IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


හොරෙන් කැනඩාවට යන්න ගිය තරුණියක් අත්අඩංගුවට

 

( ටී.කේ.ජී.කපිල )

වෙනත් අයෙකු සතු , කූඨ ලෙස සකස් කළ  කැනේඩියානු ගුවන් ගමන් බලපතක් උපයෝගී කර ගනිමින් , එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩුබායි හරහා කැනඩාව වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් අද (25) අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
 
           
ඇය යාපනය නගරයේ ම පදිංචි 22 හැවිරිදි ද්‍රවිඩ ජාතික තරුණියකි .
 
           
ඇය අද(25) එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
 
           
එහිදී ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ කවුළුව වෙත පැමිණි ඇය ඉදිරිපත් කළ කැනේඩියානු ගුවන් ගමන් බලපත් පිළිබඳව සැක සිතූ එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් , එම ලියකියවිලි වැඩිදුර විමර්ශන කිරීම සදහා කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.
 
             
මෙම තරුණිය ඉදිරිපත් කළ කැනේඩියානු ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි , මෙම නිලධාරීන් විසින් තාක්ෂණික පරීක්ෂාවන්ට ලක් කරන අතරතුර , ඇයගෙන් මේ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීම් ද සිදු කර තිබේ .
 
           
මෙසේ සිදු කළ තාක්ෂණික පරීක්ෂාවන් වලදී ඇය ඉදිරිපත් කළ කැනේඩියානු ගුවන් ගමන් බලපත්‍රය , වෙනත් අයෙකු සතු එකක් බවත් , එම  ගුවන් ගමන් බලපත්‍රයට මෙම තරුණියගේ ජායාරූපය යොදා කූඨ ලෙස සකස් කර ඇති බවත් අනාවරණය වී තිබේ .
 
               
එමෙන්ම මෙම ගුවන් ගමන් බලපත්‍රයෙහි යොදා තිබූ ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු මුද්‍රා , ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවත් තහවුරු කර ගැනීමට ද ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වී තිබුණි .
 
               
ඉන්පසුව මෙම තරුණිය ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ,

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .

 



අදහස් (6)

හොරෙන් කැනඩාවට යන්න ගිය තරුණියක් අත්අඩංගුවට

Nihal Friday, 25 December 2020 11:10 AM

අනේ එක්කෙනෙකුට වත් මේ මරාළයෙන් ගැලවිලා යන්න දෙන්න. මේක හොඳ නම් දාලා යන්නේ නැහැ...

:       9       22

sunil Friday, 25 December 2020 11:49 AM

අනේ රටින් යන කෙනෙකුට යන්ඩ දෙන්ඩ. මෙහෙ ඉඳලා හිඟා කන්ටද?

:       11       41

amila Friday, 25 December 2020 12:50 PM

ඒ යාලු මට මේක දැක්කම මතක් වුණේ යටගිය දවස ශ්‍රී ලංකාද්වීපය වෙනුවෙන් විශාල රටක සිටි ඒ යුග පුරුෂයෙක් පාස්පෝර්ට් ඇතුවා හෝ නැතුවා හෝ රාජ්‍ය තාන්ත්‍රිකව හෝ වරෙක ඩුබායි ද වරෙක වෙනත් රටකට ද ඒ මේ අත යමින් රක්ත වර්ණ වරෙන්තුව ගොනාට අන්දුව හැටි.

:       3       36

සිසිල් සුදේශ් Saturday, 26 December 2020 02:15 AM

මම හිතුවේ දැන් ගුවන් ගමන් නෑ කියලා. එතකොට කොහොමද රට යන්නේ?

:       0       0

Bamunuarachchi Saturday, 26 December 2020 08:34 AM

මේ ගොල්ලෝ තමයි සිංහල අපිටත් පිටරටවලට යන්න තිබුණු මාර්ග අවහිර කලේ. පැනගත්ත ගමන් මෙහෙ අතුරුදන් වූවන්ගේ ලිස්ට් එකට රිංගලා එතැනිනුත් ගාණක් කපන්න හදනවා.

:       0       0

Bamunuarachchi Sunday, 27 December 2020 01:58 AM

එක මාධ්‍ය කාරයෙක් ඉන්නවා... එයා නම් මගේ අදහස්වලට කැමැති නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 796 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


මැති සබේට යන සාමාජිකයෝ
2024 නොවැම්බර් මස 15 4043 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4963 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 12992 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4532 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 591 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 271 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1706 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site