IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හිරාන්ට-හිරු හමුවූ හැටි...

19999_880647802007425_885171958304478519_n

 

හිරාන්ට, හිරුණිකා මුලින්ම හමුවෙලා තියෙන්නෙ මීට අවුරුද්දකට විතර පෙරදීය. එදා ඒ හමුවෙන් පසුව දෙදෙනා අතර මිත‍්‍රත්වයක් හටගෙන තිබේ. මේ මිත‍්‍රත්වය කෙතරම් දුරදිග ගියාදැයි කිව්වොත්, පසුගියදා දෙදෙනා විවාහ දිවියට ද ඇතුළත් වූහ. එහෙත් ඒ මොහොත දක්වා දෙදෙනාම තම පේ‍්‍රම කතාව ලෝකයට වහන් කර සිටීමට වගබලා ගත්හ. ඇයි ඔවුන් එහෙම කළේ? හිරාන්ට - හිරුණිකා කෙරෙහි හිත ගියේ ඇයි? දිවයිනේ සිටින මුල්පෙලේ නිරූපණ ශිල්පියකු මෙන්ම රංගන ශිල්පියකු වන හිරාන් යටෝවිට ඒ ආදර කතාව ගැන සඳැල්ලට පැවසුවේ මෙලෙසිනි.

 f


buttonහිරාන් ඔබට හිරුණිකා හමුවූ මුල්ම දවස මතකද?

අවුරුද්දකට විතර කලින් දෙරණ මිස් ශ්‍රී ලංකා තරඟය පැවැත්වූ දවසේ තමයි අපි හමුවුණේ.

 


buttonඑදා මොනවද දෙන්නා කතා කළේ?

ලොකු දෙයක් ගැන කතා කළේ නැහැ. හායි, හලෝ කීවා හැරෙන්නට වෙන දෙයක් ගැන කතා වුණේ නැහැ. ඒ හමුව එතැනින් හමාර වුණා. එදා අපි අතර මිත‍්‍රත්වයක් ඇතිවුණා.

 


buttonඉන්පස්සෙ?

හැබැයි, එදා සමුගෙන ගියත් අපි අතර වූ මිත‍්‍රත්වය නිසා නිතර කතා බහ කරන්න පටන්ගත්තා. මේ විදියට යද්දි මගේ හිත ඇය කෙරෙහි බැඳී ඇති වග මට තේරුම් ගියා.

 


buttonඒ හන්දා ඔබගේ අදහස හිරුට කිව්වද?

ඔව්. තවත් කල් නෑර මම මගේ අදහස ගැන එයාට කිව්වා.

 


button”හිරු” මොකක්ද දීපු පිළිතුර?

ගෙදර ඇවිත් අම්මගෙන් අහන්න කියලා කිව්වා. එතකොට එයා මට කැමති වග තේරුණා.

 


buttonඇයි හිරාන්ට - හිරු කෙරෙහි හිත ගියේ?

 ඕනෑම කොල්ලෙක් මුලින්ම කැමති වෙන්නෙ කෙල්ලෙකුගෙ ලස්සනටනෙ. ”හිරු” ලස්සනයි. මම ඒ ලස්සනට තමයි මුලින්ම කැමතිවුණේ.

 


buttonඉන්පස්සෙ, විවාහය දක්වා දුරදිග ගියේ?

අපි දෙන්නගෙ අදහස් හොඳට ගැලපුණා. ඒ වගේම ක්ෂේත‍්‍රයේ අපි දෙන්නා කරන දේ ගැනත් හොඳ අවබෝධයක් තිබුණේ. එයා දේශපාලන පවුලක කෙනෙක් කියන දේට වඩා අපි දෙන්නා සාමාන්‍ය කෙල්ලො - කොල්ලො කරන ආදරය වගේ තමයි, හැමදෙයක්ම දුටුවෙ.

 


buttonඉතින් එදා ”හිරු”ට මනාපයි කියලා කියන්න ගෙදරට ගියාම හිරුගෙ අම්මා මොනවද කිව්වෙ?

මම එහේ ගිහින් නැවත අපේ ගෙදර ඇවිත් හිරුට කෝල් කළා. එයාලගෙ පවුලෙ අයට මාව එයාලගෙ කෙනෙක් වගේ දැනුණ බව කිව්වා. අපි දෙන්නාම බුද්ධාගමේ. හොඳ සිංහල. නවීන ලෝකයේ අපි කටයුතු කරමින් සිටියත් කේන්දරය ඉතා හොඳට ගැලපුණා. මම කේන්දර විශ්වාස කළෙත් නැහැ. ඒත් කේන්දර පවා බැලූවා.

 


buttonඇයි මේ සියල්ල රහසක් ලෙස තබාගත්තෙ?

අපි හැමෝටම පුද්ගලිකත්වයක් තියෙනවනෙ. සාමාන්‍ය යුවළක් වගේ තමයි. වෙනසක් නැහැ. අපිටත් අපේ සරල සුන්දර ලෝකය සතුයි. සාමාන්‍යයෙන් යුවළක් විවාහයට පෙර කල්තියාම ලෝකෙට ප‍්‍රකාශ කරන්නෙ නැහැ. අපිත් ඒ විදිය තමයි කළේ. උත්සවය පසුවට ගන්නවා. එතකොට යාළු මිත‍්‍ර හැමෝටම කියන්න හිතාන ඉන්නෙ. කොහොම වුණත් අපිට වෙඩින් එක මාකට් කරන්න  ඕනෑ වුණේ නැහැ. පුද්ගලික ජීවිතය මාකට් කරන්න අපට අවශ්‍ය නැහැ.

 


buttonඔබ දේශපාලනයට කැමතිද?

මම, කැමතියි. මොකද අපේ අම්මාගේ පාර්ශවයේ අය දේශපාලනයට සම්බන්ධයි.

 


buttonඒ කියන්නෙ ඔබත් දේශපාලනයට ඒවි කියන එකද?

නැහැ, හිරු දේශපාලනය කළාම ඇති. මම මගේ ක්ෂේත‍්‍රයෙන් ඉහළට යාමටයි බලාපොරොත්තුව. රංගනයෙන් මුලින්ම ආවේ කැලූම් පාලිත මහීරත්න මහතාගේ නාට්‍යයකින්. ඒ ගමන සාර්ථක දිගු ගමනක් කරගැනීම අරමුණයි.

 


buttonඔය දෙන්නා හාදවූ වග නොදැන සිටි අය දෙන්නාට යෝජනා එහෙමත් ගෙනෙන්න ඇති නේද?

සමහර අවස්ථාවලදී අපි දෙන්නා උත්සවවලට ගියා. ගිහින් වෙන වෙනම හිටියෙ. කවුරුවත් දැනගෙන හිටියෙ නැහැ. දෙන්නාටම යෝජනා ආවා තමයි. ඒත් අපි දෙන්නාට - දෙන්නා අවබෝධයෙන් කටයුතු කළා. සමහරදාට උත්සවවලට ගිහින් ඇවිත් එදා වෙච්ච දේ අපි දෙන්නා කතා කළා. අපටම හිනා.

 


buttonඇයි මැතිවරණය ළඟ තියාගෙනම ඉක්මනට මේ විවාහය සිදුකළේ? 

අපි මේ මොහොත කලින් සැලසුම් කරලා තිබුණෙ. මැතිවරණය තමයි හදිසි වුණේ. අපි හදිසි වුණේ නැහැ.

 


button”හිරු” සතු අපි නොදන්නා දක්ෂතා මොනවද?

එයාට හොඳ සිංහල ක‍්‍රමයට, හරි රසට උයන්න පුළුවනි. මම ඒ කෑමවලට හරිම ආසයි. ඒ දක්ෂතාවයටත් මම හරි කැමතියි.

 


buttonඔබ කොහොමද ඇය අමතන්නෙ?

ආදරේට එක එක නම් වලින් අමතනවා. ඒක ස්වභාවයනේ. අපේ ජීවිත සෝබන නැහැ. සරලයි. සාමාන්‍යයි. 

මම හිරාන් එරන්ද එයා හිරුණිකා එරංජලී ඒ නම් දෙකත් අපූරු ගැලපීමක් කියලයි මට හැෙඟන්නෙ.

 

ඡායාරූප - හිරුණිකා එරංජලී පේ‍්‍රමචන්ද්‍රගේ ෆේස්බුක් පිටුවෙනි.
 

sandun-01



අදහස් (0)

හිරාන්ට-හිරු හමුවූ හැටි...

රවින්ද්‍ර සිල්වා Tuesday, 14 July 2015 06:03 AM

අද කාලයේ ලෝකෙට පෙනෙන්න ලොකු ලොකු විවාහ උත්සව පවත්වන අයට මේ විවාහ උත්සවය නම් ලොකු ආදර්ශයක්. (ර)

:       0       0

ශෂී Wednesday, 15 July 2015 09:37 AM

මමත් අාසයි හිරු වගේ කෙනකුට (බ)

:       0       0

අමාලි Tuesday, 14 July 2015 06:20 AM

සුභ පැතුම් .! ඇඳුම් පැළඳුම් හරිම අගෙයි සංවරයි. (ර)

:       0       0

සමන්තිකා Monday, 13 July 2015 07:21 PM

ඔබ දෙපළට සාර්ථක ප්‍රීතිමත් වාසනාවන්ත විවාහ දිවියකට ආසිරි! (නි)

:       0       0

සිතුම් Monday, 13 July 2015 09:23 PM

දෙන්නම හරිම ලස්සනයි. එයාලට තියෙන්නේ බලන්න ආසා හිතෙන ලස්සනක්. මංගල ඇදුමේ සංවරකම නිසා මනමාලි තවත් ලස්සන වුනේ. මම මේ ෆොටෝ කීප වරක්ම බැලුවා. සුබ මංගලම්! (නදී)

:       0       0

සෙනරත් බණ්ඩාර Tuesday, 14 July 2015 07:01 AM

හිරාන් සහ හිරුණි ඔබ දෙපලට ශ්‍රී සුබ මංගලම්.වාසනාවන්ත යුග දිවියක් පතමි(ම)

:       0       0

ශාන්ත - කටාර් Monday, 13 July 2015 10:50 PM

දේශපාලනය පැත්තකින් තියලා හිරුණිකා කියන චරිතය ගත්තොත් නිහතමානී බවක් නම් පෙනෙනවා. ඇත්තටම ප්‍රියමනාපයි. ඔබ දෙපළට සුබ අනාගතයක්! (නි)

:       0       0

අසෝක රළපනාව Tuesday, 14 July 2015 07:47 AM

ශ්‍රී ලාංකික කම රැක ගන්න, ඔබ දෙපලට සුබම සුබ අනාගතයක් වේවා.! (ර)

:       0       0

හසිත් Monday, 13 July 2015 01:46 PM

හරි සන්තෝෂයි. සුභ පැතුම්. ! (ර)

:       0       0

දිලිනි Monday, 13 July 2015 01:52 PM

අපේ සුභ පැතුම්! උයන්න පිහන්න දන්නා ගැහැණු ළමයෙක් තෝරා ගැනීමෙන්ම පොළවේ පයගහලා ඉන්න කෙනෙක් බව පෙනෙනවා. නැත්නම් අද කාලේ සමහර තරුණයන් ඒගොල්ලන්ගේ පොෂ් ගර්ල් ෆ්‍රෙන්ඩ්ට තේ එකක්වත් හදාගන්න බැහැ කියලා මිතුරන් එක්ක කියන්නේ හරිම ආඩම්බරයෙන්. (නි)

:       0       0

සරසි Monday, 13 July 2015 01:56 PM

යසට ගැළපෙන යුවළක්. ශ්‍රී සුභ මංගලම්! (නි)

:       0       0

ඉන්ද්‍රානි Monday, 13 July 2015 01:56 PM

අනේ හරි පුදුමයි ඔය දෙන්නගේ නම් දෙකේ ගැළපීම ගැන. ඒ විතරක් නොවෙයි, ඔය දෙදෙනාගේ පෙනුමත් රජ කුමරෙක් සහ කුමරියක් වගේ. අනේ ඔය දෙන්නා හොඳට ගැළපෙනවා. මම ඔය දෙන්නට සුබ පතනවා! (නි)

:       0       0

සුරංග Thursday, 23 July 2015 04:22 PM

සුබ මංගලම් ඔබ දෙපළට (ම)

:       0       0

චාරු Monday, 13 July 2015 02:21 PM

නව යුවල දැක්කාම හිත පිරෙනවා. හරිම සතුටුයි. (ර)

:       0       0

සිරිල් කාරියවසම් ස්විස් Monday, 13 July 2015 02:45 PM

නව යුවලට මගෙන් සුබ පැතුම්.! (ර)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 15 July 2015 12:37 AM

ඉන්දියාවට ඵෙශ්චර්යා වගේ ලංකාවට හිරුණිකා.....! (නි)

:       0       0

නදීෂා-කුරුණෑගල Thursday, 23 July 2015 08:30 AM

ඔය දෙන්නට මගෙනුත් සුබපෙතුම්.! (ර)

:       0       0

කිරන් Thursday, 16 July 2015 06:04 PM

සුබ පැතුම්! (නි)

:       0       0

පියසේන රණසිංහ Tuesday, 14 July 2015 09:19 AM

දේශපාලනය නැතිව ගියොත් ඔබට වාසනාවන්ත අනාගතයක් ලැබේවි .සුබපැතුම්. (ස)

:       0       0

චාන්දනී Tuesday, 14 July 2015 02:13 AM

සුභ මංගලම්! වාසනාවන්ත යුග දිවියක් පතමි. ලස්සන දුවරු සහ කඩවසම් පුතුන් සිතූ පැතූ ලෙසම ලැබේවා! (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 13 July 2015 03:29 PM

පුදුම ලස්සන යුවතියක් .....කව්රු කව්රුත් මේ සුකුමාලියට ඊර්ෂා නොකර අධහිර්ය නොකර මෙහෙව් සුන්දරත්වයක් ලබා ගැන්මට ප්‍රාර්ථනා කරන්න .....(බ)

:       0       0

මෙලනි Tuesday, 14 July 2015 02:21 AM

ලස්සන වෙන්නේ අපේ ආගමට අනුව පෙර ආත්ම වල කෝපය සහ ඊර්ෂ්‍යාවෙන් තොරව දිවි ගෙවුවන්ය. දුටුවන් සිත් බඳින මේ නව යුවළට මගේ හද පිරි සතුට ප්‍රකාශ කරන්න කැමතියි. (නි)

:       0       0

ගොඩගේ Tuesday, 14 July 2015 02:24 AM

හරිම ලස්සනයි! (නි)

:       0       0

සාරා Friday, 17 July 2015 10:18 AM

ඇත්තටම ලස්සනයි. ගැලපෙනවා, හිරුනිකාගේ හස්බන්ඩ් ගොඩක් හොද පාටයි. (ර)

:       0       0

ගාමිණී Wednesday, 15 July 2015 08:13 AM

සුබ මංගලම් වේවා ඔබ දෙපලට (ම)

:       0       0

සුදත් Tuesday, 14 July 2015 03:57 AM

දේශපාලනය කරන්න එපා එක මඩ වළක් (ම)

:       0       0

ජයතිලක Tuesday, 14 July 2015 10:03 AM

සුබ අනාගතයක් පතමි (ම)

:       0       0

දිමුත් Thursday, 16 July 2015 10:19 AM

ඔය දෙන්නට සුභ පැතුම්! ඒත් මට දුකයි....(ම)

:       0       0

ෂෙල්ටන් Tuesday, 14 July 2015 05:08 AM

හරිම ලස්සනයි සුන්දර අනාගතයක් ඔබට (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 943 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5721 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3265 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 282 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1451 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1570 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28418 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site