IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


“හොරුන්ට දඩුවම් කරන්න ඇවිත් ඩොලර් මිලියන 20 සාක්කුවේ දාගත්තා’’

(ඩයනා උදයංගනී)

එයාර් බස් ගිවිසුම අහෝසි කර වන්දි ගෙවීමේ දී යහපාලන ආණ්ඩුවේ ඇතැම් සාමාජිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක පමණ මුදලක් වංචා කළ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

හොරකම් කරන අයට දඬුවම් දෙන බව කියමින් බලයට ආ යහපාලන ආණ්ඩුවත් ඊට පෙර පැවති රජය කළ ආකාරයටම හොරකම් කළේ යැයි ද සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

මේ වන විට වත්මන් ආණ්ඩුව එපා කියන ජනතාව විකල්පය කවුදැයි ප්‍රශ්න කරන බව ද කීවේය.

ඔහු මේ බව පැවසුවේ මීරිගම මුද්දරගම ප්‍රදේශයේ ඊයේ (7) පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

“අපේ යහපාලන ආණ්ඩුව වැරදි කළ අයට දඬුවම් දෙනවා කියලා ඇවිත් අරගොල්ලො කරපු විදියටම හොරකම් කළා. ඊට පෙර පැවති රජය ‘එයාර්බස්’ ගිවිසුමෙන් ඩොලර් මිලියන 20ක පගාවක් ගෙන ඇති බවට චෝදනා කරමින් බලයට ආ යහපාලන රජය එම ගිවිසුම අහෝසි කරද්දී ඩොලර් මිලියන 150ක පමණ ලොකු වන්දියක් ගෙව්වා. ඒ වන්දිය ගෙවද්දී අපේ අයත් ඩොලර් මිලියන 20ක් ගසාකෑවා. පාඩුවක් වෙලා රටෙන් ගෙවීමක් කරන විටත් අපේ අය ඩොලර් මිලියන 20ක් සාක්කුවේ දාගෙන තිබුණා. අපේ නායකයා ඇතුළු අය එයට වගකිව යුතුයි. ජනතාව දැන් මේ ආණ්ඩුව අපට එපා ඒත් විකල්පය කවුද අහනවා. අපි අලුත් පක්‍ෂයක් නිසා තාම විකල්පයක් කියා හෝ ආණ්ඩුක් පිහිටුවන්න පුළුවන් කියා ජනතාව කියන්නේ නැහැ. ජනතාව තවම ඒ තීරණයට ඇවිත් නැහැ.” යැයි ද ෆොන්සේකා මහතා පැවසීය. 



අදහස් (33)

“හොරුන්ට දඩුවම් කරන්න ඇවිත් ඩොලර් මිලියන 20 සාක්කුවේ දාගත්තා’’

Lal Monday, 08 November 2021 08:39 PM

හොරුන්ට දඬුවම් කරන්න ඇයි ඔබතුමා නායකත්වය නොගන්නේ...?

:       8       104

විපරමා Monday, 08 November 2021 10:13 PM

නායකත්වය ගන්න ගිහින් ආයේ හිරබත් කන්නද කියන්නේ..?

:       68       86

LalTuesday, 09 November 2021 07:21 AM

ඒ කාලේ ගියා...

:       0       1

ajith pMonday, 08 November 2021 11:31 PM

යුද්ධය සාර්ථකව කරන්නට ඇත. නමුත් මොහු දේශපාලනයට කිසි සේත්ම සුදුසු නොවේ.

:       3       4

SiriWednesday, 10 November 2021 08:20 PM

කවුද? සර්ද? 

:       0       3

KAMALTuesday, 09 November 2021 12:45 AM

හොරුන්ට දඬුවම් කිරීමට අධිකරණය සහ පොලිසිය තිබේ.

:       0       2

BamunuarachchiTuesday, 09 November 2021 08:17 AM

මට මතකයි බෑනා නමින් කොම්පැනියක් දාගෙන යුද්ද ආයුද ගෙන්නලා ජරමරයක් තිබුනා. බෑනා රටින් පැන්නා දැන් ඇවිල්ලද? ඉතින් කොහොමද මෙයා හොරු අල්ලන්නේ? කාගේ කාගේත් කිල්ලොට්ට වල හුණු ඉතිරිවෙලා තිබෙනවා.

:       3       6

ගමේ එකාලාWednesday, 10 November 2021 09:24 PM

බෑනා නම් මොනවද? දැන් පවුල් පාලනේ ඉන්නේ හොරු රෑනක්ම... එසේ මෙසේ අයද? නැව් ගිලපු අයනේ?

:       1       4

saman Monday, 08 November 2021 09:53 PM

ඔබතුමා රටට යමක් කරපු කෙනෙක්.. රටට දැනෙන දෙයක් කිරීම තමයි වටින්නේ...

:       10       65

Perera.H.C.G. Monday, 08 November 2021 09:54 PM

සර්, ඔබ සැබෑ සිංහයෙක්...

:       16       100

Saththaya Monday, 08 November 2021 10:27 PM

ඔබතුමා සහයෝගය දෙන නායකත්වය, යහපත් පුරවසියෙක්ද කියන එක ප්‍රස්නයක් නෙමේද ?

:       0       0

lion Tuesday, 09 November 2021 05:11 AM

ඔබ නිවැරදි සර්. ඔබට සුදුසු තැන ඔතන නොවෙයි. අප ඔබට කොහේ හිටියත් ගරුකරනවා. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න රටට ණය නැති මිනිසා ඔබ පමණයි. ඔබ තුමාට බුදු සරණයි

:       0       3

pj Tuesday, 09 November 2021 05:42 AM

"අපේ නායකයා ඇතුළු අය එයට වගකිව යුතුයි. " ඔබත් එයට වග කිව යුතු කෙනෙක් බව පිළිගැනීම අගය කළ යුතුයි.

:       0       3

Demuni Uduwara Tuesday, 09 November 2021 05:43 AM

යහපාලන පාලන සමයේදී ඔබ මෙම වංචාව ඉස්මතු කළ යුතුව තිබුණි!

:       0       5

Hafeel Tuesday, 09 November 2021 07:42 AM

ඕවා දැන දැන ඇයි විශ්වාසබන්ගයෙදී රනිල්ට පක්ෂව ඡන්දය දුන්නේ?

:       0       3

Bamunuarachchi Tuesday, 09 November 2021 08:13 AM

ඒක තමයි බමුණුආරච්චි කියන්නේ ඔක්කොම හොරු. හොරු අතරින් රටට වැඩක් කල හොරු තමයි 2005-2015 දක්වා රට පාලනය කලේ. ඒ පාලකයෝ රටට කරපු වැඩ ටික අනික් හොරු රටට කෙරුවේ නැතිව රට ට්‍රිලියන 7 තව ණය කළා නේද?

:       4       4

Mohan Tuesday, 09 November 2021 09:45 AM

ඔබ තුමාගේ සේවය නැවතත් ලක් මාතාවට දැඩි ලෙස අත්‍යාවශ්‍ය වී ඇත .බහුතර රට වැසියන්ගේ පැතුම එයයි

:       1       71

janahitha Tuesday, 09 November 2021 09:49 AM

ජනතාව විසින් අනුමත කල යුතු අනාගත පාලකයන් .ශ්‍රියානි බණ්ඩාරනායක ,මයිත්‍රී වික්‍රමසිංහ ,අනුර කුමාර ,කබීර් හෂීම් ,විජේදාස ,ආර් කරු ජයසූරිය යනාදිය

:       70       5

Demuni Uduwara Tuesday, 09 November 2021 07:01 PM

විජේදාස හැර!

:       0       3

BamunuarachchiWednesday, 10 November 2021 01:19 PM

අනුර කිව්වේ අර ජෙප්පාද? හපොයි...! වෙන අනුර කුමාර කෙනෙක් ඉන්නවාද?

:       4       4

sharm warn Tuesday, 09 November 2021 09:58 AM

අපේ රටේ මිනිස්සු උඩ පැනගෙන පිළිගන්නේ හොරුන්ගේ කතා .අපිට එහෙම වෙලා තියෙන්නේ ඒකයි .මේ මහත්තයා වත් වෙන මහත්මයෙක් වත් ඉදිරිය‍ට ආවට එයාලට බලය නොදී හොරුන්ටම බලය දෙන්නේ කවුද ?මේ රටේ ඉන්නේ රැවටෙන්නම උපන් ආවඩන්නම හැදිච්ච හරක් නේද ?

:       54       10

ranjana Tuesday, 09 November 2021 10:24 AM

හැබැයි තාමත් යහපාලනයට කඩේ යන සෙට් එකක් ඉන්නවා.

:       0       0

Sunil Tuesday, 09 November 2021 10:27 AM

ඒ අයගේ සාක්කු එච්චර ලොකුද.?

:       0       0

kamal Tuesday, 09 November 2021 11:02 AM

පරණ හමුදා නිලධාරීන්ට සිවිල් පාලන කටයුතු කරන්න බැරි බව ඔබගේ කලින් හාම්පුතා ඔප්පු කර හමාරයි.

:       116       82

පිටිගල මිලානෝ Tuesday, 09 November 2021 11:14 AM

ස' යි ෆීල්ඩ් මාර්ශල් තුමයි මුහුනට මුහුන හමුවී වාදයකට ආරාධනා කලොත් ඔට්ටුයි ස' එන්නේ නැහැ. සරත් ෆොන්සේකලා ඉස්සර යුධ ප්ලෑන් ගහනකොට ස' එහෙම පැත්තකටවෙලා පුදුමෙන් බලාගෙන ඉන්න ෆොටෝ මන් දැකලා තියෙනව.

:       80       91

fairoos Tuesday, 09 November 2021 12:41 PM

පනින්නයි සූදානම් වගේ

:       49       3

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 09 November 2021 12:54 PM

මේ වගේ තමන්ගේ පැත්තේ වැරදි අඩුපාඩු කතාකරන හා පෙන්වාදෙන මෙවැනි දේශපාලනඥයන් රටට වාසනාවක් .. පොලිස් ඇමතිතුමනි, නීතියේ ආධිපත්‍යය සුරකින අධිකරණ නිලධාරීවරුනි,පොලිස් බලධාරීවරුනි,මෙන්න හොඳ බලවත් සාක්ෂියක්.වහාම මේ හොරුන් අල්ලන්නට පුළුවන් නේද ? බීරි අලින් මෙන් තවත් නිහඬව නොසිට මේ ගැන වහාම නිසි පරීක්ෂණ අරඹා හොරුන්ට නිසි දඬුවම් දෙන්න.මේ වංචාකොට ඇත්තේ සුළුපටු මුදලක් නොව ඩොලර් මිලියන 20 කි.මේවා රටේ ජනතාවගේ මුදල්ය.

:       1       67

kamalWednesday, 10 November 2021 02:38 PM

හොරකම කරන වෙලේ කතා මොකලේ අයි ?තමන්ගේ පැත්තේ ආණ්ඩුව නිසාද ?

:       0       2

චන්දිම Tuesday, 09 November 2021 01:14 PM

කාටවත් කොමිස් ගහන්න හොර බොරු කරන්න කිසිම ඉඩක් නොතබා එදා ඔබතුමා අයෝමය හස්තයකින් යුද්ධය කරගෙන ජයග්‍රහණය කරා ගෙන ගිය නිසා අද සමස්ත ජනතාවටම තිස්වසරක සාපකාරි යුද්ධෙන් ගැලවිලා නිදහසේ හුස්ම අරන් ඉන්න ලැබිලා තියනවා. ඒත් එදා ගිහි මෙන්ම පැවිදි අය අතර පවා පිරිසක් ඒ ගරුත්වය ඔබතුමාට නිසිලෙස ලැබෙනවාට එක්තරා විදියකට අකමැති බවක් දැක්වුවා. ඔවුන් නිතරම කිව්වේ ''මෙයා නෙමෙයි මේකේ වීරයා අරගොල්ලෝයි" කියලා. ඉතින් දැන්වත් රටේ මොලයක් තියෙන මිනිස්සුන්ට තේරෙනවා ඇතිනේ අරගොල්ලෝ මහ ලොකුවට කරන්න ඇවිත් ඔය හතර වටේ ගාගෙන නාගෙන නහින විදිය. එදා යුද්ධයත් ඔබතුමා නැතුව අරගොල්ලෝ විතරක් කරන්න ගියානම් සිද්ධ වෙන්න තිබුණ වින්නැහිය හිතාගන්න පුළුවන් නේද?

:       9       16

kamalWednesday, 10 November 2021 10:12 AM

යුද්ධ කරන්න ඉතාම හොඳින් පුළුවන් උනත් දේශපාලනයේ අයන්නවත් දන්නේ නැති බවත් ඔප්පු කරලා තියනවා කියලා අමතක කරන්න එපා

:       1       3

BamunuarachchiWednesday, 10 November 2021 03:43 PM

කව්ද යහපාලකයෝද? බැංකු කඩපු, හම්බයින් බෝම්බ ගහනකම් බලන් හිටපු නිසාද? එහෙමත් නැතුව 2015-2020 වෙනකම් රටට වැඩක් නොකර රට තවත් ට්‍රිලියන 7ක් ණය කරපු නිසාද? නැතිනම් ඒ ඔක්කොම නිසාද එහෙම කිව්වේ...?

:       0       0

සුරලොව ඇල්මන් Tuesday, 09 November 2021 01:47 PM

ඔබතුමා 2010 ජනාධිපතිවරණයට තරග කරද්දී ජනතාව හිතුවෙ යුද්ධයෙන් ජය ගත්තෙ පර්සි කියලා .නමුත් දැන් ලක්වාසීන් බහුතරය දන්නවා යුද්ධය දිනුවෙ ඔබතුමා නිසා කියලා.කොහොමත් අපි විශ්වාස කරන්නෙ රට හදන්න නම් ඔබතුමා සහ ඉංජිනේරුතුමා හැර වෙනත් අයෙක් නැහැ කියලා

:       46       11

kahawitage Tuesday, 09 November 2021 03:12 PM

මේ රට ගොඩ ගන්න නම් එඩිතර බය නැති කෙලින් තීරණ ගන්න පුළුවන් කොන්දක් තියන නායකයෙක් එන්න ඕනේ .දැනට පෙන්න ඉන්න එකම සුදුස්සා මෙතුමා තමා වෙන කිසිම මිනිහෙකුට කෙලින් තීරණ ගන්න බෑ ඔක්කොම වගේ හොරු ජේ.වී.පී එක ඇරෙන්න

:       31       9

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1732 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 332 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 591 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 876 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 159 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 589 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 727 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 507 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site