IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


හරවා යැවූ තෙල් නැව තවමත් ත්‍රිකුණාමල මුහුදේ

ඩයනා උදයංගනී 
 
ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි.ඕ.සී) අසත්‍ය ප්‍රචාර හරහා තෙල් අර්බුදයක් නිර්මාණය කර ප්‍රතික්ෂේපිත තෙල් නැව ගොඩබෑමේ උත්සාහයක නිරත වන්නේ ද යන්න ගැන සැකයක් පවතින බව ලංකා ඛණිජතෙල් පොදු සේවක සංගමය පවසයි.
 
එම නැව තවමත් ත්‍රිකුණාමල මුහුදේ නවතා තිබීම නිසා මෙම සැකය මතුවන බව   සංගමය සඳහන් කරයි.
 
ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඇනවුම් කර ඇති තෙල් නැව ප්‍රමාද වීමට හේතු සොයාබලා එම ප්‍රමාදයෙන් සිදුවන හානි පූරණයට ද පියවර ගත යුතු බව සංගමයේ ලේකම් ඩී.ජේ රාජකරුණා මහතා පැවසීය.
 
සියයට 20ක පමණ කොටසක් හිමි ලංකා ඉන්දියන් තෙල් සමාගම මෙලෙස බලපෑම් ඇති කරන්නේ නම් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්පූර්ණයෙන්ම ඔවුන්ට ලබාදුනහොත් අනිටු පළවිපාක ඇති විය හැකි බවත්, මේ සියලූ කරුණු දක්වා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයාට තම සංගමය ලිපියක් යොමු කළ බවත් ඔහු සඳහන් කළේය.



අදහස් (12)

හරවා යැවූ තෙල් නැව තවමත් ත්‍රිකුණාමල මුහුදේ

Gamage Sunday, 05 November 2017 10:15 AM

එතකොට 80% තියෙන සී.පී.සී මොකද කරන්නේ?

:       139       375

ජගත් ලියනගේ Sunday, 05 November 2017 12:27 PM

ලංකාවේ තියෙන වෘත්තීය සංගම්වලට පින් සිද්ධ වෙන්න තමයි ලංකාවේ ආයතන ටිකවත් රැකිලා තියෙන්නේ. නැත්නම් පාලකයෝ අපි වත් විකුණගෙන ඒ සල්ලි වලින් ජෝඟි නටලා ඉවරයි.

:       450       566

සෙනෙවි Sunday, 05 November 2017 01:50 PM

අයි.ඕ.සී. ඉන්ධන බාල බැවින් ඒවා මිලදී ගැනීමෙන් වලකිමු.

:       106       602

saman Sunday, 05 November 2017 02:02 PM

වෘත්තීය සමිතියට නොතේරෙන දේ:- වෘත්තිය සමිතිය දන්නේ නැහැ. නැව් සමාගම් නැව් හසුරවන්නේ කොහොමද කියලා තෙල් වලට මොකද කරන්නේ කියලා තෙල් අයිති සමාගම කියනතුරු නැව් සමගම එන්න ඕනේ. එ්කට ඉන්දියා සමාගම් සම්බන්ධයි කියලා කොහොමද කියන්නේ? මේ ගොල්ලො තේ කෝප්පෙ කිඹුල්ලුත් දකිනවා. සයිටම් එවර වුණාම රට කලඹන්න ප්‍රශ්නයකුත් ඕනනේ. තෙල් ප්‍රශ්නේ ප්‍රචාරය කලේ එ්ගොල්ලගේම සාමාජිකයෝ.

:       134       107

kapi Sunday, 05 November 2017 02:22 PM

IOC සෙල්ලම් පෙන්නන්නේ CPC අකාර්යක්ෂමතාව නිසයි

:       0       50

Nuwan Sunday, 05 November 2017 02:43 PM

තෙල් රැගෙන එන නෙවර්ස්කා ලේඩි නැව ආරාබි මුහුදේ ඕමානයට නුදුරින් කොළඹ වරාය බලා එමින් තිබේ. සැටලයිට් වාර්තාව අනුව එම නැව කොළඹට ලඟා වීමට නියමිතව ඇත්තේ ලබන 09 වෙනිදා පාන්දර 12.30 ට ය. වරායට තෙල් නැවක් පැමිණි පසු එම තෙල් ඉන්ධන පිරවුම් හල් කරා ලඟා වීමට අවම වශයෙන් දින දෙකක් ගත වනු ඇත. ඒ අනුව ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත්වනු ඇත්තේ ලබන 11 වෙනිදා වන විට ය. මේ පිළිබඳව අදාළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා මාධ්‍යයට පවසා ඇත්තේ බොරුවකි. ඔහු කියන්නේ සඳුදා එනම් 06 වෙනිදා වන විට තෙල් නැවක් පැමිණෙන බවයි.

:       8       29

srath Sunday, 05 November 2017 02:44 PM

තෙල් ටික හරියට කරගන්න බැරි මේ ආණ්ඩු මොන කෙන්ගෙඩියකටද? අයවැය එනකල් ව්‍යාපාරයකට අතගහන්න. වාහනයක් ගෙන්නගන්න. මුදල් ආයෝජනයක් කරන්න බැරි රටක ආණ්ඩුවකින් මොනවා කරන්නද? බලාගෙන ගියාම මේ රටේ මිනිස්සු හරි පව්...

:       14       154

donSunday, 05 November 2017 04:12 PM

1000% ක් හරි.

:       45       24

Don Sunday, 05 November 2017 03:01 PM

20% කොටස් තියෙන ඉන්දියන් ඔයිල් එක බලපෑම් කරද්දී 80% ක කොටස් තියෙන ආණ්ඩුවේ තෙල් මෝල පොල් ගානවද? මේවා මහාපරිමාණ ගේම් ... අනිවාර්යෙන්ම රජයේ තෙල් මෝලේ ලොකු ලොක්කෝ කවුරු හරි කීපදෙනෙකුත් මේ වැඩේට ඉන්දියන් ඔයිල් එකට උදව් කරනවා .. නැත්නම් ආණ්ඩුවේ තෙල් මෝලට එන නැව මේ ජරමර අස්සේ ප්‍රමාද වෙන්න කිසිම හේතුවක් නැහැ.. අනික තමයි එක නැවක් ප්‍රමාද වුණොත්, එක නැවක් හිර වුණොත් මුළු රටම ඉඳගන්න තත්වෙට අපේ රටේ ආර්ථිකය පත්වෙලා ... මේ වගේ පුවත් අහද්දී අපේ රටේ ආර්ථිකය ගැනයි, ආණ්ඩුවේ තෙල් මෝල ගැනයි, එ්කේ ලොක්කොයි සේවකයෝයි ගැනයි අපිටම ලැජ්ජයි .. මේකට වෙනම අමාත්‍යාංශයක් වෙන් කරලා තියෙන එක ගැනත් ලැජ්ජයි..

:       0       153

sunil Sunday, 05 November 2017 04:41 PM

රටේ ජනතාවට උවමනා කරන තෙල් සදහා ආරක්‍ෂිත සංචිත නිසි අයුරින් පවත්වාගෙන යාම ඛනිජ තෙල් ඇමතිගේ වගකීමකි. මේ අර්බුදය සැලකිල්ලට ගැනීමෙන් පෙනී යන්නේ ඔහු තම වගකීම් හරි හැටි ඉටුකර නොමැති බවයි. අර්බුදයක් ඇති වුනාට පසුව අන් අයට ඇගිලි දිගු කරමින් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමත්, මහජනතාවට තෙල් අර පරිස්සමෙන් භාවිතා කරන්න කියා උපදෙස් දීමත් කිසිදු තේරුමක් නැති බොරු කතා පමණකි. තෙල් හිගය නිසා රට පුරා ජනතාව මහත් අර්බුදකාරී තත්වයට පත් වී ඇත. අව්වේ වේලෙමින්, වැස්සට තෙමෙමින් පෙට්රෝල් ටිකක් ලබාගැනීමට බැරුව ජනතාව මහත් ගැටලුවකට මුහුණ දෙමින් සිටී. ජීවිතේ ගැට ගහගන්න ත්‍රී වීලරයක් ගත්ත අහිංසකයින් හයර් එකක් දුවා කීයක් හරි හොයාගන්නවා වෙනුවට තෙල් ටිකක් ලබාගන්න පෙට්රෝල් ෂෙඩ් අසල දිගු පෝලිම් වල රස්තියාදු වෙන හැටි දකින්න රජයේ කිසිදු වගකිය යුතු නිලධාරියෙක් සිටීද යන්න අපිට ප්‍රශ්නයක්.

:       0       374

wedage Monday, 06 November 2017 05:04 AM

රිවස් ගියර් එක වැඩ නැතුව ඇති

:       0       0

dhamneth Monday, 06 November 2017 05:34 AM

මෙම ඉන්දියන් ඔයිල් සමාගම හිතාමතාම තෙල් අර්බුදයක් ඇතිකරනවානම් මේ ඛනිජ තෙල් පොදු සේවක සංගමයට පුළුවන් ඔයිල් සමාගමට හොඳ පාඩමක් උගන්වන්න. වර්ජන වලින් තොරව සංස්ථාව මගින් තෙල් නිසියාකාරව ලබාදෙමින් වාහන හිමියන් දැනුවත්කරනවා.. IOC තෙල් ගහන්න එපා කියයි. එහෙම කොලොත් නැවත කඩාකප්පල් වැඩ කරනෙකක් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 30 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 195 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 107 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 190 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 478 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 520 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 481 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site