(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාකිස්ථානයේ සිට මෙරටට එවා තිබූ අල කන්ටේනරයක කෘතීම අල ගෙඩි අතර සඟවා තිබූ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කරන ලද වැටලීමකදී අද (12) අත්අඩංගුවට ගත්බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
මෙම කන්ටේනර් රථය කොච්චිකඩේ ප්‍රදේශයේ මහජන ක්‍රීඩාංගනයට රැගෙන සිදුකළ පරීක්ෂාවේදී එම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇත.
පාකිස්ථානයේ සිට පැමිණි මෙම කන්ටේනරය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර මෙම කන්ටේනරය අද රේගුව විසින් මුදා හැරීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් කන්ටේනරය පසුපස හඹා ගොස් කොච්චිකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
කන්ටේනරය පොලිස් භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී එහි තිබූ අලගෙඩි අතර ව්‍යාජව සකස් කළ අලගෙඩි ද තිබී ඇති අතර එම අලගෙඩි අතර හෙරොයින් තොගය තිබූ බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන ජාවාරම්කරු ලෙස කටයුතු කළ පාකිස්ථාන ජාතිකයා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ
ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
ශ්රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හෙරොයින් මත්කුඩු තොගයක් කොච්චිකඩේදී අත්අඩංගුවට
u siriwardane Thursday, 12 March 2020 05:26 PM
හලාල් ක්‍රමයට දඞුවම් දෙන්න ඕන වරදකරුවන්ට.
Binkunndaa Thursday, 12 March 2020 07:16 PM
පොහොට්ටුවේ ඇමතියෙක්ගෙ වෙන්නැති.
shan Friday, 13 March 2020 11:42 AM
ඔව්....මීගමුවේ බඩුලු.
lanka Thursday, 12 March 2020 09:12 PM
දැන් මහත්තයෝ ඔය අල්ලගත්ත කට්ටිය හරහා ඉතුරු කට්ටියව අල්ලගන්නවා නම් අල්ලගන්න හරි ලේසියිනෙ.
Pradeep Friday, 13 March 2020 03:01 AM
ඒ කියන්නේ අපේ රේගුව දුර්වලයි.. රට ඉදන් එන දුප්පත් මිනිස්සුන්ගේ ඇපල්, දොඩම්, මිදි ටික නම් අපුරුවට අරගන්නවා.
nalin Friday, 13 March 2020 03:39 AM
ප්‍රධාන සැකකරු කවුද..?
samantha Saturday, 14 March 2020 12:18 PM
සැකකරු කියලා අහිංසකයින් 10 ක් විතර අල්ලා ගන්නවා. එ්ත් මේවා ගෙන්නන මුදලාලිලා රස්සාව කරන්නේ 'දියවන්නාවේ'. ජීවත්වන්නේ මීගමුවේ... මෙයාට කියන්නේ මීගමුවේ මට්ටයා කියලා.
abaran Friday, 13 March 2020 03:43 AM
හැමවිටම අත්අඩංගුවට ගන්නේ මත්කුඩු විතරයි...
Nuwan Friday, 13 March 2020 06:42 AM
මම වෙන පෝස්ටුවකදී කිව්වා ඔය රටින් එන්නේ ඔය වගේ විනාශ තමා කියලා. මට බැනපු අය පොඩ්ඩක් මතක් කරගන්න.
Bimal Friday, 13 March 2020 10:00 AM
අල්ලගන්න ඒවාට මොකද වෙන්නේ කියලා තේරුම් ගන්න බැරි මට විතරද?
විපරමා Friday, 13 March 2020 10:55 AM
පාකිස්තානයෙන් හොර රහසේ එන්නෙත් ඔය වගේ දේවල්. මීට කලිනුත් ඔය රටින් කුඩු ගෙනාපු රාජගිරියෙ පැත්තේ කෙනෙක් හිටියා. දේශපාලුවෝ මේ දේවල් පිටිපස්සේ ඉන්න බව කවුරුත් දන්නවා.