(සුජිත් හේවාජුලිගේ )
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන රාජසන්තක කෙරුණු රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා දුම්වැටි ලක්ෂ තිහකට වැඩි ප්‍රමාණයක් අද (2) විනාශ කරනු ලැබීය.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම දුම්වැටි තොගය විනාශ කරනු ලැබුවේ දුම්කොළ සමාගම විසිනි.
දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ රේගුව මේ වසරේ මුල් මාස හයේදී කළ වැටලීම්වලදීය.
ජාවාරම්කරැවන් මෙම දුම්වැටි ගෙන ඒමෙන් වංචා කිරීමට බලාපොරොත්තුවූ බදු ප්‍රමාණය රුපියල් කෝටි 48 කි.
ගුවන් මගීන් යොදාගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඉන්දියාව, කාම්බෝජය සහ චීනය වැනි රටවල සිට මෙම දුම්වැටි තොගය එම කාල සීමාවේදී ආනයනය කර තිබූ බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
කටුනායක ගුවන්තොටුපළ අධි අවදානම් මගීන් හඳුනාගැනීමේ ප්‍රත්‍යන්ත ආවේක්ෂණ මධ්‍යස්ථානයෙන් සැපයූ තොරතුරු අනුව අත්අඩංගුවට ගත් මෙම දුම්වැටි අතර මැන්චෙස්ටෙර්, බෙන්සන් ඇන්ඩ් හෙජර්ස්, මල්බරෝ, ඩයමන්ඩ් යනාදී වෙළඳ සන්නාම සහ චීන වෙළඳ සන්නාම කිහිපයක්ද වේ.
රේගු ආඥා පනත යටතේ ජාවාරම්වලට සම්බන්ධ මගීන්ට දඩුවම් දීමෙන් පසුව දුම්වැටි තොගය මෙසේ විනාශ කෙරුණේ පාරිසරික ආරක්ෂාව මූලික කරගත් ජාතික නීතිවලට අනුකූල දැඩි රෙගුලාසි යටතේය
දුම්වැටි තොගය විනාශ කිරීම, නීත්‍යානුකූල වෙළෙඳ මාර්ගවලට පටහැනිව කරන නීතිවිරෝධී දුම්වැටි වෙළඳාමට එරෙහිව සටන් කිරීමේ පුළුල් උපාය මාර්ගයක කොටසක් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.
දුම්වැටි විනාශ කිරීමේ අවස්ථාවට රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස්, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් අචල චන්ද්‍රසේකර, රේගු අධ්‍යක්ෂ (කටුනායක ගුවන්තොටුපළ) පද්මිණී කුමාරිහාමි, ලංකා දුම්කොළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෆාරියා සුභානී, ලංකා දුම්කොළ සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී කාවින්ද නානායක්කාර, ලංකා දුම්කොළ සමාගමේ නීති විරෝධී වෙළෙඳාම් පිළිබඳ විමර්ශන අංශයේ කළමනාකරු අමිල මධුරංග යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොරෙන් ගෙනා කෝටි 7ක දුම්වැටි විනාශ කරයි