ව්‍යාජ ගුවන් ගමන් ගමන් බලපත්‍රයකින් ඉන්දියාවට පැමිණීමේ චෝදනාවට වරදකරු වු ශ්‍රී ලාංකිකයෙකුට තිරුචි අධිකරණය මගින් වසරක සිරදඬුවමක් නියම කර ඇතැයි චෙන්නායි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල ආරංචි කියයි.
මීට අමතරව ඉන්දීය රුපියල් දස දහසක දඩයක් ද මොහුට නියම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මෙලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ 26 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකිකයකුට එරෙහිවය.
2012 වසරේ ජනවාරි මස 9 වන දින කොළඹ සිට ඉන්දියාවේ තිරුචි ගුවන්තොටුපල බලා ගමන්ගත් ගුවන් යානයකින් අදාළ පුද්ගලයා ඉන්දියාවට ගොස් ඇති බව සඳහන්ය. තිරුචි ගුවන්තොටුපලේ දී එරට ආගමන විගමන බලධාරීන් සිදුකළ පරීක්ෂාවකදී සැකකරුගේ ගුවන්ගමන් බලපත්‍රයේ ව්‍යාජ මුද්‍රා සහිත බවට අනාවරණය වී තිබේ.
එවර ගුවන්තොටුපළ පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ඇප මත මුදාහැර තිබුණි. පසුව ඔහුට එරෙහිව තිරුචි අධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවක් විභාග කිරීමෙන් පසුව මෙම දඬුවම් නියම කර තිබේ.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොරෙන් ඉන්දියා ගිහින් හිරේට යයි
සත්‍යයා Monday, 01 June 2015 02:28 AM
මිනිහ ට සැප ගන්න නම් ඔය ගමන දියුණු බටහිර රටකට යොදා ගන්න තිබුන. මොකද ඒ රටවල සිරගෙවල් වල මැදිරි සියලු සැප පහසුකම් සහිත නිසා. මෙයා කරලා තියෙන්නේ සිද්ධාර්ථ කළා වගේ අභිනිෂ්ක්‍රමනයක්. දුකම හොයාගෙනම ගිහිල්ල. (ස)
බන්දුල රත්නායක Monday, 01 June 2015 05:11 AM
අනේ පව් මෙයාට වෙන යන්න රටක් තිබුණේ නැද්ද දන්නෑ (ම)