IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


හොරෙන් ලයිසන් හැදූ තිදෙනෙක් මාට්ටු

(නිමල් ජයරත්න සහ චාපා මධුභාෂිණි)

රියැදුරු බලපත්‍ර, වාහන ලියාපදිංචි කිරීම සහතික, සහ තවත් වටිනා සහතික පත් සකස් කර දෙන බවට පවසා මුදල් ලබාගෙන කූට ලෙස සකස් කරන ලද බලපත්‍ර සහ සහතික පත් තොගයක් ඇතුළු තවත් උපකර රැසක් සමඟ තිදෙනකු අත්අඩංගුවට ගත් බව  පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි.

මෙම සැකකරුවන් කූට ලේඛන සකස් කිරීමට උපයෝගී කරගත් පරිගණකයක්, ජංගම දුරකතන හයක්, පෙන්ඩ්‍රයිව් එකක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද රියැදුරු බලපත්‍ර කාඩ් තුනක්, එම ලේඛන සහ රියදුරු බලපත්‍ර 19 ක් මෙහිදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

සැකකරුවන්  මනම්පිටිය, බොරලැස්ගමුව, නාරාහේන්පිට යන ප්‍රදේශවල පදිංචි තිදෙනෙකි. 

නාරාහෙන්පිට රියැදුරු පාසලෙන් ලබාදෙන, ව්‍යාජ තාවකාලික රියදුරු බලපත්‍රයේ, මෝටර් රථ දෙපාර්තමේන්තු මගින් ලබාදෙන විශේෂ ස්ටිකරය අලවා ඇති අතර එය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් විසින්, කූට ලේඛනය සකසන අයට ලබාදී ඇති බවට තොරතුරු තහවුරු වී ඇති බවත්, ඒ පිළිබඳව ද විශේෂ විමර්ශනයක් සිදු කරමින් පවතින බව පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.



අදහස් (0)

හොරෙන් ලයිසන් හැදූ තිදෙනෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අද සිට ජන්ද කාඩ් ළගම තැපැල් කාර්යාලයෙන්
2025 අප්‍රේල් මස 30 12 0

තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලය


තැනින් තැනට සවස් කාලයේදී වැසි
2025 අප්‍රේල් මස 30 14 0

දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මහජන සෞඛ්‍ය පරීක්ෂඛ අල්ලස් දැලේ
2025 අප්‍රේල් මස 30 409 0

රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ස


ක්ලෝරින් කාන්දු වී පස්සර රෝහල වැසෙයි
2025 අප්‍රේල් මස 30 273 0

පස්සර නගරයේ ජල පිරිපහදුව සදහා භාවිතා කළ ක්ලෝරීන් සිලින්ඩරයක හදිසියේ ඇතිවූ කාන්දුවකින් සිව්දෙනකු රෝගී වූ බවත් එම රෝහලේ නේවාසික රෝගින් සියලුම දෙනා රෝ


හිටපු ජනපතිවරු හතරක් වැඩි වාහන බාර දෙති
2025 අප්‍රේල් මස 30 1384 0

හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනකු ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වන විට ජනාධිපති කාර්යාලයට බාරදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳ


එප්පාවල පොස්පේට් සමාගම කෝටි 2700 පාඩු කරලා
2025 අප්‍රේල් මස 29 1378 0

එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 141 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 37 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1073 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site