IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


හර්මන් ලෝස් ශූරතාව ගම්පහට

මෙවර පැවති ජාතික ශිෂ්‍යභට බළකායේ  බල ඇණි 22 කට අයත් පාසල් 74 ක ශිෂ්‍යභට ඛණ්ඩ අතර පැවති හර්මන් ලෝස් ශුරතා වාර්ෂික කදවුර පසුගියදා රන්ටැබේ ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානයේදී අවසන්විය. පුරා දින  23 ක් පැවති මෙම කදවුරේදී හර්මන් ලෝස් ශුරතාවය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට හිමිවිය. ඔවුන් මෙම හර්මන් ලෝස් ශුරතාව දිනාගත්තේ වසර 18 කට පසුවය. වර්ෂ 1923දී ශිෂ්‍යභට ඛණ්ඩයක් ලෙසටත් 1927 දී ජේෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩයක් ලෙසටත් සිය අභිමානවත් ගමන ආරම්භ කළ බණ්ඩාරනායක ශිෂ්‍යභටයෝ 1989 සිට නොකඩවාම හත වැනි බළ ඇණියේ ශුරතාවය දිනාගැනීම නිසා ඔවුන් හත් වැනි බළඇණියේ කේසර සිංහපෝතකයින් යන විරුදාවලියෙන් හැඳින්වෙයි. බණ්ඩාරනායක විද්‍යාලයේ  බටහිර ශිෂ්‍යභට තුර්යවාදක ඛණ්ඩයත් පෙරදිග ශිෂ්‍යභට තුර්යවාදක ඛණ්ඩයත් ගුවන්හමුදා ශිෂ්‍යභට ඛණ්ඩයත් මෙවර දිනාගත් විශිෂ්ට ජයග්‍රහණ සමග මෙම හර්මන් ලෝස් ශුරතාව දිනාගැනීමත් නිසා හොදම බළ ඇණියට හිමි සම්මානයද හත්වන බල ඇණියට හිමි විය. සැරයන් ඩබ්ලිව් එම් ඒ මදුරංග (ජි 8710) ගේ නායකත්වයෙන් ඝන සරඹ සහ අධ්‍යක්ෂ පරීක්ෂණයෙන් දෙවැන ස්ථානයද බණ්ඩාරනායක විද්‍යාලටය දිනා ගත්තේය. හොදම අණදෙන්නා සහ හොදම සැරයන්වරයාට හිමි කුසලානය ද සැරයන් මදුරංග හිමිකර ගත්තේය. ජයසංකේත ප්‍රදානය ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්ෂක මේජර් ජනරාල් ගාමිණි ජයසුන්දර මහතා අතින් සිදුවිය. බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතාගේ මගපෙන්වීම අනුව ශිෂ්‍ය භට ඛණ්ඩ භාර ආචාර්යවරුන් වන ලුතිනන් දිනේෂ් තිලකරත්න, කලිතාන් කුෂාන් ලියනගේ සහ යූ ජී ඒ නිෂාන්ත ගමත්වරුන්ගේ මෙහෙයවීමෙන් බණ්ඩාරනායක විද්‍යාලයීය කණ්ඩායම හර්මන් ලෝස් ජාතික කඳවුර සහභාගී විය. මේ අතර රන්ටැඹේහිදී  පැවති  හර්මන් ලෝස් සහ ද සොයිසා කුසලාන ඇගයීම් කඳවුරට සහභාගී  වූ   ඉන්දියා, බංගලාදේශ, නේපාල සහ පාකිස්ථානයේ ශිෂ්‍යභට බලකා නිලධාරීන් හා ශිෂ්‍යභට බාලක බාලිකාවන් ද මෙරට යුධ, නාවික, ගුවන්, පොලිස් සහ තුර්යවදන ශිෂ්‍යභට ඛණ්ඩවල ශිෂ්‍යභට සැරයන්වරු ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ගාමිණි ජයසුන්දර මහතා සමග නොබෝ දා   අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවූහ. මෙම අවස්ථාවට  ජාතික ශිෂ්‍යභට බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියන්ති ජයසුන්දර මැතිනියද සහභාගී වූවාය.



අදහස් (0)

හර්මන් ලෝස් ශූරතාව ගම්පහට

සන්ජීව Wednesday, 31 October 2012 12:58 PM

කැඩෙට් වලින් බණ්ඩාරණායකේ හැමදාම ඉදිරියෙන්. ඉදිරියටම යමු. චමින්ද.....ඕව නිකම් හිතේ දුකට කියන කතා. (ස)

:       0       0

රංජිත් Wednesday, 31 October 2012 06:08 AM

මගේ පාසල් මෑණියන්ට සිරිමා බෝ සමිදු පිහිටයි. (නි)

:       0       0

චරිත " Thursday, 01 November 2012 03:32 PM

ජයවේවා

:       0       0

පහන් Tuesday, 30 October 2012 06:29 PM

නමදිමු බණ්ඩාර නායක විදුහල් මතා බැති නී නීති නී පුදමු මව්නි ඔබවෙත ගීමල් මාලා.බණ්ඩාර නායක අදිසිසුවෙකු ලෙස ඉතාමත් සතුටට පත් උනා. මා සමග අකුරුකළ එවකට ශිෂ්‍ය බටයන්වසිටි ක්‍රියාන්විතයේ දී මියගිය බැන්ඩිය මුල්ලේ ලුතිනන් බන්දුල හා පුගොඩ ලුතුනන් දිනේෂ් සහ 89 බිෂන සමයේ මරාදැමුනු ශිෂ්‍ය බට ආචාර්ය කපිතාන් මුනිපුර ආදරයෙන් සිහිකරමි ඔවුන් අද සිටියානම් මාමෙන්ම සතුටුවනු ඇත (නු)

:       0       0

ලිහිල්ලගොල්ල Thursday, 01 November 2012 12:19 PM

ගම්පහ බණ්ඩාරණායක විදුහල් මෑණියන්ගේ අපේ ශිෂ්‍යබට කොල්ලන්ටත් , නව විදුහල්පතිතුමාටත් අපගේ උණුසුම් සුබ පැතුම් (ස)

:       0       0

සමන් Tuesday, 30 October 2012 06:56 PM

අනේ අපි නොදන්න ලයිව්... (නි)

:       0       0

සුරංග Wednesday, 31 October 2012 08:20 AM

සුබ පැතුම් (ස)

:       0       0

චානක Wednesday, 31 October 2012 08:21 AM

බණ්ඩාරණායකේ හැමදාම ‍හොඳම කැඩෙ‍ට් ටීම් එක විදිය‍ට හිටියා .ජය වේවා (ස)

:       0       0

පහන් Wednesday, 31 October 2012 02:26 PM

ජානක,සංජීව නිවැරදි කරන්න කැඩෙට් විතරක් නෙමේ බී. සී කොල්ලෝ හැමදේකටම දක්ෂයි .ලෝකේ හැමතැනම ඉන්නවා .නම ගෙනියනවා . (ස)

:       0       0

නදිෂ් Wednesday, 31 October 2012 08:22 AM

කේසර සිංහ පෝතකයන් වුණු බණ්ඩාරණායකේ අපිට කින්ස්වුඩ් මොන ගේමක්ද ? (ස)

:       0       0

නාලක Thursday, 01 November 2012 04:18 PM

දිනෙන් දිනම වැජඹේවා බණ්ඩරනායක විදුහල් මෑණී.......(ස)

:       0       0

චින්තක Tuesday, 30 October 2012 08:00 PM

සුභ පැතුම් බණ්ඩාරණායක විදුහලට..!(නු)

:       0       0

භාතිය Wednesday, 31 October 2012 11:57 PM

අපට ආඩම්බරයි. (නි)

:       0       0

දමින්දි Wednesday, 31 October 2012 09:21 AM

මම හිතන්නේ චම්න්දට ජය පරාජය දරා ගන්න අමාරු වගේ.. කවදත් හොඳම ශිෂ්‍ය බට කණ්ඩායම හිටියේ ගම්පහ බණ්ඩාරණායකේ තමයි (ස)

:       0       0

අචින්ත Wednesday, 31 October 2012 03:27 PM

හමුදා ශිෂ්‍යභට ඛණ්ඩය - ශුරතාවය ගුවන්හමුදා ශිෂ්‍යභට ඛණ්ඩය - ශුරතාවය පෙරදිග ශිෂ්‍යභට තුර්යවාදක ඛණ්ඩය - අනුශුරතාවය බටහිර ශිෂ්‍යභට තුර්යවාදක ඛණ්ඩය - සිව්වන ස්ථානය තව මොන උදාහරණද? (ස)

:       0       0

ගයාන් Wednesday, 31 October 2012 10:12 AM

අපේ කොල්ලන්ට ඕවත් වැඩද? (නි)

:       0       0

රංජිත් Wednesday, 31 October 2012 10:02 AM

දිනේවා මගේ පාසල හැමදාමත්. (නි)

:       0       0

චමින්ද Tuesday, 30 October 2012 10:01 PM

‍මේ පාරත් කිංස්වුඩ් තමයි නියම සුරයෝ අපක්ෂපාති විදිහට විනිශ්වය දුන්නනම්.කොහොම වුනත් බණ්ඩාරණායක විදුහලට සුභ පැතුම්. (අ)

:       0       0

චන්දිමා Tuesday, 30 October 2012 10:09 PM

යමු බණ්ඩාරණායක යමු..!(නු)

:       0       0

ගාමිණී Wednesday, 31 October 2012 10:45 AM

නියමයි. ආදි සිසුවෙක් ලෙසට මට හරිම සතුටුයි. (නි)

:       0       0

චමින්ද Monday, 05 November 2012 01:19 AM

මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

කසුන් Wednesday, 31 October 2012 10:41 AM

මේ නුවන් කුලසේකරගේත් පාසැලයි . (නි)

:       0       0

ජානක Wednesday, 31 October 2012 11:01 AM

කැඩෙ‍ට් නම් ඉතින් බණ්ඩාරණායකේ තමයි, බෑන්ඩ් දෙකත් නියමයි, ජය වේවා! (නි)

:       0       0

කසුන් Thursday, 01 November 2012 08:37 AM

යන්න බණ්ඩාරනායක ඉදිරියටම.... (නි)

:       0       0

පහන් Tuesday, 30 October 2012 11:20 PM

චමින්ද ඔයා කොහොමද එහෙම කියන්නේ චන්ද පැරදුනහම මිනිස්සු කියන කතා නේ ඔයා කියන්නේ .ගම්පහ බණ්ඩාරනායක දිනේවා.(නු)

:       0       0

දිලූ Wednesday, 31 October 2012 11:38 AM

කැඩෙට් නම් ගම්පහ ඉතින් බණ්ඩාරණායකේ තමයි. (නි)

:       0       0

නදුන් Wednesday, 31 October 2012 01:10 AM

උණුසුම් සුභ පැතුම් බණ්ඩාරනායක මෑණියනි..!(නු)

:       0       0

රෝහිත ලන්ඩන් Wednesday, 31 October 2012 01:44 AM

මේ මගේ පාසල.. ජය වේවා..!(නු)

:       0       0

දිල්ෂාන් Wednesday, 07 November 2012 09:17 PM

බටහිර වේවා නැගෙනහිර වේවා, හර්මන් තමයි හොදම. (නි)

:       0       0

පුෂ්පෙ Wednesday, 31 October 2012 08:25 PM

කැඩෙටින් නම් ඉතින් බණ්ඩාරනායකය ඇර තවත් පාසැලක් රටේ තිබේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 286 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 290 1

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 370 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


විද්‍යාගාර පරික්ෂණයේදී සිසුවියෝ හතක් පිළිස්සිලා
2024 ඔක්තෝබර් මස 09 294 0

පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 417 1

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 443 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39600 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25771 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site