IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘හොරුන් නොරකින බව මෛත්‍රී කියයි‘

හොරකමට වංචාවට මගෙන් සහයෝගයක් නෑ. අද දේශපාලනය අවශ්‍ය මහත්වරුන් බවත් ජනපති කීවේය. ධර්මසිරි සේනානායක යනු මහත්මයකු බවත් නමුත් එම මහත්මයා යන වචනය අද දේශපාලනයේ සිටින කී දෙනකුට පාවිච්චි කළ හැකිදැයි ජනපති ප්‍රශ්න කළේය.

වරකාපොළ දී අද (24) පැවැති ධර්මසිරි සේනානායක මහතාගේ ගුණ සමරු උළෙලේදී ජනපති එසේ පැවසීය

‘අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව එදා සිටම හිටපු ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලත් කිව්වා. ඉතින් ඇයි අද විරුද්ධ වෙන්නේ.‘  යැයිද ජනපති විමසීය.

DSC_2686 DSC_2767 DSC_2857



අදහස් (0)

‘හොරුන් නොරකින බව මෛත්‍රී කියයි‘

වින්සන්ට් Tuesday, 26 July 2016 06:28 AM

නිම්මි, කෙනෙක් රැකියාවට අදාළව කරන සේවයට අපි ගරු කළ යුත්තෙමු. එය නගර සභාවේ කම්කරුවාටද හිමි විය යුතුය. එහෙත් අපි කිසිවෙකුට වැඳ නමස්කාර කරන මානසික තත්ත්වයෙන් ඉවත් වීම රටේ යහපතට හේතු වන්නකි. නැවත රජවරුන්ගේ යුගයකට අප යා යුතු නැත. ඔබ තවදුරටත් අවබෝධ කරගත යුතු පැත්තක් ඇති බවට මම සිතමි. (බ)

:       0       0

සෙනරත් Monday, 25 July 2016 03:12 AM

එතකොට පසුගිය දවසක "කුඩුවලට සම්බන්ධ ඇමතිලා ගැන හෙලිකළොත් ආණ්ඩුව ගෙනියන එක ප්‍රශ්නයක් වෙනවා" කියලා කිවුවේ කවුද? (නි)

:       0       0

කමල් Monday, 25 July 2016 03:54 AM

කතාවට පමණක් සිමානොවී යථාර්ථවාදී වුණොත් හොඳයි (නි)

:       0       0

විපුල Monday, 25 July 2016 04:38 AM

ඔබ සෑම කෙනෙක් ගැනම ජනතාව තේරුම්ගෙන අවසන්. (නි)

:       0       0

පද්මිණී Monday, 25 July 2016 04:48 AM

හොරුන් අතරෙන්ම තෝරාගෙන සම්මුති ආණ්ඩුව හදන්න ඔබතුමාට සිද්ධවුණා. නැතුව හිතට එකඟව කළ දෙයක් නොවෙයි කියා අපි දන්නවා. නමුත් ඔය කතාව විශ්වාස කරන්න බැහැ. (නි)

:       0       0

විරාජ් ඒකනායක Monday, 25 July 2016 05:00 AM

පසුගිය කාලේ හෙරොයින් කන්ටේනර් ගණන් ගෙන්වපු අයටත් නීතිය ක්‍රියාත්මක වෙනවද? (නි)

:       0       0

අංගොඩ ලාල් Monday, 25 July 2016 05:03 AM

පුෂ්ප, ඔබ හරියටම හරි. දවසකට ටොන් ගාණක කතාකරන අපේ දේශපාලකයන්ගේ වැඩ නම් අවුන්ස වලින් මනින්නත් බැරිතරම් අඩුයි (නි)

:       0       0

නිම්මි Monday, 25 July 2016 02:50 PM

වින්සන්ට්, මම මහින්ද රාජපක්ෂට වැඳ නමස්කාර කරනවා තමයි. ඒ එතුමා ඔබ මා ඇතුළු සියලු දෙනා මරණයෙන් මුදවාගත් නිසා. එතුමා අතින් යම් වරදක් වුණා නම් අප ඒ සියල්ල අමතක කළයුතු වෙනවා. මොකද වැරදිකාරයෝ හෙව්වොත් 225 දෙනාම වැරදි ඇති අය නිසා. දඬුවම් දෙනවා නම් සියලු දෙනාට දඬුවම් දියයුතුය. මා පුද්ගල වන්දනාවක් නොකරමි. නමුත් මේ රටට යම් සේවයක් කළ අයට ගරුකරමි. මෙතුමා මගේ රටට යම් සේවයක් කළහොත් ඔහුටත් නමස්කාර කරමි. (නි)

:       0       0

සමන් Monday, 25 July 2016 05:28 AM

කියන දේවල් නම් ගොඩක් තිබෙනවා. කරන දේවල් තමා අඩු (නි)

:       0       0

වසන්ත Monday, 25 July 2016 05:30 AM

මිනිසුන්ට බොරු ටෙලිඩ්‍රාමා එකක් තමයි හැමෝම පෙන්වන්නේ. අපේ රටේ කවදා මහත්මා දේශපාලනයක් බිහිවේද? (නි)

:       0       0

අහිංසා Monday, 25 July 2016 05:43 AM

එතකොට යහපාලනය පටන්ගත් ගමන් සිදුුවණ මහබැංකු කොල්ලය වගේ ඒවට දැන් දඬුවම් දීලද? (නි)

:       0       0

හිටිගෙදර Monday, 25 July 2016 06:08 AM

එතකොට මහත්තයෝ දුමින්ද දිසානායක? රජිත්? පාටලී ? රවී? තඹ සුජීව? හිරුනිකා? මංගල ? මර්වින්? ධනුන විත් එස්එෆ් ? රිෂාඩ්? අර්ජුන්? නුවර ඕන ගොනා? සමෘද්ධි එස්බීb ? චෞර රැජින?/ අපුච්ච මලෝ? ලන්සා? පිස්සු ජෝන් ? (බ)

:       0       0

ප්‍රියන්ති Monday, 25 July 2016 06:53 AM

මෙය ක්‍රියාවෙන්ම ඔප්පුකර පෙන්වන්න (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 25 July 2016 06:58 AM

රාජ්‍ය අංශයේ හොරකම් නවතාගැනීමට හැකිවුණොත් ඔබ නියම රජෙක් අපිට (නි)

:       0       0

නිම්මි Sunday, 24 July 2016 02:41 PM

කව්රුත් උවමනාවෙන් හොරු රකින නැහැ. ආණ්ඩුව පෙරලේනවට බය නිසා තමයි හොරු රකින්නේ. ඔබතුමාටත් දැන් එක තේරෙනවා ඇතිනේ. ආණ්ඩු පෙරලන තරම් ලේසි නැහැ රට කරන එක. ඔබ බය නැතුව තීරණ ගන්න. ඔබ නිවැරදි තීරණ ගත්තොත් ඔබ ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙයි. නැත්නම් ඔබ බොරු පම්පෝරි ගහපු නායකයෙක් ලෙස ඉතිහාස ගත වෙනවා.(රේ)

:       0       0

ප්‍රියන්ති Sunday, 24 July 2016 03:35 PM

මහා බැංකු හොරුන්ට මොනවද කලේ, විල්පත්තු හොරුන් හිරේ දැම්මද, තව තවත් බොරු නොකිය ඉන්න .රට සම්පත් විකුනනවා කියල කියන්නේ මොකද , 2002 කරන්න බැරිව ඉතුරු වුණු දේපල විකුනන්නේ කගේ උවමනාවටද , එයින් ජනතාවට සෙතක් වෙනවාද , ඔබතුමා මේ රටේ ජනාධිපති වුණාට මේ එකක් වත් නතර කරන්න බැරි බව අප දැන් තේරුම් අරන් ඉන්නවා.තව කොතෙක් වචනයෙන් කිව්වට ක්‍රියාවෙන් ඔප්පු කරන්නට සමත් නැති බව අපට වැටහෙනවා.(අ)

:       0       0

විජේසුන්දර Sunday, 24 July 2016 03:36 PM

ජනාධිපති තුමනි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය තමයි , හැබැයි අපිට ෆෙඩරල් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නම් ඕනි නැහැ. කොටි පිල්ලි සනසන හා බටහිර රටවල් වලට ඕනි වෙන ආකාරයේ අනාගතයේ අපරට දෙකඩ වෙන ආකාරයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නම් අපට එපා. (අ)

:       0       0

මිනිපෙ Sunday, 24 July 2016 04:43 PM

අනේ සර්, හොරු ගැන කෙසේවෙතත්, කොළොන්නාවේ කුණුගොඩ හා බොන්න වතුර ටිකක් නැති උතුරු මැද පළාත් වලට හනික පිළියමක් යොදන්න. (නි)

:       0       0

රංග Sunday, 24 July 2016 05:21 PM

විල්පත්තුව පැත්තේ ටිකක් ගිහින් ආවා නම් ගොඩක් දේවල් දැනගන්න පුළුවන්වෙයි (නි)

:       0       0

කබීර් Sunday, 24 July 2016 06:30 PM

එතකොට මහ බැංකුව එළිපිට හොරාකාපු අය අද කොහෙද ඉන්නේ? (නි)

:       0       0

පී. ඉලංගරත්න Sunday, 24 July 2016 09:13 PM

ගිය ආණ්ඩුවේ හොරු සෙට් එකෙනුත් අරන් නේද මේ ආණ්ඩුව හැදුවේ? (නි)

:       0       0

වින්සන්ට් Sunday, 24 July 2016 09:14 PM

නිම්මි, ජනාධිපතිතුමා නිවැරදි තීරණ ගත්තොත් ඔබ වගේම බොහෝදෙනා වැඳ නමස්කාර කරන අයට හිරේ ළඟින්නට සිදුවෙනවා ඇති. ඒ සඳහා ඇතිවන විරෝධයට මුහුණදීමට නීතිගරුක ජනතාවගේ සහයෝගය එතුමාට ලැබේවිද? ඒවගේම ඒකාබද්ධ විපක්ෂය කියන කණ්ඩායම එතුමාට ඒ වෙනුවෙන් සහයෝගය දැක්වීමක් සිදුකරවිද? එතුමාගේ නම රන් අකුරෙන් ලියන්න උත්සාහ කරන ඔබේ අදහස, නිතරම මේ පිටුවෙන් මා දකින නිම්මිගේම නම් ඇත්තෙන්ම සතුටට කරුණකි. (නි)

:       0       0

පුෂ්ප Sunday, 24 July 2016 09:25 PM

මට නම් ඉතින් කියන්න තියෙන්නේ කතාව දෝලාවෙන් ගමන පයින් කියලා තමයි. අනේ අපේ රටට ගිය කලක්! (නි)

:       0       0

සෑම් Sunday, 24 July 2016 09:57 PM

ගහ දන්නා අපිටද මේ කොළ කඩාපාන්නේ? විධායක බලයම පාවිච්චි කරලා විධායක බලය නැති කරන්නකෝ, හැමදාම ඒ ගැන කියවන්නේ නැතුව. ඕවා අහලා එපාවෙලා අපිට (නි)

:       0       0

නිශාන්ත Sunday, 24 July 2016 10:03 PM

එහෙනම් ඇයි ජනතාව ප්‍රතික්ෂේප කළ අය ඇතුළට ගත්තේ? (නි)

:       0       0

යොහාන් Sunday, 24 July 2016 10:08 PM

ඒත් අපේ ඇස් වලට පේන්නම එහෙම අය ඉන්නවනේ (නි)

:       0       0

සිරි Sunday, 24 July 2016 10:08 PM

ඒත් ලෝක හොරු කීදෙනෙක් මේ වනවිටත් මේ ආණ්ඩුවේම පහනෙන් එළිය බලනවද? (නි)

:       0       0

උපාලි Sunday, 24 July 2016 10:23 PM

හොරුන්ගෙන් තොර කිසිම ආණ්ඩුවක් මෙතෙක් ලෝකයේ බිහිවී නැහැ කියලයි මම නම් හිතන්නේ. ලෝකයේ ඕනෑම ආණ්ඩුවක අඩු වැඩි වශයෙන් දුෂිතයන් ඉන්නවා. අවශ්‍ය වන්නේ එවැනි දුෂිතයන් හඳුනාගෙන ඔවුන් ඉවත්කිරීමේ බලවත් නීතිමය පද්ධතියක් හා සදාචාරමය ක්‍රියාදාමයක් තිබීමත් එවැනි නීති බලගැන්වීමට සමත් ශක්තිමත් නායකත්වයක් තිබීමත්ය. (නි)

:       0       0

අප්පුහාමි Monday, 25 July 2016 01:00 AM

මෙතුමාගේ කතා වචන වලට පමණයිනේ! (නි)

:       0       0

කුසුමා රත්නසේකර Monday, 25 July 2016 02:06 AM

නායකයකයින් දෙස බැලූවිට කීපදෙනෙක් හැර, ඔවුන් මුල්කාලයේ ගතකළ දිවිපෙවත සමඟ මේ අයට කොළඹ ගෙවල් ගන්න තරම් වත්කම් තිබුනාද කියා සිතේ. එහෙම බැලුවහම ගොඩක් දෙනෙක් හොරු කියලයි මට හිතෙන්නෙ. (නි)

:       0       0

අජිත් Monday, 25 July 2016 02:22 AM

ලොකු ලොකු දේවල් කරන්න කලින්, මේ පාරවල් වල තියෙන කුණු ටික පහුගිය ආණ්ඩුවෙන් කළා වගේ අයින් කරන්න. අනිත් එක දැන් පුද්ගලික බස් වලට කිසිම කාලසටහනක් නැහැ. ඕනෑ ඕනෑ විදියට යනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 312 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 733 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 253 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 124 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 429 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1247 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site