(ටෝනි කරුණානායක)
හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින බන්ධනාගාර නියාමක සහ ගුවන් හමුදාවේ සිවිල් සේවකයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනකු ලබන 03 වැනිදා දක්වා වේයන්ගොඩ පොලිසියේ රඳවා තබාගෙන විමර්ශනය කිරීම සඳහා ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර්.එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද (27) වේයන්ගොඩ පොලිසියට අවසර ලබා දුන්නේය.
හෙරොයින් ග්‍රෑම් 13 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් සිව්දෙනා වූ මහර බන්ධනාගාර නියාමක ඉෂාර ඉෂාන් හෙට්ටිආරච්චි, එන්.දනුෂ්ක ලක්මාල්,ගුවන් හමුදාවේ සිවිල් සේවක කේ.එච්.සචින් රමේෂ් ,දිනේෂ් රොශාන් ප්රියදර්ශණ හෙවත් ‘පොඩි කොයියා‘ නැමැති සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනා මෙසේ රඳවා තබාගෙන විමර්ශනය කිරීම සඳහා වේයන්ගොඩ පොලිසියට අවසර ලබා දුන්නේය.
හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන ‘රගරා‘ නැමැති සැකකරුගේ සහ හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මගින් ඇප නියම කරන ලද සැකකරුවන්ගේ බැංකු ගිනුම් සහ ජංගම දුරකථන විස්තර අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝග මත පරික්ෂා කිරීමෙන් අනතුරුව අනාවරණය වූ කරුණු මත මෙම සැකකරුවන් සිව් දෙනාව අත්අඩංගුවට ගත්බව පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හෙරොයින් ජාවාරම් කළ බන්ධනාගාර නියාමක ඇතුළු 4 ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර