ත්‍රිරෝද රථයකින් ගොස්  රාගම රෝහලට ඇතුළත් වීමත් සමග අත් අඩංගුවට ගත් බව රාගම පොලීසිය පැවසීය.

ඔවුන් දෙදෙනාව රෝහලට රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරා හා සොරුන් දමා ගිය වෑන් රථයද රාගම පොලීසිය භාරයට ගෙන ඇති බවත් තවත් සොරුන් කිහිප දෙනෙකු පැන ගොස් ඇති හෙයින් ඔවුන් අත් අඩංගුවට ගැනීම සඳහා රාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

එම වෑන් රථය තුල මත්පැන් බෝතල් කිහිපයක් හා අලුත් වාහන ටයර් කිහිපයක් ද තිබී ඇත.

සොරුන් වෑන් රථයෙන් පැමිණි ඊයේ 02 පාන්දර 04 ට පමණ දංඕවිට නගරයේ පවත්වා ගෙන යන මත්පැන් අලෙවි හලක් කඩා මත්පැන් බෝතල් සොරා ගෙන යාමට උත්සාහ ගත් අවස්ථාවේ ලද තොරතුරකට අනුව දංඕවිට පොලීසියේ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ ඔවුන් අත් අඩංගුවට ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේ කිට්ටු වෙන්න එපා වෙඩි තබනවා යැයි සොරුන් කෑ ගැසීමත් සමග පොලිස් නිලධාරීන් ඔවුන් මෙල්ල කර ගැනීම සඳහා වෙඩි තබා ඇති බවත් එම අවස්ථාවේ කොල්ලකාර සොරුන් වෙඩි කාගෙනම වෑන් රථයෙන් කොළඹ දෙසට පලා ගොස් බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

එම වෙඩිල්ලක් අනුරාධපුරය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අනුරාධපුර ඩිපෝවට අයත් බස් රථයක සිටි එම කාන්තාවටද වැදී ඇති බවද මූලික  පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

කොල්ලකාර සොරුන් උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසක් බවත් ඔවුන් දමා ගොස් තිබූ වෑන් රථය මහනුවර ප්‍රදේශයෙන් සොරා ගෙන තිබූ එකක් බවට රාගම පොලීසිය කරන ලද පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

මිය ගොස් ඇති කාන්තාව සිය සැමියා හා මව සමග අනුරාධපුර සිට කොළඹ බලා ලංගම බස් රථයෙන් ගමන් කර ඇති බව ද පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

මේ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි දංඕවිට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී වීරවර්ධන මහතා ප්‍රමුඛ එහි පොලිස් නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

පැන ගොස් ඇති අනෙක් කොල්ලකරුවන් හා ඔවුන් සන්තකයේ තිබූ බවට සැක කෙරෙන ආයුධ සොයා ගැනීම සඳහා රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා, උප පොලිස් පරීක්ෂක අබේරත්න හා පොලිස් කොස්තාපල් ප්‍රියංකර යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.



අදහස් (5)

හොරුන්ට තැබූ වෙඩිල්ල වැදී බසයේ ගිය කාන්තාවක් මරුට

Sunil Sunday, 02 October 2022 10:39 AM

මේ පුවත නම් වඩාත් නිවැරැදියි. පොලිසිය විසින් මේ ඝාතනය සිදුකර තිබෙන්නේ හිතාමතාමයි. රනිල් ආවත් හරි ඔවුන් නිකන් පිස්සො වගේ වැඩකරන්නේ..!

:       0       1

Sunil Sunday, 02 October 2022 01:53 PM

මේ පොලිසියේ අයට නීතිය පිළිබඳව කිසිම අවබෝධයක් නැත. මේ අයගේ නොසණ්ඩාල ක්‍රියාවලට අහිංසක ජනතාව වන්දි ගෙවිය යුතුද? දෙනෝදාහක් මහජනතාව ගැවසෙන තැනක කාට වුණත් වෙඩිතැබීම කිසිවිටෙකත් නොකළ යුතු බව මේ අයට වැටහෙන්නේ නැද්ද? රනිල් ජනාධිපති වූ දා පටන් මොවුන් නීතිය අතට අරගෙන...!

:       0       1

stg Sunday, 02 October 2022 02:54 PM

මේ අයට වෙඩි තියන්න එපෑයැ ඔක්කොටෝම කළින්, දැන් අර අහිංසක කෙනාට වගකියන්නේ වෙඩිතිබ්බ අයගේ මෑණියෝද?

:       0       1

නිමල් Sunday, 02 October 2022 06:05 PM

අවිවාහක කාන්තාවක් නම් සැමියෙක්...?

:       0       1

sharm warn Monday, 03 October 2022 11:21 AM

පොලිසියට අවසර තියෙන්නේ දණහිසෙන් පහළට වෙඩිතියන්න විතරයි කියලා තමයි අපි අහලා තිබුණේ... මොන නීතිය යටතේද මෙහෙම කරන්නේ..? නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියලා මරන්න... අසාධාරණ පාලකයන්ට විරුද්ධව පාරට බැහැපු අයට වෙඩිතියන්න.... කොහොමද එයාලාට බලය ලැබුණේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 136 0

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


අලුත් කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ඇරැඹෙයි
2024 නොවැම්බර් මස 18 27 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 381 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 584 0

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 1669 3

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 254 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1802 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site